වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    ලෝකයෙ ජීවත් වන්නට
    සනියක් ඕනෑ වේ
    ලෝකයෙ බඩෙකුට යන්නට
    ඩීඑක් ඕනෑ වේ..

    ඩීඑක් හූ.. හූ..
    ඩීඑක් හූ.. හූ..

    ටෙක් ස්මාට් එකෙහි කාලය ගෙවන බඩා
    ටොෂීබා ලැපටම ඉඹ ඉඹ ඉන්න බඩා.
    ඩෙල් එක හොද යැයි කියලා කිව්ව යුරා
    හොරෙන්ම හොරන්ම ඒසර් වික්ක යුරා..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ලේලන්ඩ් බේක්ම් වැනුමට උපන් බඩා.
    සනියේ බ්‍රේක්ද හොද යැයි කියන යුරා..
    ඩිඑක් එකෙන්ම බඩු ටික අදින යුරා.
    ඒකම හෙමින්ම ගියරෙන් බ්‍රේක් ගසාආආආ..

    ලෝකයෙ ජීවත් වන්නට..

    ( තාලය - ලෝකයෙ ජීවත් වන්නට)

    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    minissunwa hina gassala marannepa yako :lol::lol::lol::lol::lol::lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    mokadda hethuwa kiyala kyanna puluwanda? bus eke mechanical awulak wage neda ?
    ස්ටියරිං විල් රැක ඒකෙන් කොහෙන් හරි ගැලවි යාම
    ඉදිරි පස ටයර් ඒක පුපුරා යැම ඒකපාරටම හුලං බැසිම :sorry:
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    N16 ජාතකය - 2 කොටස..

    දෑන් මචන් N16 රාජයා ශේප් එකේ මගෙ ඉට්ටයිල් එකට හෑඩ ගෑහිල ලොකු කරදරයක් නෑතුව යනව. ඒත් මචන් ඉදල හිටල ගියර් මාරු වෙන එකේ හොරයක් මට දෑනුන. මම ගනන් ගත්තේ නෑ. මෙන්න මචන් මාස 2-3 ගියහම වෑඩේ ටික ටික අල වෙනව.. ගියර් මාරු වෙන්නෙම නෑ.. මල හුට්ටප්පරයයි. එක ගෑරේජ් එකකට අරන් ගිහාම පොර එක ට්‍රයල් පාරෙන් කිව්ව එකට බඩු කියල.. :mad: :mad: :mad: :mad: :mad: :growl::growl::growl:

    මට අවුල්. වෙනත් තෑනකට අරන් ගියා පොරගේ ගෑරජ් එකේ නම AUTO NIYAZ. හම්බයෙක්. :growl:මුගෙ එක පාරෙන් පහල තියෙන්නෙ. ගෑරෙජ් එකට වාහනේ දෑම්ම දෑම්මමයි, උඩට ගන්න බෑ. රිවර්ස් වෑටෙන්නෙ නෑ.. :sorry:මූ බලල කිව්ව හදන්න පුලුවන් වෙයි, තියල යන්න බලල කියන්නම් කියල. මමත් තියාගන ගියා. දවස් 4න් විතර මූ කියපි ගියර් එක දාන්න වෙනව, 45,000-50,000ක් වෙනව කියල. :( :'( :( :shocked::shocked:

    මම යාලුවෙක්ට ඈමතුව, පොර මම අර ඉස්සරලම ගිය ගෑරෙජ් එකේ අයියට කියල වෙන තෑනකින් 35,000 ට box එකක් හොයල දුන්න. සුපිරි box එක. අර හම්බ **රිය මේක කරන්න 9000ක් ගත්ත අර අනිත් අයිය කිව්ව උට දුන්නනම් 3000ට කරල දෙනව කියල.. :/ :/ :/ :no::no:

    සතියකින් විතර වාහනේ ready.. kolla හෙන හෑපී.. හම්බයට සල්ලි ගෙවල වාහනේ අරගන, යාලුවෙක් එක්ක set වෙන්න plan කරා හවස.. මගේ වාහනේ යන්න බෑ මොකද ඒකේ documents tika ගෙදර. ගරේජ් එකේ සති එකහමාරක් විතර නේ.. එ හින්දා මගේ වාහනේ යාලුවගේ yard එකේ දාල, පොරගේ වාහනේ ගියා.. :cool::cool:

