Toyota Car අවුලක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෝෂයක් නිසා ටොයොටා කාර් ලක්ෂ 22 ක් කැඳවයි. ලංකාවටත් බලපායිද?



    ලොව සුප්‍රසිද්ධ ටොයොටා මෝටර් රථ සමාගමේ මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ගණනක වායු බෑගයේ (airbag) ඇතිවී තිබෙන දෝෂයක් නිසා එය නිවැරදි කිරීම සඳහා සමාගම වෙත නැවත කැඳවීමට තීරණය කර තිබෙන අතර සමාගම විසින් මෙම මෝටර් රථ ලෝකය පුරාම අලෙවිකර තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
    මෙම දෝෂය තිබූ මෝටර් රථ රැසක දෝෂය පසුගිය වසරේදී සමාගම විසින් නිවැරදි කර තිබුණත් සැපයුම් කරුවන් විසින් සපයා තිබූ අනුක්‍රමික අංකවල දෝෂයන් තිබෙන නිසා ඒවාද සමාගම වෙත කැඳවීමට සිදුවන බව සමාගම පවසා ඇත.
    සමාගම විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වායු බෑගයේ දෝෂ නිවැරදි කළ මෝටර් රථ කාණ්ඩ වලට කොරොල්ලා, මැට්‍රික්ස් සහ ටුන්ඩ්‍රා යන 2003 සිට 2004 දක්වා නිෂ්පාදනය කර තිබූ වාහන මාදිලි ඇතුළත්ව තිබුණි.
    කෙසේවෙතත්, සමාගම විසින් හඳුනාගෙන තිබෙන්නේ ලෝකය පුරාම විකුණා තිබෙන මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් මෙම දෝෂයට ලක්ව තිබෙන බවත් ඒවා නිවැරදි කිරීමට සමාගම සූදානම් බවයි.
    ටොයොටා සමාගම විසින් ලංකාවට විකුණා තිබෙන වාහන සම්බන්ධයෙන්ද මෙවැනි දෝෂ ඇතිවූ විට ඒවා ටොයොටා ලංකා සමාගමට ගෙන්වා ගනිමින් නිවැරදි කිරීම සාමාන්‍ය සිරිතයි.
    මීට පෙර, ටොයොටා Prius හයිබ්‍රීඩ් රථවල තාක්ෂණික දෝෂයක් නිසා සිදුකළ නැවත කැඳවීම ලංකාවටද බලපෑ අතර ලංකාවට විකුණා තිබූ එම මෝටර් රථවල වූ තාක්ෂණික දෝෂය ටොයොටා ලංකා සමාගම විසින් නිවැරදි කළේය.
    tt-620x360.jpg


    ගත්ත තැන
     
    • Like
    Reactions: 119elakiri

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳ වෙලාවට මගේ කාර් එකට අවුලක් නෑ..........

    ආහ්හ් හුකෑස්ම තමා....... මට කාර් එකක් තාම නෑ කියලා මතක් වුනේ දැනුයිනේ.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ වෙලාවට මගේ කාර් එකට අවුලක් නෑ..........

    ආහ්හ් හුකෑස්ම තමා....... මට කාර් එකක් තාම නෑ කියලා මතක් වුනේ දැනුයිනේ.......
    :baffled::baffled::baffled::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    රිකෝල් එනව තමා කාර් වලට.. කොම්පැනි එකට අරන් ගියාම උන් නිකන් හදල දෙනව එව්ව.. කොහෙන් ගත්තද අදාල නෑ මොඩල් එකට රිකොල් ආව නම් වොරන්ටි බලන්නෙ නෑ හදල දෙනව.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

    mata pena widiyata parana manual system tiyena car eka hondai wege aluthen ena ewwata wada