වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

MrCat

Well-known member
  • Jul 3, 2007
    656
    1,077
    93
    වෙන උන් brake හදුවහම තමයි බං sure නැත්තේ.. තමන්ම කරගන්න පුළුවන් ටික කර ගත්තාම හිතට හොඳයි. මේක ලොකු දෙයක් නෙවෙයි

    Bmw model එක මොකක්ද?
    M140i machan.. 6 Cylinder turbo hatchback...

    This post..has some details..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඒකත් ඇත්ත හැබැයි ටෝක් රින්ච් කල් යනකොට කැලිබ්‍රේශන් වෙනස් වෙනව නේහ්? ඩිජිටල් ඒවගෙත් වෙනවද දන්නෑ.

    ලංකාවෙ කැලිබ්‍රේට් කරගන්න තැනක් ඇත්තෙත් නෑනේ
    ඒකනං දන්නෙ නෑ මචං... ලොකු වෙනසක් එන්නෙ නැතුව ඇති..
    වරෙන් මගේ බ්‍රේක්‌ වැඩ නැ
    කටේද...😂
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඒකත් ඇත්ත හැබැයි ටෝක් රින්ච් කල් යනකොට කැලිබ්‍රේශන් වෙනස් වෙනව නේහ්? ඩිජිටල් ඒවගෙත් වෙනවද දන්නෑ.

    ලංකාවෙ කැලිබ්‍රේට් කරගන්න තැනක් ඇත්තෙත් නෑනේ
    කිරැම් හා මිනුම් කාර්ය්‍යනශයෙන් කරනවා
    Wurth එකෙත් කරනවාද කොහෙද, හැබැයි කෝපරේට් එකවුන්ට් එකක් ඕන
     
    nidarsha91

    Well-known member
  • Umbey danuma, hakiyaawa mama agey karanawa. Loweth ithin supiri

    Eth mey wage dewal mamanam kiyanne professional thankata gihin karganna ona kiyala. Hethuwa tama mey hamadema tiyenne apey aarakshawata. Salli ithuru karanna owa taniyen karanna gihin wenna puluwan winaasa ona taram tiyenawa.

    Again --> Uyage hakiyaawa nam itin supiri.

    PS: veet tikak ewannada mawil tika kapaaganna 🥴 🥴
    Mata nan meka salli ithuru karaganna wadak wage penne na ban. Ohoma karaddi thiyena feeling eka daneddi......... niyanak aragena thada wechcha anayak galawaganna try karala balapan. Wena un apooo ba kiyapu wadak karala balapan. A sathuta wenama ekak machan. Ethandi uba damme WD40 da FD40 da machine oil da kiyana eka nemei adaaala wenne. Ubata eeken labena amuthuma satisfaction eka. waradinawata thiyena baya thamange Athulenma Aragaththa minissu thamai me loeke senas karanne kiyalai mata nan danenne. meth ehema lanka awe oluwak !
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Mata nan meka salli ithuru karaganna wadak wage penne na ban. Ohoma karaddi thiyena feeling eka daneddi......... niyanak aragena thada wechcha anayak galawaganna try karala balapan. Wena un apooo ba kiyapu wadak karala balapan. A sathuta wenama ekak machan. Ethandi uba damme WD40 da FD40 da machine oil da kiyana eka nemei adaaala wenne. Ubata eeken labena amuthuma satisfaction eka. waradinawata thiyena baya thamange Athulenma Aragaththa minissu thamai me loeke senas karanne kiyalai mata nan danenne. meth ehema lanka awe oluwak !
    සුපිරිම කියමන මචං... අනිවා ඇත්ත මේකනං...👍👍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නෝනා ගෙදර ඉදන්ම පෑඩ්ස් මාරු කරන්නේ ගෙවුනමද? උතුරනකොට නෙමේද? :confused:
    "ඒක උතුරන්න එනවද කියල ඇහැ දාගෙන ඉන්න..."

    me kalla dakke nadda?

    ළමයෙක්, පැලයක්, උපකරණයක් වගේ ඕනෙම දේකට අදාලයි...
    ගෙදරදිම ළමයෙක් හදන හැටි ඊලඟට කියලා දෙන්න.
    ------ Post added on Jul 25, 2023 at 3:03 PM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya wadeta one nam 2000 yawi maximum garage ekakin karagaththoth umbe hakiyawa ekenma agaya karanawa but me wage wadak danna ekekta kiyala karaganna eka safety paththen hondaye.anith eka e monissuth jeewath wenna one.Car ekak thiyenawa nam me wage podi maintainance walata podi ganak wiyadam karanna loba wenna honda naha.Ayeth obage hakiyawa agaya karami.Jayawewa🙂
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    බේක් ද බ්‍රේක් ද හරි? :yes:
    "බ්‍රේක්...."

