වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..

    මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..

    ......................
    ......................
    ......................
    ......................

    මේකෙනුත් උඹලට මම කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කොතන හරි හොඳට හිතල බැලුවාම.. අනික් කාරණේ තමුන්ගේ වැඩේ කෙරෙන වෙලාවට මොන බැරි අමාරුකම් තිබ්බත් එතන ඉන්න වග බලාගනිල්ලා.. නැත්තම් වෙන එකෙක් කරන අත් වැරැද්දට උනත් වන්දි ගෙවන්න වෙන්නේ අපේ මුදලින්, කාලයෙන් ..

    වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...

    අඩේ එහෙනම් මේ සතියේ වැඩ තියද්දිත් උඹ මහන්සි නොබල කතාව දැම්ම එහෙනම් :love: එල මචං වෙනද වාගේම අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඒ වගේම සමාජය ගැනත්. Thanks මචං. :):)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..

    මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..

    ඔන්න වැනට් එක ඒ කාලේ දිව්වේ ලෝකෙ පුරාම සුප්‍රසිද්ද චොකලට් ජාතියක් බෙදන්න ඒජන්සිය කරන කෙනාගේ ඩිලිවරි වාහනයක් විදිහට.. මේ හයර් එක දුවන්න ෆ්‍රිජ් එක වගේ AC තියෙන්න ඕන. AC හරියට නැත්තම් චොකලට් දියවෙන හින්ද හයර් එක නැතිවෙනව. වැනට් මරාලේ දුර යවන හයර් යවන එකට වඩා ඩිලිවරි වැඩකට ගම අවට දුවවන එක සාක්කුවේ කාලගුණයට ඉතාමත් යහපත්. දුර ගමන් යවල කීප වතාවක මගේ සාක්කුව සෝදාපාලු උන නිසා චොකලට් හයර් එක දුවන එක ඒ කාලේ ඉල්ලමක් ලැබුන වගේ.. එත් චොකලට් හයර් එක ඉවර වෙලා වැනට් එක රෑට නිකම් තිබ්බේ නැහැ.. රෑට ගාර්මන්ට් දුවනවා සේවකයින් ගෙවල් වලට බස්සන්න . මේ ඔක්කොම කරලත් මාසේ අන්තිමට ගනුදෙනු හදල බැලුවාම අදායම = වියදම හැමදාම.:no::no::no: එත් ගේම අතාරින්න බැරි නිසා කොහොම හරි දුවවන්නමයි උත්සාහය..

    ඔන්න සිකුරාදා දවසක වැඩ ඇරිලා සාගරිකා දුම්රියේ නැගල වැඩි වෙලාවක් දොයිය බබා වෙන්න උනේ නැහැ.. වැනට් එකේ රියදුරු තැන මගේ දුරකතනයට ඇමතුමක් දීපි..:shocked::shocked::shocked: කාගෙන් ඇමතුම් ආවත් එව්වා සාමාන්‍ය ඇමතුම් උනාට වැනට් එකේ රියදුරා දෙන ඇමතුම හැමදාමත් ඇඟේ මයිල් කෙලින් වෙලා කන් දෙක රත්වෙලා සහලෝල උන ගන්න කෝල් එකක්. ඒ හින්ද වැනට් රියදුරාගේ කෝල් එක වෙනදා වගේම ඉතින් සාක්කුවේ කාලගුණ තත්වයට අයහපත්.. වැනට් එකේ AC මදි වෙලා චොකලට් දියවෙනවලු.. හෙට සෙනසුරාද වරුව නිසා වෙන වාහනයක් යවන්න දාල AC හදන්න වෙනවලු.. වැඩේ කොයි තරම් දරුණු උනත් ඉතින් කෝච්චියෙන් පැනල මැරෙන්න බැරි නිසා කෝච්චිය ගමට එනකම් වාහනේ AC කාරයෙක් ගාවට අරන් යන්න කියල රියදුරාට දැනුම් දීල අයෙත් නින්දට වැටෙන්න හැදුවත් ම්හ්:no::no::no: .. මොන නින්දක්ද වැනට් සොඳුරිය මතක් වෙද්දී..

