පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬවන්නට මේ තරම් නෙතු රිදවාලා
    මා හැරගියදා ඉදන් සිත තනිකරලා
    කවදාවත් ම මා රිදවා නෑ ඔයා
    තනිකෙරුවට මේ තරම් තරහත් නෑ මා

    කඳුළුවලට නිදහස ලැබිලා
    රිදෙන රිදෙන තරමට හඬලා
    නොලැබෙන ඔබ අමතක කරලා
    තාමත් නෑ මේ හිත හැදිලා
    පෙරුම් පුරන මගෙ දුක දැකලා
    ආයෙත් එනවානම්
    ඔබ යලි එනවානම්

    හඬවන්නට .‍.............

    ගණින ගණින තරුකැට නිවිලා
    ඇහෙන දැනෙන රළ හඬ මැකිලා
    මා තනිකර ගිය දා ඉඳලා
    මගෙ හිත මටවත් නැතිකරලා
    පෙරුම් පුරන මේ හිත දැකලා
    ආයෙත් එනවානම්
    ඔබ යලි එනවානම්

    හඬවන්නට .‍.............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරිපා පියුමේ රොන්සුණු තැවරේ...

    සිරිපා පියුමේ රොන්සුණු තැවරේ
    ගිමන් නිවන පවන් හමා ඒ
    නිවී පහන් වී ළය සැනහේ
    නිවන් දොරට මඟ පානා

    සමනොළ රන්කොත මුදුණේ
    බැන්ද වියන් සේ
    අරුණ වලා රන්සළු පැටලේ
    හද කිමිදේ ලොව්තුරු සුවෙඳ්

    කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී
    පා වී යයි නිසංසලේ
    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
    වලා අතුළ කඳු වැටි අතරේ

    -අමරදේව-


    11.gif
    පට්ට..මාත් කාලයක් අහපු සිංදුවක්..
    :D
    11.gif

    .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පුංච් දැරිවියක අත අල්ලා නුබ
    ගුරුගෙට යනවා බලා
    කඳුලක් ඉපදී දෑස් බර උනා
    පෙර පෙම සිහිවීලා......

    අහිමි පෙමක් ලග සොහොයුරුකම් අද
    අපි මව් පියන් වෙලා
    අයියා නංගී අමතනු කෙලෙසද
    පෙර පෙම්වතුන් වෙලා......


    මතකය අවදිව සිතිවිලි පිබිදේ
    අපේ ලොව සිහි කරලා
    අනේ රත්තරන් මොනවා කරන්නද
    අපි දැන් විවහවෙලා....


    break_up.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇතුල් හිතේ හිත පතුලේම පරිස්සමින් හංගා
    කුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
    පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
    නැලවීල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා .... මගේ අම්මා ....

    වචන රහිත දිගම ප්‍රේම ගීය කනේ රංදා
    දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා
    නැති බැරි කම් හංගා ඇති දේ පිරිමහලා
    කවා පොවා හැදුවේ අම්මා... ආත්මයම හැදුවේ අම්මා..

    ඇතුල් හිතේ හිත පතුලේම පරිස්සමින් හංගා

    හරිම තැනින් පටන් ගන්න කියා දුන්න හිංදා
    හොදම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නේ අම්මා...
    සැප විදිනවා දැකලා හිස සිඹ සුබ පතලා
    හිනා වේවි හැඩුවේ අම්මා... අත්මයම හැදුනේ අම්මා...

    ඇතුල් හිතේ හිත පතුලේම පරිස්සමින් හංගා
    කුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
    පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
    නැලවීල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා ...... මගේ අම්මා .......
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඇතුල් හිතේ හිත පතුලේම පරිස්සමින් හංගා
    කුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
    පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
    නැලවීල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා .... මගේ අම්මා ....


    11.gif
    11.gif
    11.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දුවේ නුඹ මගේ ප්‍රාණයයි
    සැබෑ වුණ සුභ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිළ මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරි වෙයි

    අප මී මුතුන් මිත්තන් එදා
    සිය ලේ කඳුළු දාඩිය පුදා
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ඒ ගෞරවය මගේ දුව තමා
    නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නේ ඒ අභිමානයයි
     
    • Like
    Reactions: rcccc and DAMER

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අපි හමුවුන තැන තනියෙන් මම විතරයි ඉන්නෙ...

    ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවාද නැ දන්නෙ...
    කවදාවත් ඔබ නාවත් තරහා නැ වෙන්නෙ...

    එක පාරක් දුටුවානම් කදුලු නැ දෙනෙතෙ.....

    :love::P
     
    • Like
    Reactions: ^Buddhika^

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අපි හමුවුන තැන තනියෙන් මම විතරයි ඉන්නෙ...

    ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවාද නැ දන්නෙ...
    කවදාවත් ඔබ නාවත් තරහා නැ වෙන්නෙ...

