2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Victor ge sindu okkoma lassanada manda..
    m0124.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ තබා ගනිමු තරමින් වියතක්.................//

    හඳ පානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මා මගෙ හෙවනැල්ලෙන් මිදී...............//

    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හද පානේ මද අදුරේ

    හද පානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ

    හිරකර හසරෑල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු අපි සපුරා පැතුම්................//

    මතු ආත්මයෙ හමුවන පැතුමින්
    යමු වෙන් වී හිමිදිරියේ

    හද පානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ....................//

    ගායනය :- වික්ටර් රත්නායක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපෙ හැඟුම් වලට
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳ පානේ... මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ...

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ...

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අම්මපා ලංකවේ පෙම්වතුන්ට නිදහසේ ඉන්න තැනක්නැනේ. තියෙන්නේ දෙයියනේ කියලා කැම්පස් එකේවිතරයි. එකෙන් එලියට අවට පස්සේ කිසිම වසන්ත මල් ගොමුවක්නම් නැ

    :P
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    යාලුවනේ මම elakiri සාමාජිකයෙක් වෙලා දැන් අවුරුදු 6කුත් වෙන්න එනවා... නමුත් අද තමයි පළමු thread ඒක දාන්නේ!!!

    මුලින්ම මේ ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්...
    ඉස්සෙල්ලම කියන්න ඕන මේක මගේ නිර්මාණයක් නම් නෙවෙයි... නමුත් මම කාලෙකට පස්සේ දැකපු ගොඩක්ම අගය කරන්න පුළුවන් දෙයක්...
    මේක ආචාර්‍ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කර ගායනා කරන, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පද රචනාවක් වුන " අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් " කියන ගීතයට තවත් එක විචාරයක්...
    ඇත්තෙන්ම වික්ටර් රත්නායක කියන්නේ මගේ ප්‍රියතම ගායකයා..,එතුමාගේ මේ "අපේ හැඟුම් වලට" ගීතයත් මම බෙහෙවින් ප්‍රිය කරන එකක්...
    කොහොම වුනත් මම මේ පල කරන විචාරය මම මේ ගීතය ගැන හිතාගෙන හිටියාට වඩා හාත්පසින්ම වෙනස් වූවක්... ඉතින් ඒ හින්දම තමයි මම මේක එළකිරියේ පල කරන්න හිතුවේ තවත් අයටත් මේ ගැන දැනගන්න...
    ඔයාලම කියවලා බලන්නකෝ මේ විචාරය මේ ගීතයට කොයිතරම් දුරට ගැලපෙනවද කියලා...

    :) :) :)


    මට ගීතයක් ringtone විදියට දාන්න පුළුවන් ජංගම දුරකතනයක් ගත්ත දවසේ ඉඳං මේ වෙනකොට අවුරුදු 6 කට ලංවෙන්න කාලයක් පුරා මගේ ringtone එක විදියට භාවිතා කරපු තවමත් භාවිතා කරන මම ආසම කරන ගීතයක තේරුම...........හ්ම්ම්ම් ඇත්තෙන්ම ව්‍යංගාර්තයෙන් අදහස් කරන දේ දවස් කීපයකට කලින් දැනගන්න ලැබුනා.සංවේදී ආදර ගීයක් කියල හිතන හිටියට ඊට වඩා ගොඩක් හෘදයංගම සැගවුණු ආදරණීය කෙදාන්තයක් ඒ වචන වල තියනවා කියලා තේරුණා නිසා සහ මම ආසම කරන ගීතයක් නිසා මේගැන කෙටි සටහනක් ලියන්න හිතුනා.

    මෑත කාලයකදී තෝරාගත් පුද්ගලයෙක් නිසා එම පුද්ගලයාට පමණක් විශේෂ උන නාද රටාවක් දැම්මත් බොහෝ වෙලාවට දැන් නම් සෑම විටම මට දුරකතන ඇමතුමක් එනකොට ඇහෙන්නේ මම මේ කතාකරන ලැස්ති වෙන සින්දුවේ මාවිසින් සකසාගත් මුල් පද කීපය.

    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්..
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..
    හඳ පානේ.. මඳ අඳුරේ..
    අත් පටලා යමු ආයේ..
    අත් පටලා යමු ආයේ..