    රෑ 11ට විතර කට්ටියට හොදට බඩු. ගෙදර යන් කියල ආව yard එකට. දෑන් මම හෙමීට reverse කරා main road එකට.. වෑදිල නිසා ඔක්කොම slow motion... main road එකේ පහලින් මගේ side එකෙන් පේනව ත්‍රීවීල් එකක් එනව.. උඩහින් එනව colombo kandy බස් එකක්. මම වාහනේ පුක එලියේ තියාගන හිටිය බස් එක යනකන්. මම හිතුවේ වීල් කාරය නවත්තන් ඉදී කියල මම ගන්නකන්..:confused::eek:
    මිත්‍ර වරුනි, මම වෑරදී.. මූ නෑවෑත්තුවේ නෑ. මූ මගේ පුකත් හප්පාගෙන, බස් එකේ පුකත් හප්පාගන කඩාගන ගියා නවත්තනේ නෑතුව... :mad: :mad: :mad: :shocked::(
    බඩුත් බෑස්ස.. බෑහල බෑලුවම ලොකූ damage එකක් නෑහෑ.. එත් තෙල් ටෑoකිය ලග හීරිල.. ගෙදර ගිහින් පූස වගේ හිටිය.. පස්සේ insurance එකෙන් දාල accident එක්කම කලින් කෑඩිල light තිබුනු එකකුත් දාල, bumper එකත් paint කරගත්ත.. :nerd::nerd:

    බූත් painting කරන්න ඕනේ නිසා දෑම්ම එහෙම එකකට.. එතන දවස් 5ක් විතර ගියා.. දෑන් ඔක්කොම හරි. වාහනේ ටොයිය වගේ ඈති (කියල හිතුවා).............. අහෝ දුකකි, ඉවරයි කියල හිතුවට, ඉවර නෑ.. තව තියනව.... :no:
    -to be continued-
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දෑන් මචන් N16 රාජයා ශේප් එකේ මගෙ ඉට්ටයිල් එකට හෑඩ ගෑහිල ලොකු කරදරයක් නෑතුව යනව. ඒත් මචන් ඉදල හිටල ගියර් මාරු වෙන එකේ හොරයක් මට දෑනුන. මම ගනන් ගත්තේ නෑ. මෙන්න මචන් මාස 2-3 ගියහම වෑඩේ ටික ටික අල වෙනව.. ගියර් මාරු වෙන්නෙම නෑ.. මල හුට්ටප්පරයයි. එක ගෑරේජ් එකකට අරන් ගිහාම පොර එක ට්‍රයල් පාරෙන් කිව්ව එකට බඩු කියල.. :mad: :mad: :mad: :mad: :mad: :growl::growl::growl:

    මට අවුල්. වෙනත් තෑනකට අරන් ගියා පොරගේ ගෑරජ් එකේ නම AUTO NIYAZ. හම්බයෙක්. :growl:මුගෙ එක පාරෙන් පහල තියෙන්නෙ. ගෑරෙජ් එකට වාහනේ දෑම්ම දෑම්මමයි, උඩට ගන්න බෑ. රිවර්ස් වෑටෙන්නෙ නෑ.. :sorry:මූ බලල කිව්ව හදන්න පුලුවන් වෙයි, තියල යන්න බලල කියන්නම් කියල. මමත් තියාගන ගියා. දවස් 4න් විතර මූ කියපි ගියර් එක දාන්න වෙනව, 45,000-50,000ක් වෙනව කියල. :( :'( :( :shocked::shocked:

    මම යාලුවෙක්ට ඈමතුව, පොර මම අර ඉස්සරලම ගිය ගෑරෙජ් එකේ අයියට කියල වෙන තෑනකින් 35,000 ට box එකක් හොයල දුන්න. සුපිරි box එක. අර හම්බ **රිය මේක කරන්න 9000ක් ගත්ත අර අනිත් අයිය කිව්ව උට දුන්නනම් 3000ට කරල දෙනව කියල.. :/ :/ :/ :no::no:

    සතියකින් විතර වාහනේ ready.. kolla හෙන හෑපී.. හම්බයට සල්ලි ගෙවල වාහනේ අරගන, යාලුවෙක් එක්ක set වෙන්න plan කරා හවස.. මගේ වාහනේ යන්න බෑ මොකද ඒකේ documents tika ගෙදර. ගරේජ් එකේ සති එකහමාරක් විතර නේ.. එ හින්දා මගේ වාහනේ යාලුවගේ yard එකේ දාල, පොරගේ වාහනේ ගියා.. :cool::cool:

