ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....
වැනට් එක අරගෙන අවුරුද්දක් වගේ ලං වෙද්දී මගේ ආර්ථික තත්වය අන්තෙටම පිරිහීගෙන යන වාතාවරණයක් ඇතුලේ මම උන්නේ හිඟන්නෙක් වෙන්න ඔන්න මෙන්න. අනෙකුත් ආදායම් සහ රැකියාවෙන් ලැබෙන ආදායම ඔක්කොම එකතුකරලා ඉස්කෝලේ ඉගෙනගත්තු ගිණුම්කරණය, වානිජ්‍ය හා මුල්‍ය, ආර්ථික විද්‍යාව ඇතුළු සියලුම තාර්කික න්‍යායාත්මක සූත්‍ර වලින් හදල බැලුවත් මගේ ආදායම සහ වියදම අතර තිබ්බෙ ඍන ශේෂයක්. ඒ කියන්නේ මගේ ආදායම් වියදම් ලෙජර් එක බැලන්ස් වෙන්නේ තියා ඒ අහලකටවත් එන්නේ නැහැ මේ වැනට් මරාලේ නිසා..මාසෙන් දවස් 30ක් කැඩෙන්නේ නැතුව දිව්වත් 31 වෙනි දවසේ කැඩෙනවා අනිවාර්යයි.. ඒ කියන්නේ සමහර මාස වල මගේ ආදායක් වියදම් ශේෂ පත්‍රය මාසේ දවස් 30ක් වෙනකම් ධන ශේෂයක් පෙන්නුවත් 31 වෙනි දවසේ එකතුවෙන වියදම් වලින් නිකම්ම ඍන අගයක් ඉතුරු කරලා ක්ලෝස් වෙන්නේ. මේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන හින්ද අන්තිමේ මම තීරණය කරා වැනට් රාජයා විකුනන්න.
ඔන්න ඉතින් හා හා පුරා කියල හික්කඩුව ආසන්නයේ සීනිගම දේවාලේ හරියේ තිබ්බ හිතවතෙකුගේ සෙල් එකකට ඇමතුව වාහනේ විකුණලා දෙනවද කියල අහන්න. මේ කියන හිතවතාත් කිව්වා ඉතින් අරන් එන්න බලන්න ඕන කියල ඉස්සෙල්ල. ඔන්න ඉතින් ඉරිදා දවසක හවස් වරුවෙ පහට විතර මමයි මගේ රියදුරු තැනයි තවත් යාළුවෙකුයි පිටත් උනා සේල් එකට යන්න..
වැනට් රාජයා කොයි තරම් අවිස්වාස උනත් මේ වගේ පොඩි දුරක ගමනකට ඉතින් ඒ තරම් ලොකු අවිස්වාසයක් තිබ්බෙත් නැති නිසා ටූල් බොක්ස් මුකුත් නැතුවම අපි ගමන යන්න යනව .. අපේ ගමනාන්තය වෙන සේල් එකට හරවන තැන මෙන්න බොලේ මහා සෙනග ගොඩක් පිරිලා..අපිත් ඉතින් හෙමි හෙමිහිට වාහනේ ලං කරා.. ලං කරාම තමයි දැක්කේ ගාලු පැත්තේ ඉඳන් කොළඹ පැත්තට යන්න ආපු කාර් එකක් රියදුරාට නින්ද ගිහින් වැටක් කඩාගෙන වත්තකට ගිහින් ගල් ගොඩක හැප්පිලා නැවතිලා..
වැඩේ සිද්ද උන ගමන්ම ඉස්සෙල්ලම ස්ථානයට පැමිණෙන පලවෙනි වාහනය තමයි වැනට් එක.. පාරට පැනපු තරුණ පිරිස වහාම වැනට් රාජයා නවත්වනු ලැබුව .. ඒ පළාතේ හැටියට ඉතින් නවත්වන්නේ නැතුව යන්න විදිහක් නැතිම තරම්.. එත් මොනම තත්වයක් උඩදී උනත් පාරක අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහමග දමා නොනවත්වා යාම කිසිම රියදුරෙකු නොකළයුතු කටයුත්තක් නිසා මම වාහනේ නැවැත්තුවේ අකමැත්තෙන් නෙවෙයි..