    වෙනද වෙලාවටම කෝච්චිය ගමට යද්දී වැනට් එක වෙනද වගේම ඉස්ටෙසමට ඇවිත් මාව ගන්න. ඒ හැමදාම වෙන විදිහ.. උදේට වැනට් එකෙන්ම රාත්‍රී රියදුරා ගෙදරට බස්සගෙන උදෑසන රියදුරාගේ ගෙදරට ගිහින් උන්දැවත් දාගෙන උදෑසන තැපැල් දුම්රියට මාව බස්සගනීම සහ හවසට සාගරිකා දුම්රියෙන් ඇවිත් රියදුරා ගෙදරට බස්සල ඩීසල් ගහල රාත්‍රී රියදුරාට වාහනය දීම තමයි සිද්ද උනේ. රාත්‍රී සේවය රාත්‍රී 9 සිට උදෑසන 4 ට අහවරයි.. නැවතත් උදෑසන සේවය..සමහර දවසට රාත්‍රී රියදුරා මම:love::love::love::love:.. රියදුරා නිවාඩු ගත්තට ගාර්මන්ට් ළමයි නිවාඩු ගන්නේ නැහැනේ මචන්ලා...දවසක් නොයව්වොත් හයර් එකට වෙන එකෙක් කොක්ක ගහනවමයි..

    දැන් AC හදන්න ගිය කතාව මෙතැන් සිට...

    AC එකේ ප්‍රශ්නයක් නැහැලු... ප්‍රශනය තියෙන්නේ AC condenser fan එකේලු.. ඒ මගුල වැඩ කරන්නේ නැහැල්ලු..:(:(:( ඒ කියන්නේ AC condenser එක ගලවල fan එක හදල හෝ අලුතෙන් දාල නැවත වැකුම් කරලා ගෑස් ගහන්න වෙනවලු.. කොහොමත් හාර පන්දාහකට කෙළවෙන සීන් එකක්ලු සුපුරුදු විදිහටම..

    ගම පළාතටම උන්නේ ඒ කාලේ වාහන එලෙක්ට්‍රිකල් බාස්ල තුන්දෙනයි.. එකෙක්වත් හදිසි වැඩකට අල්ලගන්න පුළුවන් එවුන් නෙවෙයි... බාස් උන්නැහේ වැඩේ ටිකක් හදිසියි කිව්වොත් ගමන් වැඩේ කීයටවත් බාරගන්නේ නැති තරම් ලොකු පොරවල් එයාල. එත් මගේ හදිසියට වැඩේ කරන්න පොරක් ගමේ හිටිය.. එයත් බොහොම තරුණ පහේ කෙනෙක්.. එයා ගැන විශේෂණ කියන්න විදිහක් නැහැ කිව්වොත් පොර කව්ද කියල අහල පහල උදවිය දැනගන්නවා.. එහෙම උනොත් මට ලංකාවට ගියාම සනීපෙට ඉන්න විදිහක් නැති වෙනවා, මොකද මම කියන කෙනා මොලේ අතේ පොරක්.. ඒ වගේම පාතාල සම්භන්ධකම් එහෙමත් ඒ කාලේ තිබුන.. ඒ හින්ද බොහොම යාප්පුවෙන් තමයි ඇසුරු කල යුත්තේ. කරන්නම දෙයක් නැති හින්ද සෙනසුරාද උදේ වාහනේ අරන් ගියා මේ කියන සුවිශේෂී බුවා ලඟට AC condenser fan එක හදවන්න. මේ බුවා මගේ හොඳ හිතවතෙක් උනාට සනීපෙට සිනිඳුවට ඇසුරු කල යුතුයි හොස්ස ලඟින් මැස්ස යන්නේ නැති වෙන්න. මු වාහන හදනවා උනාට ට්‍රයල් ගියොත් නම් පැය දෙක තුනකට ගරාජ් එකට එන්නේ නැහැ.. ඒ තරමට මුට මගුල් විසේ..:love::love::love:

    ඔන්න ගිහින් වාහනේ උදේ පාන්දරම ගැලෙව්වා AC condenser එක. බැලුවාම fan එකේ බ්‍රෂ් ගිහින්.. ඔන්න දැන් මම යනවා බ්‍රෂ් හොයන්න.. යන්තම් කළුතර සිරිවර්ධන එකේ තිබිල බ්‍රෂ් දෙකක් අරන් එද්දී මනමාල බාස් කොලුවා ට්‍රයල් එකක් ගිහින්. ට්‍රයල් ගිය වාහනේ අයිති එකයි.. මමයි .. මගේ රියදුරයි ඔන්න බලන් ඉන්නවා ඉතින් ක්ෂිතිජය දිහා බාස් එනකම්.. ඔන්න මු ආව පැය දෙකකට විතර පස්සේ.. දැන් පෝලිමේ ඊළඟට ඉන්නේ වැනට් එක..

    මුගේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි උනාට වැඩ හෙන ක්ලීන්.. කෑල්ලක්වත් මජන් පිටින් හයි කරන්නේ නැහැ.. අපිට ඉතින් තිනර් ගෙන්න කියනව..ලාම්පු තෙල් ඕන කියනව.. පෙට්‍රෝල් ඕන කියනවා.. හැබැයි මොනා ඕන කිව්වත් මම රියදුරා යවල ගෙන්නනවා.. මුගේ ට්‍රයි එක වාහනේ අරන් යන්නයි එව්වා ගෙන්න..ගියොත් පුතේ අයෙ එන්නේ පැය දෙකකින් තමයි.. ට්‍රයි කරන හැම කෙල්ලෙකුගේම ගෙවල් ඉස්සරහින් ගිහින් හොර්න් ගහල ලයිට් ගහල ආයේ මාසේකටවත් අපිටවත් ඒ පාරේ යන්න තියන්නේ නැහැ මු හෙන

    stock-vector-cartoon-rooster-vector-clip-art-illustration-with-simple-gradients-all-in-a-single-layer-122117356.jpg



    ඔන්න දැන් මු එක්ක තොවිලේ අහවර කරන තැනටම ආව. දැන් තියෙන්නේ AC condenser එක වාහනේට හයි කරලා ඉක්මනට ගිහින් AC gas ගහන්න..


    මේ වැනට් එකක පින්තුරයක් නෙවෙයි. එත් වැනට් එකෙත් Condenser එක තියෙන්නේ මෙන්න මේ වගේ එන්ජිමට යටින් ඉස්සරය රෝද දෙක මැද්දේ වගේ..

    ac_condenser_2


    මට දැන් හොඳ ගානට මහන්සි හින්ද මම රියදුරාට කිව්වා සපෝර්ට් එකක් දීපන් මම පොඩි නින්දක් දානව කියල වාහනේ පස්සේ සීට් එක ඇල කරගෙන හෙමීට ඇලට් එකක් දාන්න සෙට් උනා.. මට නින්ද ගිහින් වැඩි වෙලාවක් ගියේ නැහැ.. මෙන්න බොලේ කව්ද එකෙක් අමු තිත්ත කුණුහබ්බෙන් අමතනවා ඇහිලා මට උඩ ගිහින් ඇහැරුනා කියපි..:oo::oo::oo::oo:

    ටික වෙලාවක් ගියා මට මේ මොකද වෙන්නේ කියල ගලපගන්න.. එලෙක්ට්‍රික් බාස් තඩි spanner එකක් අරගෙන මගේ රියදුරා පස්සෙන් පන්නනවා අමු කුහරුපෙන් අමතමින්.. බාස් උන්නැහේගේ නලලෙන් ලේත් එනවා ටිකක්.. නළලේ සහ කම්මුලේ පිරමිඩ් එකක් සයිස් ගෙඩි දෙකක් ඇවිත්.. මුණ වෙස් තට්ටුවක් වගේ ..

    angry.jpg


    වැඩේ බෙරන්නම බැහැ මු දැන් මගේ එකාව මරන්නමයි පන්නන්නේ.. රියදුරා කිව්වට උන්දැත් මගේ යාලුවෙක්.. මට වඩා අවුරුද්දක් බාලයි.. අපේ එකත් හිනා වෙවී වත්ත වටේ දුවනවා මුගෙන් බේරෙන්න..එන පොට හින්ද නැති හින්ද අපේ එකා පාරේ ආපු ත්‍රීවීල් එකක එල්ලිලා නොපෙනීම ගියා. බාස් අලි දම්මලවත් නවත්තන්න බැහැ .. වටේටම හිතවතුන්ට කෝල් කරනවා ආයුද අරන් වරෙන්, පිස්තෝල අරන් වරෙන්, කදු අරන් වරෙන්.. අද එකෙක් මරන්න ඕන කියල.. දැන් මු කියන්නෙම කපනවා, මරනවා, කොටනවා, කියලයි.. අම්ම මුත්තටවත් ලං වෙන්න බැරි තරම් අසූ හාරදාහටම මල පැනල දැන්..

    9d95594979aa9175f845f5f6cb17124e.png


    දැන් මුගේ වැඩපොළ වටේ අහල පහල උදවිය පිරිලා..බොහොම යාප්පුවෙන් ලං වෙලා ඇහුව මොකද මහත්තයෝ උනේ කියල.. වෙච්චි දේ අහපල්ලකෝ... බාස් වෑන් එක යටට ගිහින් බිම දිගාවෙලා AC condenser එක හයි කරන්න සෙට් වෙලා අපේ එකාට කියල අත් දෙක යටට දාල AC condenser එක අල්ලගනින්, මම ඇන ටික දානකම් කියල.. අපේ එකා හරි අල්ලගත්ත කියල කිව්වාම බාස් AC condenser එක අතැරලා ඇන දාන්න සෙට් වෙලා.. අපේ එකා අත වැරදිලා AC condenser එක බාස්ගේ මුණ උඩට අතැරලා... ඉතින් මරන්න එලවන්නේ නැතුව තියෙයිද කොල්ලනේ... බාස්ගේ මුණ වෙස්මුන වෙලා.. මොටරුයි, condensor එකයි, ප්ලාස්ටික් කවරයි ඔක්කොම බර කිලෝ 20ක් පැනල මම හිතන්නේ. හිතාගන්න පුලුවනිද අනපේක්ෂිත වෙලාවක ඒ වගේ බරක් මුණ උඩට පත බෑවුනාම මොනවද හිතෙන්නේ කියල..

    දැන් වැඩේ කරන එක නවත්තල බාස් මගේ රියදුරා මරන්න යන්නයි සුදානම. හැබැයි මුව මරන්න වටිනවා කරපු වැඩේට.. බාස්ගේ දත් ටික නොකැඩි බේරුන එක උගේ වාසනාව. මුණ වෙස්මුණ වෙන්නම වැඩේ සිද්ද වෙලා.. අන්තිමේ බාස් ගරාජ් දොර වහල බඩු ටික ඇතුලට දාල ත්‍රීවිල් එකක නැගල යන්න ගියා ඩ්‍රයිවර් ගෙනත් දීපන් ඊට පස්සේ වාහනේ හයි කරන්නම් කියල....