    රෑ 11ට විතර කට්ටියට හොදට බඩු. ගෙදර යන් කියල ආව yard එකට. දෑන් මම හෙමීට reverse කරා main road එකට.. වෑදිල නිසා ඔක්කොම slow motion... main road එකේ පහලින් මගේ side එකෙන් පේනව ත්‍රීවීල් එකක් එනව.. උඩහින් එනව colombo kandy බස් එකක්. මම වාහනේ පුක එලියේ තියාගන හිටිය බස් එක යනකන්. මම හිතුවේ වීල් කාරය නවත්තන් ඉදී කියල මම ගන්නකන්..:confused::eek:
    මිත්‍ර වරුනි, මම වෑරදී.. මූ නෑවෑත්තුවේ නෑ. මූ මගේ පුකත් හප්පාගෙන, බස් එකේ පුකත් හප්පාගන කඩාගන ගියා නවත්තනේ නෑතුව... :mad: :mad: :mad: :shocked::(
    බඩුත් බෑස්ස.. බෑහල බෑලුවම ලොකූ damage එකක් නෑහෑ.. එත් තෙල් ටෑoකිය ලග හීරිල.. ගෙදර ගිහින් පූස වගේ හිටිය.. පස්සේ insurance එකෙන් දාල accident එක්කම කලින් කෑඩිල light තිබුනු එකකුත් දාල, bumper එකත් paint කරගත්ත.. :nerd::nerd:

    බූත් painting කරන්න ඕනේ නිසා දෑම්ම එහෙම එකකට.. එතන දවස් 5ක් විතර ගියා.. දෑන් ඔක්කොම හරි. වාහනේ ටොයිය වගේ ඈති (කියල හිතුවා).............. අහෝ දුකකි, ඉවරයි කියල හිතුවට, ඉවර නෑ.. තව තියනව.... :no:
    -to be continued-

    පේරාදෙණියේ NIYAZ නේද? පොරගේ වැඩ හොදයි කියලා අහලා තියෙනවා
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..

    මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..

    ඔන්න වැනට් එක ඒ කාලේ දිව්වේ ලෝකෙ පුරාම සුප්‍රසිද්ද චොකලට් ජාතියක් බෙදන්න ඒජන්සිය කරන කෙනාගේ ඩිලිවරි වාහනයක් විදිහට.. මේ හයර් එක දුවන්න ෆ්‍රිජ් එක වගේ AC තියෙන්න ඕන. AC හරියට නැත්තම් චොකලට් දියවෙන හින්ද හයර් එක නැතිවෙනව. වැනට් මරාලේ දුර යවන හයර් යවන එකට වඩා ඩිලිවරි වැඩකට ගම අවට දුවවන එක සාක්කුවේ කාලගුණයට ඉතාමත් යහපත්. දුර ගමන් යවල කීප වතාවක මගේ සාක්කුව සෝදාපාලු උන නිසා චොකලට් හයර් එක දුවන එක ඒ කාලේ ඉල්ලමක් ලැබුන වගේ.. එත් චොකලට් හයර් එක ඉවර වෙලා වැනට් එක රෑට නිකම් තිබ්බේ නැහැ.. රෑට ගාර්මන්ට් දුවනවා සේවකයින් ගෙවල් වලට බස්සන්න . මේ ඔක්කොම කරලත් මාසේ අන්තිමට ගනුදෙනු හදල බැලුවාම අදායම = වියදම හැමදාම.:no::no::no: එත් ගේම අතාරින්න බැරි නිසා කොහොම හරි දුවවන්නමයි උත්සාහය..

    ඔන්න සිකුරාදා දවසක වැඩ ඇරිලා සාගරිකා දුම්රියේ නැගල වැඩි වෙලාවක් දොයිය බබා වෙන්න උනේ නැහැ.. වැනට් එකේ රියදුරු තැන මගේ දුරකතනයට ඇමතුමක් දීපි..:shocked::shocked::shocked: කාගෙන් ඇමතුම් ආවත් එව්වා සාමාන්‍ය ඇමතුම් උනාට වැනට් එකේ රියදුරා දෙන ඇමතුම හැමදාමත් ඇඟේ මයිල් කෙලින් වෙලා කන් දෙක රත්වෙලා සහලෝල උන ගන්න කෝල් එකක්. ඒ හින්ද වැනට් රියදුරාගේ කෝල් එක වෙනදා වගේම ඉතින් සාක්කුවේ කාලගුණ තත්වයට අයහපත්.. වැනට් එකේ AC මදි වෙලා චොකලට් දියවෙනවලු.. හෙට සෙනසුරාද වරුව නිසා වෙන වාහනයක් යවන්න දාල AC හදන්න වෙනවලු.. වැඩේ කොයි තරම් දරුණු උනත් ඉතින් කෝච්චියෙන් පැනල මැරෙන්න බැරි නිසා කෝච්චිය ගමට එනකම් වාහනේ AC කාරයෙක් ගාවට අරන් යන්න කියල රියදුරාට දැනුම් දීල අයෙත් නින්දට වැටෙන්න හැදුවත් ම්හ්:no::no::no: .. මොන නින්දක්ද වැනට් සොඳුරිය මතක් වෙද්දී..