    මම බේක් කියලද ලියල තිබුණෙ...??😮 බලන්න ඕනෙ...😊

    අද මොනවද හදන්නේ?
    ගෙදර ගියාම තේ එකක් හදා ගන්න ඕනෙ... රෑ වෙලා..😃
    Oya wadeta one nam 2000 yawi maximum garage ekakin karagaththoth umbe hakiyawa ekenma agaya karanawa but me wage wadak danna ekekta kiyala karaganna eka safety paththen hondaye.anith eka e monissuth jeewath wenna one.Car ekak thiyenawa nam me wage podi maintainance walata podi ganak wiyadam karanna loba wenna honda naha.Ayeth obage hakiyawa agaya karami.Jayawewa🙂
    👍👍
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    ටික දවසකට කලින් වාහනේ බ්‍රේක් පෑඩ්ස් ටික මාරු කරල දැම්ම...

    ඉතිං ඒ සම්බන්ධව,
    පොඩි ටිප්ස් ටිකකුත් ඇතුලත් කරල නූලක් දිගඅරින්නයි මේ හදන්නෙ...

    වීඩියෝ බලන්න අකමැති අයට මගේ පල් හෑල්ලකුත් එක්ක ෆොටෝ කෑලි ටිකක් තියෙනව,
    ෆොටෝ බලන්න බැරි, @chirantha19890821 වගේ වයසක උන්දැලාට වීඩියෝ කෑල්ලකුත් තියෙනව...

    මගෙනං අදහස,
    ඔයාලට වාහනේ රෝදයක් ගලවල, ස්පෙයා වීල් එක දාගන්න හැකියාවක් තියෙන කෙනෙක්නං..,
    මේ බ්‍රේක් පෑඩ් මාරු කරන වැඩෙත් තනියම කරගන්න පුලුවන් ජාතියෙ සරල වැඩක්...

    මුලින්ම වාහනේ ජැක් කරල, රෝදෙ ගලව ගන්න...
    ජැක් ස්ටෑන්ඩ් නැත්තං වාහනේ රෝද වලට ෆික්ස් වෙන්න අඩ තියල, ගලවපු රෝදෙ වාහනේ යටට දාන්න...
    නැත්තං හදිස්සියෙ ජැක් එක ස්ලිප් වුනොත් ජැක් ස්ටෑන්ඩ් එකේ කර්තව්‍ය ඔයාට කරන්න වෙයි...

    දැන් හිමිහිට බ්‍රේක් ෆෑඩ් එකට ඇහැ දාල බැලුවම,
    අපිට බලාගන්න පුලුවන් මේක ගෙවිල තියෙන විදිහ...

    ඔය පින්තූරෙ තියෙන මෙටල් පතුරුකෑල්ල තමයි බ්‍රේක් පෑඩ් වෙයා ඉන්ඩිකේටර්එක...
    බ්‍රේක් පෑඩ් ගෙවුනම ඔය කෑල්ල බ්‍රේක් රොටර් එකේ ගෑවෙනව... එතකොට, බ්‍රේක් කරන වෙලාවට ගුත්තිලගෙ වීනා වාදනය වගේ කන්කලු නාදයක් එනව...

    ඒකෙන් අපිට දැනගන්න පුලුවන් බ්‍රේක් ගෙවිල තියෙන්නෙ කියල...

    ඔය කෑල්ලෙනුත් එහාට යන විදිහට පෑඩ් එක ඕනවට වඩා ගෙවිල තිබුණොත්, රොටර් එක ඩැමේජ් වෙලා ෆේස් කරන්න වෙන තත්වෙටම වැඩේ ඩල් වෙන්න පුලුවන්...

    දැන් කැලිපරේ යට බෝල්ට් එක ගලවගන්න...

    ගොඩක් වාහන වල 14mm බෝල්ට් එකක් තමයි එන්නෙ,
    මේ ඇණේ ටිකක් තදයි.. ඒ නිසා ඕපන් රිංච් පාවිච්චි කරන්න එපා,
    බොක්ස් ස්පැනර් හෝ රිං ටයිප් ස්පැනර් එකක් පාවිච්චි කරන්න...

    ("🔧" ඒ කියන්නෙ මේ වගේ යතුරු වල කට ඇරුන පැත්ත නැතුව, මුද්ද වගේ තියෙන පැත්ත පාවිච්චි කරන්න... මේ චූටි ඉමෝජියෙ තියෙන්නෙ කම්බිනේශන් ස්පැනර් එකක්)

    දැන් කැලිපර් එක උඩ පැත්තට උස්සගන්න පුලුවන්....

    දැන් කැලිපර් ස්ප්‍රින්ස් දෙක,
    සහ බ්‍රේක් පෑඩ් දෙක හිමිහිට ලොක් වලින් අයින්කරගන්න...

    අලුත් පෑඩ් දාන්න කලින් අපිට, අලුත් පෑඩ්ස් වල ඝණකමට හරියන විදිහට බ්‍රේක් පිස්ටන් එක පස්සට තල්ලු කරන්න වෙනව....

    මේක ඉස්කුරුප්පු නියනකින් ලිවර් කරල යවන්නත් පුලුවන්,,
    හැබැයි බ්‍රේක් පිස්ටන් හෙඩ්, අත පය ඩැමේජ් කරගන්නෙ නැතුව ඒ වැඩේ කරන්න පුලුවන් සරල උපකරණයක් මම හදාගත්ත..

