මල්ලී මට 26යි. මම හිතන්නේ මට තාම 26යි කියලා.....
ඇත්තට ම කිරියෙ ඉන්නේ හිච්චො බච්චෝ එක්ක මූව් වෙන කොට ටිකක් තරුණ වෙනව තමා...
(උඹ වගේ අංකල් ලා එක්ක මූව් වෙන කොට නෙවෙයි!!)
දැන් දුවං ඇවිල්ල සමයං කප්පරක් දෙයි!!![]()
දැන් කව්ද මාත් එක්ක මූව් වෙන අන්කල්දා ?

මල්ලී මට 26යි. මම හිතන්නේ මට තාම 26යි කියලා.....
ඇත්තට ම කිරියෙ ඉන්නේ හිච්චො බච්චෝ එක්ක මූව් වෙන කොට ටිකක් තරුණ වෙනව තමා...
(උඹ වගේ අංකල් ලා එක්ක මූව් වෙන කොට නෙවෙයි!!)
දැන් දුවං ඇවිල්ල සමයං කප්පරක් දෙයි!!![]()

රෙපාගේ ෆෝන් එකවත් තිබ්බේ නෑ කියලද මේ කියන්නේ.......
![]()
![]()
මම තනියම වැඩ කරේ 
සංවාදයකට තුඩු දෙන දෙයක් ලිව්වත් මේකේ අන් සංවාදයට නැත.....
මේකෙ උන්ට ඉතිං සංවාස මිස මොන සංවාද ද????![]()