    ඇත්තෙන්ම මම හිතාන හිටියේ මේ සින්දුවෙන් කියවෙන්නේ පෙම්වතුන් යුවලක, පෙම් කරන ඒත් බාහිර බලපෑම් නිසා හමුවෙන්න බැරි පෙම්වතුන් යුවලක පෙම්වතාගේ සංවේදී ආත්ම කථනය කියලා.ඒත් අහම්බෙන් මගේ දුරකතනයකට ඇමතුමක් එන වෙලාවක මගේ ලගින් හිටපු මිත්‍රයෙක් අහපු පැනයකින් (උඹ දන්නවද සිරාවට ඕකේ තේරුම ?) මම මේ සින්දුව ගැන තවදුරටත් හිතන්න ගත්තා.මදු විතින් හිත සැහැල්ලු කරපු වෙලාවක මෙම ගීතයේ පද වැල් වල ගැඹුරට ගැඹුරටම ගිහිල්ලා මේ වචන ටික පෙළ ගස්ස ගන්න මට පුළුවන් උනා.

    මේක අසම්මත ආදරයක් ගැන එහෙමත් නැත්තන් තේරෙන බාසාවෙන් කිව්වොත් කොට්ටක් පනින එකක් ගැන කියවෙන ගීතයක්.ඒත් මේ වචන ඇතුලේ ලිංගිකත්වය කියන දේට වැඩිය ලොකු අර්ථයක් කැටි වෙලා තියන හින්දා ඒවා එකින එක මම තේරුම ගත්ත විදියට කරුණු ලෙස ගොනු කරනවා.

    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්..
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..

    ගීතයේ මුල් කොටසින්....පෙම්වතා....හ්ම්ම්ම්ම් මේ චරිතෙට මට දෙන්න වෙන හැඳින්වීමක් නෑ.කතාවේ පෙම්වතා පෙම්වතියට කියනවා ."ඔයා අමතක කරන්න හැමදේම හැගීම වලට විතරක් ඉඩ දෙන්න අවට ලෝකයේ තියන හැමදේම අමතක කරලා මම ගැන විතරක් හිතන්න.අපිට තියෙන්නේ පුංචි වෙලාවයි.හැමදේටම."තේරුම ගන්න පුළුවන් වුන විදියට මේක සමාජ සම්මත නොවන හමු වීමක්.පෙම්වතා පෙම්වතියට කියනවා අමතක කරන්න හැමදේම දැන් මම ගැන විතරක් හිතන්න.සමහර විට පෙම්වතා පෙම්වතියගේ කසාද සැමියා ගෙදර නැති වෙලාවක ඇයව හමු වෙලා වෙන්න පුළුවන්.නැත්තන් නගරයෙන් ඈත පිහිටි නවාතැනක හමුවෙලා වෙන්න පුළුවන්.පෙම්වතිය හිතනවා අපිව කරුවත් දැක්කද?මම මගේ ස්වාමි පුර්ශයාට ද්‍රෝහී වෙනවා නේද මේ කියන වගේ හැගීමකින් ඇය විදවනවා.පෙම්වතා කියනවා ඔක්කොම අමතක කරන්න අපි දැන් අපේ ලෝකේ අපිට වැඩි වෙලාවක් නෑ කියලා. "ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.." කියන දෙයින් අදහස් වෙන්නේ කාලය මදි කියන අර්ථය.

    හඳ පානේ.. මඳ අඳුරේ..
    අත් පටලා යමු ආයේ..
    අත් පටලා යමු ආයේ..

    මේ පද වැල් වලින් ගීතයේ මුල් කොටසට අර්ථයක් විතරක් නෙවෙයි ගීතය පුරාවටම යම් දෙයක් එකතු කරනවා.ඒ පුරෂයාගේ තියන ලිංගික ආත්මාර්ථකාමී භාවය. "හඳ පානේ.. මඳ අඳුරේ.. " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන.කෙලින්ම කියනවනම් පෙම්වතා කියනවා ඔක්කොම අමතක කරලා එන්න අර වැඩේ කරන්න අපිට වෙලාවක් නෑ කියලා.නොපුරුදු නොවුන අත්දැකීමක් කියලා තමයි "අත් පටලා යමු ආයේ.." කියන වචන වලින් කියන්නේ.

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
    අවුදින් හෙමින් රහසින් මුමුනා..
    හඳ පානේ මඳ අඳුරේ..

    මම කලින් විස්තර කරපු විදියට පලවෙනි අන්තරා කොටසේ තේරුම කාටත් තේරුම ගන්න පුළුවන් ලේසියෙන්ම.පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් මේ විදියට "ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී.. මම මගෙ හෙවනැල්ලෙන් මිදී" වචන වලින් කියන්නේ ,ඔයා ඔයාගේ සැමියා අමතක කරන්න මම මගේ බිරිඳ අමතක කරන්නම්.දැන් මම ඔයාගේ සැමියා ඔයා මගේ බිරිඳ ඉතින් එන්න හඳ පානේ මඳ අඳුරේ අත් පටලගන්න.

