එක වතාවක් දීල තියනවා.
දැනට අවුරුදු ගානකට කලින් මම මගේ ව්‍යාපාර ස්ථානයේ ඉන්නකොට අහල පහල කඩයක් කරන මුදලාලි කෙනෙකුගේ දුවෙක් ආව අඬාගෙන මගේ ෂොප් එකට. ඇවිත් කිව්වා එයාගේ අම්ම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා ගර්භාෂය ඉවත් කරන්න ඔපරේෂන් එකට, ලෙඩාට ටිකක් අමාරුයි එත් කව්රුහරි දෙන්නෙක් ලේ බැංකුවට ලේ දෙනකම් ඔපරේෂන් එකට ගන්නේ නැහැ කියල. මේ කියන ගැහැණු කෙනාට ත්‍රීවීල් දුවන පුතෙක් ඉන්නවා අවුරුදු 22ක් 23ක් වගේ වෙන අපේ ටවුමෙම. ඕනෙනම් ලේ බවුසරයක් දෙන්න උනත් යාළුවො ඌට ඉන්න හින්ද මම ඇහුව ඇයි ඔයාගේ මල්ලිට බැරිද කියල ලේ දෙන්න දෙන්නක් හොයාගන්න. මොකද මේ කියල මුදලාලිටත් දුවටත් ලේ දෙන්න නියමිත බර නැහැලු ඒ හින්ද ලේ ගන්නේ නැහැලු. කලින් කිව්ව ත්‍රී වීල් දුවන පුතණ්ඩිය කසාද බැඳලා අම්ම එක්ක තරහ වෙලාලු නැන්දම්මා ලේලි ප්‍රශ්නෙකට. ඒ හින්ද ලේදෙන්න ඌ එන්නෙත් නැහැලු දන්නා කියන උදවියට කියන්නෙත් නැහැලු. කතාව ඇහුවාම මට හරිම හිතට අමාරුයි. මම තව එකෙක් කතා කරගෙන මහමෝදරට ගිහින් ලේ දුන්න ඒ ගමන. ඊට පස්සේ තමයි ඒ මනුස්සය ඔපරේෂන් එකට ගත්තේ.
මම මේ සිද්දිය ලිව්වේ හේතු දෙකක් නිසා. එකක් දරුවෝ අම්මට සලකන විදිය කියන්න. අනික් කාරණේ අපේ රජයේ රෝහල්වල ක්‍රියා පටිපාටිය ගැන කියන්න. මේ දෙකම හරි වැඩ නෙවෙයි. ඒ හින්ද තමයි මට ලේ දෙන්න පින පෑදුනේ . ලේ දන්දීම උතුම් පුන්‍යකර්මයක්.