ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.
ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ, අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.
අනතුර සිදුකළ බව සැලකෙන මෝටර් රථය අමාත්‍යවරයෙකුට අයත් එකකි.
මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.
කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.
වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය.
මේ සිද්ධියද දන්නේ නෑ මම දැක්කේ පෙරේදා හවස..... අග්ගොන හන්දියට ටිකක් එහා කලපලුවාව පැත්තට වෙන්න තද අළු පාට ඩිෆෙන්ඩර් එකක් එතන තියෙන බස් හෝල්ට් එකත් කුඩු කරගෙන ගිහින් තිබ්බා....... ඩිෆෙන්ඩර් එකේ මුණ ෆ්ලැට් වෙලා........ පස්සේ ආයේ හන්දියට ගිය වෙලාවේ එතන එකෙක් කියනවා ඇහුනා දෙන්නෙක් මැරිලා කියලා......
යකො පොඩි එවුන්..