    වෙනද වෙලාවටම කෝච්චිය ගමට යද්දී වැනට් එක වෙනද වගේම ඉස්ටෙසමට ඇවිත් මාව ගන්න. ඒ හැමදාම වෙන විදිහ.. උදේට වැනට් එකෙන්ම රාත්‍රී රියදුරා ගෙදරට බස්සගෙන උදෑසන රියදුරාගේ ගෙදරට ගිහින් උන්දැවත් දාගෙන උදෑසන තැපැල් දුම්රියට මාව බස්සගනීම සහ හවසට සාගරිකා දුම්රියෙන් ඇවිත් රියදුරා ගෙදරට බස්සල ඩීසල් ගහල රාත්‍රී රියදුරාට වාහනය දීම තමයි සිද්ද උනේ. රාත්‍රී සේවය රාත්‍රී 9 සිට උදෑසන 4 ට අහවරයි.. නැවතත් උදෑසන සේවය..සමහර දවසට රාත්‍රී රියදුරා මම:love::love::love::love:.. රියදුරා නිවාඩු ගත්තට ගාර්මන්ට් ළමයි නිවාඩු ගන්නේ නැහැනේ මචන්ලා...දවසක් නොයව්වොත් හයර් එකට වෙන එකෙක් කොක්ක ගහනවමයි..

    දැන් AC හදන්න ගිය කතාව මෙතැන් සිට...

    AC එකේ ප්‍රශ්නයක් නැහැලු... ප්‍රශනය තියෙන්නේ AC condenser fan එකේලු.. ඒ මගුල වැඩ කරන්නේ නැහැල්ලු..:(:(:( ඒ කියන්නේ AC condenser එක ගලවල fan එක හදල හෝ අලුතෙන් දාල නැවත වැකුම් කරලා ගෑස් ගහන්න වෙනවලු.. කොහොමත් හාර පන්දාහකට කෙළවෙන සීන් එකක්ලු සුපුරුදු විදිහටම..

    ගම පළාතටම උන්නේ ඒ කාලේ වාහන එලෙක්ට්‍රිකල් බාස්ල තුන්දෙනයි.. එකෙක්වත් හදිසි වැඩකට අල්ලගන්න පුළුවන් එවුන් නෙවෙයි... බාස් උන්නැහේ වැඩේ ටිකක් හදිසියි කිව්වොත් ගමන් වැඩේ කීයටවත් බාරගන්නේ නැති තරම් ලොකු පොරවල් එයාල. එත් මගේ හදිසියට වැඩේ කරන්න පොරක් ගමේ හිටිය.. එයත් බොහොම තරුණ පහේ කෙනෙක්.. එයා ගැන විශේෂණ කියන්න විදිහක් නැහැ කිව්වොත් පොර කව්ද කියල අහල පහල උදවිය දැනගන්නවා.. එහෙම උනොත් මට ලංකාවට ගියාම සනීපෙට ඉන්න විදිහක් නැති වෙනවා, මොකද මම කියන කෙනා මොලේ අතේ පොරක්.. ඒ වගේම පාතාල සම්භන්ධකම් එහෙමත් ඒ කාලේ තිබුන.. ඒ හින්ද බොහොම යාප්පුවෙන් තමයි ඇසුරු කල යුත්තේ. කරන්නම දෙයක් නැති හින්ද සෙනසුරාද උදේ වාහනේ අරන් ගියා මේ කියන සුවිශේෂී බුවා ලඟට AC condenser fan එක හදවන්න. මේ බුවා මගේ හොඳ හිතවතෙක් උනාට සනීපෙට සිනිඳුවට ඇසුරු කල යුතුයි හොස්ස ලඟින් මැස්ස යන්නේ නැති වෙන්න. මු වාහන හදනවා උනාට ට්‍රයල් ගියොත් නම් පැය දෙක තුනකට ගරාජ් එකට එන්නේ නැහැ.. ඒ තරමට මුට මගුල් විසේ..:love::love::love:

    ඔන්න ගිහින් වාහනේ උදේ පාන්දරම ගැලෙව්වා AC condenser එක. බැලුවාම fan එකේ බ්‍රෂ් ගිහින්.. ඔන්න දැන් මම යනවා බ්‍රෂ් හොයන්න.. යන්තම් කළුතර සිරිවර්ධන එකේ තිබිල බ්‍රෂ් දෙකක් අරන් එද්දී මනමාල බාස් කොලුවා ට්‍රයල් එකක් ගිහින්. ට්‍රයල් ගිය වාහනේ අයිති එකයි.. මමයි .. මගේ රියදුරයි ඔන්න බලන් ඉන්නවා ඉතින් ක්ෂිතිජය දිහා බාස් එනකම්.. ඔන්න මු ආව පැය දෙකකට විතර පස්සේ.. දැන් පෝලිමේ ඊළඟට ඉන්නේ වැනට් එක..

    මුගේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි උනාට වැඩ හෙන ක්ලීන්.. කෑල්ලක්වත් මජන් පිටින් හයි කරන්නේ නැහැ.. අපිට ඉතින් තිනර් ගෙන්න කියනව..ලාම්පු තෙල් ඕන කියනව.. පෙට්‍රෝල් ඕන කියනවා.. හැබැයි මොනා ඕන කිව්වත් මම රියදුරා යවල ගෙන්නනවා.. මුගේ ට්‍රයි එක වාහනේ අරන් යන්නයි එව්වා ගෙන්න..ගියොත් පුතේ අයෙ එන්නේ පැය දෙකකින් තමයි.. ට්‍රයි කරන හැම කෙල්ලෙකුගේම ගෙවල් ඉස්සරහින් ගිහින් හොර්න් ගහල ලයිට් ගහල ආයේ මාසේකටවත් අපිටවත් ඒ පාරේ යන්න තියන්නේ නැහැ මු හෙන

    stock-vector-cartoon-rooster-vector-clip-art-illustration-with-simple-gradients-all-in-a-single-layer-122117356.jpg



    ඔන්න දැන් මු එක්ක තොවිලේ අහවර කරන තැනටම ආව. දැන් තියෙන්නේ AC condenser එක වාහනේට හයි කරලා ඉක්මනට ගිහින් AC gas ගහන්න..


    මේ වැනට් එකක පින්තුරයක් නෙවෙයි. එත් වැනට් එකෙත් Condenser එක තියෙන්නේ මෙන්න මේ වගේ එන්ජිමට යටින් ඉස්සරය රෝද දෙක මැද්දේ වගේ..

    ac_condenser_2


    මට දැන් හොඳ ගානට මහන්සි හින්ද මම රියදුරාට කිව්වා සපෝර්ට් එකක් දීපන් මම පොඩි නින්දක් දානව කියල වාහනේ පස්සේ සීට් එක ඇල කරගෙන හෙමීට ඇලට් එකක් දාන්න සෙට් උනා.. මට නින්ද ගිහින් වැඩි වෙලාවක් ගියේ නැහැ.. මෙන්න බොලේ කව්ද එකෙක් අමු තිත්ත කුණුහබ්බෙන් අමතනවා ඇහිලා මට උඩ ගිහින් ඇහැරුනා කියපි..:oo::oo::oo::oo:

    ටික වෙලාවක් ගියා මට මේ මොකද වෙන්නේ කියල ගලපගන්න.. එලෙක්ට්‍රික් බාස් තඩි spanner එකක් අරගෙන මගේ රියදුරා පස්සෙන් පන්නනවා අමු කුහරුපෙන් අමතමින්.. බාස් උන්නැහේගේ නලලෙන් ලේත් එනවා ටිකක්.. නළලේ සහ කම්මුලේ පිරමිඩ් එකක් සයිස් ගෙඩි දෙකක් ඇවිත්.. මුණ වෙස් තට්ටුවක් වගේ ..

    angry.jpg


    වැඩේ බෙරන්නම බැහැ මු දැන් මගේ එකාව මරන්නමයි පන්නන්නේ.. රියදුරා කිව්වට උන්දැත් මගේ යාලුවෙක්.. මට වඩා අවුරුද්දක් බාලයි.. අපේ එකත් හිනා වෙවී වත්ත වටේ දුවනවා මුගෙන් බේරෙන්න..එන පොට හින්ද නැති හින්ද අපේ එකා පාරේ ආපු ත්‍රීවීල් එකක එල්ලිලා නොපෙනීම ගියා. බාස් අලි දම්මලවත් නවත්තන්න බැහැ .. වටේටම හිතවතුන්ට කෝල් කරනවා ආයුද අරන් වරෙන්, පිස්තෝල අරන් වරෙන්, කදු අරන් වරෙන්.. අද එකෙක් මරන්න ඕන කියල.. දැන් මු කියන්නෙම කපනවා, මරනවා, කොටනවා, කියලයි.. අම්ම මුත්තටවත් ලං වෙන්න බැරි තරම් අසූ හාරදාහටම මල පැනල දැන්..