තරුණ පිරිස කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ලෙඩ්ඩු සියල්ලම වැනට් එකට පැටෙව්වේ කලයුතු දේ කරන්න අවසර ගැනීමක් අවශ්‍ය නැති නිසා.. එයාල එයාලගේ යුතුකම අකුරට ඉෂ්ට කළා කිව්වොත් තමයි නිවැරදි.. ගාලු පාර දෙපැත්තේ ජීවත්වෙන උදවියට වාහන අනතුරු කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි.. සද්දෙන්ම දන්නවා අනතුරේ ස්භාවය එයාල... අනතුරට පත්වෙලා ඉන්න පිරිස වාහනේ දෙපලු කරලා හරි එලියට ගන්න ගාලු පාර අවට ජීවත්වෙන මිනිස්කම හඳුනන මිනිස්සුන්ට ගතවෙන්නේ විනාඩි කිහිපයක් විතරයි... ඉස්සෙල්ලම එන වාහනේට ලෙඩ්ඩු ටික පැටෙව්වයින් පස්සේ ඌ ලෙඩ්ඩු ටික ගෙදර අරන් ගියත් කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ..
ඔන්න දෙයියනේ කියල එක ලෙඩෙකුගේ නළල මැද්දෙන් පොරොවෙන් ගහල වගේ පැලිලා ලේ විදිනවා.. පුංචි ළමයි දෙන්නයි ..එයාලටත් ටිකක් තුවාලයි.. එත් බරපතල නැහැ.. රියදුරා නොහොත් ළමයින්ගේ පියාට තුවාල නැති උනාට ටිකක් කල්පනාව මදියි.. ඔන්න දැන් වැනට් රාජයා හෙඩ් ලයිට් දාගෙන.. hazard දාගෙනhorn ගහගෙන formula 1 එකක් ගානට ඉගිල්ලෙනවා කිව්වොත් තමයි නිවැරදි.. මම තමයි රියදුරා.. මොකද මම තමයි වාහනේ එලවාගෙන ආවෙ ගෙදර ඉඳන්ම .. මගේ නිල රියදුරාත් ජනේලෙන් ඔලුව අත පය එලියට දාගෙන පාරේ වාහන අයින් කරලා ඉඩ ඉල්ලනවා.. ලඟම තියන රෝහල හික්කඩුවේ ආරච්චි කන්ද රෝහල නිසා කෙලින්ම කරාපිටි යනවට වඩා ලෙඩුන්ගේ යහපත වෙනුවෙන් ආරච්චි කන්ද රෝහලට ගෙනියන්න අපි තීරණය කරා ඉතින්. ගාලු පාරෙන් හැරිල ආරච්චි කන්දට යන බද්දේගම පාර ඒ කාලේ ටිකක් ගොඩැලි සහිත තාර පාරක්.. වැනට් රාජයා යන්නේ පැන පැන ඉතින්.. සමහර වෙලාවට උඩින් ගිහින් ඉස්සරහ රෝද බිම වදිද්දී ඉස්සරහ බෆර් එකත් බිම ඉලෙන තරම්.. දන්නා කියන වැඩ කිඩ ඔක්කොම දාගෙන අපි ආරච්චි කන්දට ලෙඩ්ඩු අරගෙන ගියා කියමුකෝ... උන් නෙවෙයි ලෙඩ්ඩු ඉසිපිරිතාලේ අතුලටවත් ගත්තෙ .. දොස්තර තැන වාහනේටම ඇවිත් ලෙඩ්ඩු බලල සේලයින් ගහල මට කියාපි ඉක්මනට කරාපිටි අරන් යන්න කියල... උන්ට බනින්න සාප කරන්න වෙලාවක් නැති නිසා නැවත වැනට් රාජයාව හරවාගෙන නැවතත් අර උඩ විසික් වෙන පාරේම උඩ පැන පන කරාපිටි යන්න පිටත් උනා.. දැන් පිටිපස්සේ හිටපු අපේ යාළුවගේ අතේ සේලයින් බෝතල් .. ඌ ඒවා උඩට කරලා අල්ලාගෙන ඉන්න අතරේ මම රියදුරයි මගේ සහයක රියදුරයි නැවතත් vannette Formula 1 ගේම පටන් ගත්ත.