    4300441-mad-mechanic-near-a-broken-car-on-the-road.jpg


    මම වහාම කෝල් එකක් දීල රියදුරා දැනුවත් කරා ආරක්ෂාව තහවුරු කරගන්න කියල කොහෙහරි වහන් වෙලා ..

    දැන් වැනට් එක අතර මග. මම මහ මග.. ටූල්ස් නැහැ වැඩේ ගොඩදාගන්න.. හනික ත්‍රීවිල් එකක් අරන් ගෙදර ගිහින් අරන් ආව මගේ ටූල් බෑග් එක. හැමදාම සුපුරුදු විදිහට ජීවිතේ වැඩි කාලයක් ගත කරපු වැනට් එකේ යටට ගිහින් AC condensar එක අමුනගත්ත .. එත් අමුනගෙන AC හදන එකා ලඟට යද්දී ඌ කඩේ වහල ආගිය අතක් නැහැ කියපල්ලකෝ...

    ඉරිදා දවසත් තියන හින්ද උදේ ඇවිත් AC ගෑස් ගහගන්න පුළුවන් නිසා වැඩි කලබලයක් තිබ්බේ නැහැ ඉතින් මට . ගෙදර ගිහින් රෑ ගාර්මන්ට් හයර් එකත් යවල උදේ ඇවිත් බැලුවාම තමයි අයෙත් ඔලුව පිස්සු වැටෙන ආරංචියක් ඇහුවේ.. AC හදන බුවා කතරගම ගිහින්... දැන් ඉතින් කාපන්කෝ පරිප්පු.. නැවත ගහන්න කියල පරෙස්සමට ටැංකියට පුරවගතපු 2L ගෑස් ටිකත් උගේ කඩේ ඇතුලෙ . :no::no::no::no:

    සඳුදා උදේට වාහනේ චොකලට් හයර් එක නොයව්වොත් එකටත් වෙන එකෙක් කොක්ක ගහන නිසා වාහනේ යැවිය යුතුමයි.. ඒ කියන්නේ ඉරිදා දවස ඇතුලත AC පද්දතිය සෑදිය යුතුමයි.. දන්නා කියන හැම තැනටම ගියා මිතුරනේ.. AC බස් පිරිල හැමතැනම.. වැනට් එක එකෙක්වත් සතේකට ගණන් ගන්නේ නැත.. ටිකක් වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ෆ්‍රිජ විතරක් හදන්න දන්නා AC ගැන තවම ඉගෙනගනිමින් ඉන්න මගේ පාසල් මිතුරෙක්.. කෙලින්ම වැනට් එකෙන් උගේ ගෙදරට..:love::love::love::love:

    ඌ දන්නෙ ෆ්‍රිජ් හදන්න විතරයිලු... වාහන ගැන මෙලෝ දානයක් දන්නේ නැතිලු.. දැන් තියෙන්නේ මගේ මිත්‍රයට ඔටෝ AC පන්තිය පැවැත්වීම.. ඌ දන්නවා තියරිය.. එත් ප්‍රෙෂර් කොයිතරම්ද කියල දන්නෙත් නැහැ.. ප්‍රෙෂර් ඩිස්චාර්ජ් ලයින් තියන තැන දන්නෙත් නැහැ. ලීක් බලන්න ඕන තැන් දන්නෙත් නැහැ. හැබැයි ඌ ගාව ගෙජ් එක තියනවා. ගෑස් විකුණන තැන ඌ දන්නවා ... ෆ්‍රිජ් compressor එකකින් අටවගත්තු වැකුම් පොම්පෙකුත් තියනවා.. ඉතින් වෙන මොනවද මිතුරනේ මට ඕන... :love::love::love:


    කොළඹ ප්‍රසිද්ද ටෙක්නිකල් කොලේජ් එකක ඔටෝ මොබයිල් උගන්වන මගේ ඥාතියෙකුට කෝල් කරලා ඒ ටෙක් එකේම AC උගන්වන ගුරුතුමාව සම්භන්ධ කරගෙන කෝල් එකක් අරන් ප්‍රෙෂර් තියෙන්න ඕන ගාන අහගත්තා.. වැකුම් කරා පැය භාගයක් විතර..වැකුම් කරලා තියෙන්න ඇරිය ගෙජ් සම්පුර්ණයෙන් වහල පැයක් විතර.. තියල ගියා යාළුවගේ මොටෝවෙන් 2L ගෑස් ටිකක් අරන් එන්න..වැකුම් කරලා ටික වෙලාවක් තිබ්බාම ලීක් තියනවනම් වැකුම් ලෙවල් එක අඩුවෙලා ප්‍රෙෂර් 0 වෙනවා ටික වෙලාවකින්..

    Compound_Gauges.jpg


    මුකුත් අවුලක් නැහැ.. පැයකට පස්සෙත් වැකුම් ලෙවල් එක තිබ්බ තැනම තියෙනවා.. ගෑස් ගැහුව.. මේ තියෙන්නේ වැනට් රාජයා ෆ්‍රිජ් එක වගේ... ඔන්න එදා තමයි මගේ ෆ්‍රිජ් විතරක් හදන්න දැනගෙන හිටපු මිත්‍රය ඔටෝ AC පැත්ත කරන විදිහ ගැන අත් පොත් තිබ්බ දවස.

    එලෙක්ටික් බාස් හෙමිහිට ශේප් කරගත්ත දවස් දෙක තුනකට පස්සේ. එහෙම ශේප් කාර්ඩ් එකක් දාගන්නකම් මගේ අතිජාත රියදුරා වාහනේ වැඩ කරේ නැහැ.. මොකද මොලේ අතේ තියන් ඉන්න බාස් ඒ තරම් විස්වාස කටයුතු පුද්ගලයෙක් නෙවෙයි නිසා. ඔන්න ඔහොමයි ඒ කට්ට මම අනුභව කරේ.. බාස් කාරය වාහනේ හයි කරන එක නවත්තල ගරාජ් එක වහල ගෙදර ගිය වෙලාව වෙද්දී මම වැඩේ වෙනුවෙන් ඌට දවල්ට ප්‍රයිඩ් රයිස් කවල, සිගරට් පොවලා . කොකාකෝල පොවලා දාහකට දෙදාහකට විතර බිලක් දාලයි තිබ්බේ. එහෙම නොකර උගෙන් වැඩක් ගන්න බැරි පොරක්.. අන්තිමේ වැඩේ ඉවර වෙද්දී වැඩේට යන සාමාන්‍ය වියදම වගේ දෙගුණයක් හැමදාමත් වගේ වියදම් වෙලා... ඒ ඉතින් වැනට් රාජයාගේ උපන් හපන්කම් ...:love::love::love:

    මේකෙනුත් උඹලට මම කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කොතන හරි හොඳට හිතල බැලුවාම.. අනික් කාරණේ තමුන්ගේ වැඩේ කෙරෙන වෙලාවට මොන බැරි අමාරුකම් තිබ්බත් එතන ඉන්න වග බලාගනිල්ලා.. නැත්තම් වෙන එකෙක් කරන අත් වැරැද්දට උනත් වන්දි ගෙවන්න වෙන්නේ අපේ මුදලින්, කාලයෙන් ..

    වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...
    පොතක් ලියමු මචං නම - වැනට් හින්දා කාපු කටු
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අැයි මගේ යාලුවාගෙ ඉසුසු කැබ් එක. . . . එ්ක ගැන කතා ගොඩක් තියෙනවා . . .හෙමිට දාන්නම්කෝ. . . අපේ උන් නම් ඉසුසු කැ. . කියනකොටම ඉන්න තැන් වලින් වාෂ්ප වෙනවා. . අපි එච්චර අාදරෙයි එ් වාහනේට. . .


    අන්තිම කාලේ වෙද්දී මගේ වැනට් එකත් ඒ වගේම තමයි ... මගුල් ගෙදරක, දානේ ගෙදරක, මල ගෙදරක ගියත් මම ඉතින් තනි අලියා වගේ තමයි.. එකෙක්වත් නගිනේ නැහැ මොන හදිසිය තිබ්බත්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Mata danna kauruhari kiuanawada FB15 eke ATF liter kochcharak witharada yanne kiyala. Bada mama ehema dannawa athi.

    ATF මාරු කරන්න යන්නේ මැෂින් එකෙන්ද නැත්තම් යටින් ගලවලද??? ක්‍රම දෙකට යන්නේ යන්නේ වෙන වෙනම ප්‍රමානවල්. එත් සාර්ථකම හරිම ක්‍රමය තමයි මැෂින් එකෙන් මාරු කිරීම.. මැෂින් එකෙන් මාරු කරනවානම් ඉතින් ඇතුලේ තියන ඔයිල් වල තත්වය අනුව තමයි ප්‍රමාණය තීරණය වෙන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: ලීස් එක ඉවර කරලා දෙන එක පට්ට පාඩුයි නේ මාමේ...... දැන් කලින් ගෙව්වා කියලා 50000/= ක් වත් අඩු වෙන්නේ නෑ..... ඊට ලාභයි ලීස් එකම ගෙවනවා..... :yes:

    ලීස් එක ගෙව්වේ නැතත් මොකෝ මාමේ...... මගේ නමට නෙවේ නේ තියෙන්නේ...... :rofl:

    උඹේ නමට නෙවෙයිනම් ඉතින් කෝකත් එකයි බන්.. ඕව හදන්න වියදම් කරන සල්ලීයි , කාලෙයි.. ඔලුවේ කැක්කුමයි ඔක්කොම එකම සුත්‍රයකට දාල ගණන් හදල බැලුවාම ලක්ෂයක් අඩුවෙන් දීල අත පිහදාගත්තත් පාඩු නැහැ බන්..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අන්තිම කාලේ වෙද්දී මගේ වැනට් එකත් ඒ වගේම තමයි ... මගුල් ගෙදරක, දානේ ගෙදරක, මල ගෙදරක ගියත් මම ඉතින් තනි අලියා වගේ තමයි.. එකෙක්වත් නගිනේ නැහැ මොන හදිසිය තිබ්බත්..

    මගෙ එකටත් එහෙමම තමයි හමෝම සැලකුවෙ.. අඩු ගානේ අම්ම තාත්තාවත් එක කිලෝමීටරයක් යන්න නැග්ගෙ නෑ..ඒ තරම් බයයි වාහනේට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ උනාට එහෙම මරාලෙකින් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් නේද මචෝ..... ඒ වාහන වලට යට කරන සල්ලි අපතේ යන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ...:dull:

    එක අතකින් කතාව ඇත්ත.. ඒත් මේ වගේ වාහනෙකින් ජීවත් වෙන මනුස්සයෙකුට මෙහෙම මරාලයක් සෙට් උනොත් වෙන්නේ පොළොවේ පස් කන්න තමයි මචන්.. හොඳම වැඩේ තමයි අවුරුද්දෙන් දෙකෙන් මාස හයෙන් අයිතිකාරයෝ මාරු වෙච්ච නැති එක පුද්ගලයෙක් කාලයක් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න එක තමයි.. ඕපන් පේපර්ස් තියන එව්වත් බහුතරයක් මරාල තමයි..
     