    එක පාරක් දුටුවානම් කදුලු නැ දෙනෙතෙ.....

    :love::P
    :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආදරය,සම්බන්දතා ඒක්තර විදියක ආතල් එකකි! ඒයට සම්බ්න්ද වෙන මිනිසුන් වර්ග දෙකක් ඇත
    ඒක කොටසක් ආතල්දෙන අය සහ අනිත් කොටස ආතල්එකක් වෙන අය වේ, ආතල් දෙන්නවුන් ඒයින් ආතල් එකක් ගනී සහ ඒයට ඉතා දක්ශය මන්දයත් ආතල්එකක් වෙන කෙනෙකුට තමන් ආතල් එකක් වෙන බව තෙරුම් ගැනිමට ගොඩාක් කල් ගතවේ එසෙ උවත් ඒය පැහදිලි ඌ පසුවත් බොහෝදෙනා ආතල් එකක් වීමට දැඩි ආසාවකින් පසු වන්නෙය මෙයිනුත් අතලොස්සක් දෙනා මින් පසුව ආතල්දිමට පමනක් පෙලබෙයි
    මොකද කියන්නෙ ආතල් එකක් වෙනවද ආතල් එකක් දෙමුද:Pආතල් වැඩි උනාද මන්දා:dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආදරය,සම්බන්දතා ඒක්තර විදියක ආතල් එකකි! ඒයට සම්බ්න්ද වෙන මිනිසුන් වර්ග දෙකක් ඇත
    ඒක කොටසක් ආතල්දෙන අය සහ අනිත් කොටස ආතල්එකක් වෙන අය වේ, ආතල් දෙන්නවුන් ඒයින් ආතල් එකක් ගනී සහ ඒයට ඉතා දක්ශය මන්දයත් ආතල්එකක් වෙන කෙනෙකුට තමන් ආතල් එකක් වෙන බව තෙරුම් ගැනිමට ගොඩාක් කල් ගතවේ එසෙ උවත් ඒය පැහදිලි ඌ පසුවත් බොහෝදෙනා ආතල් එකක් වීමට දැඩි ආසාවකින් පසු වන්නෙය මෙයිනුත් අතලොස්සක් දෙනා මින් පසුව ආතල්දිමට පමනක් පෙලබෙයි
    මොකද කියන්නෙ ආතල් එකක් වෙනවද ආතල් එකක් දෙමුද:Pආතල් වැඩි උනාද මන්දා:dull:
    :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ආතල්ද:rofl: මේ දව්ස් වල දැකපු ලව්+බූට් ත්‍රෙඩ් සහා මට උන සිදුවිම් පාදක කරගනිමින් ලියු ආතල් එකකි
    සිදු මතක් වෙන්නෙ නැ නෙ බන් දැන් මේකෙ ලියන්න:dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආතල්ද:rofl: මේ දව්ස් වල දැකපු ලව්+බූට් ත්‍රෙඩ් සහා මට උන සිදුවිම් පාදක කරගනිමින් ලියු ආතල් එකකි
    සිදු මතක් වෙන්නෙ නැ නෙ බන් දැන් මේකෙ ලියන්න:dull:
    :rofl::P
    දාපියකො සිංදුවක් :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl::P
    දාපියකො සිංදුවක් :D
    අපි අඩද්දි තොපි හිනා වෙනවා :(
    ඔන්න එකක් දැම්මා :dull::dull:

    ගැ- සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    පි- තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    ගැ-දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    ගැ - සු‍ෙපම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    පි - නෞකාවකි මාඈත සමුදුරේ
    ගැ - මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ..
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා ඒ රෑයේ..
    නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ..
    සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ..



    බොද වෙන්නෙපා දැන් ඔබේ ඇන්ද සිතුවම් හදේ..
    පන්හිදට හුරුවී කිවි ලිව්වා මා මුලු රැයේ...
    ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ළයේ...
    එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..



    සද රේණු අතුරා ගිණිදැල්වු අපෙ යහන මේ..
    තුරුලේ හොවා මා අදුරේ කියූ ආදරේ..
    මිණි මුතු එපා දැන් ඔය දෑස මාගේ ජීවිතේ..ප්‍රියේ..
    එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...






     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත ගාව දඟ කලා...