    9d95594979aa9175f845f5f6cb17124e.png


    දැන් මුගේ වැඩපොළ වටේ අහල පහල උදවිය පිරිලා..බොහොම යාප්පුවෙන් ලං වෙලා ඇහුව මොකද මහත්තයෝ උනේ කියල.. වෙච්චි දේ අහපල්ලකෝ... බාස් වෑන් එක යටට ගිහින් බිම දිගාවෙලා AC condenser එක හයි කරන්න සෙට් වෙලා අපේ එකාට කියල අත් දෙක යටට දාල AC condenser එක අල්ලගනින්, මම ඇන ටික දානකම් කියල.. අපේ එකා හරි අල්ලගත්ත කියල කිව්වාම බාස් AC condenser එක අතැරලා ඇන දාන්න සෙට් වෙලා.. අපේ එකා අත වැරදිලා AC condenser එක බාස්ගේ මුණ උඩට අතැරලා... ඉතින් මරන්න එලවන්නේ නැතුව තියෙයිද කොල්ලනේ... බාස්ගේ මුණ වෙස්මුන වෙලා.. මොටරුයි, condensor එකයි, ප්ලාස්ටික් කවරයි ඔක්කොම බර කිලෝ 20ක් පැනල මම හිතන්නේ. හිතාගන්න පුලුවනිද අනපේක්ෂිත වෙලාවක ඒ වගේ බරක් මුණ උඩට පත බෑවුනාම මොනවද හිතෙන්නේ කියල..

    දැන් වැඩේ කරන එක නවත්තල බාස් මගේ රියදුරා මරන්න යන්නයි සුදානම. හැබැයි මුව මරන්න වටිනවා කරපු වැඩේට.. බාස්ගේ දත් ටික නොකැඩි බේරුන එක උගේ වාසනාව. මුණ වෙස්මුණ වෙන්නම වැඩේ සිද්ද වෙලා.. අන්තිමේ බාස් ගරාජ් දොර වහල බඩු ටික ඇතුලට දාල ත්‍රීවිල් එකක නැගල යන්න ගියා ඩ්‍රයිවර් ගෙනත් දීපන් ඊට පස්සේ වාහනේ හයි කරන්නම් කියල....

    4300441-mad-mechanic-near-a-broken-car-on-the-road.jpg


    මම වහාම කෝල් එකක් දීල රියදුරා දැනුවත් කරා ආරක්ෂාව තහවුරු කරගන්න කියල කොහෙහරි වහන් වෙලා ..

    දැන් වැනට් එක අතර මග. මම මහ මග.. ටූල්ස් නැහැ වැඩේ ගොඩදාගන්න.. හනික ත්‍රීවිල් එකක් අරන් ගෙදර ගිහින් අරන් ආව මගේ ටූල් බෑග් එක. හැමදාම සුපුරුදු විදිහට ජීවිතේ වැඩි කාලයක් ගත කරපු වැනට් එකේ යටට ගිහින් AC condensar එක අමුනගත්ත .. එත් අමුනගෙන AC හදන එකා ලඟට යද්දී ඌ කඩේ වහල ආගිය අතක් නැහැ කියපල්ලකෝ...

    ඉරිදා දවසත් තියන හින්ද උදේ ඇවිත් AC ගෑස් ගහගන්න පුළුවන් නිසා වැඩි කලබලයක් තිබ්බේ නැහැ ඉතින් මට . ගෙදර ගිහින් රෑ ගාර්මන්ට් හයර් එකත් යවල උදේ ඇවිත් බැලුවාම තමයි අයෙත් ඔලුව පිස්සු වැටෙන ආරංචියක් ඇහුවේ.. AC හදන බුවා කතරගම ගිහින්... දැන් ඉතින් කාපන්කෝ පරිප්පු.. නැවත ගහන්න කියල පරෙස්සමට ටැංකියට පුරවගතපු 2L ගෑස් ටිකත් උගේ කඩේ ඇතුලෙ . :no::no::no::no:

    සඳුදා උදේට වාහනේ චොකලට් හයර් එක නොයව්වොත් එකටත් වෙන එකෙක් කොක්ක ගහන නිසා වාහනේ යැවිය යුතුමයි.. ඒ කියන්නේ ඉරිදා දවස ඇතුලත AC පද්දතිය සෑදිය යුතුමයි.. දන්නා කියන හැම තැනටම ගියා මිතුරනේ.. AC බස් පිරිල හැමතැනම.. වැනට් එක එකෙක්වත් සතේකට ගණන් ගන්නේ නැත.. ටිකක් වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ෆ්‍රිජ විතරක් හදන්න දන්නා AC ගැන තවම ඉගෙනගනිමින් ඉන්න මගේ පාසල් මිතුරෙක්.. කෙලින්ම වැනට් එකෙන් උගේ ගෙදරට..:love::love::love::love:

