වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රක්ෂණ සමාගම් වලින් ඔන් ද ස්පොට් රක්ෂණ ක්‍රම හඳුන්වල දීල අපිට පහසු කරාට ඒවායින් වැඩි ලාභයක් තියෙන්නේ එයාලට මිසක් අපිට නෙවෙයි. ඒ හින්ද කොයි වෙලාවෙත් පුළුවන් තරම් උත්සහ කරන්න තමුන්ගේ ගරාජ් එක ලව්වා රක්ෂණ වන්දියට අදාළ ක්ලෙම් එක දාන්න. එහෙම කරාම අපිට වෙන පාඩුව අවම කරගන්න පුළුවනි.

    අනතුරේ ස්භාවය අනුව තමයි වන්දිය ගන්න ඕන වාසි සහගතම ක්‍රමය මොකක්ද කියල තීරණය කරන්න වෙන්නේ මචන්. අපේ රටේ බහුතරයක් වාහන අයිති උදවිය රක්ෂණ වන්දිය හරයට ගන්න විදිහ ගැන දැනුවත් නැහැ. වාහනේ ජාල ගැලීමට අහු වෙලා එන්ජිම නැවතිලා එන්ජිම කුඩු පට්ටම් උනත් රක්ෂණ වන්දි ගන්න පුළුවනි ජල ගැලීම් රක්ෂණය අරන් තියෙනවනම්. අනතුරක් උනාම පුළුවන් තරම් උත්සහ කරන්න වාහනේ තමුන් දන්නා කියන ගරාජ් එකට අරන් ඇවිත් හදවන්න. අපේ බහුතරයක් උදවිය no claim bonus එක ගැන හිතල රක්ෂණ වන්දි අරගන්නේ නැතුව ඉන්නව . එත් රක්ෂණ වන්දිය ගන්න එක ලාභයි නො ක්ලෙම් බෝනස් එක ගන්නවට වඩා සමහර අනතුරු වලදී. සමහර රක්ෂණ සමාගම් වලින් 5000 ට අඩු රෙපෙයාර් වලට ගෙවන්නේ නැති වගේ නීති තියෙනවනම් ඒ වගේ රක්ෂණ සමාගම් වල වාහනේ රක්ෂණය කරන එක තේරුමක් නැති වැඩක්. තව ඉතින් රක්ෂණ ගැන ජිල්මාල් දන්නව. එව්ව ප්‍රසිද්දියේ ලිවිය නොයුතු දේවල්.

    රක්ෂණ ගැන ජිල්මාල් වලට වෙනම ත්‍රෙඩ් එකක් දාමුද පොල් අයිය...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෑක්ස් යුරා. මම එතනටත් කෝල් කරා. උන් ගාව නෑ බන්. :baffled::confused::confused:

    මම ගාව තියෙන්නේ සොලුනා එකක් බන්' තාම අරන් මාසයයි. :(



    හප්පපු එකාගේ *(&*&*^&%&*(^ තමයි මට දැන් සිහිවෙන්නේ. :angry::angry::angry::angry:
    බපර් ඒකේ වච්ච සිද්දිය බලන්න පොටො ඒකක් දාපන් බලන්න් :rolleyes:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අහෝ උඹෙත් රෙප් කපලද.. දැන් ඉතින් උඹත් බඩගින්නේ මම වගේම .. මගෙත් රෙප් කපල මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ බන්..:P:P:P:P
    හරි වැඩේ කට්ටියටම දැන් වෙන්නේ මගෙත් ළඟදි එකෙක් කපලා තිබුනා...උඹලට කන්න තියා මට දැන් මේ රෙප් කපල වස්තරයක්වත් ගන්න බැරුව ඉන්නේ බං.මොන දෙයියන්ට කියන්නද අයියෝ....සාමී.....
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හරි වැඩේ කට්ටියටම දැන් වෙන්නේ මගෙත් ළඟදි එකෙක් කපලා තිබුනා...උඹලට කන්න තියා මට දැන් මේ රෙප් කපල වස්තරයක්වත් ගන්න බැරුව ඉන්නේ බං.මොන දෙයියන්ට කියන්නද අයියෝ....සාමී.....

