EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    copyright : Hisahasa blogspot from Sadarau
    "මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”
    සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .
    "අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා
    "මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “
    සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට කඩේ යනවා කියලා නොකියා කීම දැන් සාමාන්‍යයි .උන්ට මොනවත් නොකියන මම කට පියාගෙන හිතෙන් හිතෙන් මගේ මනාපේ පරිස්සං කරගන්නවා .
    "අරූ මහින්දට කඩේ යනෝ... යනෝ " කියලා මාව පෙන්වලා නොසෑහෙන්න කෑගහන එවුන්ට බැනලා වැඩක් නෑ .
    කඩේකට යන්ඩ බැරිව මම වින්ද දුක දන්නේ මම , මම වින්ඳ ඒ වින්ද කරදර වෙන එකෙකුට ඒත්තු ගන්වන්න බෑ .
    කැස්සට නිවාරන් අනූව පැකට් එකක් ගන්න සෙන්ටර් කෑම්ප් එකේ පියතිලක කඩේට යන්ඩ බැරිව ගතවුණ කාලයක් අපේ ජීවිත වල කළුපාට තීන්තෙන් ඇඳිලා තිබුණා . හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා . ඉතින් කොහොමද කඩේ යන්නේ ? . එදා මට තබා ගමේ එකෙක්ටවත් කඩේකට තබා කුඹුරකටවත් බහින්ඩ විදිහක් තිබුණේ නෑ . ඒ මතකය අමතක නැති මම අදත් මගේ ජන්දය බය නැතුව මහින්දට දෙනවා .
    "යුද්දෙ යුද්දෙ කිය කියා හැමදාම හිටියාම හරියනවද ? දැන් යුද්දේ ඉවරයි දැං මෛත්‍රිය කොරහං .” සමහරු නොකියා කියනවා .
    ඒත් මට එහෙම කරන්න බෑ . මම ටීවී එකේ යුද්දේ දැකපු ඒ දැකපු යුද්දෙන් ඔකඳ වෙච්ච එකෙක් නෙවෙයි .. ඇත්තටම යුද්දෙට ගියපු යුද්දේ හොඳට හුරු පුරුදු සොල්දාදුවෙක්වත් නෙවෙයි . අපේ ගමේ එවුන් කවුරුත් වාගේම මමත් වෙඩි සද්දෙට බය වෙච්චි, දෙවතාවක්ම වෙඩි හුවමාරුවකට මැදිවෙච්ච්චි , යුද්දෙට නොසෑහෙන්න බය වෙච්ච . , ගමේ පිට්ටනියේ ගොඩ ගැහුව මල මිනී කඳු හැබෑවටම දැකලා හීනෙන් පවා බය වෙච්ච එකෙක් . යුද්දේ නිසා ජීවිතේ වටිනාම දෙයක් අහිමි වෙච්චි එකෙක් . ඒ හේතුව නිසා මට නම් යුද්දේ ලේසියෙන් අමතක වෙන්නෑ . සිංහලයට හත් දවසින් ඔනෑ දෙයක් අමතක වෙනවා කියලා මහ කොටියා කීවා වුණත් මට යුද්දේ ගැන කිසි දෙයක් හත් දවසින් අමතක වෙන්නෑ . අමතක කරන්නත් බෑ .
    "යුද්දේ ඉවර කළේ මහින්ද නෙවෙයි .” තවත් සමහරු උඩ පැන පැන කියනවා . යුද්දේ ඉවර කල ගෞවරවය ත්‍රිවිධ හමුදාවේ ඉඳන් ගමේ ග්‍රාමාරක්‍ෂකයාට පටන් ලැබෙන්න ඔනෑ . මම කවදාවත් ඒකට නෑ කීවේ නෑ . ඒත් අර කෙහෙම්මල් සටන් විරාම මගුල අහක් කරලා යුද්දෙකට බහින්න මහින්ද තීරණයක් ගත්ත විත්තිය මට අමතක නෑ . ඇත්තටම ඒ මල මගුල් සටන් විරාමේ අද වෙනකල් තිබුණා නම් මේ මමත් මැරුංකාලා සාමදානේ වැළලෙන්න හොඳටම ඉඩ තිබුණා .
    හමුදාවත් එක්ක හැප්පෙනවට වඩා ආයුධයක් නැති සාමාන්‍ය මිනිස්සු එක්ක හැප්පෙන්න කැමති කොටි හැත්ත මගේ තාත්තවයි, මගේ මාමලා දෙන්නවයි , ලොකු තාත්තවයි , කැත නැතුව මරා දැම්ම. කොටින්ගෙන් ඉතිරිවෙච්ච එවුන් අද පිට රටවල ඉඳගෙන ලංකාවේ කෑල්ලක් ඉල්ලලා කෑ ගහන හැටි දැක්කාම , අපේ රටේ තවත් සමහර එවුන් පහන් පත්තු කරගෙන මැරිච්චි කොටි මතක් කර කර හූල්ලනකොට හිතට දැනෙන තරහත් උපරිමයි .
    තාත්තගේ මූණත් තහඩුවම අඩු නැතිව පිහිටලා තිබ්බ , මගේ තාත්තගේ නිවුන් සහෝදරයාව බහිරවයෝ වාගේ ඇදගෙන ගිහින් අම්පාරේ එයාපෝට් හන්දියේදී ටයර් සෑයක පුච්චාපු ජේවීපී එක ගැනත් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ . ඒ නිසාම බුලත් කෙළ පාට ජේවීපී එකටත් මගේ පරම්පරාවේ එකෙක්ගෙන්වත් වැරදිලාවත් ජන්දයක් වැටෙන්නෑ .
    මගේ තාත්තා තනි යූන් ඇන් පී කාරයා . මගේ තාත්තගේ මුලු පවුලම එහෙමයි . ඒ හේතුව නිසාම වෙන්නැති . යුද්දෙ වවාගෙන කකා හිටපු චන්ද්‍රිකා මැඩම් මගේ තාත්තගේ පැන්ෂන් එකටත් කෙළියේ .
    අමාරුවේ වැටිච්ච අපිට චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති ඔෆිස් එකෙන් ලැබුණේ මහ අමුතු ලියුමක්
    "කරුණාකර මියගිය ග්‍රාමනිලධාරියාගේ රාජකාරී දිනපොත සහ රාජාකාරී හැඳුනුම් පත ඉදිරිපත් කරන්න .”
    තාත්තගේ සම්පූර්ණ රාජකාරී බෑග් එකම කොටි අරන් ගියාට පස්සේ . බෑග් එකේ තිබ්බ දේවල් කොහෙන් හොයන්නද ? . අපි බකමූණු බිත්තර ගිල්ල එවුන් වගේ ඔහේ හිටියා . මහින්ද ජනාධිපති වෙනකල් මැරෙන්නැතුව පණ ගැටගහගෙන හිටියා . මහින්ද ජනාධිපති වෙලා මාස කීපයක් ගියාට පස්සේ තාත්තගේ පැන්ෂන් එක සහ .වන්දි මුදලක් අපිට හම්බුනා . සල්ලි වලට තාත්තව ගන්ඩ බෑ තමා . ඒත් ජීවිතේ ගැටගහගන්න අපිට උදවු වුණේ ඒක විතරයි .
    අම්පාර හදපු ඩී එස් සේනානයක මහත්තයාගෙන් පස්සේ අම්පාරට දැනෙන සංවර්ධනයක් කළේ මහින්දම විතරයි කාටවත් ඒක එහෙම නොවේ කියන්න බෑ . අද අම්පාරෙන් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක් ගෙවාගෙන කොළඹ ආපු මම අද මගේ අම්මයි නංඟියි වයසක සීයයි දෙන්නව ගෙදර දාලා හිතේ බයක් නැතුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්නේ සමහරුට බයිලයක් වෙච්ච මට යුද්ධයක් වෙච්ච මේ යුද්දේ ඉවර වෙච්ච නිසා . අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා .
    මම ලංකාවේ නැගෙනහිර ජීවත් වෙන එකෙක් . මහින්ද දිනුවොත් රට ආයේ යුද්දෙකට නොයන බව නම් මට සහතිකයි . ඒත් මෛත්‍රී දිනුවොත් ඒක කොහොම වෙයිද කියලා මට විශ්වාසයක් නෑ . රටේ නැගෙනහිර කොටස කවුරුත් ඉල්ලන්නැතුං ඉඳීවි කියලා මෛත්‍රීය වඩන උදවියට සහතික වෙන්ඩ පුළුවන්ද ? .
    මට යන්න වෙන තැනක් නෑ .මම ඉපදුණේ අම්පාරේ මැරෙන්නෙත් අම්පාරේ . මෙදා පාර මහින්දට ජන්දෙ දෙන්න කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක තියෙන ජන්ද පොලට ගිහින් මගේ ජන්දේ දාන්ඩ මම නොවරදවාම අම්පාරේ යන්නෙත් ඒ හේතුව නිසාමයි . වෙනදා ගෙදර ඉඳලා ගමේ ඉස්කෝලේ වත්තේ තිබුණ ජන්දපොළට යන්න කම්මැලි කරන මම අද කිලෝමීටර තුන්සීයකට කිට්ටු අම්පාරට ගිහින් මහින්දට ජන්දයක් දාන්නේ කිසිම දෙගිඩියාවකින් නෙවේ . යුතුකමක් ඉටු කරන්නවත්, කෙළෙහිගුණ දක්වන්නවත් නෙවෙයි . ඒකට තියෙන්නේ එකම එක හේතුවක් විතරමයි .. මිස්ටර් ප්‍රභාකරන් පටන්ගත්ත, සමහර පාලකයෝ පෝර දාපු තිරිසං යුද්ධෙන් ඇති වෙච්ච තුවාල අටක් මගේ හිතේ අට පොළක තියෙනවා . ඒ තුවාල අටෙන් එකක්වත් තාම හරියට සනීප වෙලා නෑ .
    මිස්ටර් ප්‍රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . තාත්තා නිදාගෙන උන්න මිනී පෙට්ටිය වහන්ඩ කලියෙන් තාත්තගේ ඇඟේ අට පොලක තිබුන උණ්ඩ අට ගැලවිලා ඇවිත් මගේ හිතේ වැදුණා වැදිලා හිරවුණා . . . කාටත් අමතක වෙන ඒ පුංචිම පුංචි යුද්දේ මට තාම අමතක නොවෙන්න හේතුව ඒකයි . මහින්දට ජන්දේ දාන්න කියලා මම කාටවත් කියන්නෑ … . ඒත් මගේ ජන්දේ නම් නොවරදවාම මහින්දට . . .
    එදා කොටින්ට බයේ කඩේට ගිහින් කැස්සට බොන නිවාරන් අනූව පැකට් එකක් ගන්ඩ බය ගත්ත මම මම අද මහින්දට කඩේ යන එකෙක් .කඩේ යන්ඩ ලැබුන එක ගැන නොසෑහෙන්න සතුටුයි . බයින එවුන්ට බයින්ඩ බැරියැ !
    ...................

    දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා ,
    හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .
    දැන් ඉතින් මගෙ පලු අරියි...කමක් නෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්...!!!

    හොයාගත්තා....................

    :yes::yes:

    රටකට ඕනෑ අපමණ අගයක්.......
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අයිය්යේ. මේක අසාධාරන ගානක් නෙමෙයි. මේ කන්ඩිෂන් එකට හොඳ ගානක් ඒක. දෙපාර්ශවයටම පාඩු නැති. මම ඇඩ් එකත් අයින් කරලා දැම්මා පාවිච්චි කරන්න හිතාගෙන වාහනේ. මාතර ගිහින් ආව වෙලේ ලීටරේට 20 Kms කරලා තිබුනා වාහනේ. ලීටර් 20ට කිලෝමීටර 402ක්. මම කිව්වද මංදා. හයිබ්‍රිඩ් එකක් වගේ නේ... :P

    :lol: ඕවාට හයිබ්‍රිඩ් කියන්නේ කොහොමද..... 1500CC Nissan FB 15 ලීටරේට 16.4Km..... පොලොන්නරු ට්‍රිප...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් මගෙ පලු අරියි...කමක් නෑ :dull:

    :frown: මේක අහලා හිටපන් මුලින්...... ඌ උගේ සංවේදී කාරණාවක් නිසා මහින්දට ජන්දේ දෙන්නේ..... ඒකට අපිට කරන්න දෙයක් නෑ...... යුද්දේ දින්නා දින්නා කියලා..... රට කන්න දෙන්න බෑ...... :growl:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඉතින් මගෙ පලු අරියි...කමක් නෑ :dull:

    වැඩක් නෑ බන් පලු ඇරලා..දුක ඕකව හොඳයි හොඳයි කියලා පස්සෙන් දුවන එක. පස්සට තේරෙයි..

    කරන්න තියන හොඳම දේ මහින්දයට නොදී ඉන්න එක. මෛත්‍රීට දෙන්න ඕනෙ නෑ. මොකො එතනම් පස්සෙ ඉන්නේ පල් හොරු ටිකක්.:dull:
    හපොයි අපේ රට. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඉතින් මගෙ පලු අරියි...කමක් නෑ :dull:
    ලොක්ක කියනවා දැක්කා ආන්ඩුවේ වැරදි, අඩුපාඩු වන්චා තියෙනවනම් ඇමති මන්ඩලයම වගකියන්න ඕනි කියල......
    එතකොට යුද්දෙ දිනපු එක විතරක් ලොක්ක තනියෙම කලා......
    උඹලගෙ හර්දසාක්ශිය දන්නවා උඹල කරන්නේ වැරද්දක් කියල. ඒක සාදාරනීකරනය කරගන්න එක එක දේවල් හොයාගන්නවා. උඹත් මේ ආන්ඩුවෙන් මොනවහරි කරගත්ත නම් චන්දේ දීපන් අපිට ඒකට කමක් නෑ. අපි කරගෙනත් නෑ, ඉස්සරහ ආන්ඩුවකින් කරගන්න අදහසකුත් නෑ. අපි ඉපදෙනකොට උප්පැන්නේ පක්ශේ දාගෙනත් නෑ......
    මයිත්‍රී ජඩ වැඩ කරන්න ආවොත් ඉස්සෙල්ලම එවට විරුද්දවෙන්නෙත් අපි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙන සතියේ ITN ප්‍රවෘත්ති..

    සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද.

    "කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි.

    " තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්.

    " තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.

    " ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි.

    " ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්.

    මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි.

    " තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට.

    " වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි.

    " Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්.
    සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්‍රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා.

    " නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්‍රලේඛනයට කැබිනට් අනුමැතිය.

    ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ.
    කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්.

    - විදෙස් පුවත් -

    " උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි.

    ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ.
    " දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි.

    ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි.

    මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි.

    හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩක් නෑ බන් පලු ඇරලා..දුක ඕකව හොඳයි හොඳයි කියලා පස්සෙන් දුවන එක. පස්සට තේරෙයි..

    කරන්න තියන හොඳම දේ මහින්දයට නොදී ඉන්න එක. මෛත්‍රීට දෙන්න ඕනෙ නෑ. මොකො එතනම් පස්සෙ ඉන්නේ පල් හොරු ටිකක්.:dull:
    හපොයි අපේ රට. :(
    ඕක විකල්පය නෙමේ මලයා. මමත් කලින් මහින්දට චන්දේ දීල තියෙනවා. මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ හොර රැල අනිවා ගෙදර යවන එක. ඊට පස්සේ වෙන දේ ගැන බලමු. අර දින 100 ප්‍රතිපත්ති ප්‍රාකශනේ හරියට කියවපන්. ඒක වුනොත් අනිවා සාදාරන සමාජයක්. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකලොත් මහ මැතිවරනයෙදි අනිත් පැත්තට දෙනවා.
    මුන් දෙගොල්ලො හැර තවම ලඟ පාතක තුන්වෙනියෙක් නෑ, එහෙම එනකොට ඒ ගැන බලනවා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ අනාගතයක් වෙනුවෙන් මෛත්‍රී පාලනයකට අද ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න.අවුරුදු 5ක් කලගුණ සැලකුවා.ඒ අවුරුදු 5ට පව්ලට ඕන කරන ටික කරගත්තා.Rugby Practice කරන්න Ground එකක්,ලංකාවේ හැම තැනම ඉඩම්, මාලිගාවල් වගේ ගෙවල්,තව එකෙක්ට උඩ යවන්න satellite ,තව එකෙක්ට Bugatti එක්ක තව Race car තව කී නොකී සේරම.මේවා කාගේ සල්ලිද? උන් හම්බ කරපුවාද?? Business කරන සල්ලිකාර පවුල් කොහොමත් උන්ගේ පැත්තේ.මොකද උන් නැත්තම් එවුන්ට උන්ගේ අනාගතයක් නැති නිසා.මහින්ද යුද්දෙ දින්නා.... උන් කියන විදියට තනියම ගිහින්. ඒ ගොනා ගොඩක් කාලෙකට කලින් විකුණලා ඉවරයි.සරත් ෆොන්සේකා ඡන්දෙ ඉල්ලුවා විතරයි ඡන්දෙන් පස්සෙ ඒ මනුස්සය හිරේට දැම්මා.ලෝකෙ හිටපු හොදම හමුදාපතිවරුන්ගෙන් එක්කෙනෙක්.ලැජ්ජයි.දැන් අපේ වාරේ.මැතිවරාණ කොමසාරිස් වත් කියන දේ සත 5කට ගනන් ගන්නේ නැතුව ‪#‎ITN‬, ‪#‎රූපවාහිනි‬,‪#‎ලක්හඩ‬,‪#‎ස්වර්ණවාහිනිය‬ යන කඩේ යෑම අසික්කිතයි.උන් එකෙක්වත් රටේ ඉන්න මිනිස්සු ගැන හිතන එවුන් නෙමෙයි.කොන්දක් පණ තියන් වැඩ කරන්න බැරි ‪#‎පොන්නයෝ‬ ‍රැලක්.අද වගේ දවසක තමා ලසන්ත වික්‍රමතුංග මහතා මරලා දැම්මේ.දින දෙකකට කලින් සිරසට බෝම්බ ගැහුවා.අද ඒ කරපු කියපු සේරම වලට ‪#‎Return‬ එක හම්බ වේවි.ලංකාවට වෙනසක් ඕන.ඒ වෙනස රටේ යහපතට මිසක් වෙන දේකට නෙමෙයි.රටේ මොකක් හරි උද්ඝෝශනයක් ගියොත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.නොදකින් කාලකණ්නි.හිතුවද දන්නේ නෑ ඇමරිකාවටයි අනිත් රටවල් වලටයි වෙන වැඩ නෑ කියලා. රටක් ණය අරන් ලස්සන කරා කියලා,පාරවල් හැදුවා කියලා ඒ රට දියුණුයි කියන්න බෑ.රටේ ඉන්නේ හිගන්නො වගේ මිනිස්සු නම් ඒ රට දියුණුද?? අද කාලා හෙට ඉදන් ඉතුරු ගාන අනිත් දේවල් වලට වියදම් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව අපේ අම්මලා තාත්තලා උනත් ඉන්නේ.ලංකා ඉතිහාසය මෙහෙම ලියවෙවි යුද්ධය අවසන් කරපු ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වන අතර,තවත් යුද්ධයක් පටන්ගත්ත ලොව එකම රාජ්‍ය නායකයාත් මහින්ද කියලා.එහෙම නොවෙන්න කියලා හදවතින්ම පතනවා.මොකද මේ යන විදියට මහින්ද සහා එයාගේ ගෝල බාලයින් කතා කරන විදියට ඕක වෙන්න බැරි කමක් නෑ.කියන්න ඕන තරම් දේවල් තියනවා.අත රිදෙනවා.අන්තිමට කියන්න තියෙන්නේ රටට වෙනසක් ඕන.පොඩි මිනිස්සුන්ට ඒ වෙනස දැනේවි ඒ වෙනස උනාම.

    (උපුටා ගැනීම බුකියෙන්)
     
    - අපේ කිරියේ එකෙක්ගෙම ස්ටේටස් එකකින් ඉස්සුවේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්නම් මටත් හිතෙනවා ඇල්කොහොල් වලින් හරි මේ උගුරෙයි පපුවෙයි තියෙන සෙම ටික දියකරලා දාන්න....... එපා වෙලා ඉන්නේ කැස්ස & හතියටත් වගේ......... :dull::dull::dull:

    :shocked: අද හවසට ඈල්කොහොල් බෝතලයක් අරිමු..... :yes: :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක විකල්පය නෙමේ මලයා. මමත් කලින් මහින්දට චන්දේ දීල තියෙනවා. මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ හොර රැල අනිවා ගෙදර යවන එක. ඊට පස්සේ වෙන දේ ගැන බලමු. අර දින 100 ප්‍රතිපත්ති ප්‍රාකශනේ හරියට කියවපන්. ඒක වුනොත් අනිවා සාදාරන සමාජයක්. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකලොත් මහ මැතිවරනයෙදි අනිත් පැත්තට දෙනවා.
    මුන් දෙගොල්ලො හැර තවම ලඟ පාතක තුන්වෙනියෙක් නෑ, එහෙම එනකොට ඒ ගැන බලනවා.....

    ඔව් අයියේ ඇත්ත. කිසිම හේතුවක් මත මහින්දට නම් දෙන්නෙ නෑ අපේ කවුරුවත්. අම්මල උනත් මහින්දට දුන්නෙ කලින්. මේ පාර නම් දෙන්නේ නෑ.

    මහින්දයා ගෙදර යන එක තමා හැමෝම බලා පොරොත්තු වෙන්නේ. එන එවුන් ටික රට ටිකක් කරලා කන්න ගනී. ඊට පස්සෙ උන්ව පන්නන්න කෙනෙක් එන්න වෙනවා වැඩක් ඇති.

    බලමුකෝ අයියේ.. පලමු පියවර මරා ගෙදර යන්නයි ඕනේ...මට හිතෙන දේ මහින්ද පන්නන්න සෙට් වෙච්ච සැට් එක හරි නෑ. :dull:හැබැයි ඒකෙන් හරි මුල් පියවර වෙනව නම් කමක් නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටද?:shocked:

    අඩෝ මාමේ එකක් ගන්න ඕනෙකම තියනවා. ටිකක් කල් යයි තව. ගොඩක් වෙලාවට දෙකක්ම ගනී..:cool::cool:

    මෙෂිමටයි මටයි ඇනරොයිඩ් දෙකක් ඇති....
    වැඩිය බලන (වැල) නරක ළමයි එම නොවේ අපී // :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් අයියේ ඇත්ත. කිසිම හේතුවක් මත මහින්දට නම් දෙන්නෙ නෑ අපේ කවුරුවත්. අම්මල උනත් මහින්දට දුන්නෙ කලින්. මේ පාර නම් දෙන්නේ නෑ.

    මහින්දයා ගෙදර යන එක තමා හැමෝම බලා පොරොත්තු වෙන්නේ. එන එවුන් ටික රට ටිකක් කරලා කන්න ගනී. ඊට පස්සෙ උන්ව පන්නන්න කෙනෙක් එන්න වෙනවා වැඩක් ඇති.

    බලමුකෝ අයියේ.. පලමු පියවර මරා ගෙදර යන්නයි ඕනේ...මට හිතෙන දේ මහින්ද පන්නන්න සෙට් වෙච්ච සැට් එක හරි නෑ. :dull:හැබැයි ඒකෙන් හරි මුල් පියවර වෙනව නම් කමක් නෑ.
    ඇත්ත රාජිත කියන්නේ මට ඇස්දෙකට පේන්න බැරි එකෙක්.:(
    චන්ද්‍රිකා, හකීම් ඇතුලු මුස්ලිම් සෙට් එක, TNA වගේ අය අවුල් තමයි.:dull:
    ඒත් මම වතුර කොරහේ කිඹුල්ලු නොදැක චම්පික, රතන හිමි, JVP එක ගැන යම් විශ්වාසයකින් ඉන්නවා.......:cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩක් නෑ බන් පලු ඇරලා..දුක ඕකව හොඳයි හොඳයි කියලා පස්සෙන් දුවන එක. පස්සට තේරෙයි..

    කරන්න තියන හොඳම දේ මහින්දයට නොදී ඉන්න එක. මෛත්‍රීට දෙන්න ඕනෙ නෑ. මොකො එතනම් පස්සෙ ඉන්නේ පල් හොරු ටිකක්.:dull:
    හපොයි අපේ රට. :(
    මචන් මමත් මේ තීරනේ හිටියා.. මොකද මහින්ද ගෙදර යන එක හොද නිසා ...ඒත් මහින්ද වෙනුවට මටනම් මයිත්‍රී විකල්පයක් නෙමේ ... ඊට වඩා මහින්ද හොදයි ... චන්දෙ මහින්දට දෙන්නේ මයිත්‍රීට වාසි ගතියක් පේන නිසා මයිත්‍රී හොද වුනත් පස්සෙන් ඉන්න හැත්ත පේන්නම බෑ මට ,,,හිත හදන් දෙන්න බෑ
    ලොක්ක කියනවා දැක්කා ආන්ඩුවේ වැරදි, අඩුපාඩු වන්චා තියෙනවනම් ඇමති මන්ඩලයම වගකියන්න ඕනි කියල......
    එතකොට යුද්දෙ දිනපු එක විතරක් ලොක්ක තනියෙම කලා......
    උඹලගෙ හර්දසාක්ශිය දන්නවා උඹල කරන්නේ වැරද්දක් කියල. ඒක සාදාරනීකරනය කරගන්න එක එක දේවල් හොයාගන්නවා. උඹත් මේ ආන්ඩුවෙන් මොනවහරි කරගත්ත නම් චන්දේ දීපන් අපිට ඒකට කමක් නෑ. අපි කරගෙනත් නෑ, ඉස්සරහ ආන්ඩුවකින් කරගන්න අදහසකුත් නෑ. අපි ඉපදෙනකොට උප්පැන්නේ පක්ශේ දාගෙනත් නෑ......
    මයිත්‍රී ජඩ වැඩ කරන්න ආවොත් ඉස්සෙල්ලම එවට විරුද්දවෙන්නෙත් අපි.
    අයියෙ විධායක බලය ගත්තට පස්සෙ ජඩ වැඩ කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැහැ,,,හිතන විදියට මහ චන්දෙ වෙනස් කරන්න බැහැ මටනම් හිතෙන්නෙ... මොකද එයාලත් ඇටෑක් එකට රාජ්‍ය බලය යොදවයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ අනාගතයක් වෙනුවෙන් මෛත්‍රී පාලනයකට අද ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න.අවුරුදු 5ක් කලගුණ සැලකුවා.ඒ අවුරුදු 5ට පව්ලට ඕන කරන ටික කරගත්තා.Rugby Practice කරන්න Ground එකක්,ලංකාවේ හැම තැනම ඉඩම්, මාලිගාවල් වගේ ගෙවල්,තව එකෙක්ට උඩ යවන්න satellite ,තව එකෙක්ට Bugatti එක්ක තව Race car තව කී නොකී සේරම.මේවා කාගේ සල්ලිද? උන් හම්බ කරපුවාද?? Business කරන සල්ලිකාර පවුල් කොහොමත් උන්ගේ පැත්තේ.මොකද උන් නැත්තම් එවුන්ට උන්ගේ අනාගතයක් නැති නිසා.මහින්ද යුද්දෙ දින්නා.... උන් කියන විදියට තනියම ගිහින්. ඒ ගොනා ගොඩක් කාලෙකට කලින් විකුණලා ඉවරයි.සරත් ෆොන්සේකා ඡන්දෙ ඉල්ලුවා විතරයි ඡන්දෙන් පස්සෙ ඒ මනුස්සය හිරේට දැම්මා.ලෝකෙ හිටපු හොදම හමුදාපතිවරුන්ගෙන් එක්කෙනෙක්.ලැජ්ජයි.දැන් අපේ වාරේ.මැතිවරාණ කොමසාරිස් වත් කියන දේ සත 5කට ගනන් ගන්නේ නැතුව ‪#‎ITN‬, ‪#‎රූපවාහිනි‬,‪#‎ලක්හඩ‬,‪#‎ස්වර්ණවාහිනිය‬ යන කඩේ යෑම අසික්කිතයි.උන් එකෙක්වත් රටේ ඉන්න මිනිස්සු ගැන හිතන එවුන් නෙමෙයි.කොන්දක් පණ තියන් වැඩ කරන්න බැරි ‪#‎පොන්නයෝ‬ ‍රැලක්.අද වගේ දවසක තමා ලසන්ත වික්‍රමතුංග මහතා මරලා දැම්මේ.දින දෙකකට කලින් සිරසට බෝම්බ ගැහුවා.අද ඒ කරපු කියපු සේරම වලට ‪#‎Return‬ එක හම්බ වේවි.ලංකාවට වෙනසක් ඕන.ඒ වෙනස රටේ යහපතට මිසක් වෙන දේකට නෙමෙයි.රටේ මොකක් හරි උද්ඝෝශනයක් ගියොත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.නොදකින් කාලකණ්නි.හිතුවද දන්නේ නෑ ඇමරිකාවටයි අනිත් රටවල් වලටයි වෙන වැඩ නෑ කියලා. රටක් ණය අරන් ලස්සන කරා කියලා,පාරවල් හැදුවා කියලා ඒ රට දියුණුයි කියන්න බෑ.රටේ ඉන්නේ හිගන්නො වගේ මිනිස්සු නම් ඒ රට දියුණුද?? අද කාලා හෙට ඉදන් ඉතුරු ගාන අනිත් දේවල් වලට වියදම් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව අපේ අම්මලා තාත්තලා උනත් ඉන්නේ.ලංකා ඉතිහාසය මෙහෙම ලියවෙවි යුද්ධය අවසන් කරපු ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වන අතර,තවත් යුද්ධයක් පටන්ගත්ත ලොව එකම රාජ්‍ය නායකයාත් මහින්ද කියලා.එහෙම නොවෙන්න කියලා හදවතින්ම පතනවා.මොකද මේ යන විදියට මහින්ද සහා එයාගේ ගෝල බාලයින් කතා කරන විදියට ඕක වෙන්න බැරි කමක් නෑ.කියන්න ඕන තරම් දේවල් තියනවා.අත රිදෙනවා.අන්තිමට කියන්න තියෙන්නේ රටට වෙනසක් ඕන.පොඩි මිනිස්සුන්ට ඒ වෙනස දැනේවි ඒ වෙනස උනාම.

    - අපේ කිරියේ එකෙක්ගෙම ස්ටේටස් එකකින් ඉස්සුවේ.....
    repost....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේක අහලා හිටපන් මුලින්...... ඌ උගේ සංවේදී කාරණාවක් නිසා මහින්දට ජන්දේ දෙන්නේ..... ඒකට අපිට කරන්න දෙයක් නෑ...... යුද්දේ දින්නා දින්නා කියලා..... රට කන්න දෙන්න බෑ...... :growl:

    මම අද උදේ පාන්ද 5 ට විතර ඕක ඇහුවේ ...මරු කතාව :yes::cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්ත රාජිත කියන්නේ මට ඇස්දෙකට පේන්න බැරි එකෙක්.:(
    චන්ද්‍රිකා, හකීම් ඇතුලු මුස්ලිම් සෙට් එක, TNA වගේ අය අවුල් තමයි.:dull:
    ඒත් මම වතුර කොරහේ කිඹුල්ලු නොදැක චම්පික, රතන හිමි, JVP එක ගැන යම් විශ්වාසයකින් ඉන්නවා.......:cool:
    ඇත්තටම මේ සෙට් එක ගැන විතරයි විශ්වාස කරන්න පුළුවන් අනික් උන්වනම් අරහන් නෙදකින් හැත්ත... මේ සැරේ UNP එකෙන් සජිත් ඉල්ලුවනම් මන් දෙනව පක්ශ පාට අමතක කරලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්ත රාජිත කියන්නේ මට ඇස්දෙකට පේන්න බැරි එකෙක්.:(
    චන්ද්‍රිකා, හකීම් ඇතුලු මුස්ලිම් සෙට් එක, TNA වගේ අය අවුල් තමයි.:dull:
    ඒත් මම වතුර කොරහේ කිඹුල්ලු නොදැක චම්පික, රතන හිමි, JVP එක ගැන යම් විශ්වාසයකින් ඉන්නවා.......:cool:

    චමිපික ඉල්ලුවනම් මාත් මේකෙ පෝස්ට් දාලා සපෝර්ට් කරනවා... :yes:බලමු මොකෝ වෙන්නෙ කියලා..

    මරා ජිල් මාට් දාල දිනුවත් වැඩිකල් කරන්න නම් වෙන එකක් නෑ..:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් මමත් මේ තීරනේ හිටියා.. මොකද මහින්ද ගෙදර යන එක හොද නිසා ...ඒත් මහින්ද වෙනුවට මටනම් මයිත්‍රී විකල්පයක් නෙමේ ... ඊට වඩා මහින්ද හොදයි ... චන්දෙ මහින්දට දෙන්නේ මයිත්‍රීට වාසි ගතියක් පේන නිසා මයිත්‍රී හොද වුනත් පස්සෙන් ඉන්න හැත්ත පේන්නම බෑ මට ,,,හිත හදන් දෙන්න බෑ

    අයියෙ විධායක බලය ගත්තට පස්සෙ ජඩ වැඩ කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැහැ,,,හිතන විදියට මහ චන්දෙ වෙනස් කරන්න බැහැ මටනම් හිතෙන්නෙ... මොකද එයාලත් ඇටෑක් එකට රාජ්‍ය බලය යොදවයි
    ඉතින් දැන් උපරිමේට ජඩ වැඩ වෙන්නේ නැද්ද, මහින්ද මහත්තයට ච්න්දේ දෙනවා කියන්නේ ඒවා හරිකියල උඹල අනුමත කරල නේ.......
    රටේ නීතියට වෙලා තියෙන්නේ මොකක්ද. මම කලිනුත් කියුවා මහින්දට මම චන්දෙ දුන්න එක ගැන උපරිම කලකිරීම පටන් ගත්තේ ශිරානි බන්ඩාරනායකව ගෙදර යවපු වෙලේ.......
    පොඩි ලමයි දූශනයකරපු උන්ට, කුඩු කන්ටේනර් ගනන් ගෙන්නපු උන්ට, පෙනි පෙනී මිනිස්සු මරපු උන්ට, මහ දවාලේ නිරායුද තරුන උද්ගෝශනය කරන කෙල්ලොන්ට පයින්ගහපු උන්ට මොකද වෙලා තියෙන්නෙ.....
    කරන වැරද්ද සාදාරන කරගන්න කොරහේ කිඹුල්ලු පෙන්නන්න එන්න එපා මල්ලි.:yes:
     
    Status
    Not open for further replies.