ගෙදර ගිහිල්ලත් ෆුල් upset ........අම්මට එක පාර කිව්වේ නෑ වෙච්ච දේවල් ......කෝල් කරලා කියන්නම් කිව්වා කියල තමයි කිව්වේ ....
ඒ වුනාට මට හිතෙන්නෙම ....තාත්තා ගෙදර ඇවිත් අවුලක් දායි කියල ......පොඩි දුක කුත් ඇති වුණා ......මම ගැන මහ කෙන්තියකුත් මට ආව ....
ඇයි දෙයියනේ අපි වගේ උන් ඉපදෙන්නේ ............A /L වලට අවුරුදු 2ක් කෑවා ....O /L යාන්තමට ගොඩ ගියේ .......මෙලෝ සංසාරේ දෑතේ වැඩක් බෑ ...
කෙල්ලෙක් නෑ ...යාලුවෙක් නෑ ......ගහපු බෙරෙත් නෑ පලුවකුත් නෑ ..........ඔහොම හිත හිත හිටියා ......
තාත්තා හවස ගෙදර ආවා ......ඒ branch එකේ manager (අපි ක්රිෂානි කියමු) මිස් මේ ටිකේ එන්නේ නැහැලු ...එයා ආවම තමයි ලු decide කරන්නේ මං ගැන ......(මාව interview කරේ sales Mang ,).......කාල වරෙන්කො ...දැන් ඉතින් දවස් දෙක තුනක් මේක බලන් හිටපන්කෝ .......
දැන් ඉතින් අයෙත් වත්තේ වැඩට බැස්සා ......ඒ වුනාට මග තොටේ හම්බවෙන එවුන්ගෙන් ලැබෙන උපදෙස් ...ප්රශ්න තමයි කන්න බැරි ..... ගෙදර අයට වඩා වට පිටාවේ ඉන්න අයට පුදුම දුකක් මං ගැන තියෙන්නේ ....
කොහොම හරි දවසක් මම හවස ගෙදර ආවම ....අම්ම කියනව මට call එකක් ආවලු .........ක්රිෂානි මිස් කථා කරලා තියෙන්නේ .......මට OCT 1 වෙනිදා ඉඳන් වැඩට එන්න කිව්වලු 8000ක් දෙන්නම් කිව්වලු මුලින්ම ........මට එවෙලේ ඇති වුන සතුට තාම මතකයි