EK 1980s Club (1980-1989)

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    නියමයිනේ.. මම ඉස්සර රේසර් රෝද වලින් කරත්ත හදලා පොඩි පල්ලමක ඒක තියලා ඒක උඩ නැගලා ඉන්නවා. ඒකෙන් හොදට පහලට යන්න පුලුවන් වෙන අවස්ථාවලට වැඩිය වැටෙන අවස්ථා වැඩී. මම හිතන්නේ ගොඩක් අය මේ වැඩෙත් කරලා ඇති.
    මතක් වෙනකොටත් සතුටුයි බං
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...

    බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..

    කැටපෝල අරන් සෙල්ලම් ක්රා.

    අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)

    ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...

    ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..

    මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...

    අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...

    උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
    අකුරට යන්නට කම්මැලි හිතිලා..
    මුනි සිරිපා සිඹිමින්නේ...
    බානින් බැඳ...
    මේ සිංහල අපගෙ රටයි..
    සසර වසන තුරු...
    සමනල මුදුනේ....

    සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...

    ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...

    windows 3.1 ආවහම මැජික් වගේ වුනා...

    windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්... :P පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...

    ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි.... :P

    මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...





    තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...
    හී හී...තව එකතු කරන්නම් එකක් දෙකක්...
    ඉස්සර වෙසක් කාලෙට රෑට ගෙවල් වල එල්ලලා තියන බකට් හොරෙන් අරන් ගිහින් ගමට එන පාර දිගේ එල්ලනව බං...වීදි ලාම්පු....:Pපට්ට බං.

    ආය හොරා පොලිස් කරද්දි කොහේ හරි කැලේක හැංගිලා ඉඳලා සෙල්ලම ඉවර වෙලා අනිත් එවුන් ගිහිල්ලත් පැය දෙක තුනක් ඉඳලා තනියම ගෙදර ගිහින් තියනවා බං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හී හී...තව එකතු කරන්නම් එකක් දෙකක්...
    ඉස්සර වෙසක් කාලෙට රෑට ගෙවල් වල එල්ලලා තියන බකට් හොරෙන් අරන් ගිහින් ගමට එන පාර දිගේ එල්ලනව බං...වීදි ලාම්පු....:Pපට්ට බං.

    ආය හොරා පොලිස් කරද්දි කොහේ හරි කැලේක හැංගිලා ඉඳලා සෙල්ලම ඉවර වෙලා අනිත් එවුන් ගිහිල්ලත් පැය දෙක තුනක් ඉඳලා තනියම ගෙදර ගිහින් තියනවා බං

    අඩේ හොරා පොලිස් කරලා උඹටත් ඒ සීන් එක වෙලා තියනවද. මටත් අනන්තවත් වෙලා තියනවා. ඉස්කෝලෙදී වෙලාවකට ඉන්ටවල් එක ඉවර වෙලා ඊලග පීරියඩ් එකේ ටික වෙලාවක් යනකනලුත් හැන්ගිලා.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඉස්සර අපේ එටේ ගුවන්සේවය 'එයාලංකා' නේ පස්සෙ එකේ නම ශ්‍රී ලංකන් එයා කියල වෙනස් කරා මතකයි නේද. මේ තියෙන්නෙ ඒ වෙනසේ ෆොටෝ දෙකක්. මොකක්ද හොද. මට නම් පරණ විදිය හොදයිවගේ.
    Air-Lanka-L1011-Zurich_5_16_84_w.jpg


    news%5C2009%5C3%5Cimages%5CnewsSrilankan_airlines.jpg
    මටත් පරණ එක ලස්සනයි බං
    ඒකෙ මොණරගෙ හොඳ ගාම්භීර ගතියක් තියනවා
    මේ අලුත් එකේ මොනර ගුටිකාල අමාරුවෙන් ඉගිලෙන්න හදන එකෙක් වගේ
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අඩේ හොරා පොලිස් කරලා උඹටත් ඒ සීන් එක වෙලා තියනවද. මටත් අනන්තවත් වෙලා තියනවා. ඉස්කෝලෙදී වෙලාවකට ඉන්ටවල් එක ඉවර වෙලා ඊලග පීරියඩ් එකේ ටික වෙලාවක් යනකනලුත් හැන්ගිලා.
    ඔව් බං...එක්කො අපි හැංගිලා ඉඳලා එලියට එනනොට උන් ආය වෙන සෙල්ලමක් පටන් අරන්.සමහර වෙලාවට පොලීසිය වෙලා හිටපු එවුන් අපි දැක්කම දුවනවා....බැලින්නං උන් අල්ලන සෙල්ලම පටන් අරන්
    :D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් පරණ එක ලස්සනයි බං
    ඒකෙ මොණරගෙ හොඳ ගාම්භීර ගතියක් තියනවා
    මේ අලුත් එකේ මොනර ගුටිකාල අමාරුවෙන් ඉගිලෙන්න හදන එකෙක් වගේ

    ඔව් බං ඌ තෙමිච්ච කුකුළ වගේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං...එක්කො අපි හැංගිලා ඉඳලා එලියට එනනොට උන් ආය වෙන සෙල්ලමක් පටන් අරන්.සමහර වෙලාවට පොලීසිය වෙලා හිටපු එවුන් අපි දැක්කම දුවනවා....බැලින්නං උන් අල්ලන සෙල්ලම පටන් අරන්
    :D:D:D

    :lol: අඩේ එල බං ඒකාලේ :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17962789 said:
    අඩෙහ් දැං සුවඳ පෑන් නෑ නේ බං? :D

    දැන් නැතුව ඇති බං. දැන් ඉතිං එස්එම්එස්, ෆේස් බුක්නේ. ඔය ආතල් ලියුම් දැන් නෑ.