මානසික ආතතිය ගැන විමසීමක් කරලා තිබ්බ නිසා thread එකේ අනික් අයටත් දැනගන්නත් එක්කම ඒ පිළිබන්දව මෙතනදීම විස්තර tikak කියන්න කියල කල්පනා කරේ 

මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක් වහාම කල යුත්තේ මනෝ උපදේශනය සඳහා යොමු වීමයි ..
භෞතික හෝ මානසික තර්ජනයන්ට (සැබෑ හෝ මනඃකල්පිත) සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම නිසා ආතතිය හටගනී. මානසික ක්‍රියාදාමයක් නිසා හටගන්නා වූ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන මෙය, කෙටි කාලීන ප්‍රතිචාරයක් වශයෙන් ඵලදායී වුවද දීර්ඝ කාලීනව ගත් විට ශරීරයට හානිකර විය හැක.
කළබලකාරී වීම, ඇඩ්‍රිනලින් නිෂ්පාදනය, තාවකාලික ප්‍රතිරෝදය හා විඩාවට පත්වීම මෙන්ම නොසන්සුන්කම, මාංශපේශී තදබව, අවධානය අඩුවීම හා හිසරදය, හෘද ස්ඵන්දන වේගය ඉහළ යාම ආදී ලක්ෂණද මානසික ආතතිය හා බැඳී පවතී.
මානසික ආතතිය, මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමන ප්‍රධාන සාධකයකි.
මානසික ආතතිය පාලනය කිරීම
- ආතතිය ඇතිවීමට බලපාන සාධක හඳුනා ගැනීම
- විවිධ මට්ටම් වලදී ආතතිය සමනය කිරීමට උපකාරී වන ප්‍රතිකර්ම භාවිතය
මනස - මනස පිරිසිදු කිරීම සඳහා භාවනාව වැනි ක්‍රම සුදුසු පරිදි යොදාගත හැක.
ආතතියටප්‍රතිචාර
මානසික ආතතියේ ප්‍රතිථලයක් ලෙස මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම් හරහා කෝටිසෝල්,ඇඩ්ඩ්‍රනලින් වැනි විෂ ද්‍රව්‍ය ශරීරයට පිට කරයි.
ආතතිය මගින් මනසේ උපාංග පමණක් නොව ජීව විද්‍යාත්මක වෙනස් වීම් ද ඇති කරනු ලැබේ.දීර්ඝ කාලයක් පුරා පවතින ආතතිය මගින් මොළ සහ හදවත වැනි ඉන්ද්‍රියන් විනාශයට පත් වෙයි.
මෙම තත්වය පාලනය කර ගැනීමට
- ව්‍යායාම
- සමබල ආහාර
- මත්පැන් සහ දුම්පාතයෙන් වැළකීම
- Deep tissue massage
- විශ්‍රාන්ති (Relaxation) ක්‍රම
- ඖෂධමය ප්‍රතිකාර වැනි වෛද්‍ය ප්‍රතිකර්ම
වැනි ක්‍රියාමාර්ග යොදාගත හැක
ඔබටත්
- නින්ද නොයෑම
- සිතේ ස්වභාවය වෙනස්වීම
- මතකය හා අනෙකුත් ඥානාත්මක ක්‍රියා වල වෙනස්වීම්
- කායික ගැටළු
ආදී රෝග ලක්ෂණ කලක සිට පවතින්නේ නම්,
වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.