වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද පුලුවන් නම් කිඹුලගේ රේඩියෝ අහන්න එන්න මචං. රෑ 8 ට තියන්නේ.
    RpHThWo.jpg

    Kalin wada iwara karaganna full try ekak deunna ban. eth no chance month end eka nisa. thawa paya dekaka wadak ithuruyi. eka karala gedara eddi kimbula radio eka off karala nidi weyi bohodurata. vinadi 10 k waiting innawa parts wagayak on the way. e vinadiye thamayi me log une..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    කියපංකෝ ඉතිං උඹ එන්ජිමට මොනාද කරගත්තේ

    මේක ගනිද්දිම බන් අර ස්ටාට් කරාම ටක් ටක් සද්දයක් එන්නෙ අර ටැපට් සද්දෙ,අපිත් මුලින්ම ගරාජ් දාල බැලුවම ටැපට් වලින් නෙවෙයි සද්දෙ එන්නෙ,පිස්ටන් එකකින් ගහන්නෙ,ඇන්ජිම බෝර් කරන්න යන ගානට තව 15ක් වගේ දැම්මම අලුත් ඇන්ජිමක් තියාගන්න පුලුවන් නිසා,අලුත් එකක් ගෙඩි පිටින් තිබ්බ,උබට කියන්න බන්,ඊට පස්සෙ වෑන් එක ස්ටාට් කරාම පෙට්‍රල් කාර් එකක් වගේ,කනට ඇහෙන්නෙ නෑ සද්දෙ මාර පිකප්,එලවන්න ආසයි, :yes::yes::yes: අපරාදෙ බන් ඒක අපි දුන්නෙ,සෑහෙන වැඩ ගත්තු වාහනයක් :sorry::sorry::sorry: ,ඔය 13 කතන්දරේ මට නම් මහ අමු පට්ටපල් බොරුවක්,හැබැයි අපෙන් ගත්තෙ බයින් ඇන්ඩ් සෙලින් පොරක්,වාහනේ පේන්ට් එක ෆේඩ් වෙලා තිබ්බෙ,කොල පාට,අපෙන් ගත්ත එකා,අරන් ගිහින් ටින් එකට හූරල සුදු ගහලා,ඌ පේන්ට් ශොප් එකෙන් අරන් ගෙදර එද්දි බස් කාරයෙක් ඇවිල්ල පිටිපස්සට හේත්තු කරලා කියල පස්සෙ ආරන්චි උනා :baffled::baffled: අපිට නම් කිසිම කරදරයක් දුන්නෙ නෑ බන් :love:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මගේ කාර් එකේ ස්පීඩ් මීටර් එක වැඩ කරන්නේ නැතුව ගියා ලගදි .ඉතින් දන්න කියන තැනක් බැලුවම යාලුවෙක් කිව්වා අහවල් තැන හොදයි පලයන් කියලා,ඔන්න ඉතින් මමත් නිවාඩු දවසක් එහෙම බලලා කිව්වා තැනට ගියා,අසනීපෙ ගැන කිව්වා විතරයි ඉතින් බාස් මාම ඔන්න වාහනය බාල්දු කරන්න ගත්තා.ආ මහත්තය මේක කොරියන් නේද.ඇයි ගත්තේ අරකද මේකද ....හරියට ඌ මට ජපන් එකක් ගන්න සල්ලි දෙනවා වගේ තමයි කතා කලේ.කොහොමහරි දහවල් 12.00 විතර මූ වහානෙට අත තිබ්බා ..එක පැන්න දෙක පැන්න හවස තුනත් පැන්න මූ තාම ලෙඩේ හොයනවා .මට දවල්ට කන්නත් නැ ...ඒ අතරේ මූ ආයෙමත් කොරියන් කතාව කියනවා .අන්තිමේ හවස 6 වෙද්දී මූ වාහනෙන් සැලකිය යුතු කොටසක් ගැලෙව්වා .එත් ලෙඩේ හොදනැ.අන්තිමේ ගලවපුවා ආයෙත් හයි කරන් බාස්ට ගානකුත් දීලා ගෙදර ආවා. කතාවේ හොදම ටික දන්නවද ...වැඩිය වැඩ නොදන්නා පුද්ගලයෙක් මට පස්සේ හම්බ උනා .අනේ මූ මේක බලල කිව්වා අර්ත් එක හරියට වැඩ කරන්නේ නැ පොඩ්ඩක් හිටපන් කියලා ස්පීඩ් සෙන්සර් එකේ අර්ත් එක කෙලින්ම බැටරියට දුන්නා.විනාඩි දෙකයි ...සතයක් ගියේ නැ ...බඩු වැඩ .......ඔන්න පුතේ වැඩ....මේක සිංහලෙන් ලියන්න ඊට වඩා අමාරු උනා බොලව්
     