මම මේ දිනවල එලකිරියේ දකින අභාග්‍ය සම්පන්න ම දෙය නම් රැස්වීමට අද්දර සෙනග-මෙච්චර සෙනග--යකෝ 100ක් වත් නෑ ආදී වශයෙන් කෙරෙන අතිශය ජුගුප්සාජනක කතා බහයි.
දෙපාර්ශවයෙන් ම පවතින තත්ත්වය විග්රහ කිරීමක් හෝ සබුද්ධික වන ආමන්ත්‍රණයක් ඇත්තේ ම නැත.
යහපාලනයේ දින 50 පසුකර ඇති අතර, කියු බොහෝ දේ තවම කෙරී ගෙන යන තත්ත්වයක විනා කෙරී අවසන් - ප්‍රතිපල පෙන්වූ තත්ත්වයක නැත. දැන් පවතින දේශපාලන තත්ත්වය වඩා නරකයයි මම සිතමි. ඒ දේශපාලනමය ලෙස රට යම් මානසික අස්ථාවරත්වයක පැවතීමය.
යහපාලනය පිළිබදව කතා කල බොහෝ දෙනා ගේ මුලික ම නිමිත්තක් වූයේ රටේ ආර්ථිකයට බරපතල ලෙස අවැඩදායක වන ගසා කෑම් නතර කොට ඒ කළ අය යුක්තිය ඉදිරියට ගෙන ඒමය. නමුත් දැන් ඔවුන් ම පවසන්නේ ඒවා ඉතා සූක්ෂ්මව කර ඇති නිසා එසේ වැරදකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම උගහට බවය. එය එසේ නම් මැතිවරණයේ දී ඒ පිළීබදව පවසිය යුතුය. ජනතාව ඉතා දැඩ් බලාපොරොත්තු තබා සිටියේ හොරුන් සහ වංචාකාරයන් ට යුක්තිය ඉටුවේ යැයි කියා ය. නමුත් තාමත් හොරු, කොමිස් මරුවන්,පගා මරුවන්, දූෂකයන්, ආර්ථික ඝාතකයන්, කුඩ්ඩන් සහ එතනෝල් රජවරුන් නිදැල්ලේය. මේ යහපාලනය දැයි දැන් මිනිසුන් ගේ මනස් තුල කුකුසක් මතුවෙමින් ඇත.
හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සදාසොත්ථි කිරීම මිස මේ රට නියම දේශපාලන දිශානතියට යොමු කිරීමේ සැලැස්මක් දැන් පෙනෙන්නට නැත. මතුව ඇති අළුත් ම තත්ත්වය ජාතික ආණ්ඩුවයි.
ජාතික ආණ්ඩුව - අවශ්‍ය කාටද? මොකටද?
ජාතික ආණ්ඩුවක් සදහා සූදානම් බව නිදහස් පක්ෂය නොබෝදා නිවේදනය කලේය. ජාතික ආණ්ඩුවක් සදන්නේ නම් එහි මුඛය පරමාර්ථය විය යුතුවන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කොට, ස්වාධින කොමිෂන් සභා බලගතු කොට, මේ පවතින කාලකන්නි ඡන්ද ක්‍රමය වෙනස් කොට රට නිවැරදි දේශපාලන දිශානතියකට යොමු කිරීමය. නමුත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩු ගසන්නට යන්නේ ඒ සදහා නොවේ. තම සගයන් පවතින රජයට තල්ලුව දී රැක ගැනීමට, වැරදි කරුවන් සහ දූෂිතයන් ආරක්ෂා කොට ගැනීමට, මහින්ද රාජපක්ෂ කුජීත කිරීමට, සිය ඇමති රථ වාහන සහ බලය රැක ගැනීමට සහ කොටින් ම කියනවා නම් නැවත ඇමති ධුර දරමින් මේ රට කෑමටය.
පවතින යහපාලන රජය දැන් එන්නේ කුමකට ද? පැවති අයථා යහ දුර්දාන්ත පාලනය පරාජ කිරීමට තීරණාත්මක වෙඩි මුරය තැබුනේ ගෞරවාර්හ මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමින්වහන්සේ අතිනි. උන් වහන්සේ දෙනම වදාල දේ දැන් සිදුවන්නේ ද? උන්වහන්සේ දෙනමට ම මේ පවතින තත්ත්වය ගැන අතිශය දරුණු විවේචන පවතී. ඒවා ගැන කිසිදු කතාවක් හෝ ක්‍රියාවක් පවතින රජයෙන් ගන්නේ නැත. ෆයිසර් මුස්තාෆා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. ප්‍රාමාණික වියතෙකු සහ බුද්ධිමතෙකු වන ආචාරය රාජීව විජේසිංහ ඇදුරුතුමා අමාතය පදවිය හැර ගියේ බලවත් චෝදනා එල්ලකරමිනි. නමුත් ඒවා ගැන කිසිදු කතාවක් හෝ හේතු දැක්වීමක් නැත. කොටින් ම දින සියය ගැන දැන් ආන්ඩුව ද මුණිවත රකින ලෙසක් පෙනේ.
පවතින එජාප රජය ජාතික ආණ්ඩුවක් ගැන කියන්නේ ද බඩේ බිජු තබා ගෙනය. ඔවුන්ට වුවමනා තව කාලයක් මේ රජය පවත්වා ගැනීමය. ඒ නිදහස් පක්ෂය මහින්දට කෙළවන තුරුය. අනික අළුතින් ලැබුණු බලයේ රස බැලීමටය. දින සියයකින් තමන් කී දේ කළ නොහේ නම් ඒ බව අවංක රජයක් ලෙස ප්‍රසිද්ධියේ ම පැවසිය යුතුය. මාධ්‍ය නිදහස ගැන සිය ශ්‍රී මුඛයෙන් දෙසා වාදාල වර්තමාන ගරු අගමැතිතුමා ම පසුගිය දිනක මාධ්‍ය වලට දැඩි තර්ජනයක් කලේය. මේවා යහපාලනය වන්නේ දැයි අපිට දැන් ප්‍රශ්නයක් පවතී. කොටින් ම වෙන්නට යන්නේ කුමක්දැයි දන්නේ උඩ ඉන්නා දෙයියන් ම විතරය (ස්කර්වියා නොවේ-ඌ මොන *යියෙක් ද?)
දින සියයේ දක්වා ඇති ලෙසට අප්‍රේල් 23 දින පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුය. නමුත් ජාතික ආණ්ඩුවක් අටවා ගෙන නිදහස් පක්ෂය සහ එජාපය අර අදින්නේ සත්‍ය ලෙසට ම කුමක් සදහා ද?
ඔවුන් ගේ අරමුණ වෙන කිසිදු දෙයක් නොව ජවිපෙ වෙත දැනටත් වැටී ඇති, වැටෙන සහ හැරෙන ඡන්ද ගොඩ මෙහාට පෙරලීමය. මේ අනුහුමේ ඡන්දයකට ගියොත් දෙපැත්තට ම කෙළවෙන බවත් ජවිපෙ දිනන බවත් මොවුන් දෙකොට්ඨාශය ම දනිති. එසේ වුවහොත් මේ පැත්තේ හොරුටත් ඒ පැත්තේ හොරුටත් කෙළවන බව දෙගොල්ලෝ ම දනිති. ජවිපෙ වෙත දැන් දැන් සයිබර් මඩ ප්‍රහාර එල්ලවන්නේත් මේ උපාය උපක්‍රම නිසාය.
කොටින් ම කියනවා නම් මේ ධනේෂ්වර සහ සුළුධනේවර පක්ෂ දෙක එකට එක් වී ජාතික ආණ්ඩු මගුල් බත වළදන්නට අමුඩ ගසන්නේ කිසිදු හේතුවක් නිසා නොව තම පැවැත්ම සහ ජවිපෙ පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙනි.
බැඳපු නැති උන් ඉන්නව කුකුලෝහ්මේකේ ඉන්න අය බැඳලද කියලා දැනගෙන කන්ෆර්ම් කරගෙනද මුලින්ම ඇතුලට ආවේ?
මැරීඩ් සර්ටිෆිකේට් එහෙම ඉස්කෑන් කොරවලා .....![]()
උඹ අද මොන ඉසවුවෙද උන්නේ....රෙපාට අද කන්ෆරන්ස් හොට්ටෝමම තනියම වැඩ කරේ
![]()

උඹ අද මොන ඉසවුවෙද උන්නේ....![]()
කලින් ගෙදර ආවා ..කාර් එකේ ගියේ 
සුදු මැණිකේ...ඔයාට විතරයි මගෙ අගේ තේරෙන්නේ..
![]()

බර ගානක් එකතුවෙන්න ඇති එහෙනම්.....අද ක්‍රෙඩිට් කලෙක්ෂන් බන් මරදාන ඇන්ඩ් වැල්ලවත්ත ..තනියමකලින් ගෙදර ආවා ..කාර් එකේ ගියේ
![]()

eya manikak da, mata nam penune kalu galak wage![]()

