මම ebay එකෙන් 2nd hand core2duo ප්‍රොසෙසරයක් ගත්තා. අද තමයි ආවෙ. ඒකෙ තිබ්බ තර්මල් පේස්ට් පැකට් එකත් දාලා හයි කරා. පවර් දුන්නම කූලින් ෆෑන් වැඩ කරනවා විතරයි.මොනිටරේ මුකුත් වැටෙන්නෙ නෑ. දිගටම ඔහොමයි තියෙන්නෙ. මම මීට කලින් අලුත් ප්‍රොසෙසරයක් හයි කරල නෑ. (තිබිච්ච එක ගලවල හයි කරල තියෙනවා) අලුත් එකක් දාද්දි කරන්න මොනා හරි තියෙනවද? එහෙම නැත්තන් මේ ප්‍රොසෙසරේට මොකද වෙලා තියෙන්නෙ?