ගාලු පාරට දාල හික්කඩුව පහු කරලා වැඩි දුරක් එන්න ලැබුනේ නැහැ මෙන්න බොලේ වැනට් රාජයා ඩෑෂ් එකෙන් charging ලයිට් එක පත්තු කරලා පෙන්නුවා බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ කියල... වෙලාව කළුවරත් වැටීගෙන එන වෙලාව නිසා ලයිට් නැතුව යන්න විදිහකුත් නැහැ.. ඊට අමතරව බ්රේක් පැඩල් එකත් ගල් ගෙඩිය වගේ තදයි ..එත් ලෙඩ්ඩු හින්ද හෙමින් යන්නත් බැහැ ..චර්ජින් නැතුව ටික දුරක් formula 1 ගේමෙන් ආපු වැනට් රාජයා ගින්තොටට ටිකක් මෙහා පිංතාලිය හන්දියේදී ඩීසල් පොම්පේ වහල එන්ජිම නවත්තල දැම්ම තව දුරටත් ඩීසල් පොම්පේ අරගෙන ඉන්න තරම් බලයක් බැටරියේ නැති නිසා.. අපේ හිත්වල මේ අසරණ ලෙඩ්ඩුන්ට අනුකම්පාව දයාව තිබ්බට යකඩ ගොඩට එහෙම හිතක් පපුවක් තියන එකක්යැයි ඉතින්.. එහෙම හිතක් පපුවක් තිබ්බනම් සතියකට දෙතුන් වතාවක් හෝදලා කරලා දවස ගානේ දුම් අල්ලලා සාත්තු කරන මට එහෙම වද 32 දෙන එකක් නැහැනේ ඉතින්..
වාහනත් කැඩිලා ඇති මගේ ඕන තරම් මහ මග.. එත් එදා තරම් මම අසරණ උනේ නැහැ කවමදාකවත්.. ලේ වැගිරෙන ලෙඩ්ඩු තුන්දෙකෙන් එක්ක වාහනේ මග කැඩුනාම දැනෙන සනීපෙ කොහොමද කියල නිකමට හිතාගන්නකෝ... මම හනික වාහනෙන් පැනල එතන ටවුන් ඒස් එකක් නවත්තල තිබ්බ ගෙදරකට දිව්ව. මම ගේට්ටුව පෙරලගෙන දුවගෙන ගිය දිවිල්ලට ඒ ගෙදර මිනිස්සු භය උනා.. එත් මම බැගෑපත් වෙලා උදව් ඉල්ලුව.. කොහොම හරි මේ ලෙඩ්ඩු හතරදෙනා කරාපිටියට දාන්න කියල.. මුලදී ඒ ගෙදර උදවිය මාව විස්වාස කරේ නැහැ.. පස්සේ පාරට ඇවිත් බැලුවාම වැඩේ ඇත්ත කියල එයාල තේරුම් ගත්ත..ලෙඩ්ඩු දැක්ක ගමන් ගෙදර මහත්තය වාහනේ එලියට අරගෙන ලෙඩ්ඩු ටික පටවාගෙන කරාපිටි යන්න ගියා.. එත් අපේ ලෙඩේට ඉතින් කරාපිටියේ බෙහෙත් තියන එකක්යැ ඉතින්.. ඔන්න දෙයියනේ කියල වාහනේ ගාලු පාරෙන් පිංතාලිය පාරට තල්ලු කරලා දාගෙන එන්ජිම ඇරලා බැලුව ඉතින් ගෙදර යන විදිහක් හොයාගන්න ඕන නිසා..
