හදුන්වාදීම
මම මේ Tutorial එක කලින් මේකෙම දැම්ම නමුත් වැඩි දෙනාගේ ඉල්ලීම පිට ආයි වෙනමම Thread එකක දාන්න තීරණය කරා.
මේක magic එකක් නෙවෙයි, Wifi router එක නැති වුනාට , තමන්ගේ ළග Wifi adapter (PC use කරන අයට) එකක් හෝ අඩුම ගානේ Wifi laptop එකක් හරි තියෙන්න ඕනේ, ඒවා සාමාන්‍යයෙන් ඒ තරම් ප්‍රශ්ණයක් නෑ. Wifi adapter එකක් වැඩිම වුනොත් 800 ක් වෙයි නමුත් Router එකක් ගන්න ගියොත් 5000 වත් යනවා, Laptop තියෙන අයට මේ ප්‍රශ්ණය නෑ මොකද laptop එකේ wifi තියෙන නිසා. මේ ක්‍රමයට තාක්ෂණිකවම කියන නම තමයි Reverse tethering. ඒ කිව්වේ PC/Laptop එකේ Internet එක Phone එකට Share කරගන්නවා, මේකේ අනෙක් පැත්ත තමයි tethering , ඒකේදි කරන්නේ Phone එකේ Internet PC/Laptop එකට share කරගන්න එකයි.මම Wifi/USB tethering දෙකම Cover කරන්න ඉන්නේ, මුලින්ම Wifi ඊට පස්සේ ඊළග ලිපියේදි USB Reverse tethering ගැන කියන්නම්, ඒක හොදයි මේක වැඩ නැති අයට.
ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි Wifi router යක් නැති කම නිසා Phone එකෙන් Internet එකට යන්න බැරි වීම, මේක නිසා ගොඩක් අය කරන්නේ 3G හරහා Internet යන එකයි නමුත් ඒක ගොඩක් සල්ලි යන වැඩක්, ඊට වඩා ලේසියි/ගාණත් අඩුයි තමන්ගේ ප්‍රධාන Internet connection එකෙන් Internet යන්න පුලුවන් නම් නමුත් ප්‍රධාන Internet connection එක එකපාරටම Phone එකට connect කරගන්න බෑ ඒකට එක්කෝ Wifi ඕන නැත්නම් USB එකක් ඕනේ USB Cable එකෙන් Internet යන්න නම් Phone එක Root කරලා තියෙන්න ඕනේ අනික ඒක කරදර වැඩක් ඊට වඩා ලේසියි Wifi එකෙන් යන්න පුලුවන් නම්. Network වර්ග දෙකක් තියෙනවා Wifi වලදි, එකක් ad hoc අනික infrastructure. Android phones ගොඩක් වෙලාවට infrastructure විතරයි support. මේ ක්‍රමය Android වලට විතරයි නෙවෙයි ඕනම Phone එකකට support, Windows/Blackberry/iPhone වගේ. නමුත් මේ ක්‍රමය සදහා ටික ඕන වෙනවා.
-Wifi adapter (wifi adapter එකක් රුපියල් 800 ක් වගේ වෙයි) එකක් හෝ Wifi තියෙන Laptop එකක් (Infrastructure Mode support වෙන්න ඕනේ)
-අවම Windows Vista ඕන ,Windows 7/8/8.1 තියෙනවා නම් ගොඩක් හොදයි.
-Admin mode එකෙන් Computer එකට log වෙලා ඉන්න ඕනේ, මේ ක්‍රමය cafe වලදි කරන්න බැරිවෙයි.
ක්‍රමය
1.
Windows වල Service එකට ගිහින්
Start -> Services
WLAN Auto Config Start කරන්න ,ඊට පස්සේ ඒක උඩ Right click කරලා -> Properties -> Startup type එකට Automatic දෙන්න.
2.
wifi card එකක් තිබ්බට මදි ඒක infrastructure mode එකට support කරන්න ඕනේ. එහෙම support ද කියලා බලන්න, මේක ගහන්න notepad එකේ
ඊට පස්සේ ඒක save කරන්න showDrivers.bat කියලා ,ඊට පස්සේ ඒක Double click කරලා run කරන්න.netsh wlan show driver
pause
දැන් බලන්න පහත කොටු කරලා තියෙන ඒවා පෙන්වනවා ද කියලා, ඒවා නැත්නම් මේ වැඩේ කරන්න බෑ.
අවම තරමේ තමන්ගේ Wifi එක 802.11b වත් වෙන්න ඕන නමුත් තමන් ළග 802.11n තියෙනවා නම් ගොඩක් හොදයි. ඒ වගේම මේක infrastructure mode එකට support කරන්න ඕනේ. infrastructure mode එකක් තියෙන wifi adapter එකකට තමයි පුලුවන් Wifi hotspot දෙන්න (Wifi hotspot එකක් කිව්වේ ඒක මධ්‍යගත ඒකකයක් විදියට ක්‍රියා කරනවා ,වටේ ඉන්න users ලා ඒකට connect වෙනවා) , ad hoc වලින් දෙන්නත් පුලුවන් (ad hoc කිව්වේ peer to peer, torrent වල වගේ) නමුත් ඒ වල Signal වල quality එක මදි ,ගොඩක් Phones support කරන්නේ නෑ ad hoc වලින් Internet යන්න.