    මේ වගේ පට්ටමකට පොටක් කපල, ඇණයක් දාගත්තම වැඩේ හරි පහසුයි...
    මේ විදිහට කැලිපරේට අටෝල, ඇණේ තදකරනකොට පිස්ටන් එක ඇතුලට තදවෙනව.

    IMG-20230724-070249.jpg

    පිස්ටන් එක පස්සට යනකොට, බ්‍රේක් ඔයිල් ලෙවල් එක වැඩිවෙනව... ඒක උතුරන්න එනවද කියල ඇහැ දාගෙන ඉන්න...

    දැන් අලුත් බ්‍රේක් පෑඩ් දෙක ක්ලිප් වලට වැටෙන විදිහට, හරි පැත්ත බලල දාගන්න...

    බ්‍රේක් පෑඩ් ස්ප්‍රින් තියානවනං ඒවත් බලල දාන්න... මේව එක එක වාහන වල එක එක විදිහට එන්න පුලුවන්. සමහර වාහන වල මෙහෙම ස්ප්‍රින් එන්නෙ නෑ... ස්ප්‍රන් එන වාහනයක්නං අනිවාර්යයෙන් බලල දාන්න...

    මේ ස්ප්‍රින් ගොඩක් වෙලාවට කැඩිල තියෙන්න පුලුවන්. මොකද මේව රත් වෙනව, ෆැටිග්ෆේලියර් වෙන්න, ඉඩ කඩ වැඩියි... මක බාස්ල ගැලෙවුවම ඕව ආයෙ දාන්නෙ නැතුව තියෙන්නත් පුලුවන්...

    මේ වාහනේ එක පැත්තක ස්ප්‍රින්ස් කැඩිල තිබුණ, මේ තියෙන්නෙ ඒ කැඩිල තිබුණ පැත්තෙයි, අනික් පැත්තෙ රෝදෙයි බ්‍රේක් පෑඩ් ගෙවිල තියෙන විදිහ... අඩුවෙන් ගෙවිල තියෙන්නෙ ස්ප්‍රින් තිබුණ පැත්තෙ පෑඩ් එක..
    දැක්කනෙ වෙනස..

    දැන් ඉතිං කැලිපර් එක හයි කරල, රෝදෙ හයිකරගත්තම වැඩේ අහවරයි... වාහනේ පාරට දාන්න කලින් රොටර් එක අතින් කරකවල බලන්න අවුලක් නැතුව කැරකෙනවද කියල...
    බ්‍රේක් පැඩ්ල් එකත් දෙතුන් පාරක් පැඩ්ල් කරන්න... එතකොට තමයි ඔයිල් ප්‍රෙශර් වෙන්නෙ...

    වැඩේ අහවරයි...
    මෙන්න තියෙනව වීඩියෝව,

    බලන්නකැමති අයට, මම මීට කලින් කරපු මැකනිකල් වැඩ...

    https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

    Supiri well done , thamanta pulu puluwan widiyata oyawage wada karaganna eka hodai garage hora guhawal walata salli pudanne nathuwa
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Supiri well done , thamanta pulu puluwan widiyata oyawage wada karaganna eka hodai garage hora guhawal walata salli pudanne nathuwa
    Hariyata wadak karana un athalossai.. bagayakma inne hora haththa.. maka baas haththa.. Repair manual ekak loweth refer karanne nathi.. Torque wrench ekak ahatawath dakala nathi un.. unta salli deela wada karagannawanum mole poddak check karaganna eka hondai.. mokada katawath pratice wenna api wahana araganne nane bung..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Hariyata wadak karana un athalossai.. bagayakma inne hora haththa.. maka baas haththa.. Repair manual ekak loweth refer karanne nathi.. Torque wrench ekak ahatawath dakala nathi un.. unta salli deela wada karagannawanum mole poddak check karaganna eka hondai.. mokada katawath pratice wenna api wahana araganne nane bung..
    අපේ පැත්තෙ හරියට ටූල් පාවිච්චි කරල වැඩ කරන එක ගැරේජ් එකයි තියෙන්නෙ...
    මිනිහ ස්කෑනර්, කම්ප්‍රශර් ටෙස්ටර්, ටෝක් රින්ච්, හොයිස්ට් කොට්ටෙට තියන්නෙ නැතුව ඒවයින් වැඩ ගන්නව...

    අනිත් හැම එකාටම තියෙන්නෙ, 3Lb මිටියයි, යතුරු සෙට් එකයි, L හැන්ඩ්ල් එකට දාන යකඩ බට කෑල්ලයි විතරයි...
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    මමත් මකබාස් කෙනෙක්ට දීලා කැලිපර් ස්ප්‍රින් එකක් අඩුයි. උදේ ගලවනකොට තිබුනා. දවල් බලනකොට නෑ. ඒ වේසවා කියනවා ඒක අත්‍යවශ්‍ය නෑලු .ඇමතුවා ලොක්කටයි ගෝලයටයි දෙන්නටම. දැන් පොඩි රෙපෙයාර් ගොඩාක් මමම කරගන්නවා.