ඔල්ටෝනේටරයේ බෙල්ට් එක අවසන් ගමන් ගොස් ඇති බැවින් තව දුරටත් එහි ඔල්ටෝනේටර් බෙල්ට් එකක් ඇත්තේ නැත.. තිබෙන්නේ පුලි පමණය... රාත්‍රී 7.30 පමණ වී ඇති බැවින් ගාල්ලට නුදුරේ ඉන්නා ඥාති වරිගයා අමතා උදාව් උදාව් කී සැනින් ඥාති සහෝදරයින් තිදෙනෙකු ස්ථානයට වාර්තා කරා හැකි විගහින්.. ඊට පස්සේ කරේ එයාල එක්ක ගිහින් බෙල්ට් එකක් ගොයාගන්න කඩයක් තියනවද කියල බලන්න.. පැයක විතර උත්සාහයකින් පස්සේ බෙල්ට් ගෙන්න ගියපු උන් හිස් අතින්ම ආව නිසා වෙනයම් වූ විකල්පයක් ගැන හිතන්න මට සිද්ද උනා ඉතින්.
අහල පහල ගෙදරකින් හීනි තංගුස් ලනුවක් ඉල්ලගෙන ඒක කොහු ලනුවක් එක්ක අඹරල බෙල්ට් පුලි වලින් දාල පුළුවන් තරම් අතින් තද කරලා දැම්ම ගැටයක් .. වැඩේ ටිකක් සාර්ථකයි.. බටරියත් නිකම් තිබිල Dry charge වෙලා නිසා යතුර on කරාම ඩීසල් පොම්පෙ ඇරෙනවා කනට ඇහෙනවා. ඒ හින්ද තල්ලුවක් දාල 2nd එකේ දාල අතෑරපු ගමන් නැවත වැනට් රාජයාට පන ආව..ලනුව බෙල්ට් එකෙන් කරපු දේ 100% ක් නිවැරදිව කරන්නේ නැති උනත් ගැටේ ගාවින් නැවතී නැවතී අමාරුවෙන් ඔල්ටෝනේටර් එක කරකවන නිසා අපි ඉක්මනින් ගෙදර එන්න පිටත් උනා සහයෝගයට ආපු ඥාතීන්ට ස්තුති කරලා..
ගමන එන්න පිටත් උනාට ලයිට් දාපු ගමන් ලණුවට අමාරුයි ඔල්ටෝනේටර් එක කරකවන්න..බැටරිය dead නිසා යන්තම් කරකවල චාර්ජ් කරාට ලයිට් දාගෙන යන්න තරම් බලයක් දෙන්න අමාරුයි ලනුවෙන් ලිස්සන ගමන් කරකවල.. බැටරිය නැතුවම ධාවනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබ්බත් ක්‍රියාත්මක කරන්න 17 රින්ච් එකක් අවශ්‍යයි.. ඩීසල් පොම්පෙ සොලොනොයිඩ් එක ගලවල දැම්මාම ලෝකේ වටේ උනත් යන්න පරණ ඩීසල් වාහන වලට බැටරිය අවශ්‍ය නැහැ.. තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ගියා.. හැබැයි ඔල්ටෝනේටර් එකෙන් බ්රේක් පද්ධතියේ බුස්ටර් එක වැකුම් කරන මොඩල් එකක්නම් බ්රේක් එක ගල් ගෙඩිය වගේ තදයි .. එහෙම තත්වයක් යටතේ formula 1 ආකාරයෙන් ධාවනය ඉතාම ඉක්මනින් ලඟම තියන ශික්ෂණ රෝහල වෙත යන ගමන සමහර විට one way වෙන්නත් පුළුවනි..