Support නම්..........
3
Notepad එකේ මෙහෙම ගහන්න ,ගහලා WlanCreate.bat කියලා save කරන්න.
netsh wlan set hostednetwork mode=allow ssid=WifiName key=WifiPassword
netsh wlan start hostednetwork
netsh wlan show hostednetwork
pause
HSPA/4G තියෙන අය,මේක ගහන්න ,ගහල ඉතුරු ටික follow කරන්න (share කරන කොට තමන්ගේ Dialup interface එක share කරන්න) නමුත් වැඩ කරයිද කියලා මට ෂුවර් නෑ.
netsh wlan set hostednetwork mode=allow ssid=WifiName key=WifiPassword keyUsage=persistent
netsh wlan start hostednetwork
netsh wlan show hostednetwork
pause
මෙතන SSID තමයි ඔය ගොල්ලන්ගේ Network Name එක, KEY එක තමයි ඒකේ Password. ගොඩක් අළුත් Wifi adapter වල තියෙන්නේ WPA2 standard එක, ඒකේ තියෙනවා AES කියලා encryption type එකක්, එතකොට තමන්ට හොද ආරක්ෂාවක් ඕන නම් මතක ඇතුව WPA2-AES දෙන්න(මේක සාමාන්‍යයෙන් Phone එකේ පෙන්වන්නේ WPA2-PSK [AES] හෝ WPA2-PSK විදියටයි) .AES එකේ ප්‍රධාන දුර්වල තාව තමයි Bruce force/Dictionary attacks. Bruce force කිව්වේ යම් කිසි සමීකරණයක් මගින් 0 සිට 9 දක්වා a සිට z දක්වා A සිට Z දක්වා !#$%.. කියන symbols පිළීවෙලින් එක එක ක්‍රම වලට password එක match වෙන්න දෙනවා එතකොට තමන් දුන්නේ ගොඩක් දුර්වල password එකක් නම් තමන්ගේ Network එක hack කරන්න ලේසියි ,නමුත් දුන්නේ ගොඩක් ශක්තිමත් Password එකක් නම් එතකොට hack කරන්න ලේසි නෑ. Dictionary attack එකක් කිව්වේ, hackers සැක කරනවා ඔයා දුන්නේ මෙන්න මේ වගේ password සෙට් එකක් කියලා, ඊට පස්සේ ඒවා ටික database එකක ලියලා තියාගන්නවා, ඊට පස්සේ ඒවා එකින් එක දෙනවා. ඒක නිසා කවදාවත් common password දෙන්න එපා (password, srilanka,india, 12345 වගේ, ඒවා මේ ක්‍රමයෙන් ලේසියෙන්ම hack කරන්න පුලුවන්)
ඔයගොල්ලන්ට හොද ශක්තිමත් password එකක් හදාගන්න ඕන නම්. මේකට යන්න.
https://howsecureismypassword.net/
password එකක් ගහන්න, ගහලා බලන්න ඒක crack කරන්න කොච්චර කල් යනවද කියලා ,ඒක crack කරන්න අවුරුදු ට්‍රිලියනයක් යනවා නම් ඒ කියන්නේ password එක හොදයි. මතක තියාගන්න මේකෙන් පෙන්වන්නේ සාමාන්‍යය desktop PC එකකින් crack කරන්න යන කාලයයි, එතකොට Core i7 එකක් තියෙන කෙනෙක්ට මීට වඩා වේගයෙන් crack කරන්න පුලුවන් ඒක නිසා අවුරුදු ට්‍රිලියනයක් වගේ crack කරන්න කාලයක් යන password එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් ආරක්ෂා සහිතයි.
4
ඊට පස්සේ තව file එකක් හදන්න, WLanStart.bat කියලා ඊට පස්සේ ඒක save කරන්න, කරලා මෙහෙම ගහන්න.
netsh wlan start hostednetwork
pause
5
ඊට පස්සේ Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. NetWorksShow.bat file එකක් හදලා පහළ තියෙන ඒවා ගහන්න.
netsh wlan show hostednetwork
pause
ඊට පස්සේ මේවා Run කරන්න
(මේ files run කරනකොට Admin Mode එකෙන් run කරන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.
right click -> Run as admin)
6
Control Panel\Network and Internet\Network Connections ගිහින් දකුණූ අත පැත්තේ තියෙන Change Adapter Settings ඔබන්න.
එකට ගිහින් "Local Area Connection" කියලා තියෙන connection (මේකට කියන්නේ Network interface එකක් කියලයි)එක හොයාගන්න (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.
