මහින්ද පිලේ තවත් නායයෑමක්
මහින්ද රාජපක්ෂ මහතාගේ කඩාවැටීම තවතවත් සනිටුහන් කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ලබන සතියේදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සුදානම්වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.