    ඌ දන්නෙ ෆ්‍රිජ් හදන්න විතරයිලු... වාහන ගැන මෙලෝ දානයක් දන්නේ නැතිලු.. දැන් තියෙන්නේ මගේ මිත්‍රයට ඔටෝ AC පන්තිය පැවැත්වීම.. ඌ දන්නවා තියරිය.. එත් ප්‍රෙෂර් කොයිතරම්ද කියල දන්නෙත් නැහැ.. ප්‍රෙෂර් ඩිස්චාර්ජ් ලයින් තියන තැන දන්නෙත් නැහැ. ලීක් බලන්න ඕන තැන් දන්නෙත් නැහැ. හැබැයි ඌ ගාව ගෙජ් එක තියනවා. ගෑස් විකුණන තැන ඌ දන්නවා ... ෆ්‍රිජ් compressor එකකින් අටවගත්තු වැකුම් පොම්පෙකුත් තියනවා.. ඉතින් වෙන මොනවද මිතුරනේ මට ඕන... :love::love::love:


    කොළඹ ප්‍රසිද්ද ටෙක්නිකල් කොලේජ් එකක ඔටෝ මොබයිල් උගන්වන මගේ ඥාතියෙකුට කෝල් කරලා ඒ ටෙක් එකේම AC උගන්වන ගුරුතුමාව සම්භන්ධ කරගෙන කෝල් එකක් අරන් ප්‍රෙෂර් තියෙන්න ඕන ගාන අහගත්තා.. වැකුම් කරා පැය භාගයක් විතර..වැකුම් කරලා තියෙන්න ඇරිය ගෙජ් සම්පුර්ණයෙන් වහල පැයක් විතර.. තියල ගියා යාළුවගේ මොටෝවෙන් 2L ගෑස් ටිකක් අරන් එන්න..වැකුම් කරලා ටික වෙලාවක් තිබ්බාම ලීක් තියනවනම් වැකුම් ලෙවල් එක අඩුවෙලා ප්‍රෙෂර් 0 වෙනවා ටික වෙලාවකින්..

    Compound_Gauges.jpg


    මුකුත් අවුලක් නැහැ.. පැයකට පස්සෙත් වැකුම් ලෙවල් එක තිබ්බ තැනම තියෙනවා.. ගෑස් ගැහුව.. මේ තියෙන්නේ වැනට් රාජයා ෆ්‍රිජ් එක වගේ... ඔන්න එදා තමයි මගේ ෆ්‍රිජ් විතරක් හදන්න දැනගෙන හිටපු මිත්‍රය ඔටෝ AC පැත්ත කරන විදිහ ගැන අත් පොත් තිබ්බ දවස.

    එලෙක්ටික් බාස් හෙමිහිට ශේප් කරගත්ත දවස් දෙක තුනකට පස්සේ. එහෙම ශේප් කාර්ඩ් එකක් දාගන්නකම් මගේ අතිජාත රියදුරා වාහනේ වැඩ කරේ නැහැ.. මොකද මොලේ අතේ තියන් ඉන්න බාස් ඒ තරම් විස්වාස කටයුතු පුද්ගලයෙක් නෙවෙයි නිසා. ඔන්න ඔහොමයි ඒ කට්ට මම අනුභව කරේ.. බාස් කාරය වාහනේ හයි කරන එක නවත්තල ගරාජ් එක වහල ගෙදර ගිය වෙලාව වෙද්දී මම වැඩේ වෙනුවෙන් ඌට දවල්ට ප්‍රයිඩ් රයිස් කවල, සිගරට් පොවලා . කොකාකෝල පොවලා දාහකට දෙදාහකට විතර බිලක් දාලයි තිබ්බේ. එහෙම නොකර උගෙන් වැඩක් ගන්න බැරි පොරක්.. අන්තිමේ වැඩේ ඉවර වෙද්දී වැඩේට යන සාමාන්‍ය වියදම වගේ දෙගුණයක් හැමදාමත් වගේ වියදම් වෙලා... ඒ ඉතින් වැනට් රාජයාගේ උපන් හපන්කම් ...:love::love::love:

    මේකෙනුත් උඹලට මම කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කොතන හරි හොඳට හිතල බැලුවාම.. අනික් කාරණේ තමුන්ගේ වැඩේ කෙරෙන වෙලාවට මොන බැරි අමාරුකම් තිබ්බත් එතන ඉන්න වග බලාගනිල්ලා.. නැත්තම් වෙන එකෙක් කරන අත් වැරැද්දට උනත් වන්දි ගෙවන්න වෙන්නේ අපේ මුදලින්, කාලයෙන් ..

    වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...

    ඔක්කොමත් හරි. ඔය වැනට්ටුවෙ පින්තූරයක් දාන්නකො බලන්න. :lol:
     

    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    Thankyou !!

    අම්මේ දවස් ගානක් කියවලා යාන්තන් ඉවර කලා :)

    මාත් elakiri eke 2006/2007 ඉදන් හිටියා, එ් කා‍ලේ පාවිච්චි කරපු account එක තියා email එකවත් මතක නෑ එ් නිසා ඕං ඊයේ අලුතෙන්ම මේ account එක හැදුවේ pollwatteටයි mahesh1297 ටයි අනිත් post දාපු හැාමෝටමයි පොඩි support එකක් දෙන්න - දීපු ආතල් එකටයි උපදෙස් වලටයි ;)

    වාහන කටු ගැන කියද්දි මතක් ‍උනේ එක පාරක් අපේ දිහාත් මකබාසෙක් ඇවිත් අපේ cab එකේ streering rack එකේ sway bar එක වම-දකුණ මාරු කරලා හයි කරා. ආයේ මොනවද full කපලා pickup කරනකොට ඉස්සරහ ‍‍‍ර‍ෝද දෙක අස්සය කුලප්පු උනා‍ ‍වගේ උඩ පනිනවා. ඒත් හදිස්සියේ කොළඔ යන්න තිබ්බ නිසා දිව හපාගෙන ගමන ගිහින් දැම්මා මාලිගා‍වත්තේ mytools එකට.එ්කේ එකෙක් බලපු ගමන් අවුල කිව්වා. අපේ තාත්තට මල අතේ, ගෙදර ගිය ගමන් අර බාසව ‍බෙල්ලෙන් අල්ලන් ඇවිත් හරියට හයි කරගත්තා.

    වැඩේ කියන්නේ උෘත් කඩවත පැත්තේ ගෙවල් වලට ගිහින් paint,mechanic,electric ඇතුළු සියලු වැ‍ඩ කරන එකෙක්. Sure එකටම Dinushasankalpaය‍ගෙ ජර්නියට කෙලියෙත් උෘම වෙන්න ඕනේ :lol:

    pollwatte ප‍ොඩි request එකක්, අවුලක් නැත්තන් උඔ රට රස්සාව‍ට ගිය හැටිත් කෙ‍ටියෙන් කියපන්ක‍ෝ. මන් දන්න විදිහට USA වලට Job Visa තියා Tourist Visa ගන්නත් හෙනම අමාරුයි.
     
    • Like
    Reactions: chathu05

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේව බලන්න බඩා නෑ බං. කෝ මූ. ලොග් වෙලානම් තියනවා. ඒත් ත්‍රෙඩ් බලලා නෑ මේකා. :eek:

    බඩා බිසීලු මේ දවස්වල :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වගේ බුබුළු දානවනම් ගෑස්කට් එක ලීක්


    මගේ වාහනෙත් ඔහොම බුබුලු දාන්වනේ බං... ඕක බලන්න ඕනේ ස්ටර්ට් කරපු ගමන්මද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ තිබ්බ එක ගියර් 4 . ආයේ ඉතින් යාම ජෙට් එක වගේ තමයි.. භූමිතෙල් වලිනුත් පිකප් උනාම 100 පනින්න මහා වෙලාවක් යන්නේ නැහැ.

    :cool: DX එකත් ගියර් හතරනේ..... බ්‍රේක් නැතත් යනවා ලොවෙත්..... FB15 එහෙම පිකප් වෙන්නේ කම්පියුටර් එකට ඕනා විදිහටනේ...... DX එක පිකප් වෙන්නේ මගේ මොලේට ඕනා විදිහට..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අමුතුවෙන් වැහෙන්න දෙයක් නෑ . . . අයිතිකාරයා / පාවිචිකරන එකාගෙ අවුලක් ඔය... පොරගෙ චරිතේ එච්චර හොඳ නෑ කියලයි අාරංචි. . . වාහනේට අප්සට් එ් වගෙ එකෙක් ගාව ඉන්න . . එ්කයි වද දීලා වෙන අයිතිකාඑයෙක් ගාවට යන්න හදන්නේ. . 


    දැන් රිදිලා මෙතන අවි අමෝරාගෙන නටයි මෙතන. . 

    :frown: තොට මම කිව්වා කියලා හිතාගනින්.......... :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)

    :shocked: කාපිය මාව......... :angry:
     
    Status
    Not open for further replies.