ලොකු ලොකු කොම්පැනි වලට නම් කොහොම හරි ගිහිල්ලා ශේප් වෙන්න තිබ්බ ........පිට කොටුවේ ඕව බෑ ......... හරියටම කියනව නම් Sales rep වැඩක් තමයි කරන්න තිබ්බේ .......කොහොම වුනත් අපේ distributor එකේ අයිති කරු බොහොම කරුනාවාන්ත කෙනෙක් , මට සෑහෙන සපෝට් එකක් දුන්න .......... කලින් කිව්වා වගේ ..මේ බ්‍රෑන්ඩ් එක කලින් තිබුන එකක් හින්ද ...sales පොඩ්ඩක් තිබ්බා ......ඒ වුනාට ඒක අපේ කොම්පැනියට මදි ....
අපේ බොසාගෙන් ආයෙත් චරු නුරු එන්න ගත්තා .....
(මේ අස්සේ අර නංගි විබාගේ කරලා ගෙදර හිටියේ .......මට මතකයි එයාට බලන්න කියලා කොටුවෙන් මම dvd අරන් ගිහින් දුන්නා ...ඔය Disney ෆිල්ම් ....)
පිටකොටුවේ ටයි පොල්ලක් ගහ ගෙන කඩ ගානේ යන එකත් මට එපා වුණා ....මෙහෙ තියෙන්නේ අමුතුම ක්‍රමයක් ...කවුරු හරි අඩෝ කිව්වොත් .."ඇයි ඩෝ කියල අහන්න ඕන සයිස් එකක් ....
දවසක් මම ගියා මේ වගේ කඩේකට .....මම යනකොට ඒකෙ මුදලාලි (ටැමිල් බුවෙක් ) කවුද මන්ද පොරක් එක්ක කථා කර කර හිටියේ .
මමත් ඉතින් ගිහින් ,පොර ළඟ හිටිය .......මම හිතුව තව ටිකකින් මේ අමුත්තා යයි කියල .....විනාඩි 10 ක් විතර ඉන්නවා .
මුදලාලි මගේ දිහා බලනවා ...."කොහොම ද " කියනවා .....ආයේ අර පොර එක්ක කථා කරනවා ඔය වගේ ඉතින් විනාඩි 20ක් විතර හිටියා .......අමුත්තා යන පාටකුත් නෑ ..........මට ලාවට තේරුණා මුන් දෙන්නා මං ගැනත් කථා කරනවා කියලා ........බැරිම තැන මම මාරු වුණා .....එදා වෙන කඩයකට වත් ගියේ නෑ ..........තව තව සිද්දි වුණා ....මේ දේවල් වලින් මට sales නම් එපා වුණා ...........ඒ වුනාට මම දැක්කා සමහර තරුණ කොල්ලෝ මේ rep වැඩේ බැහැල කරනවා ..........ඒ වුනාට මට මේක සෙට් වුනේ නෑ ...........අපේ head office එකෙන් මොකක්ද වැඩකට ආපු පොරකට මෙහෙ කඩේක කෙනෙක් කියල "ඔයගොලන්ගේ අර rep , ටිකක් සබ කොලේ මදි නේ " කියල .......මේ පොර මේක අපේ තාත්තා ට කියල ........ තාත්තා අම්මට කියල ...අම්මා මේ ගැන ඇහුවා ..........මට ඉතින් එවලේ දෙන්න උත්තරයක් තිබ්බේ නෑ ...........
දවසක් ලොක්කා මට දරුණු උපදෙස් දෙන්න ගත්තා ...........මට එවෙලේ එක පාරට කියවුණා මම ..මේ මාසේ අන්තිමට අයින් වෙනවා සර් කියල

..........Merchandiser .............කරන්න තිබ්බේ ෆූඩ් සිටි වලට ගිහින් අපේ products ...බලලා , ඔය කල් ඉකුත් වෙන ඒවා අයින් කරලා ...පොඩ්ඩක් රාක්ක හදන එක![]()