    හිත ගාව දඟ කලා
    නෙතු ගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කලා
    හදක ආරාධනා

    සන්සුන් වු කල්පනා
    විජිතයේ පාවුනා
    ඔබේ සෙනෙහස ගෙනා
    මිහිරි ආරාධනා
    මල් පිපුණු තාරකා
    විමානේ තනි වුණා
    හැඟුම් මන්මත් කලා
    සුසුම් ආරාධනා

    සිනිඳු මල් පෙති පුරා
    බඹර ගී ලියැවුනා
    සිවු නෙතක් ළං කළා
    ඔබේ ආරාධනා
    කුරුළු ගී පාවුනා
    නිල් ගුවන් ගැබ පුරා
    වසත් කල ළං කළා
    සෙනෙහෙ ආරාධනා

    -වික්ටර් රත්නායක-
     
    • Like
    Reactions: DAMER

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    "Come Wake Me Up"

    I can usually drink you right off of my mind
    But I miss you tonight
    I can normally push you right out of my heart
    But I'm too tired to fight

    Yeah the whole thing begins
    And I let you sink into my veins
    And I feel the pain like it's new
    Everything that we were,
    Everything that you said,
    Everything that I did and that I couldn't do
    Plays through tonight

    Tonight your memory burns like a fire
    With every one it grows higher and higher
    And I can't get over it, I just can't put out this love
    I just sit in these flames and pray that you'll come back
    Close my eyes tightly, hold on and hope that I'm dreaming
    Come wake me up

    Turn the TV up loud just to drown out your voice, but I can't forget
    Now I'm all out of ideas and baby I'm down to my last cigarette
    Yeah, you're probably asleep deep inside of your dreams while I’m sitting here crying and trying to see
    Yeah, wherever you are baby now I am sure you moved on and aren't thinking twice about me
    And you tonight

    Tonight your memory burns like a fire
    With every one it grows higher and higher
    I can't get over it, I just can't put out this love
    I just sit in these flames and pray that you'll come back
    Close my eyes tightly, hold on and hope that I'm dreaming

    I know that you're movin' on
    I know I should give you up
    But I keep hopin' that you'll trip and fall back in love
    Time's not healin' anything
    Baby, this pain is worse than it ever was
    I know that you can't hear me, but baby I need you to save me tonight

    Tonight your memory burns like a fire
    With every one it grows higher and higher
    I can't get over it, I just can't put out this love
    I just sit in these flames and pray that you'll come back
    Close my eyes tightly, hold on and hope that I'm dreaming
    Come wake me up
    Oh, I'm dreaming
    Come wake me up
    Oh, I'm dreaming
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Radeesh Vandebona......

    ~සඳ පිණි දිය~

    Romantic-Love-Couple-240x320-Wallpaper-19.jpg


    ~සඳ පිණි දිය ගලා හැලෙන~
    ..පාළු හිතෙන හැන්දෑවක..
    ~හෙමින් හෙමින් මටත් හොරෙන්~
    ..නුඹව හිතට දැනුනා..

    ~සිහින ගෙනෙන රාත්‍රියක~
    ..සංසුන් නැති හිතට එබෙන..
    ~නුපුරුදු සිහිනයක් වගේ~
    ..නුඹව හිතට දැනුනා..

    ~කඳුළු කතා අමතක වී~
    ..පෙම්වත් වු සිතුවිලි ලඟ..
    ~ලියවෙන හැම කවි පදයම~
    ..නුඹේ නමට ගෙතුනා..
    ~සසරේ මං හැමදාකම~
    ..නුඹේ ලඟට වී..

    ~ලෙන්ගතු ඔය නෙතු පාමුල~
    ..පැතුමක් වී සදාකල්ම..
    ~නුඹේ නමින් මිය ඇදෙන්න~
    ..මගේ හිතට හිතුනා..
    ~සසරේ මං හැමදාකම~
    ..නුඹේ ලඟට වී..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අපි අඩද්දි තොපි හිනා වෙනවා :(
    ඔන්න එකක් දැම්මා :dull::dull:

    ගැ- සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    :no: කවුද හිනා උනේ..
    උඹ දාර්ශණිකයෙක් වෙලාවත්ද? :dull:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
    සුසුම් හෙළා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
    ඉනි වැට ළඟ බලා සිටී අපි එනතුරු අම්මා

    මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්දා අඬාලා

    දරුවන් අනේ රජවෙන තුරු මග බැලුවා
    දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුලක් කරවා
    බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තුන් සිත එක්තැන් වෙලා...

    තුන් සිත එක්තැන් වෙලා
    ඔබ ගැන දොඩමළු වෙලා
    මා දෙනයන තුල මෙදා
    ඔබේ රුව සිතුවම් වෙලා
    යොදුන් ගණන් දුර ගෙවා
    මා ඔබ ළඟ නැවතිලා

    අනවතත්ත මල් විලේ
    සුවඳින් හිමවත පිරේ
    ඔබේ සිනහ මල පිපී
    මා හද සුවදින් පිරී
    සිහින් සිනහ පොද වැටී
    කෙදින කොහිද මහ වැහී

    තුඩින් තුඩට රස කතා
    පැවසෙයි අප ගැන සිතා
    මානකොකුන් ‍රැල ගියා
    මගුල් තුලා කිය කියා
    ඔබ ආවොත් මගේ පැලේ
    අමාවකෙත් සඳ දිලේ