Wall_e ලියයි

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ගෙදර අයට වඩා වට පිටාවේ ඉන්න අයට පුදුම දුකක් මං ගැන තියෙන්නේ ....


:lol::lol::lol::lol::lol: Sinhalese..anunge kunu hoyanawata wada wena wedak ne...
 
Last edited:

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mage eka methana liwwot ibala ahi mama inne kohed kiyla dan..mta henayak wage bn a kale mara complicated life ekak tibbe mata..
     
    • Like
    Reactions: MeGusta

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පොඩ්ඩක් කථා කරාට පස්සේ මම එයාගේ number එක ඉල්ලුවා දෙන්න කියලා ..........( මම එයා ගිය English class එකට ගියා A /L කරද්දී ....ඒකෙන් තමයි ටිකක් එයාව ෆිට් වුනේ )...............

    මට තාම මතකයි ....මම number එක ඉල්ලුවාම ....."ම්ම්ම්ම් ......" කියල ........ඒ කියන්නේ දෙපාරක් හිතලා වගේ තමයි එය ඒක දුන්නේ ............

    හැබැයි මම ගෙදර ගිය ගමන් මම ඒක delete කරා ,,,,,,,,,මට තාම හිතා ගන්න බෑ ....ඇයි මම එහෙම කලේ කියලා .................වෙලාවකට හිතෙනවා මම අතට ආපු අවස්ථවක් මග හැර ගත්තා කියලා .......


    කොහොම හරි දැන් ඔන්න වැඩ කරන තැන ගේම ,...........ඒ කියන්නේ අපේ බොසත් එක්ක තියෙන වැඩේ .........

    පොර මට දුන්නා පරණ client ලිස්ට් එකක් ..........මට කිව්වා මේ අයට කථා කරලා ආයෙත් ඒ අයත් එක්ක සම්බන්ද වෙන්න කියලා .......

    මම ඉතින් මේ අයට කථා කරන්නේ හෙන අමාරුවෙන් ,,,,,,,,,,,,,,,,ඒ office සාමාන්‍ය සලයක වගේ ඉඩක් ..........office එකේ 5 දෙනෙක් විතර එක ළඟ වගේ තමයි හිටියේ ...............මට ඉතින් මේ අය ඉස්සරහ කථා කරන්න මොකක්ද වගේ ..........(ගෙදර අමුත්තෙක් ආවත් මම මුණ දෙන්නේ නෑ හැන්ගේන්ව ......කොටින්ම වැඩි සබ කෝලයක් තිබ්බේ නෑ )එක එක අයට කථා කරද්දී මාර දේවල් තමා වුනේ .....ඒ වුනාට දැන් ඒ දේවල් ගැන මතක් වෙද්දී හිතෙනවා .......ඒ අත්දැකීම් ජීවිතේට පොඩි දෙයකින් හරි උදව් වෙනවා කියලා
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔන්න දැන් මට client ලව meet වෙන්න යන්න කියල බොස් උපදෙස් දෙනවා ............මට දුන්නේ වත්තලින් එහා තියෙන companies , විසේශයෙන්ම කටුනායක වගේ පැත්ත .......බොසා මට දුන්න target එක මුලින්ම , මම අඩුම තරමේ company 10 කට වත් යන්න ඕනේ කියන එක ...
    මමත් දැන් ලෑස්ති වෙනවා ගිහිල්ලා කථා කරන දේවල් ,

    ඔන්න කොහොම හරි පලවෙනි වතාවට client කෙනෙක් meet වෙන්න යන දවසත් ආව ......ඒකල පැත්තේ garment එකක තමයි appointment එක දාගත්තේ ...උදේ ලෑස්ති වෙලා ඔන්න ඉතින් ගියා ......ඇතුලට ගිහින් ඒ සර් ගේ රූම් එක ලගට යද්දී පපුව ගැහෙනවා එකසිය ගානට .....

    ඒ දවසත් මගේ මතකේ විශේස විදියට තියෙනව .........හැබැයි මම එච්චර සාර්ථක විදියට එතැන හැසිරුනේ නෑ .........ඒ දවසේ තව appoinment දෙක තුනක් තිබ්බ ........ඒවටත් බොහොම අමාරුවෙන් මුහුණ දුන්නා ........හැබයි මෙහෙම ගිහින් මිනිස්සු හම්බ වෙන එක මට මාර අසීරු වැඩක් වුණා ....

    ඔහොම සුමන දෙක තුනක් ගියා ..........මම ඒකල පැත්තේ , කටුනායක වෙළඳ කලාපේ පැත්තේ එහෙම ටිකක් වටයක් දැම්මා .........

    මම හැමදාම ගෙදරින් එලියට යන්නේ අද නම් clientla 10 දෙනෙක් හම්බ වෙනවා , ගිහින් හොඳට ඒ අය එක්ක කථා කරනවා කියලා හිතා ගෙන ....

    ඒ වුනාට ඒ අය හම්බ වෙලා , මම ඒ අවස්ථා වල මුහුණ දුන්න සිදුවීම් සහ මම හැසිරුණ විදියෙන් .....මට meetings එපා වුණා , දවසක් මම ප්‍රශ්න අහන විදියට ,මට client කෙනෙක් බැන්නත් එක්ක ....." මොකක්ද මේ , ඔහේ පත්තරේකින් වගේ ප්‍රශ්න අහන්නේ " කියලා .........

    ඒ අය අපේ products ගැන අහද්දී ......මට ඒව ගැන හරි පැහැදිලි කිරීමක් කරන්න දන්නේ නෑ ...........

    බොසත් , මගේ ගැන එච්චර පැහැදීමක් තිබුනේ නෑ ............හැමදාම මිනිහ හවසට මගෙන් අහනවා .........අද මොකද තත්වේ ....කාවද හම්බ වුනේ .....

    මොනාද දැන ගත්තේ ........හැබයි ඒ දේවල් වලට මම හරි උත්තර දුන්නේ නෑ .........දෙන්න උත්තර මට තිබ්බේ නෑ .......

    දවසක් බොසා මගෙන් ඇහුවා එක comapniyak ගැන ......ඒ අය දැනට මේ බඩු ගන්නේ කොහෙන්ද කියලා .........මම කිව්වා ඒ අය තාම එහෙම මුකුත් අරගෙන නෑ කියලා ..........

    පොර මල පැනල අහපි .. " ඇයි උන් දාල තියෙන්නේ ........සදාකාලික බඩුද , කවදාවත් ඒවා කැඩෙන්නේ නැද්ද කියලා "


    කොහොම හරි මට තේරුණා මේ sales වැඩ මට හරි යන්නේ නෑ කියලා