ලේ .......

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    0+ තමා මගෙ ලේ ජාතිය.... හැම මාස හතරකටම පාරක් ලේ දෙනව හේතුව මගේ ඇගේ ලේ වල ගන්ත්වය වැඩී ඒක නිසා අනිවාර්යයෙන්ම මාසහතරකට පාරක් දෙන්නම ඕනෙ නැත්නම් ඔලුව කැක්කුම ඇගේ බර ගතිය ඇගට හරිම අමාරුයි

    අන්තිමට දුන්නෙ ගිය මාසෙ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ලේ වර්ගය B-
    තාම එක වතාවක් වත් ලේ දීලා නෑ...... කැමතියි දෙන්න.... ඒත් තාම එකට අවස්ථාවක් ලැබුනේ නෑ....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    O+

    11 වතාවක් දීලා තියෙනවා.. අන්තිමට දුන්න දවස මතක නෑ.. අවුරැද්දකට විතර කළින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක වතාවක් දීල තියනවා.

    දැනට අවුරුදු ගානකට කලින් මම මගේ ව්‍යාපාර ස්ථානයේ ඉන්නකොට අහල පහල කඩයක් කරන මුදලාලි කෙනෙකුගේ දුවෙක් ආව අඬාගෙන මගේ ෂොප් එකට. ඇවිත් කිව්වා එයාගේ අම්ම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා ගර්භාෂය ඉවත් කරන්න ඔපරේෂන් එකට, ලෙඩාට ටිකක් අමාරුයි එත් කව්රුහරි දෙන්නෙක් ලේ බැංකුවට ලේ දෙනකම් ඔපරේෂන් එකට ගන්නේ නැහැ කියල. මේ කියන ගැහැණු කෙනාට ත්‍රීවීල් දුවන පුතෙක් ඉන්නවා අවුරුදු 22ක් 23ක් වගේ වෙන අපේ ටවුමෙම. ඕනෙනම් ලේ බවුසරයක් දෙන්න උනත් යාළුවො ඌට ඉන්න හින්ද මම ඇහුව ඇයි ඔයාගේ මල්ලිට බැරිද කියල ලේ දෙන්න දෙන්නක් හොයාගන්න. මොකද මේ කියල මුදලාලිටත් දුවටත් ලේ දෙන්න නියමිත බර නැහැලු ඒ හින්ද ලේ ගන්නේ නැහැලු. කලින් කිව්ව ත්‍රී වීල් දුවන පුතණ්ඩිය කසාද බැඳලා අම්ම එක්ක තරහ වෙලාලු නැන්දම්මා ලේලි ප්‍රශ්නෙකට. ඒ හින්ද ලේදෙන්න ඌ එන්නෙත් නැහැලු දන්නා කියන උදවියට කියන්නෙත් නැහැලු. කතාව ඇහුවාම මට හරිම හිතට අමාරුයි. මම තව එකෙක් කතා කරගෙන මහමෝදරට ගිහින් ලේ දුන්න ඒ ගමන. ඊට පස්සේ තමයි ඒ මනුස්සය ඔපරේෂන් එකට ගත්තේ.

    මම මේ සිද්දිය ලිව්වේ හේතු දෙකක් නිසා. එකක් දරුවෝ අම්මට සලකන විදිය කියන්න. අනික් කාරණේ අපේ රජයේ රෝහල්වල ක්‍රියා පටිපාටිය ගැන කියන්න. මේ දෙකම හරි වැඩ නෙවෙයි. ඒ හින්ද තමයි මට ලේ දෙන්න පින පෑදුනේ . ලේ දන්දීම උතුම් පුන්‍යකර්මයක්.
     
    • Like
    Reactions: nrjayasinghe