සොලොනොයිඩ් ගලවන්න 17 රින්ච් හොයන්නත් විදිහක් නැහැ.. තැන තැන නවත්ත නවත්ත යන්න පුළුවන් කමකුත් නැහැ ලනු බෙල්ට් එක නිසා.. ලයිටුත් නැහැ.. එහෙම එද්දී තමයි මතක් උනේ ගාලු පාරේ තියන චෙක් පොයින්ට් එක.. එන හැම වාහනයක්ම නැවැත්තුවේ නැතත් ලයිට් නැතුව එන වාහනේ අනිවාර්යෙන්ම නවත්තන බව දන්නා නිසාත්.. වාහනේ පුරාම ලේ තියන නිසාත් චෙක් පොයින්ට් එක හරහා ගමන බොහෝ දුරට නැති ප්‍රශ්න වලට අත වැනීමක් නිසා අවසානයේ තීරණය කරා මග නවත්තල උදේ උනාම ඩීසල් පොම්පේ සොලොනොයිඩ් එකක් ගලවල යන්න. ඊට පස්සේ ඉතින් සිද්ද වෙච්චි දේ කියන්න ඕන නැහැනේ.. ගෙදරට ඇමතුමක් දීල රියදුරයි මමයි වාහනෙම දොයිය බබා උනා අනෙක් යාළුවා බස් එකේ ගෙදර යවල.. උදේ රියදුරාගේම පියතුමාගේ ට්‍රැක්ටර් එක අරන් ඇවිත් ඇදගෙනම ගිහින් හදන්න දැම්ම.. බැලුවාම ඔල්ටෝනේටර් එකේ රේසර් එකක් ටිකක් හිර වෙලා. ඊට අමතරව ඩයෝඩ් කීපයක් නොඑන ගමන් ගිහින් .... එදත් ඉතින් ඔක්කොම හදල කරලා ඉවර වෙද්දී දෙතුන්දාහක් කුඩු...ගෙදරට හැතැක්ම 5 ක් තියෙද්දී වාහනේ ගෙදර ගෙන්න බැරි උන එකම දවස එදා තමයි... වාහනේ ලේ තිබ්බේ නැත්තම් එදත් කොහොමහරි "වයසට ගියත් හවසට ගෙදර (තල්ලු කරගෙන හරි).."
මේකෙන් මම උඹලාට කියන්නේ මහ පාරේදී කවදත් Always expect unexpected ..... යන්න ගියේ එක අහක.. අන්තිමේ ගෙදර ආවේ වෙනත් විදිහකට...මේ ඔල්ටෝනේටර් එක මට දීපු වද 32 ගැන ලියන්න ගන්න කාලේ අපරාදේ ... ඉස්පිරිතාලේ අරගෙන ගිය කට්ටියගේ ළමයින්ගේ තාත්ත සතියකට පස්සේ මගේ දුරකථන අංකය හොයාගෙන කතා කරලා ස්තුති කරා.. ඒ මනුස්සය මගේ අංක කොහොම හොයාගත්තද කියන එක අදත් ප්‍රශනයක් මට..එත් කාට හරි ස්තුති කරන්න ඕනෙනම් කොහොම හරි ඒක කල යුතුයි කියන දේ ඒ මනුස්සය මට එදා ඔප්පු කරලා පෙන්නුවා.. ඒ මනුස්සය එයාර් ලංකා එකේ වැඩ කරන කෙනෙක් කියල එදා මට කිව්වා. සමහර විට ඒ දරුවෝ අද එළකිරියේ මේ පොස්ට් කියවනවද දන්නෙත් නැහැ..
තව දෙයක්... කවදාවත් අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහා මග දාල යන්න එපා.. අපි හැමෝම වාහන වල යන උදවිය විදිහට අපිත් කොයි වෙලේ අනතුරකට පත්වෙනවද කියල අපිට කියන්න බැහැ ..එහෙම වෙලාවට අපිට පිහිටට එන්නේ තවත් අපි වගේම මහ මග යන එන කෙනෙක් විතරයි.. මම තව වතාවක් එහෙම ලෙඩ්ඩු ඇද්ද.. ඒ කතාවත් පසුවට ලියන්නම්..