    :yes::yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බපර් ඒකේ වච්ච සිද්දිය බලන්න පොටො ඒකක් දාපන් බලන්න් :rolleyes:

    මම අද ගෙදර ගිහිල්ලා දාන්නං මචෝ. බපරේ බ්‍රැකට් ටික තමයි කේස් එක. ඒවා ටිකකැඩිලා :(
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දුකට හේතුව

    hU1ltTiBXBFFt6gfpBStn2KBKCZQhHRUKO2jLaaqDxPouwVRwYexLBMfHHPBrMgLlj7FCAnFYHE_-ToKdyvcoiZ60gW8sW0-gmT2sKNebLv4-jBg3JnIpchQ5sflsfRbS1mP0UAELkHnmB6rx4B14rIPcEDpCOZQf_7FANT1X5MNAP8Hm4o1SufERwIaYCJVgPG7Gr_WuTf8mf-QwntGKxKPde_zEaSafIH6bnItoRmfQ_rCOMqsOD9xnEUZFW4mBphErAx9M7b2NQiQCXl7Me8adR7DXG18emQ1fBKu37dqWZqplLyf3KdeESpoAOg75PjUVMfCWkHHBoXuZU5PY6uwhFE6Ohb8bY3Nyv-QtvfBQehGIrsyiX6TArph7PULIGeaBOQGcP-LmpazEGKp_WvZQ-O3riFQFRIF9xyhAlMlYcXje-sdOao2pqsg69f_UMbCae6n_aTaf1KaK5k0ZPRTOD81C8_9-cX5MhwbjAnPTvWj3qDMFsNwdfKf9tIOWh2juZo4KrhCLOEjc4T2uxr0F_ev7IAcZerQ9pdhoMjfIhlk_1CkeJgJvjUaVqxVs6Pshop9=w1256-h779-l75-ft


    X2GEEqj4wXJTzdQ_Otos33lcGuAJSSmhq8lKYvMAD5JyUCYx-sEwhZa8_ahz0fEZJZGaG9FOIo0SsHCX8cJZijqSj9FqiQ9p06opWeiIwXxQ2NYFyE6YeilvY7RInKH3abZiiuA8YohRwSR0eiQthwWBE-c8_GVUY87a0b9DsR8izm8DKaAd33wcKCAtbXFHCPGfnBfphJwde7wDY1yyn8ELVaomo6JG0pDGBxRMxuh2XnH5XquuDvYEVmLph2gKQt8wF39BT2AMV1160Mxb3b_Uo4y-Gd5U2WsI9hnFpxGyzeyP_2hc2uo6iHAxSXmroEdBhyDhLJ7ltPKFjCzrTr7dsRnzvLBO-ExrfaNolLqO9XuzUfa7sSCM1zezjYN_3i4R6SFThhqzmB5M1paKBp64-4dbH8iuyv5utCBLb5izDrjUE0d2MmoKo2LtUjcAEInekjYTkLIHorRgYd1cxQbqvD0_ju2QlcsntCfyJjgBMQmgigR7Mr5KZB4lfKn-NELM8P_O0KzYEkuYF5mqsdQpByzts0y8PRk_fmlkPZn9MwlL8GTsEOR8-E-6ltpMPZ-gUWyEMz8S=w1256-h779-l75-ft
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය පේන ප්ලාස්ටික් බ්‍රැකට් හතරම කැඩිල තියෙන්නෙ. බෆර් එකට නං අවුලක් නෑ වගේ. ඒත් පුපුරලා තියෙන්නේ. ඒකනං හදන්නත් පුලුවන්ලු. ඉන්සුවරන්ස් එකෙන් ඇපෘවල් එනකං මුකුත් කරන්න එකක් නැද්ද මන්දා. :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    link expire වෙලා බන් .. පින්තුර පේන්නේ නැහැ.. වාහනේ හැප්පුන වෙලේ පින්තූර ගත්ත නේද... එව්ව පරෙස්සමට තියාගනින් , මොකද හප්පපු එකා වචනේ වෙනස් කරොත් උඹට එව්වා ඕන වෙයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද බන්. , බාස්ල කවදාවත් අඩුවෙන් ගොඩ යන්න පාරවල් කියන්නේ නැහැ බන්. උඹට කරන්න තිබ්බේ බුබුළු ආපු තැන විතරක් මතු කරලා කැට්ලොයි දාල, පොටි දාල පේන්ට් කරන්න.. මම උඹල හැමෝටම පොඩි කතාවක් කියන්නම් ආදර්ශෙට ගන්න.

