ඔව් මේ හැම දෙයක්ම හොඳට මතකයි. අපි 2005 දී මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ එකට තමයි. කළගුණ සලකන්න කියල 2010 යේ දුන්නෙත් ඒවා මතක නිසා තමයි. එත් මොකද කලේ ?
මිනිස්සුන්ගේ ඉස්සර රාජ්‍ය ආයතන කිහිපයක් ගැන විශ්වාසයක් තිබුන දේශපාලන අතපෙවීමක් නැතුව තමන්ගේ රාජකාරිය හරියට කරපු.
අධිකරණය, විභාග දෙපාර්තමේන්තුව වගේ ඒවා සාපේක්ෂව සාධාරණව වැඩක් කලා. අද මොකද වෙලා තියෙන්නේ ? ඒවට ඇත දාල ඒවත් කෑවා.
අධිවේගී මාර්ග හැදුවා. එක හොදයි එත් ඒවායින් ගසා කාපුවා අනුමත කරන්න අපිට බැහැ. කඩවත ඉඳන් කෙරවලපිටියට හදන එකේ කිලෝමීටරයකට කෝටි හත්සිගනනක් කියන්නේ සෙල්ලමක්ද? මත්තල ණය ගෙවන්න අවුරුදු 1500ක් යනවා කියයන්නේ සෙල්ලමක්ද? කුඩ්ඩෝ එතනෝල් කාරයෝ රෙද්ද අස්සේ දාගෙන, පොලිසියට බලපෑම් කරලා සැකකාරයෝ අරන් යද්දී ඒවා අනුමත කරන්න පුලුවන්ද? බල සේනා හදල බෞද්ධයාගේ හැඟීම් අවුස්සලා ඒවා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීම අනුමත කරන්න පුලුවන්ද?
තව කියන්න ගොඩක් දේවල් තියනවා.


ඉන්ටනෙට් පාවිච්චි කරන බහුතරයක් ඒවා දන්නවා.ඉතින් මොහොතක් සිතන්න........