අඩෝ උබ ඔය කියන්න අපේ පාර හික්කඩුව බද්දේගම පාර
අන්න මරු මරු අර සයිලංසරේ කැඩිලා පැදපුවාජර්නියේ සංචාරය ඉවර උනාට පස්සේ.. කාර් ගැන ලියන්න හිතුනා..
Ke 20 එකකින් පටං ගන්න කියලා බැලුවේ..
දැං තියෙන එක්කෙනාව තාම මනමාලි කරන ගමං. තව වැඩ ටිකක් තියෙනවා. ඉවර නවලාම ෆොටෝ දාන්නං
Uba koheda machanහරි බන් ඔය පාරේ මම ඕන තරම් ඇවිදලා තියනවා. උඹ ඉන්නෙත් ඒ පාරේද මචන්..මා එක්ක එක පන්තියේ ඉගෙනගනිපු කීප දෙනෙක් ඉන්නවා ඔය පාරේ



Uba koheda machan
Mama Arachchikanda hospital 1 issarahama![]()
මම හික්කඩුවේ නෙවෙයි බන්... ධර්මාශෝකෙට ගිය හික්කඩුවේ හිටපු 95/96/97 AL කරපු එවුන් දන්නවා බන් මම .


Aiya kiyanna thibune 


අවුරුද්දට ගෙදර ඇවිත් බෙලිහුල්ඔය පැත්තෙ චාරිකා කරනවනං වරෙන් අපේ ගෙදර
ආරාධනාවට ස්තුතියි මචන්.. ලංකාව පුරා යන්න නම් අදහසක් තිබේ.. ඒත් කොහේ යාවිද කියල තාම අදහසක් නැහැ..
හරි හරි ආවොත් කතා කරපංකෝ![]()
ඔන්න මේකත් මගේ අතිජාත හිතමිත්‍ර වැනට් රාජයා ගැනමයි....
වැනට් එක අරගෙන අවුරුද්දක් වගේ ලං වෙද්දී මගේ ආර්ථික තත්වය අන්තෙටම පිරිහීගෙන යන
ඔන්න ඉතින් හා හා පුරා කියල හික්කඩුව ආසන්නයේ සීනිගම දේවාලේ හරියේ තිබ්බ හිතවතෙකුගේ සෙල් එකකට ඇමතුව වාහනේ විකුණලා දෙනවද කියල අහන්න. මේ කියන හිතවතාත් කිව්වා ඉතින් අරන් එන්න බලන්න ඕන කියල ඉස්සෙල්ල. ඔන්න ඉතින් ඉරිදා දවසක හවස් වරුවෙ පහට විතර
තව දෙයක්... කවදාවත් අනතුරකට පත්වෙලා ඉන්න කෙනෙක් මහා මග දාල යන්න එපා.. අපි හැමෝම වාහන වල යන උදවිය විදිහට අපිත් කොයි වෙලේ අනතුරකට පත්වෙනවද කියල අපිට කියන්න බැහැ ..එහෙම වෙලාවට අපිට පිහිටට එන්නේ තවත් අපි වගේම මහ මග යන එන කෙනෙක් විතරයි.. මම තව වතාවක් එහෙම ලෙඩ්ඩු ඇද්ද.. ඒ කතාවත් පසුවට ලියන්නම්..
පොල්වත්ත ලංකාවට ආවහම කටු ත්‍රෙඩ් එකේ කට්ටිය සෙට් වෙමුද ?![]()
ඕන වෙලාවක මම එක පයින්




එහෙම වෙලාවට අපිට පිහිටට එන්නේ තවත් අපි වගේම මහ මග යන එන කෙනෙක් විතරයි.. . [/COLOR][/SIZE][/QUOT



:yeඅනිවාර්යෙන්ම!!s:මාත් එනවාපොල්වත්ත ලංකාවට ආවහම කටු ත්‍රෙඩ් එකේ කට්ටිය සෙට් වෙමුද ?![]()
මමත් එවරෙඩි....
අනිත් සෙට් එක කොහොමද දන්නේ නෑ...![]()