    • Like
    Reactions: RIDER89

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාස හයක් කියන්නෙ මචන් සාපේක්ෂව හොඳ ගානක්.. මගෙ එක මචන් සතියකට දෙතුන් සැරයක්..
    ඇත්තටම මම ඒ කාලෙ කැම්පස් එකට වඩා හිටියෙ ගරාජ් වල.. නිකන් ඔටොමොබයිල් ඉංජිනියරින් පාඨමාලාවක් කරනවා වගේ මට තෙරුනෙ

    මමත් එහෙම තමයි බන් ඒ කාලේ. වැඩි කාලයක් ගරාජ් වල.. ගෙදර හිටියනම් ඉතින් වාහනේ යට හෝ එන්ජිමට මුණ ඔබාගෙන.. හැබැයි ඉතින් ඉගෙනගත්තු දේවල් සල්ලිවලට ගන්න බැහැ. ..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    එක පාරක් අම්මට මල්පෝච්චි වගයක් ඕන වෙලා තනියම බලලා සල්ලිත් දීල ඇවිල්ලා මට ගිහින් ගේන්න කියුවා.. මම යන්න කාර් එක ගද්දි කියනවා.. මොකක් හරි හදිස්සියක් වුනොත් හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන මල් පෝච්චි ටික දාල එවන්නලු.. හිතා ගන්න පුලුවන්නෙ වාහනෙ ප්‍රතිරූපය
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මමත් එහෙම තමයි බන් ඒ කාලේ. වැඩි කාලයක් ගරාජ් වල.. ගෙදර හිටියනම් ඉතින් වාහනේ යට හෝ එන්ජිමට මුණ ඔබාගෙන.. හැබැයි ඉතින් ඉගෙනගත්තු දේවල් සල්ලිවලට ගන්න බැහැ. ..

    aniwaryenma:yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සෙනසුරාදා කථාව නැති වෙයිද දන්නෙ නෑ බං. :( කලින්ම නිදහසට කරුණු කියලනේ තියන්නේ.

    සිකුරාදා හවසම ලියන්න පටාන් ගත්ත.. යන්න සැලසුම් කරපු ගමන යන්න කලින් භාගයක් ලිව්වා.. ගමන ගිහින් කාර් එකේ ඉඳන් ටිකක් ලිව්වා.. ගමන ගිහින් ඇවිත් සම්පුර්ණ කරලා පොස්ට් කරේ මචන් ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොතක් ලියමු මචං නම - වැනට් හින්දා කාපු කටු

    ලියල ඔය නම දැම්මොත් නිසාන් කොම්පැනියෙන් නඩු දානවා බන්..

    වැනට් එකක් යට අවුරුදු දෙකක්...

    මෙහෙම දැම්මාම පොත ටිකක් විකිනෙයි වැඩිපුර.. මොකද කුතුහලය ඇවිස්සෙන නමක් දාන්න ඕන පොතක් විකිනෙන්න නම්..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    සිකුරාදා හවසම ලියන්න පටාන් ගත්ත.. යන්න සැලසුම් කරපු ගමන යන්න කලින් භාගයක් ලිව්වා.. ගමන ගිහින් කාර් එකේ ඉඳන් ටිකක් ලිව්වා.. ගමන ගිහින් ඇවිත් සම්පුර්ණ කරලා පොස්ට් කරේ මචන් ...

    දැන් කථා ලියන එකත් රාජකාරිය වගෙ වෙලා නේද මචන්!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් කථා ලියන එකත් රාජකාරිය වගෙ වෙලා නේද මචන්!!

    ඔව් බන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකෙන් ගැලවෙන්න බෑ .. එහෙම උනොත් මුන් මාව කනව..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :D එල එල..... ශොප් එක වහලා පාටි එකකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට දැක්කේ...... මේක නොකියවා පාටි යන්න බෑ කියලා හිතුනා...... :yes:

    මමත් ඕක දැම්මේ පාර්ටි එකකට ගිහින් ඇවිත් තමයි බඩා මාමේ. ඒ පාර්ටිය ඩ්‍රින්ක්ස් නැති ගනයේ එකක්. ඒ හින්ද වැඩේ දුර ඇදුනේ නැහැ.
     
    Status
    Not open for further replies.