අපේ තාත්තට බෙන්ලි සුපර් එකක් තිබ්බා.. එක තමා වැඩිම කාලයක් පාවිච්චි කරපු බයික් එක.. ඒකෙත් ක්ලච් ප්ලේට් දැම්මේ නෑ... අවුරුදු 5ක් විතර තිබ්බ ඒක එකතැන.. ඊට පස්සෙ ගැරෙජ් එකට දාලා සුද්දයක් දැම්මා ස්ටාර්ට්. මෙලෝ කේස් එකක් වෙලා තිබ්බේ නෑ මලකඩ ඇරෙන්න..![]()




15 යි මචං දුවල තීන්නේ
බෙන්ලි....
පරම්පරා ගානකට 1යි![]()


ඔයිල් මාරුකරන්න ලඟයිද මචෝ..
එහෙම උනාමත් පොඩ්ඩක් ඔය කේස් එක එනව

බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක්.. මාර කාලයක් දිව්වා බයික් එක. පට්ට සද්දයක් තියෙන්නේ එක පිකප් කරද්දි..![]()


ඇයි රෝඩ් මාස්ටර් එක. කොහොමද ඒකෙ බීට් එක![]()

තව එකක් ඇදගෙන යන්න පුලුවන් බයික් එකට.
පට්ට ටෝක් එකක් තියනවා..

කකුල කඩාගන්න කලින් ඔරිජිනල් සයිලන්සර් එකක් පැද්දා.. කියලා වැඩක් නෑ සද්දෙයි එන්ජිමේ තියන ගතියයි..තව එකක් ඇදගෙන යන්න පුලුවන් බයික් එකට.
පට්ට ටෝක් එකක් තියනවා..
![]()


පොර ජීවිතෙට ඒක වෙන එකෙක්ට පදින්න දෙන්නෙ නෑ ගොඩක් තියෙන්නෙ තායිවාන් සයිලන්සර් දාපුව..
අපේ පැත්තෙ තියනව 8 නම්බර් එකක්.
තාම ආපු සයිලන්සර් දෙක.පොර ජීවිතෙට ඒක වෙන එකෙක්ට පදින්න දෙන්නෙ නෑ

මට GN එකට පස්සේ එකපාරටම ගත්ත ගමන් යන්න පුලුවන් කන්ට්‍රෝල් එකක් තේරුනේ ඒක තමා.. ඉන්දියන් ඒවා අහස පොලව වගේ ඒව එක්ක බලද්දි මටනම්..
CB 125T ඇලොයිවීල් පැදලා නැද්ද බන්.. පැදලා බලන්න ආස බයික් එකක්..![]()
![]()
පැදල තියනව බං. සුපිරි බාන්ඩෙ.. අපේ එකෙක්ට ගන්න ඕන වෙල උඹලගෙ පැත්තෙන්ම තමා එකක් සෙට් වෙලා අරන් ආවෙ. දික්හේනපුර පැත්තෙන්. ඉස්කෝලෙ හරියෙ.
උඹලගෙ පැත්තෙම රජත මෝටර්ස් එකේ තියනව ඕකෙම මොකක්ද දිව උලුක් වෙන නමක් තියන චයිනීස් එකක්. ඒක දෙන්නම් කිව්ව බ්‍රෑන්ඩ්නිව් 120කට. අපි ඕක ගත්තෙ ඒ දවස් වල 60කට. 156 ද කොහෙද නම්බර් එක




උන්ගෙන් ගන්න එපා බන් උන් හොරු..
උන්ගෙ GN වලට එහෙම චයිනීස් කෑලි අටෝලා තියෙන්නේ.. ඇති කන්ඩිෂන් එකකුත් නෑ 2.60ක් කිව්වා නිකමට අහලා..
මොන ලබ්බකටවත් වටින ගනන් නෙමේ.. උන්ගෙන් එකපාරක් CDI එකක් අරගෙන දුන්නා මට රිපෙයාර් කරපු එකක්.. ලැජ්ජ නැතුව මාරු කරලත් දුන්නා..
මං කලින් කිව්ව පොරගෙ කැමතිම භාන්ඩයක් ඕක. පොර ගාව තිබ්බ එක 130ට යනවලු ගේමක් නැතුව. ඒකත් මදිවෙලා 200 පිස්ටන් දෙකක් දාල තිබ්බ පොර එන්ජිම බෝර් කරලා.
ඒකෙන් ගිහින් හැපිලා මිනිස්සු මැරුන කියල හිතල ඉටි කොලේකිනුත් වහල තිබිලා පොර බේරිලා තියෙන්නේ..![]()


















ඌ මාර වැඩ්ඩෙක්නෙ.. සුපිරි බයික් තමා ඉතින්
ඕකෙ අර වලේ වගෙ තියන ගැරේජ් එකේ ඉන්න බාස තමා මම දැකපු හොරම බාස..
එන්ජින් ඔයිල් නැතුව එන්ජිම හිරවෙන්න ගිය බයික් එකක ඕක කිව්වනෙ බ්රේක් බයින්ඩ් වෙලා කියල..
එන්ජිමේ ඔයිල් නට් එක පුපුරල ඔයිල් ලීක් වෙලා.
ඔයිල් 0ටම බැහැල.
මූ එනකොට බයික් එක නිකන් අදින් නෑලු බයික් එක.
හරියට පස්සෙ බ්රේක් එක ඇල්ලිලා තියනව වගේලු. අපේ එකාත් දන්නෙ නෑ මෙලෝදෙයක්. මූ ඒපාර ඔය බාස ගාවට දාල.
මූ බයික් එක එහෙට මෙහෙට පද්දල කියල බ්රේක් බයින්ඩ් වෙලා කියල. දාල යන්න කිව්වලු හදල තියන්නම් කියල.
ඒපාර අපේ එකා මට කෝල් කරා ඌව එක්ක යන්න එන්න කියන්න. මම ගිහින් බැලුව තල්ලු කරල කිසි අවුලක් නෑ.
අම්මටසිරි එන්ජිමේ තෙල් බිඳක් නෑ
තව ගියා නම් අනිව හිර වෙනව. තව පොඩ්ඩෙන් එන්ජිමක් තියන්න වෙනව. බ්රේක් බයින්ඩ් වෙලා
රජත එකේ ඇතුලෙ තියනව බං ඌ ජපන් ගිහින් එනකොට ගෙනාපු සුපිරි XLR බයික් 4ක්. ඇඬෙනව දැක්කම. උගේ පුතා රේස් පදින්න හිතන් ඉන්නවලු. ඒකටලු තියන් ඉන්නෙ. අපරාදෙ බං. අරූ පදින රේස්. ඌ තාම 2කේ පන්තියෙද කොහෙද![]()

යකෝ සද්දෙවත් වෙනස් වෙන එක තේරිලා නැද්ද? එතකොට බන් බ්රේක් බයින්ඩ් බලලා තියෙන්නේ ඌ ගියර් එකට දාලද. අනේ මංදා බන් උන් ගාව තිබ්බ GN වල හබ් සයිඩ් කප් සිග්නල් ලයිට් ඔක්කොම චයිනීස් ඒවා තිබ්බේ. ස්විච් සෙට් එකත් චයිනීස්ද කොහෙද තිබ්බේ. මං බැලුවෙ නෑ. පට්ට හොරු. උන්ගෙ බාස්ලත් ඒජාතිය කියලා මං දැනන් හිටියේ නෑ බන්..

හුටා.... අදත් ත්‍රෙඩ් එක පාළු කරන එකා උදේම ඈවිත්.....![]()
![]()

