එසේම වේවා.
උඹ ගියේ අර කච්චතිව් පල්ලියේ උත්සවයට නේද
දාපිය යකෝ පොටෝ එකක්වත්

දාන්නම්.. ත්රෙඩ් එකක් දාන්නම්.
පට්ටම operation එකක් යන්නේ එතන Navy එකේ. ඉන්දියාවෙන් 4500ක් විතර ආවා.
මම Keeri Beach වලින් ගියේ මන්නාරමේ ඩිංගියක් හයර් කරගෙන. ලොවෙත් නෑ බං. සෑන්ඩ් බෑන්ක්ස් වලින් යන්න පුළුවන් ඩිංගියකට විතරනේ. මේ තියෙන්නේ අපි ගිය ඩිංගිය.
මන්නාරම>කච්චතිව්>ඩෙල්ෆ්ට්>කච්චතිව්>මන්නාරම - සම්පූර්ණ දුර කිලෝමීටර 110ක් විතර මන්නාරම් මුහුදේයි Open sea එකෙයි..
මේ තියෙන්නෙ ආදම්ගේ පාලමේ සෑන්ඩ් බෑන්ක්ස්. ඔය ඉස්සරහින් පේන්නේපලවෙනි එක. මම එතනදි මැප් එකේ Screen shot එකක් ගත්තා. උඹව මතක් වෙලාමයි ගත්තේ.
ඔතනින් මන්නාරම් මුහුද පටන් ගන්නවා නේ. ඕපන් සී එකෙන් ලංකාවට ඇතුල් උනා කියන හැගීම එන්නේ එතකොටයි. ඔතන තියෙනවා පට්ටම වංගුවක්. ඩිංගිය ඒ වංගුව ගන්නකොට මාර ආසයි බන්. අමුතු ෆීලිං එකක් එනවා..
