පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැකගන්න එකපාරක් භවේ
    මියැදෙන්න පෙර ඕනෑ කළේ
    සමුගන්න නම් මොහොතින් මෙසේ
    පවසන්න ඇයි මට පෙම් කළේ
    සසරක් පාසා ඇසුරක් ලබලා
    දුක විතරක් වුණත් හිමිවුණේ
    මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
    සතුටක් ලැබුවෙ නෑ කිසි දිනේ

    වෙනතක් සොයලා සැනකින් පියඹා
    බොරු වැල් ගොතලා
    මොන හිතකින් ද ඔබ වෙන්වුණේ

    සසරක් පාසා .............

    කොතරම් බාදා තිබුණත් ලැබිලා
    ලොව ඇස් වහලා
    සතු‍ටින් නේද අපි ගත කළේ

    සසරක් පාසා .............

    දැකගන්න එකපාරක් ............


    ගායනය :- උදේෂ් ආර්‍යන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොම්මන් හිත ගාව
    පැහැය හොයන
    මගේ නෙත් කොනේ
    සක්මන් වන දොවන
    සෙනෙහස් ගඟ ගලන
    කැල්ම හොයනවා
    මටත් ආදරය දැනෙනවා

    ඉකිබිඳිනා වැලපුම් නොදරා
    මට දැනෙනා තුරු පා ඔසවා
    නිම නොවෙනා බවනම් හැඟෙනා
    දුර ක්ෂිතිජේ කෙනෙකුන් සොයනා
    දෝංකාර දෙන හදේ ගැස්ම ඇසේ දෝ

    නිකැලැල් හදින් පෙරුමන් පුරා
    යුග යුග ගවු ගණනින් ආවේ සොයා
    විනිවිද යන රේඛා තුළ හැඩතල මවමින්
    රුවක් අඳිනවා

    ගොම්මන් හිත ගාව ............


    ගායනය :- මේඛලා ගමගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැකගන්න එකපාරක් භවේ
    මියැදෙන්න පෙර ඕනෑ කළේ



    ගායනය :- උදේෂ් ආර්‍යන්
    11.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත ස්වරයයි ඈ...සුවඳ හමනා...

    හිත පුර විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හද පතා
    හීන මුසු වුනු පාට තැවරුණු දෑස අභියස නැවතිලා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත ස්වරයයි ඈ...සුවඳ හමනා...

    මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
    නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
    ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත ස්වරයයි ඈ... සුවඳ හමනා...
    :love::love:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ අමාවක රැයේ...

    මේ අමාවක රැයේ
    පුර හඳක් ඒවී
    හිත පුරා පිපෙණා
    කිරණ ගලනා
    නුඹේ ආදරයෙන්
    සිත නිවී සැනහෙනවා

    පහන් තරු රැළ
    කුමකටද වෙන
    නිවි නිවී දිලෙනා
    අරුම දකිනට පුර හඳේ
    නිවන් දකිනා ජාති ජාතිත්
    නුඹේ හිත මට
    පිං තනා දෙනවා

    මේ අමාවක රැයේ...

    සදා සුවඳින්
    සදා මා සිත
    සුභ සිහින සදනා
    අඳුර වෑහෙන තුන් යමේ
    දෑස් පියවා සිතෙන් ළංවී
    තුරුළු කර ගමි
    නොහිම් ආදරයෙන්

    මේ අමාවක රැයේ...

    ඇස් අරින්න.. බලාපොරොත්තුවක් නොව මට...
    හද ගැහෙන.. නැවුම් පවන් පොදක් මට නුඹ...
    ඉතින් මට කියන්න.. නුඹ ගැන කියන්න...
    කොයින්ද මට.. උපමාවක්...

    -දයාන් විතාරණ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු පිච්ච මල් හිනා...

    සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
    සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන...
    සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
    සොඳුරු වදකාරී ලු මං ආදරේ ඉල්ලන...

    ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි...
    ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි...

    සුදු සඳ එලියට ඇහැරෙයි කොඳ මල්
    රෑ පුරා...

    ඔබේ නෙතු කැල්මට නොපිපෙද පෙම් මල්
    සිත පුරා...


    මේ ආල වන්ත කම්
    ඉවසන්නේ කොහොමද මං...

    නිල් දිය කළඹන සුළඟක් වාගේ
    නිදිවරා...
    හදවත පුබුදන රහසක් කියමුද
    රෑ පුරා...

    මේ ආල වන්ත කම්
    ඉවසන්නේ කොහොමද මං...

    සුදු පිච්ච මල් හිනා...

    -Theekshana & Sewwandi-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    මල් දුන්නේන් මා වෙත හීයක් එවා........
    හී සැරය මා.. සිත වෙනසක් කරා....

    පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා..
    ඔබ හින්දා මා දුර ගමනක් ගියා....
    ඒ ආදරේ කතාවයි ඔබේ..
    මේ ආදරයයි..
    මේ ආදරයයි..

    තරු රෑනේ ..සද පානේ...
    අපේ..කතාවක් කියා..
    මුදු සුළගේ... පිනි වැස්සේ....
    අපේ..කතාවක් කියා..
    ඒ ආදරේ කතාවයි ඔබේ..
    මේ ආදරයයි..
    මේ ආදරයයි..

    ඔබ මාගේ ආලෝකේ..සදා කල් මගේ ජිවිතේ...
    සීදෙවි...පන මාගේ..
    මා රැක ගන්න පන සේ ලොවේ/ඔබේ......
    ඒ ආදරේ කතාවයි ඔබේ..
    මේ ආදරයයි..
    මේ ආදරයයි..