    • Like
    Reactions: tclguy

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔන්න ඕකයි සීන් එක මචං. ලෙඩක් ආපු ගමන් වාහනේ උස්සන් ගැරජ් දුවන්නේ නැතුව ඉස්සල්ලම එලකිරි ගරාජ් එකට දාලා හදාගන්න පුලුවන්ද කියලා බලනවා. හදාගන්න බැරි වුනත් ඔටෝමොබයිල් කැටගරි එක හරහා ලෙඩේ තියන්නේ කොතනද කියලවත් දැනග්නන පුලුවන්. ඊටපස්සේ වැඩේ ගොඩ දාගන්නයි තියන්නේ. මේ ලගකදිත් එක පොරක් රුපියල් 1000 ක් විතර දීලා පැය දෙක තුනක් කට්ට කන්න වෙන වැඩක් කිසි වියදමක් නැතුව තමන්ම ගොඩ දාගෙන තිබුනා. ඒ මේකේ කට්ටියකගේ උදව්වෙන්. මම දැක්කා පොර ඒකට කලගුණ දැක්වීමක් විදිහට ත්‍රෙඩ් එකක් පවා දාලා තියනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ගනිද්දිම බන් අර ස්ටාට් කරාම ටක් ටක් සද්දයක් එන්නෙ අර ටැපට් සද්දෙ,අපිත් මුලින්ම ගරාජ් දාල බැලුවම ටැපට් වලින් නෙවෙයි සද්දෙ එන්නෙ,පිස්ටන් එකකින් ගහන්නෙ,ඇන්ජිම බෝර් කරන්න යන ගානට තව 15ක් වගේ දැම්මම අලුත් ඇන්ජිමක් තියාගන්න පුලුවන් නිසා,අලුත් එකක් ගෙඩි පිටින් තිබ්බ,උබට කියන්න බන්,ඊට පස්සෙ වෑන් එක ස්ටාට් කරාම පෙට්‍රල් කාර් එකක් වගේ,කනට ඇහෙන්නෙ නෑ සද්දෙ මාර පිකප්,එලවන්න ආසයි, :yes::yes::yes: අපරාදෙ බන් ඒක අපි දුන්නෙ,සෑහෙන වැඩ ගත්තු වාහනයක් :sorry::sorry::sorry: ,ඔය 13 කතන්දරේ මට නම් මහ අමු පට්ටපල් බොරුවක්,හැබැයි අපෙන් ගත්තෙ බයින් ඇන්ඩ් සෙලින් පොරක්,වාහනේ පේන්ට් එක ෆේඩ් වෙලා තිබ්බෙ,කොල පාට,අපෙන් ගත්ත එකා,අරන් ගිහින් ටින් එකට හූරල සුදු ගහලා,ඌ පේන්ට් ශොප් එකෙන් අරන් ගෙදර එද්දි බස් කාරයෙක් ඇවිල්ල පිටිපස්සට හේත්තු කරලා කියල පස්සෙ ආරන්චි උනා :baffled::baffled: අපිට නම් කිසිම කරදරයක් දුන්නෙ නෑ බන් :love:

    13 මචං සමහරුන්ට හොදයිලු. හැබැයි බහුතරයකට හොදනෑලු. ඇත්තක් නෑම කියන්න බෑ බං. මමත් ගොඩක් ඔය සීන් එක දැකල තියනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Kalin wada iwara karaganna full try ekak deunna ban. eth no chance month end eka nisa. thawa paya dekaka wadak ithuruyi. eka karala gedara eddi kimbula radio eka off karala nidi weyi bohodurata. vinadi 10 k waiting innawa parts wagayak on the way. e vinadiye thamayi me log une..

    ඊයේ එක නම් රෙකෝඩ් කලා මචං. වෙලාවකට අප්ලෝඩ් කරන්නම්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    13 මචං සමහරුන්ට හොදයිලු. හැබැයි බහුතරයකට හොදනෑලු. ඇත්තක් නෑම කියන්න බෑ බං. මමත් ගොඩක් ඔය සීන් එක දැකල තියනවා.
    ඒක අපිට කලින් පන්සලක තිබ්බ එකක්,ආගමේ අයට නම් 13 වහ කදුරු වගේ,හැබැයි අපිට නම් කිසිම අතුරු ආන්තරාවක් කරේ නැති පවුලෙ සාමාජිකයෙක් වගේ තිබ්බ වාහනයක් :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    13 මචං සමහරුන්ට හොදයිලු. හැබැයි බහුතරයකට හොදනෑලු. ඇත්තක් නෑම කියන්න බෑ බං. මමත් ගොඩක් ඔය සීන් එක දැකල තියනවා.

    මම කොහෙත්ම 13 කියන අංකයට කොහෙත්ම බයක් නැහැ . එත් වාහනේ මට දීපු කට්ට සුපිරියටම දුන්න. ඊට අමතරව මගේ ළඟම ඥාතියෙක් රට ඉඳල ඇවිත් ගත්ත ලොරියක්. ඒ කාලේ මට වයස 10ක් වගේ ඇති. මගේ බාප්පාත් එක්ක මම ගියා මේ ලොරිය බලන්න ගෙනාවයින් පස්සේ. මට අද වගේ මතකයි බාප්පා ඇවිත් මගේ තාත්ත එක්ක කිව්වා මේ ලොරියෙන් මෙයාල නැති වෙනවා කියල 13 නොම්බරේ නිසා. ඒ කිව්වා වගේම අවුරුදු 3ක් යද්දී ලොරිය නිසා ගෙවල් දොරවල් විකුනන්න තැනට පත් උනා එයාල. බැරිම තැන අඩුවට වික්ක. ඊට පස්සේ තමයි අයෙත් යන්තම් ඔලුව උස්සගත්තේ ඒ මිනිස්සු. ඒ සියල්ල දැන දැනත් මමත් ගෙනාවනේ 13 වාහනයක්. :no::no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ එක නම් රෙකෝඩ් කලා මචං. වෙලාවකට අප්ලෝඩ් කරන්නම්.

    upload කරොත් link එක PM එකක් දාපන් තරහ නැතුව. මොකද මම එළකිරි එන වෙලාවට ත්‍රෙඩ් හොයන්න පොලිසියෙන් දැම්මත් බෑ මචන්.
     
    ඔව් මචං මොනව කිව්වත් ඕවගේ මොකක් හරි සීන් එකක් තියනවා. හැමදේම ඇහැට පේන්නෙ නෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    upload කරොත් link එක PM එකක් දාපන් තරහ නැතුව. මොකද මම එළකිරි එන වෙලාවට ත්‍රෙඩ් හොයන්න පොලිසියෙන් දැම්මත් බෑ මචන්.

    අනිවාර්යෙන් මචං.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මම කොහෙත්ම 13 කියන අංකයට කොහෙත්ම බයක් නැහැ . එත් වාහනේ මට දීපු කට්ට සුපිරියටම දුන්න. ඊට අමතරව මගේ ළඟම ඥාතියෙක් රට ඉඳල ඇවිත් ගත්ත ලොරියක්. ඒ කාලේ මට වයස 10ක් වගේ ඇති. මගේ බාප්පාත් එක්ක මම ගියා මේ ලොරිය බලන්න ගෙනාවයින් පස්සේ. මට අද වගේ මතකයි බාප්පා ඇවිත් මගේ තාත්ත එක්ක කිව්වා මේ ලොරියෙන් මෙයාල නැති වෙනවා කියල 13 නොම්බරේ නිසා. ඒ කිව්වා වගේම අවුරුදු 3ක් යද්දී ලොරිය නිසා ගෙවල් දොරවල් විකුනන්න තැනට පත් උනා එයාල. බැරිම තැන අඩුවට වික්ක. ඊට පස්සේ තමයි අයෙත් යන්තම් ඔලුව උස්සගත්තේ ඒ මිනිස්සු. ඒ සියල්ල දැන දැනත් මමත් ගෙනාවනේ 13 වාහනයක්. :no::no::no::no:
    මම නම් කියන්නෙ ඒ අපේ හිත මචන්,13ක් ගෙනාවම මිනිස්සු ඒ මනුස්සයගෙ ඔලුවට විසබීජ දානවා,අන්තිමේ ඒවා ගැන හිතලම මිනිහ බන්කොලොත් වෙනව,මම නම් ඕක පිලිගන්නෙ නැහැ,අපේ වාහනේ ඒ කාලෙ මහා පරිමානෙන් ටියුශන් කරපු අපේ අයිය කෙනෙක් අරන් යනවා පෝස්ටර් ගහන්න මුලු රෑම ඌ ඒක පදිනවා,ඒ අනුන් පැදලත් කිසිම අවුලක් නෑ,ඒක අපිට තිබ්බ පලවෙනි වාහනේ,අදටත් ගෙදර ඔක්කොම දුක් වෙනව ඒක දීපු එක ගැන... ගත්තෙ 3.50 ට දුන්නෙ 7 ට ඒ කාලෙ :yes:

    54-5530 Nissan Vanette (VX) High Roof :love:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    **-5413 වගේ ඉලක්කම් ටිකේ එකතුවයි අන්තිම අංකය 13 එන අංකයි ගොඩාක් ගන්නෙම නැ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ලියන්න හිටියේ වෙන කටුවක් ගැන උනත් වැනට් එක සදා අමරණීය නිසා ඒ ගැනම මේකත් කියන්න හදන්නේ.

    මේකත් 13 අංකය සහිත මගේ අතිජාත මිත්‍ර වැනට් එක ගැනයි..

    එදා මගේ ලඟම ඥාතියෙක් පිටරට යන ගමනකට මේ කියන සහෝදරයව ගුවන්තොටුපොළට ඇරලවන්න උනේ මට. එකට හේතුව මුන් මගේ වාහනේ එයාර්පෝර්ට් ගියාට ඩීසල් ගහන්න වෙන්නෙත් මටම සහ හයර් එකක් මලාට ලැබෙන්නේ නැහැ. ඒ හින්ද රියදුරෙක් යවල තවත් පාඩු කනවට වඩා ඒ වගේ පරිප්පු නැව් බාන්න එකෙන්ම රියදුරා ලෙස ඉදිරිපත් වෙන්නේ මම.

    මේ කියන දවසෙත් රට යන එකාවයි තනියට තවත් සහෝදරයෙකුයිත් දාගෙන ඔන්න එයාපෝර්ට් යන්න පිටත් උනා . ගුවන් යානය තිබ්බේ උදේ 5 ට. ඒ කියන්නේ අවම අපි එළිවෙන්න 3 ට වත් ගුවන් තොටුපොළට යා යුතුයි. කිසිම කරදරයක් නැතුව මගේ වැනට් එක ගුවන් තොටුපොලටම අපිව අරන් ආව වැඩි සද්දයක් බද්දයක් නැතුව.

    ඉස්සර කොටි කලබල තිබ්බ නිසා ගුවන් තොටුපොළට අතුල්වෙද්දීම සියලුම වාහන නවත්තල රියදුරාගේ සහ වාහනයේ සියලු විස්තර සටහන් කරගන්නවා . ඉතින් මමත් වාහන පෝලිමේ ඇවිත් හෙමින් සීරුවට වාහනේ පරික්ෂා කරන නිලධාරියා ළඟ නැවැත්තුව විතරයි යමක් පුපුරන සද්දයක් එක්ක වාහනේ යටින් වතුර පාරක් ගලාගෙන යන්න ගතපි. අත්දැකීමෙන්ම ඉතින් වෙලා තියෙන්නේ රේඩියේටර් හෝස් එකක් ගියා වගේ කියල මම දැනගත්ත. එතන වාහනේ නවත්තන්න විදිහක් නැති නිසාම හීට් ගේජ් එක මුදුනටම කෙලින් වෙද්දී හැකි ඉක්මනින් වාහනේ ගෙනිහින් ඇතුලේ පාර්ක් එකටම ගාල් කරේ දැන් ඉතින් පරිප්පු නැව බාන්න විදිහක් කල්පනා කරමින්ම තමයි.

    රට යන එකා ඉතින් අපි එක්ක වාහනේ හදන්න ඉන්න බැරි නිසා අපිට සමුදීල ඌ යන්න ගියා. දැන් ගේම තියෙන්නේ මේ එළිවෙන ජාමේ මේක හදාගෙන ගෙදර අරන් යන්නේ කොහොමද කියන එක. සාමාන්යෙන් මගේ හැම වාහනේකම අත්‍යවශ්‍ය tools ටිකක් , යකඩ කපන කියත් තලයක් වගේ එව්වා මෙව්වා ටිකක් සහ මා විසින්ම නිර්මාණය කරපු බැටරියට ඇමිණිය හැකි hand light එකක් තැබීම මගේ සාමාන්‍ය පුරුද්දක්. මොකද අතරමග කරදරෙකදී මොකක්හරි තාවකාලික ගැටයක් ගහගෙන වාහනේ ගමට අරන් එන්න ඒවා හරිම ප්‍රයෝජනවත්. විශේෂයෙන් මගේ වාහන අද ගාල්ලේ තිබ්බොත් හෙට තියෙන්නේ අනුරාධපුරේ , පොළොන්නරුවේ වගේ . සාමාන්යෙන් හැම වාහනෙම මාසෙට කිලෝමීටර 3000 ට එහා දුවනවාමයි.. තමන් නොදන්නා ගරාජ් එකක වාහනේ වැලුත්වැඩියාවක් කරනවා කියන්නේ එක පැත්තකින් ඉහල ගාස්තුවකට යටත් වීමට සිද්දවෙන වගේම වගකීමක් නැති කටයුත්තක් නිසා අතරමග කඩෙන වාහන තමුන් දාන්න කියන විශ්වාසදායී ගරාජ් එකට රැගෙන යාම හැම අතින්ම වාසි සහගතයි.

    උදේ 8 වෙද්දී වාහනය වෙනද දුවන chocolate delivery hire එකකට දිය යුතුම නිසා රේඩියේටර් හෝස් එක හදාගෙන හැකි ඉක්මනින් නැවත ගමට යා යුතුයි.. නැත්තම් dual ac තියන වෙන වාහනයක් එම කාර්ය සඳහා යවන්න ඕන. එත් ඒ දවසේ හැටියට එතනට යවන්න free වාහනයක් මා ගාව තිබ්බේ නැහැ. ඒ හින්ද යැවිය යුත්තේ vanette එකමයි. ප්‍රශ්නය බරපතල නිසා මම කාලය නාස්ති නොකර වැඩේට අත ගැහුවා.

    බොනට් එක ඇරලා බැලුවට හියපු හෝස් එක ඇහැට පෙන්නේ නැහැ. යටින් ගිහින් බැලුව එත් පෙන්නේ නැහැ. එත් වතුර දැම්මම දිය ඇල්ල වගේ ඔක්කොම යටින් වැක්කෙරෙනවා. වැනට් එකේ ඉස්සරහ සීට් දෙක ගලවන්න තියෙන්නේ මිලිමීටර් 13 ඇන 8ක්. වහාම ක්‍රියාත්මක වෙන විදිහට සීට් දෙක ගලෝල එළියෙන් තියල බොනට් එකත් ගලවල දැම්ම එක විනාඩියෙන්..

    hand light එකක් ලං කරලා බැලුවාම අඟල් 3 ක් වගේ හෝර්ස් එකක් දෙකට මැද්දෙන් පැලිලා. හරියටම මේ පින්තුරේ මම ඊ තලෙන් පෙන්නලා තියෙන්නේ ඒ හෝර්ස් කෑල්ල.

    LD%2020_zpsomvesxxl.jpg
    [/URL][/IMG]

    දැන් වටේම ඉන්න රියදුරු මහත්තුරු වටවෙලා උපදෙස් ගොඩයි. උදේ 9 වෙනකම් ඉඳල පාර්ට්ස් කඩයක් ඇරියාම හෝර්ස් එක අරගෙන දාගෙන යන්නලු.. බාස් කෙනෙක් හොයාගෙන ඇවිත් මාරු කරගන්නලු.. ගෑස්කට් ගිහිල්ලලු...නානාප්‍රකාර අවවාද ගොඩයි.. ඒ මදිවට ගමේ දන්නා කියන හයර් ගිය වාහන දෙක තුනක රියදුරු මහත්තුරුත් ඉන්නවා වටේ . උන්ට නම් හෙන සන්තෝසයි වැඩේට. මොකද මම කිලෝමීටර් ගානට හයර් දුවන එකට ගෙඩියට හයර් දුවන එවුන් ටිකක් මලෙන් උන්නේ මා එක්ක.

    වාහනේ හදන්නනම් හෝර්ස් කෑල්ලක් අලුතෙන් දාන්න වෙනවා. එත් උදේ 8 ට වාහනේ යවන්නත් ඕන. මා එක්ක ආපු සහෝදරයා ඔලුවේ අත ගහගෙන බලන් ඉන්නවා කියන්න දෙයක් නැතුව. මමත් විනාඩි 5ක් ටිකක් එන්ජිම දිහා බලාගෙන කල්පනා කරා මොකද කරන්නේ කියල. ආව මසුරන් අදහසක්..

    වාහනේ එහෙම තියෙද්දී පාර්ක් එකේ ටිකක් එහෙට මෙහෙට ඇවිදලා හොයාගත්ත ලනු කෑල්ලක්. ලනු කෑල්ලෙන් මැනලා බැලුව රේඩියෙටරේ උඩ හෝර්ස් එක සහ යට හෝර්ස් එකේ දිග සහ ඒ ඒ හෝර්ස් අවශ්‍ය තැන් වලට හයි වෙන්න අවශ්‍ය අවම දිග. එහෙම බැලුවාම උඩ හෝස් එකෙන් අඟල් 3ක් කැපුවට ඒ තරම් අවුලක් නැහැ. අයෙත් හරියටම මැන්න . ඊට පස්සේ ගැලෙව්වා උඩ හෝස් එක. ගලවලත් අඟල් 3 කපුනයින් පස්සේ හයිවෙනකොට දිග ඇතිද කියල නැවතත් මැන්න . සියල්ල අකුරට නිවැරදියි. එත් වැඩේ වැරදුනොත් හෝර්ස් දෙකක් ගේන්න වෙනවා උදේ කඩයක් ඇරියාම. ඒ හින්ද ඉතාමත් හොඳින් කල්පනා කරලා නිවැරදිව ගත යුතු තීරණයක්..ඒ හින්ද අයෙත් ටිකක් කල්පනා කරලා ආයෙත් හෝර්ස් එක නිකම් තියල බැලුව අඟල 3 කපුනාම දිග ඇතිද කියල.. වැඩේ සාර්ථකයි. වටේ ටිකට් නැතුව ෂෝ එක බලන එවුන් දැන් හිතන්නේ මට පිස්සු කියල. ගිහින් තියන හෝර්ස් එක එහෙමම තියෙද්දී ලනුවක් අරන් එන්ජිම වටේ මනින එකෙක් දිහා ඉතින් මිනිස්සු පිස්සෙක් දිහා බලන විදිහට බැලුවාම ඒක ඒ තරම් අසාධාරණ නැහැ.

    කැපුවා අඟල් 3 විතර කොටසක් මහා හෝර්ස් එකෙන්. කපල ඉවර වෙලා ඉස්සෙල්ලම උඩ හෝර්ස් එක ක්ලිප් දෙක දාල හයි කරා.. වැඩේ සාර්ථකයි. කැපුන අඟල් 3 කෑල්ල හයි කරා පුපුරපු හෝර්ස් එක වෙනුවට. පාර්ක් එකෙක් තියන රෙස්ට් රූම් එකේ ටැප් එකෙන් වතුර ගෙනල්ල පිරෙව්වා.. වැඩේ අති සාර්ථකයි.. හනික හයි කරා බොනට් එක.. සීට් දෙක හයි කරා.. කාර් වොෂ් liquid එකත් අරන් ගිහින් රෙස්ට් රූම් එකෙන්ම අත් දෙක සොදගත්ත.. වටේ හිනා වෙවී බලන් උන්නු රියදුරු පිරිසට මෙහෙම කිව්වා.

    F_ck_You.jpg

    ඇහෙන්න කිව්වේ නෑ . හිතෙන් එහෙම කිව්වා...

    වාහනේ සියල්ල හොඳින් තිබ්බට රේඩියේටර් මුඩිය භාගෙට තද කරේ.. ඒකට හේතුව ටෙක්නිකලි කියනවනම් බොහෝදුරට වාහනේක රේඩියේටර් හෝර්ස් එකක් පුපුරලා යන්නේ වතුර ලයින් එක ඇතුලේ හෝර්ස් වලට දරාගත නොහැකි අනවශ්‍ය pressure එකක් ඇතිවෙනකොට. ඒ අනවශ්‍ය pressure එක නිදහස් වෙනවා රේඩියෙටරේ මුඩිය භාගෙට වැහුවාම . හැබැයි හරියටම තහවුරු කරලා දැනගන්නකම් හෝ සුපුරුදු ගරාජයට ගෙනියනකම් වාහනේ හීට් ගේජ් එක ගැන වඩා සැලකිලිමත් වෙනවා වගේම සැරින් සැරේට අඩුවෙන වතුර රේඩියෙටරේට පුරවන්න ඕන. නැත්තම් එන්ජිමට හානි වෙන්න පුළුවන්. සියල්ල යහපත් ආකාරයෙන් තිබ්බ නිසා ගෙදර ඇවිත් පුපුරපු හෝර්ස් එක හොඳින් ඇතුලෙන් පරික්ෂා කරලා බලල තීරණය කරා ඒක පුපුරලා තියෙන්නේ පරණ වීම නිසා කියල. වතුර බෝතලයක් රේඩියේටර් කටට තියල ගෑස්කට් එක ලීක් ද කියලත් හොඳින් බලල රේඩියෙටරේ මුඩිය තද කරලා වාහනේ delivery එකට යැව්වා. පස්සේ සර්විස් කරපු වෙලාවක පොඩි හෝර්ස් කෑල්ල ඔරිජිනල් එක අරන් දැම්ම.

    අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ලියන්න හිටියේ වෙන කටුවක් ගැන උනත් වැනට් එක සදා අමරණීය නිසා ඒ ගැනම මේකත් කියන්න හදන්නේ.

    අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..

    පට්ටයි මචෝ.. දිගටම දාමූ..:D අනේ මංදා බන් නිකම් කතාවකට වඩා සිරාවටම ආසාවෙන් කියවන්නේ..:baffled:;);)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..

    හප්පේ අපි ලෑස්ති ඔක්කොම අහන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ටයි මචෝ.. දිගටම දාමූ..:D අනේ මංදා බන් නිකම් කතාවකට වඩා සිරාවටම ආසාවෙන් කියවන්නේ..:baffled:;);)

    ස්තුතියි මගේ ඕපාදුප කියවල ගුණාගුණ කියනවට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෑව කට්ට කොච්චර චාටර් උනත් මාර ලස්සනට ඒව ලියල තියෙනවා..:)
    ඉඩකඩ ලැබෙන විදිහට කතන්දර ටික ඔක්කොම දාන්න සහො...:cool:
     
    Status
    Not open for further replies.