    ඔන්න එකෙක් ගියාලු දත් කැක්කුමක් ඇවිල්ල දත ගලවන්න කියල හිතාගෙන.. එක ළඟ දත් කිඹුලා මාමල දෙන්නෙක් සායන දෙකක් දාගෙන ඉන්නවලු.. ඔන්න දත් කැක්කුම තියෙන බුවා ගිහින් පලවෙනි දත් කිඹුලා මාමාගෙන් ඇහුවලු සර් මේ දත ගලවන්න කියක් යනවද කියල.. දත් කිඹුලා මාම කිව්වලු දත ගලවන්න රුපියල් 250 ක් ගන්නවා කියල.. බුවා එලියට ඇවිත් අනික් සායනේටත් ගිහින් ඒ දත් කිඹුලා මාමාගෙනුත් ඇහුවලු දතක් ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ දත් කිඹුලා මාමත් කිව්වලු රුපියල් 250 ක් ගන්නවා කියල.. ඔන්න ඒ ගමන බුවා ඇහුවලු ගාන වැඩියි නේද සර් කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු හිරි වැටෙන්න විදින බෙහෙත් ගණන්.. ඒ හින්ද මේ ගානට අඩුවෙන් කරන්න බැහැ කියල.. ඒ ගමන අපේ බුවා ඇහුවලු සර් හිරිවට්ටන්නේ නැතුව ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු තමුසෙට ඉවසගෙන ඉන්න පුලුවනිනම් රුපියල් 100කට ගලවල දෙන්නම් කියල.. බුවා කිව්වලු එහෙනම් සර් මම ටවුමේ තව වැඩක් තියනවා කරගන්න එක කරගෙනම එන්නම් කියල එතනින් එලියට ඇවිත් අර කලින් ගියපු දත් කිඹුලා මාමගේ සායනෙට ගිහන් කිව්වලු එහෙනම් සර් දත ගලවමු කියල.. දත් කිඹුලා මාමත් එහෙනම් මෙහෙ වර කියල අපේ බුවාව දත් පුටුවෙ වාඩි කරවලා බුවාහේ කට හිරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එක විදලා කිව්වලු ටිකක් එළියෙන් වාඩි වෙලා ඉන්නවා කට හොඳට හිරි වැටෙන්න විනාඩි දහයක් ගියාම ආයෙ කතා කරන්නම් කියල..අපේ බුවත් හා සර් කියල එලියට ඇවිත් හෙමින් සැරේ එතනින් මාරු වෙලා ඇවිත් කලින් හිරිවට්ටන්නේ නැතුව රුපියල් 100 ට දත ගලවන්න ඩීල් එක දාගත්තු දත් කිඹුලා මාම ගාවට ගිහින් කිව්වලු සර් මම ඉවසගෙන ඉන්නම් ඔන්න ඔහේ මේක ඇදල දාන්න කියල.. දත් කිඹුලා මාමත් රිදෙන්නේ තොට මිසක් මට නෙවෙයිනේ කියල අරුගේ දත ඇදල ගලවල දැම්මලු.. බුවත් 150ක් ලාබෙට දත ගලවගත්තු සන්තෝසෙන් සිනා සිසී ගෙදර ගියාලු...

    වාහන පේන්ට් කිරිල්ලේදී උඩ ලියපු දත් කතාව ටිකක් අනුගමනය කරොත් ගානක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙලාවල් තිබේ.. හැබැයි ඒ ඒ වැඩේට හරිම බාස් ගොයිය අල්ලගන්න ඕන..මම කියන්නේ කාටවත් වංචා කරන්න කියලනම් නෙවෙයි හොදේ..

