පාළුවට-ගිය-මාළිගාව

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
පාළුවට-ගිය-මාළිගාව

අත්හැර දැමුණු මාලිගාවක අද තත්වය
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා අත්හැර දාපු දුම්රිය නැවතුම්පලක් ගැන විස්තරක්. අන්න ඒ ගැන හොයද්දි තමයි මට මේ පැරණි මාළිගාව ගැන විස්තර හොයාගන්න ලැබුනේ. පහත සරල, සිංහලෙන් තියෙන්නේ ඒ විස්තරේ තමයි.

victorian_abandoned_palace_old_buildings_desktop.jpg


මුලින්ම බලන්නකෝ ඔය උඩ තියෙන පින්තුරය දිහා.(මේ පින්තුරයේ 2560x1440 ප්‍රමාණයේ එකක් මෙතනින් ගන්න පුළුවන් කැමති අයට.)

මේක ප්‍රංශ රටේ බෙල්ජියම් බෝර්ඩරය ආසන්නයේ තියෙන අත්හැර දමනු ලැබූ මාළිගාවක්. මේකට දැන් මාලිගාවක් කිව්වට, කාලෙකට ඉස්සර ඒ කියන්නේ දැනට අවුරුදු දෙසිය පනහකට විතර කලින් මෙතන තිබිලා තියෙන්නේ ෆාම් එකක්. ඒ කාලෙම, කෙටියෙන් කිව්වොත් ක්‍රි.ව 1790 දී වගේ ප්‍රංයේ ඇතිවන විප්ලවයෙන් පස්සේ මේක මහා මාලිගාවක් බවට‍ පරිවර්තනය කරනවා.

කොහොමහරි අවුරුදු සියකටත් වඩා වැඩි කාලයක් දැවැන්ත මාලිගාවක් විදියට තිබුන මේක, දෙවැනි ලෝක යුද්ධ කාලේදී ජර්මානු සෙබළුන්ගේ යටතට පත්වෙනවා. ඊට පස්සේ ඒ ජර්මානු සෙබළුන් මේ තැන යොදා ගන්නේ ඒ අයගේ පාලන මධ්‍යස්‌ථානයක් විදියට.

යුද්ධෙන් පස්සේ, එක්දහස් නමසිය පනහේ දශකයේදී මේක ගගිම්හාන නිවාඩුව ගතකරන්න සුදුසු තැනක් විදියටත් යොදාගෙන තියෙනවා. ඒත් ඊට පස්සේ කවුරුත් මේක කිසිම වැඩකට යොදා නොගෙන අත්හැරලා දාලා තමයි තියෙන්නේ.

දැන් නං මෙහි යන්නේ එන්නේ මියගිය අයගේ ආත්ම ගැන එහෙම හොයලා බලන අය, ඒ වගේ අඳුරු ආත්ම වල ජායාරුප එහෙම ගන්න උත්සහ දරන අය තමයි.

පහලින් තියෙන්නේ මෙහි ගිය අයෙක් අරං තියෙන පින්තුර ටිකක් තමයි.

Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-1.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-14.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-11.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-15.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-16.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-17.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-112.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-111.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-117.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-114.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-118.jpg


Discover-The-Magnificent-Beauty-Of-An-Abandoned-Palace-120.jpg

මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලා නොදන්නා යමක් දැකගත්තා නං ඒක මට සතුටක්.

-මම කලින් දාපු ත්‍රෙඩ්-

අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා
කාන්තා සෙබළියන්ගේ මෝස්‌තර
ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම
 

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ela machan.........kalin rep deela thiyana nisa danma denna behaluuu...passe aniwa dennum
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
matath hithune okamayi

පරණ තාලේ ඒ විදියටම තියාගෙන හෝටලයක් දැම්මා නං ලෝකේ වටෙන්ම කට්ටිය එයි.

මම මේ ඊයේ පෙරේදා දැක්කා නිවුස් එකක් දකුණු කොරියාවේ අවන්හලක් ගැන. අවන්හලක් කිව්වට එකේ දෙන්නේ කෝපි,තේ සහ කේක් විතරලු.
ඒ අවන්හලේ පොඩි වෙන්කරපු තැනක ඉන්නවා බැටළුවෙක්. ඉතින් ඔතනට දැන් පෝලිමේ සෙනග එනවලු බැටළුවා එක්ක කේක් කෑල්ලක් කළා කෝපි කෝප්පයක් බිලා ෆොටෝ එකකුත් අරං යන්න.

ඔය පහල තියෙන්නේ පින්තුරයක් එතන.


Man-and-Sheep.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    මචං මට හිතෙනවා මේක සුද්ද කරල පාවිච්චියට ගන්න
    මම ප්‍රංශ එම්බසිය හරහා ප්‍රංශ රජයට මේ බව දැනුම් දෙන්න කැමති
    උන් බෑ කියයිද දන්නේ නෑ
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මචං මට හිතෙනවා මේක සුද්ද කරල පාවිච්චියට ගන්න
    මම ප්‍රංශ එම්බසිය හරහා ප්‍රංශ රජයට මේ බව දැනුම් දෙන්න කැමති
    උන් බෑ කියයිද දන්නේ නෑ

    hotel ekak danna

    :D:D