මේක share කරන කොට මතක ඇතුව share කරන්න "Microsoft Virtual Mini Wifi adapter" එකත් සමග ,අනෙක් Wifi adapter එක නෙවෙයි.
මේ "Microsoft Virtual Mini Wifi adapter" එක හැදිලා නැත්නම් හෝ හොයාගන්න බැරි නම් ,ඒකේ අදහස තමයි හරියට වැඩේ කරලා නෑ කියන එක, ඒක නිසා මුළ ඉදලා හරියට Tutorial එක follow කරන්න එතකොට පැහැදිලි වෙයි.
දැන් Internet වැඩ කරයි.
7
ඊට පස්සේ Phone එකෙන් Wifi Hotspot එක search කරලා, මේ හදපු network එකට කලින් දීපු password එක දෙන්න (මම දුන්නේ WifiPassword කියලා, ඔය ගොල්ලන්ට ඕන නම් Password එක, SSID එක වෙනස් කරනන්ත් පුලුවන් ,ඒක කරන්න ඕන නම් WlanCreate.bat හදපු තැන (step 3) SSID එකට දෙන්න තමන්ට කැමති එකක් , Password එකටත් දෙන්න කැමති එකක්, SSID කිව්වේ තමන්ගේ Wifi Hotspot එකේ නමයි, ඒක කැමති නමක් වෙන්න පුලුවන්) ඊට පස්සේ connect වෙන්න
අමතර ලෙස
Computer එක Restart කරොත් මතක ඇතුව ආයි මේ File එක Right Click -> run as admin විදියට run කරන්න.
WLanStart.bat
(මේ File එක Desktop එකේ තියාගන්න ඒක වැදගත් වෙයි ඊළග පාර Computer එක On කරාම)
ඒ වගේම
Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. NetWorksShow.bat file එක Desktop එකේ තියාගන්න(මේක උඩ හැදුවා step 5 එකේදි) ඒක වැදගත් වෙයි තමන්ගේ Network එකට connect වෙලා ඉන්න අයව බලාගන්න. මේකේ පෙන්වන්නේ (double click කරාම) තමන් හදපු Wifi network එකට connect වෙච්ච අයගේ MAC address එක, MAC Address එක තමන්ගේ Phone එකටම unique ,ඒක හරියට තමන්ගේ ID card number එක වගේ , එතකොට ඒකෙන් බලාගන්න පුලුවන් තමන්ද නැත්නම් වෙන කවුරු හරිද තමන්ගේ Network එකට connect වෙලා ඉන්නේ කියලා ,ඒක Phone එකේ බලාගන්න ඕන නම්. Android අය Settings -> About Phone -> Status -> Wifi Mac Address, Windows අය Settings -> About, iPhone අය About -> Wifi address යන්න)
ikman එකේ තියෙනවා Wifi adapter රුපියල් 800
http://ikman.lk/en/150mbps-usb-wifi-adapter-for-sale-colombo
-Netlimiter 4 දාගන්න 3 තියෙන්නේ නම්, මොකද 3 ත් එක්ක මේ ක්‍රමය වැඩ නෑ. වැඩ කරත් ප්‍රශ්ණ එන්න පුලුවන්
-මේ ක්‍රමය PPPOE Dialup connection වලට වැඩ කරන එකක් නෑ, එහෙම හදාගත්තත් ඒකෙන් Internet යනකොට (Phone එකෙන්) Computer එකෙන් Internet යන්න බැරිවෙයි.
-තමන්ගේ ළග තියෙන්නේ desktop computer එකක් නම් එහෙනම් ikman එකෙන් වගේ wifi adapter එකක් ගන්න, වැඩිම වුනොත් රුපියල් 1000 වෙයි ,සාමාන්‍යය එකක් 500 කට වගේ ගන්න පුලුවන්, ඒ තරම් ප්‍රබල වෙන්න ඕන නෑ නමුත් මතක ඇතුව Wifi adapter එක Infrastructure mode එකට සහය දෙන්න ඕනේ, ඒකේ speed එක අවම 100mbps වත් වෙන්න ඕනේ ,ඒක 802.11n වෙන්න ඕනේ, 802.11n වෙන්නම ඕන නෑ නමුත් b/g වලින් Wifi යන්න ගියොත් connection එකේ quality එක හරි නැති නිසා එච්චර speed එකක් ලැබෙන එකක් නෑ අනික එතකොට drop වෙන්නත් පුලුවන්
Wifi connection එක Off කරන්න ඕනේ නම් ,File එකක් හදන්න StopWifi.bat කියලා (Notepad එකේ) ඊට පස්සේ Notepad එකේ මේවා ගහන, ගහල Right Click -> Run as admin විදියට run කරන්න.
ආයි Wifi connection එක On කරන්න ඕනේ නම් WLanStart.bat එක Run කරන්න (Right click -> run as admin)netsh wlan stop hostednetwork
pause
ලිපිය මගේ, උස්සන කොට නම දාන්න මතක ඇතුව.