    :D:D ඒක මාර තියරියනේ මචං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සම්පුර්ණ ඇත්ත කතාව.. දැන් ඉතින් ඔය හුරපුව උඩින් සල්ලි අතුරලා ඒ අතුරපු සල්ලි වලින් භාගයක් වැලි කොලෙන් කපල ......බ්ලා ....බ්ලා ...බ්ලා ... කරලා එද්දී මහන්සියෙන් හම්බුකරපු තුට්ටු දෙක වතුරෙ .. ඒ ඔක්කොමත් හරි ප්ලාන්ට් එකෙන් එලියට එද්දී ඔව්ව පේන්ට් බාර්ත් වල ගිල්වල ගන්නේ පලවෙනි කෝර්ඩ් එක. ඒ තත්වෙට වැඩේ කෙරෙන්නේ නැහැනේ ලක්ස දහයක් දීල පේන්ට් කරත්... අවුරුදු 20ක් 25 ක් පරණ දිරපු වාහනයක් නම් හුරලා පේන්ට් ගහනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ වගේද මේ වැඩේ..

    ඒකට මගේ වැඩ කරන බාසා, ඌ නම් මරු පොරක් මෙහෙම කරපං කිව්වම ඌ ඒක කරනවා. කම්පව්න් කරලා පොලිෂ් කර ගන්නේ මම ගෙදර ඇවිත්. :lol: ලොකු වැඩක් තිබුනොත් ටිංකරිං ටික එක තැනකින් කරගෙන ඇවිත්, කම්ප්‍රෙශර් එකත් දාගෙන, පේන්ට් කරන පොරව ගෙදර එක්කන් එනවා. එතකෙට වැඩේ ඉක්මනට ලග ඉදලම කර ගන්න පුලුවන්නේ මචං.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒකට මගේ වැඩ කරන බාසා, ඌ නම් මරු පොරක් මෙහෙම කරපං කිව්වම ඌ ඒක කරනවා. කම්පව්න් කරලා පොලිෂ් කර ගන්නේ මම ගෙදර ඇවිත්. :lol: ලොකු වැඩක් තිබුනොත් ටිංකරිං ටික එක තැනකින් කරගෙන ඇවිත්, කම්ප්‍රෙශර් එකත් දාගෙන, පේන්ට් කරන පොරව ගෙදර එක්කන් එනවා. එතකෙට වැඩේ ඉක්මනට ලග ඉදලම කර ගන්න පුලුවන්නේ මචං.

    ඕක තමයි ලාභව වැඩේ මචන්.. IDG ල වගේ වැඩේ අතගාන්නෙ නැතුව අයිතිකාරයා හිඟන්න කරන්නේ නැතුව වැඩ කරන එවුන් හොයාගන්න හරිම අමාරුයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක තමයි ලාභව වැඩේ මචන්.. IDG ල වගේ වැඩේ අතගාන්නෙ නැතුව අයිතිකාරයා හිඟන්න කරන්නේ නැතුව වැඩ කරන එවුන් හොයාගන්න හරිම අමාරුයි..

    IDG ල ලගක හිටියනම් මොනතරම් දෙයක්ද මචං. බය නැතුව එහෙනම් වාහනයක් දාලා එනවා.
    මචං වාහනයක තියන පොඩි පොඩි දිරුම් වලට ෆයිබර් කරොත් අව්ලක් නැතිවෙයිද? මට ෆස්ට් ඕනර් බී11 ක් අඩුවට සෙට් වුනා. මම හිතුවේ අරං හදලා විකුණන්න. හැබැයි මඩ්ගාඩ් එකට උඩින් පොඩි දිරුම් ටිකක් තියනවා. ඒටික මම හිතුවේ ෆයිබර් කරන්න කියලා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    IDG ල ලගක හිටියනම් මොනතරම් දෙයක්ද මචං. බය නැතුව එහෙනම් වාහනයක් දාලා එනවා.
    මචං වාහනයක තියන පොඩි පොඩි දිරුම් වලට ෆයිබර් කරොත් අව්ලක් නැතිවෙයිද? මට ෆස්ට් ