Toyota Prius C (Toyota Aqua)

aruna47

Well-known member
  • TOYOTA AQUA

    toyota-aqua-hybrid-16.jpg


    ටොයෝටා ප්‍රියස් පවුලේ තුන් වැනි සාමාජිකයා ටොයෝටා ඇක්වා නැත්නම් ටොයෝටා ප්‍රියස් (සි) නමින් හදුන්වනවා. ප්‍රියස් (සි) කියන්නේ city කියන නමයි. මේ කාර් එක මුලින්ම නිෂ්පාදනය කරේ 2011 හැබැයි වෙළද පොලට නිකුත් කරේ 2011 දෙසැම්බර් මාසයේ. 2011 dec ඉදලා 2013 වෙද්දී මේ AQUA කාර් ලක්ෂ 7 ජපානේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විකුනලා තියෙනවා.

    මේ AQUA කාර් එක 1500cc inline 4cyl DOHC 16–valve with VVT-i හයිබ්‍රිඩ් වර්ගයේ කාර් එකක්. මෙම කාර් රථය වර්ග 5කින් වෙළද පොලට නිකුත් කරනවා.


    800px-ToyotaAqua_EngineRoom.JPG


    L වර්ගය

    10101073_201312.jpg


    03.jpg


    මෙම කාර් එක වයින්ඩර් ජනෙල් සහ ඇතුලත උපාංග ගොඩක් අඩුයි, බේසික් L යටතේ එන්නේ. බර 1050kg .

    S, G වර්ගය

    6493728572092242649.jpg


    මෙම කාර් එක S සහ G වෙනකම් තියෙනවා හැබැයි S,G වල වයින්ඩර් නෙම බරද 1080kg වෙනවා ඇතුලත බේසික්ම නෙම එන්නේ. HID lights සහ හුගක් එව්වා options දාලාම එනවා. dvd setup, fog lights එහෙම.

    G BLACK SOFT LEATHER SELECTION වර්ගය

    111148.jpg


    10101073_201312sin.jpg


    මෙම කාර් එකේ steering wheel එක leather වේ තව multifunction එනවා , ෆොග් ලයිට් එනවා. ඇතුලත dashboard පාට කළු රතු පාට Start button එකක් එන්නේ නැහැ මේ මොඩල් එකට. JAAI Certificate එකේ G BLACK SOFT LEATHER SELECTION කියලා එනවා.

    G GS වර්ගය

    10101073_201312a.jpg


    121555.jpg


    10313362_721078234609864_7043545521218350756_n.jpg


    මෙම කාර් රථය සියලු අංගෝපාංග වලින් සමන්විතයි factory හදන්නේ. leather ,chrome ලයිට්ස්,light beam එක adjust කරන්න පුළුවන් , vehicle proximity system , EV Mode , head light turn වෙනවා


    ලංකාවෙන් මිලදී ගනිද්දී මේ ආකාරයට තමයි මොඩල් පැමිණෙන්නේ


    L Grade - DAA-NHP10-AHXCB
    S Grade - DAA-NHP10-AHXNB
    G Grade - DAA-NHP10-AHXEB
    G BLACK SOFT LS Grade - DAA-NHP10-AHXEB(B)
    G GS Grade - DAA-NHP10-VLJBXE


    ජපානයේ එන්නේ AQUA කියලා වෙන රට වලින් ගෙන්නවා නම් එන්නේ Prius C කියලා.

    මේ වාහනයේ නඩත්තුව සහ බැටරිය ගැන කතා කරොත් හයිබ්‍රිඩ් හදන තැනකින් හදන්න කම්පැනි නම් ගොඩක් හොදයි. ගොඩ බාස් හැදුවොත් වාහනේ වැඩි දවස් දුවන්නේ නැහැ. බැටරියේ කල් පැවැත්ම උපරිම අවුරුදු 4යි ඊට වැඩිය පුළුවන් වාහනේ දුවන්නේ නැතිව තිබ්බොත් නම් :lol: පාර්ට්ස් තාම ගණන් ලාබ නම් නැහැ. වාහනේ සවි ශක්තිය නම් අන්තිමයි.

    තෙල් කෙරුවාව ගැන කතා කරොත් කොළඹ නම් උපරිම 26ත් 27.5ත් ඇතුලත කරන්නේ මම මේ කියන්නේ traffic එකේ පාගලා යනවා නම් ඔයිට වැඩිය අඩුයි. හැබැයි දුර දුවද්දී උපරිම 38ක් කරපු අවස්ථා තියෙනවා. පාගලා යද්දී නම් ඔච්චර කරන්නේ නැහැ.

    ඒ ඇරෙන්න මහා ලොකු ලෙඩ නම් නැහැ මොකද පෙට්‍රල් වහාන නේ ලෙඩ ගොඩක් අඩුයි. වාහනේ ගද්දි 2014 කිට්ටුව නිෂ්පාදනය කරපු එකක් ගන්න බැටරි එක සුවර් අවුරුදු 4ක් දුවන්න පුළුවන්. නැත්නම් 2012 එකක් අරන් නම් එහෙම හිතන්න එපා.

    තව දෙයක් recon වාහන ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් කරන ජාවාරමක් යනවා. ඒ කියනෙන් දුවපු ගාන reset කරලා JAAI එක හදන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා. ටයර් 4 check කරන්න serial එකමද කියලා. වාහනේ ඇතුලත දැක්කහම රැවටෙන්න එපා. දන්නා එකෙක් එක්කන් යන්න..

    L Grade S,G කරනවා තව G Grade G GS මොඩල් කරනවා. මම අර උඩින් දාපු මොඩල් එකෙන් හොයා ගන්න පුළුවන්..

    දැනට වෙළද පොලේ යන්නේ

    L එකක් ලක්ෂ 34-36 අතර

    S,G එකක් ලක්ෂ 37-39 අතර

    G GS එකක් ලක්ෂ 40-43 අතර



    අවසාන වශයෙන් කියන්නේ චයිනිස් කැලි දානවා L Grade ගෙන්නලා full option කරන්න ගද්දි බොඩි මොඩල් check කරන්න. හම්බයෝ ලෝක අන්ඩයෝ :angry:. Limited කියලා එන්නේ G GS එක විතරයි වෙන මොනාවත් එන්නේ නැහැ Limited කියලා
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම්ම්........ එල විස්තරයක් මචං....... ඒත් මම මේකේ පෙනුමට ආසා නෑ පස්ස නිකං ලොරියකින් හප්පලා ෆ්ලැට් කරලා වගේ......

    කිඹුලා අයියා මේකේ විස්තර හොය හොයා නේද හිටියේ.......
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් ටොයොටා හයිබ්‍රිඩ් වගේම මේකත් හැමතිස්සෙම ඉලෙක්ට්‍රික් මොටර් එක එක්කද දුවන්නේ නැත්තම් එක ස්පීඩ් එකකදි විතරද? බැට්‍රිය ලයිෆ්ටයිම් කියන්නේ ඇත්තද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හ්ම්ම්ම්ම්........ එල විස්තරයක් මචං....... ඒත් මම මේකේ පෙනුමට ආසා නෑ පස්ස නිකං ලොරියකින් හප්පලා ෆ්ලැට් කරලා වගේ......

    කිඹුලා අයියා මේකේ විස්තර හොය හොයා නේද හිටියේ.......
    කිඹුලට මේක හරියන්නේ නැ බන්. ඌ නාකියා. ඌට හොද ප්‍රිමියො එකක්. මේක කෙල්ලෙකුට හොදා. :P
     

    aruna47

    Well-known member
  • අනිත් ටොයොටා හයිබ්‍රිඩ් වගේම මේකත් හැමතිස්සෙම ඉලෙක්ට්‍රික් මොටර් එක එක්කද දුවන්නේ නැත්තම් එක ස්පීඩ් එකකදි විතරද? බැට්‍රිය ලයිෆ්ටයිම් කියන්නේ ඇත්තද?

    electric මෝටර් inverter අලුත් system එකට දුවන්නේ. speed එකටත් charge වෙනවා. මෙහෙමයි විකුනන්නේ ලයිෆ් ටයිම් අවුරුදු 4-5 යද්දී බැටරියේ දෝෂ ආවහාම උබ recon නම් ගත්තේ කම්පැනි නෙම නම් වග කියන්නේ නැහැ. කම්පැනි warranty අවුරුදු 3යි හරි 100,000km දෙන්නේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලට මේක හරියන්නේ නැ බන්. ඌ නාකියා. ඌට හොද ප්‍රිමියො එකක්. මේක කෙල්ලෙකුට හොදා. :P

    :rofl::P ඔන්න පුටේ ඇවිල්ලා උඹට ජාතිය ඇමතුවොත් මම නම් නෑ ඕං.........:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    electric මෝටර් inverter අලුත් system එකට දුවන්නේ. speed එකටත් charge වෙනවා. මෙහෙමයි විකුනන්නේ ලයිෆ් ටයිම් අවුරුදු 4-5 යද්දී බැටරියේ දෝෂ ආවහාම උබ recon නම් ගත්තේ කම්පැනි නෙම නම් වග කියන්නේ නැහැ. කම්පැනි warranty අවුරුදු 3යි හරි 100,000km දෙන්නේ
    තැන්ක්ස් මචන්. වටිනා විස්තර ටිකක්. දිගටම කරගෙන යමන්.
     

    aruna47

    Well-known member
  • හ්ම්ම්ම්ම්........ එල විස්තරයක් මචං....... ඒත් මම මේකේ පෙනුමට ආසා නෑ පස්ස නිකං ලොරියකින් හප්පලා ෆ්ලැට් කරලා වගේ......

    කිඹුලා අයියා මේකේ විස්තර හොය හොයා නේද හිටියේ.......

    නාකියා හොයා හොයා හිටියේ ඔව් :lol:
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16589697 said:
    සුපුරුදු පරිදි වටින thread එකක්. පට්ට වන්ඩියක් වගේ. හැබැයි බොඩි කිට් එක්ක තමයි ලස්සන, නැත්තම් මොකක්ද මොකක්ද වගේ :oo:

    G GS එකක් තමයි ගන්නවා නම් ගන්න ඕන. අනික් එව්වා හෙළුවෙන් වගේ. ගණන් ලක්ෂ 40 ඉදලා 46ක් වෙනකම් යනවා. :oo: හුට්ටේ ආශ්චර්ය නැත්නම් මේක ලංකාවට ගෙන්න පුළුවන් ලක්ෂ 35ක් වෙද්දී :(