උඹ කියන කතාවේ සාධාරනයක් තියනව මචං. මටත් අනන්තවත් හිතිලා තියනවා තව අව්රුදු 10 කට විතර පස්සේ අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙයිද කියලා. හැබැයි මොකක්දෝ දෙයක් නිසා මට මේ රටේ ඉන්නමයි හිත දෙන්නේ. නැත්තං අපේ මාමලා මට මොනතරම් අඩගහල තියනවද, ඒත් මොකක්දෝ මේ රටත්, මිනිස්සුත් එක්ක තියන බැදීමක් නිසා මට යන්න හිතෙන්නෙ නෑ. උඹ දන්නවනේ මගේ ප්රධාන ජොබ් එක. ඒ ජොබ් එකත් එක්ක මට එලඹෙන හැම විනාඩියකදිම හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුලුවන්. අනිත් එක කරන රස්සාව සහ තවත් දේවල් නිසා මම ඇතිකරගෙන තියන සමාජ තත්වෙත් මට වෙනෙ කොහෙදිවත් ලැබෙන්නේ නෑ නෙ බං. මම ජීවිතේ වැඩි පුරම සල්ලි, භෞතික සැප සම්පත් බලාපොරොත්තු වෙන කෙනෙක් නොවන නිසා මට එහෙම දැනෙනවද දන්නෙ නෑ.