St Clair's Falls & Devon Falls #TeamTraveler

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
waterfall_sri_lanka-t2.jpg

මදක් නතර වීමි දැක දෝර ගලන දියමග
සිහියට ආයේ නුබේ කදුල පිරි දෙනෙත් මට
බිදියි නිහඩ බව නිදාඋන් පරිසරය විලාපව
සේම ඉකිබිදු නුබේ ඒ අවිහින්සක බව

වින්දෙමි දිය ඇල්ලෙහි සිසිලස රහසින් ලංව
තවම දැනෙයි මට නුබේ දෙතොලේ සිනිදුව
සුලගට වැනෙනා මල් ගොමු දැක සිතෙනුත්
සත්තයි වෙනසක් නැහැ ඒ නුබේ සිනහව

පෙන පබලු ආවේගව ඉහල නැග පෙන්වන
ආදරේට කෝප වෙන නුබේ ඒ ලෙන්ගතුකම
දිගු වරලස දුටු කාගේත් ඇස් මන පිනවන
ලෙසටම ඇදී යයි සේද දිය රැල දිගටම

රන්චු ගැසී පියාබන බටිති කුරුලු පෙල
දැක මතක් වුනෙත් අප සතු වූ ඒ මිහිරි අතීතය
මේ හැම සිතුවමක්ම සිතෙහි හොවාගෙන නික්මෙන මම
එන්නම් ආයෙත් දියලුම "සෙන් ක්ලෙයාර් " සිරි විදගන්නට...

From my blog : http://pinibidhu.blogspot.com/
 
ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඇත්තටම විදුලි බලාගාරයක් කියන්නේ රටට අත්‍යවශ්‍ය දෙයක්.ඒත් මේ වාගේ ලෝකෙටම එකක් තියන මේ වාගේ දිය ඇල්ලක් විනාශ කර බලාගාරයක් තැනීම මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ.මොකද මේ වාගේ දිය ඇල්ලක් ලංකාවේ ආයේ දකින්න ලැබෙන්නේ නෑ.නමුත් බලාගාරයක් තැනීමට වෙනත් සුදුසු තැන් සොයාගන්න පුළුවන්.මෙතන බලාගාරය හදන්න තියන එකම තැන නෙවෙයි.තව ඹ්න තරම් තැන් තියනවානේ.ඒත් ස්වභාවධර්මයෙන් මෙවැනි මෙච්චර සුන්දර දිය ඇල්ලක් තැනුවේ මෙතන විතරයි.මේක නැති වුනොත් නැතිවුනාම තමයි. බලාගාරයක් නම් ඕන සුදුසු තැනක ඉදිකරන්න පුළුවන්.ඇත්තටම කණගාටුයි.
    ලංකාවේ ලස්සනම දියඇල්ල......සෙන්ට් ක්ලෙයර්ස්.........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇත්තටම විදුලි බලාගාරයක් කියන්නේ රටට අත්‍යවශ්‍ය දෙයක්.ඒත් මේ වාගේ ලෝකෙටම එකක් තියන මේ වාගේ දිය ඇල්ලක් විනාශ කර බලාගාරයක් තැනීම මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ.මොකද මේ වාගේ දිය ඇල්ලක් ලංකාවේ ආයේ දකින්න ලැබෙන්නේ නෑ.නමුත් බලාගාරයක් තැනීමට වෙනත් සුදුසු තැන් සොයාගන්න පුළුවන්.මෙතන බලාගාරය හදන්න තියන එකම තැන නෙවෙයි.තව ඹ්න තරම් තැන් තියනවානේ.ඒත් ස්වභාවධර්මයෙන් මෙවැනි මෙච්චර සුන්දර දිය ඇල්ලක් තැනුවේ මෙතන විතරයි.මේක නැති වුනොත් නැතිවුනාම තමයි. බලාගාරයක් නම් ඕන සුදුසු තැනක ඉදිකරන්න පුළුවන්.ඇත්තටම කණගාටුයි.
    ලංකාවේ ලස්සනම දියඇල්ල......සෙන්ට් ක්ලෙයර්ස්.........

    mamath hithanne lankawe lassanama waterfall eka St.Clairs thamai.... eth dan apita ithuru wela thiyenne podi wathura parak witharai.... monawa karannada ban.... wirudda una okkotama salli kutti ganan hamba unalu.....:(:(:(