she doesn't invite me

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අඩෝ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ බර්ත් ඩේ පාටි එකක් තිබ්බ බන් ගිය සතියේ වීක් එන්ඩ් එකේ. අඩෝ ඒකි මට ඉන්වයිට් කරේ නෑ බන්. :no::angry::angry::angry:

මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑ :dull::frown: ඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට් :nerd: ඒ උනාට මට වඩා බාලයි.

අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්‍ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම. :dull:

කිසිම අවුලක් තිබ්බෙත් නෑ මේකිත් එක්ක ෆිට් එකේ හිටියේ. :yes: ෆෝන් එකේ එක එක මගුල් හදාගන්නෙත් මට කියල. :angry::angry::angry:

මේකි ඒකිගෙ අතින්ම අමුතු සෙල්ලමක් දාල ලස්සන එක එක විදියේ ඉන්විටේෂන් කාඩ් හදල ඒකිම. ඒව හැම එකාටම දීල නමත් ලියල. මැනේජර් කාරයට පට්ට ලස්සන එකක් හදල තිබ්බ.:dull:

මම අනිත් ඇසිස්ටන්ට් උන් දෙන්නගෙ ඒව බැලුව ඉටි වගේ දේකින් කරල තියෙන්නේ අර ඉන්දියන් ගෑනු අත්වල අඳින්නේ අන්න ඒ වගේ. :D:yes:

ඉරිද රෑ තිබිබෙ මේක. දවස් ගානකට කලින් කාඩ් දීල තිබ්බේ මමත් බලන් උන්න අද දෙයි අද දෙයි කියල. අඩෝ දුන්නේ නෑනේ. :growl::growl::growl::(:(:(

අද මේකි විලිලැජ්ජාවක් නැතිව ගුඩ්මෝනින් කියල හිනා උනා. මම නෙමෙයි මූනවත් බැලුවෙ. හිටපන්කෝ පරට්ටිට තවත් කිසිම හෙල්ප් එකක් දෙන්නෑ. ඕනවට වඩා දෙන්න ගියාම ඔහොම තමයි.

අඩෝ මේ වගේ දේවල් වලට පට්ට විදියට රිදෙනව බන්. පට්ට තරහයි ඒකිත් එක්ක :angry::angry::angry: හැබැයි එක හොඳකුත් උනා. ගිෆිට් එකක් ගන්න වියදම් උනේ නෑ :rofl::rofl::rofl: ඒත් කිව්වන්ම අනිවා එකක් අරන් යනව. :yes:
 
  • Like
Reactions: EMINƎM

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකනම් ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි බන්. ඒත් හිතට නිකන් මොකක්ද වගේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යම් බැඳීමක් ඇති වුනා නම් ඇති වුනේ උඹේ හිතේ. ඒක නැති කර ගන්නත් ඕනෙ උඹ විසින් මයි.
    උඹ බෞද්ධයෙක් නෙවෙයි නිසා මම කියපු දේ උඹට තේරෙන්නෙ නෑ කියලා මට තේරෙනවා :)
     
    • Like
    Reactions: isuru_feat

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    mara prashna ban thiyenne umbalata.. office wala ohoma thama ban.. wadiya denna yanna epa.. ethakota hari..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...



    :baffled::baffled::baffled::baffled:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේකනම් ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි බන්. ඒත් හිතට නිකන් මොකක්ද වගේ.

    owa hithanna epa ban... ohoma dewal kochcharanam wenawada?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Okata giya nam salli/gift denna ona, andum ganna ona, gihin eka ekage muna balan boruwata hina wegena paya ganan inna ona. Invite nokarapu eka gana sathutu weyan.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඕවා මොනවද බන්. මගේ හොදම යාලුවෝ කට්ටියක් අක්කගේ wedding එකට යාලුවෝ 12 දෙනාට wedding dance එකක් උගන්නලා දෙන්න කිව්වා මට.මට wedding එකට invitation දුන්නෑ.අනිත් ඔක්කොටම දීලා.මන් හිතුවේ අමතක වෙලාවත්ද කියල.සෑහෙන හිතට වැදුන ඒක.අන්තිම දවස වෙනකන් බලල මන් ඇහුව මට invitation දෙන්නෙද්ද කියල.ඒ පාර උබට invitation ඕනෙද බන් වරෙන් කිව්වා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔව් මචං ඒකනම් ඇත්ත. ගානක් ඉතිරි උනානම් තමයි ඒත් දැන් මේකිගෙ මූන බලල හිනාවෙන්නවත් දැන් මට මොකක්ද වගේ. එක ඔෆිස් එකේ වැඩ කරන නිසා නිකන් අවුල් වගේ. නිකන් මාව දෙකේ කොලේට දැම්ම වගේ මට දැනෙන්නේ. අනිත් උනුත් අහනව මට ඉන්වයිට් කරේ නැද්ද? ඇයි ආවෙ නැත්තෙ අරව මෙව්ව. :dull:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කෙහෙල්මල මට ඇති ලවක් නෑ බන් ඒකි ‍ගැන මම ට්‍රයි කරන වෙන කෙල්ලෙක් ඉන්නව.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    ඔව් මචං ඒකනම් ඇත්ත. ගානක් ඉතිරි උනානම් තමයි ඒත් දැන් මේකිගෙ මූන බලල හිනාවෙන්නවත් දැන් මට මොකක්ද වගේ. එක ඔෆිස් එකේ වැඩ කරන නිසා නිකන් අවුල් වගේ. නිකන් මාව දෙකේ කොලේට දැම්ම වගේ මට දැනෙන්නේ. අනිත් උනුත් අහනව මට ඉන්වයිට් කරේ නැද්ද? ඇයි ආවෙ නැත්තෙ අරව මෙව්ව. :dull:

    ithin yako.. umba kiyanna epai.. ane mata invite kare nah ban.. ithin man kohomada enne kiyala ,, wadey shape ne.. umba hithanawa wadi ekai prashney..