    හිරකර හසරැල්ලෙන් හැඬුම්..
    අපි හිනැහෙමු සපුරා පැතුම්..
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්..
    යමු වෙන්වී හිමිදිරියේ..

    පෙම්වතා මොනවා උනත් පෙම්වතියට සැබෑ ලෙසම ආදරෙයි.ඔහු දන්නවා ඇය කසාද සැමියා එක්ක ඉන්නේ තමන් වගේම කරන්න දෙයක් නැති නිසා කියල.ඒකයි ඔහු කියන්නේ දුක අමතක කරන්න එන විදියකට මුහුණ දෙමු.පුළුවන් තරම් සතුටින් ඉමු කියලා.ඒ අදහස "හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අපි හිනැහෙමු සපුරා පැතුම්.. " කියන වචන වලින් මොනවට පැහැදිලි වෙනවා.

    මේ ගීතය විශේෂිත වෙන්නේ දෙවෙනි අන්තරා කොටසේ අන්තිම පද දෙකෙන්."මතු ආත්මයේ හමුවෙන පැතුමින්.. යමු වෙන්වී හිමිදිරියේ..".මෙතැනදී ව්‍යංගාර්ථයක් බොහෝ ප්‍රබල ලෙස ඉස්මතු වෙනවා.අපිට මුලින්ම හිතෙන්නේ ආත්මීය ආදරයක් මේ ආත්මේ බැරිඋනත් ලබන ආත්මේ හරි ලැබෙන්න කියල පතන පැතුමක්.ඒත් ඇත්තටම ඔය පද වලින් කියවෙන්නේ තවදවසක අපි මෙහෙම ආයෙත් හමු වෙමු මේ වැඩේ(සංසර්ගය) ඉවර උනාම ඉක්මනට අපි යන්න යමු කියන අර්ථය.මම කලිනුත් උලුප්පා පෙන්නුවා මෙම සිද්දියේදී කාලය කියන එක බොහොම වැදගත් සාදකයක් කියලා."හඳ පානේ.. මඳ අඳුරේ.. " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන."යමු වෙන්වී හිමිදිරියේ" කියන්නේ සඳ පානත් මඳ අඳුරත් දෙකම ඉවර උනාම එන්නේ හිමිදිරිය නේද?....

    මේ ගීතය ගැන කියනවනම් මෙහි ගේය පද රචනය ප්‍රවීණ ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.මෙහි සංගීතය තනු නිර්මාණය වගේම ගායනය හදබැඳි ගාන්දර්ව වික්ටර් රත්නායකයන් විසින්.මෙහි සංගීතය උද්දීපනය සඳහා සිතාරයක්,වයලීනයක්‌,සර්පිනාවක් වගේම ශේකර් එකකුත් පාවිච්චි කරනවා.ගීතය තවත් හිතට වදින්න හේතුවක් තමයි "අත් පටලා යමු ආයේ.." වචන එක්ක ඇහෙන ශේකර් නාදය .


    ප.ලි - මම කියපුවා බොරුය කියලා හිතෙනවනම් "අත් පටලා යමු ආයේ.." වචන ටිකත් එක්ක ඇහෙන සංගීතයේ රිද්මය ගැන හිතන්න..


    මේත් එක්කම මේ විචාරයටම ගැලපෙන video එකකුත් දාලා තිබුනා..
    කතාව කියවලා video එක බලන ගමන සින්දුවත් අහන්නකො.. එතකොට තවත් ප්‍රත්‍යක්ෂ වෙයි.!





    ඉතින් යාළුවනේ ආයෙත් මේ වගේ හරවත් දෙයක් හම්බුනාම ඔයාලත් එක්ක බෙදා ගන්නම්..!!!
    :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන..

    මේ ගීතයට තහනම් කියන වචනය යොදන ඒක එතරම් සුභ නැහැ...ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මෙම ගීතය දකින්න පුළුවන්... .-අන්තර්ජාලය-
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන..

    මේ ගීතයට තහනම් කියන වචනය යොදන ඒක එතරම් සුභ නැහැ...ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මෙම ගීතය දකින්න පුළුවන්... .-අන්තර්ජාලය-

    තහනම් පෙමක් කියනදේ අර්ථය කිබුලගෙන් අපි අසා දැනගමු. කිබුලා තමයි හොදම විග්‍රහකරු