    ඒ ආදරේ කතාවයි ඔබේ..
    මේ ආදරයයි..

    මේ ආදරයයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත කැමති ම තැන ඔබෙ තු‍රුළ තමයි
    හැමතිස්සෙ ම නවතින්න
    දෙනෙත කැමති ම රුව ඒ ඔබ ම තමයි
    හැමතිස්සෙ ම දැක ගන්න
    අහන්න කැමතිත් ඔබෙ හඬ විතරයි
    සවනට සුව දුන්න
    ඉන්න කැමති මං ඔයා ළඟයි
    මට බෑ ඈතට යන්න

    දෙදෙනෙක් නොව අප සිත් යාවුණු දා
    ඉඳන් හිතට ගන්න
    තනියෙන් හඬන්නෙ නැතිව හිතේ දුක
    මටත් ටිකක් දෙන්න
    හසරැලි කඳුළැලි බෙදා ගන්න අපි
    දිවුරපු හැටි දන්න
    වෙන කවුරුත් නෑ මං නැති දා
    ඔබ ව බලා ගන්න

    සිත කැමති ම තැන ඔබෙ තු‍රුළ තමයි
    හැමතිස්සෙ ම නවතින්න

    මගේ ගැහෙන හද නවතින දවසක
    ඔයා ළඟින් ඉන්න
    ඔයා දාල මට යන්න වුණෝතින්
    එපා තරහ වෙන්න
    එක දවසක් හරි ඔයාව කඳුළින්
    තැබුව ද පවසන්න
    ගෙවුණු අතීතෙට ආසයිනම්
    ඉඳහිට හරි යන්න

    සිත කැමති ම තැන ..............


    ගායනය :- අජිත් පෙරේරා
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පෙර එක දවසක සඳ නැති සවසක
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා........



    ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
    මගේ පැතුම් ලොව සසල කලාසේ
    නිල නුවන් ඇති දෑල වලින් ඔබ
    තවත් ලොවක් ඔබ එලිය කලාවේ



    පෙර එක දවසක…


    එකම වරක් හෝ නෙතු සනසන්නට
    ආසාවෙන් මා ඔබ දෙස බලලා
    එකම වරක් ලොව එක හෝරාවක
    දහස් වරක් මා මනසින් හැඬුවා



    පෙර එක දවසක…
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙනෝදහක් ගැවසෙන සරසවියේ...

    දෙනෝදහක් ගැවසෙන සරසවියේ
    පාළුව තනිකම දැනෙනවානම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
    එක්වන්නට අද වරම් නැතේ
    එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
    පාසල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
    පෙරුම් පිරූ පාසැල් සමයේ
    සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
    ඒ හින්දයි අපි දුරස් වුනේ

    දෙනෝදහක් ගැවසෙන...
     
    • Like
    Reactions: King GBN and DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    The other night, dear, as I lay sleeping
    I dreamt I held you in my arms
    When I awoke, dear, I was mistaken
    So I hung my head, and I cried

    I'll always love you and make you happy
    If you will only say the same
    But if you leave me to love another,
    You'll regret it all one day

    You are my sunshine, my only sunshine
    You make me happy when skies are grey
    You never know, dear, how much I love you
    Please don't take my sunshine away

    Please don't take my sunshine away
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දේදුනු පායා පාට වැටෙනවා ජීවන අහස්තලේ...
    ආදර පවනේ සුසුම් කුසුම් වැල් මා යන මඟට හැලේ...



    දෑසට දෑසක් හමුවුණු දවසේ...
    නුපුරුදු හැඟුමක් කියැවේ රහසේ...
    සිතිවිළි දහසක් එක්තැන් වූයේ...
    පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේ…



    මා කැඳවන ගොළු ඉඟියක් දැනුණා...
    ආදර විමනේ රන් දොර ඇරුණා...
    පොපියන හදකින් ආශා හිතුණා...
    පිටුපා යන්නට බැරිබව හැඟුණා...



    උල්පත් හැදුණේ සිලිල උනන්නයි...
    මල්කෙමි මැවුනේ රොන් වෑහෙන්නයි...
    මීවද බැඳුණේ පැණි සුරකින්නයි...
    හද මැවුණේ ආදරය කරන්නයි….



    මල්බර තුරු අතු සෙවණ සදනවා...
    කුරුළු ගීත ආසිරි ගී වෙනවා…
    තනිවම ගිය මඟ ඔබ හා යනවා...
    පෙමට ඇරුණු හද ඔබට පුදනවා...
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මල් කැකුළකට ආදරේ කියන්න..
    තහනම් නැහැ පුංචි සමනලුන්ට..
    ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්..
    මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ...(Full House Theme Song)

    ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම්
    ඇස් පිහාටු යට මුදු හීනයක්ව මට පියව යන්න ඇත්නම්
    ඔබ තියාගන්න තිබුනා මා ළඟින්ම
    මට හිනාවෙන්න තිබුණා...
    මට හිනාවෙන්න තිබුණා...

    සංසාර අරණ දිග ඇවිද ඇවිත් ඇති ඔබ මගේ ළඟින්
    පුරුදු සුවඳ ගෙන යලි උපදින්නැති මම ඔබේ නමින්
    අපි අපේ නමින්...
    අපි අපේ නමින්...

    කඳුළු දකින නෙතු සිහින පුරන්නැති ඔබ දකිනා සැනින්
    ඉඩෝරයක වුව මල් පූදින්නැති ඔය සිනහා සරින්
    අපි අපේ වෙමින්...
    අපි අපේ වෙමින්...

    ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ...