ආචාර්ය මහාචාර්ය වරු ගැනනම් ඉතින් ලියනවනම් එළකිරියේ පිටු ඉවරවෙන්න ලියන්න දේවල් තියනවා බන් මා ගාව. එකම එක කතාවක් කෙටියෙන් කියන්නම් මෙහෙම..
ඔන්න ලංකාවේ එක්තරා සුප්‍රසිද්දම විශ්වවිද්‍යාලයක ලොකුම ලොකු ලොක්කෙකුගේ කාමරයක් පොලිෂ් කරන්න ඕන කියල ගෝලයෙක් එවන්න කියල කෝල් එකක් ආවලු එකෙකුට.. ඉතින් ගෝලය යව්වලු කාමරේ පොලිෂ් කරලා දීපිය කියල .. ටිඅකින් ගෝලය එනවලු බඩ අල්ලාගෙන හිනා වේවි.. සිද්දිය මෙකලු..
පොලිෂර් එක ඔන් කරාම කාමරේ බ්‍රේකර් එක ඕෆ් වෙනවලු.. පරණ කාලේ මෙකනිකල් බ්රේකර්ලු තිබ්බේ ඒ කාලේ.. වැඩේ කරන්නම බැහැලු පොලිෂර් එක ඔන් කරපු ගමන් අර මගුල ඕෆ් වෙනවලු ඩදාන් ගාල..
බැරිම තම මහාචාර්ය තුමා ගෝලයට කිව්වලු මම කොස්සෙන් බ්‍රේකර් එක අල්ලන් ඉන්නම් තමුසේ පොලිෂ් කරනවා කියල.. ගෝලයා උනත් දන්නවලු ඊළඟට වෙන්නේ මොකක්ද කියල.. එත් ඉතින් ලොක්ක කිව්වම කරන්න එපයි.. ගෝලයා පොලිෂ් කරන්න පටාන් ගත්තලු.. විනාඩියකින් වගේ පොලිෂර් එක ඇතුලෙන් දුමක් ඇවිත් පොලිෂරය සදහටම නැවතුනාලු ...
ඔන්න ඕකයි සිද්දිය.. දැන් අහන්න එපා කැම්පස් එක මොකද්ද, ලොක්කගේ නම මොකක්ද කියල.. ඒ දෙකම රටේ හුඟක් ප්‍රසිද්ද එව්වා නිසා කියන්න බැහැලු ..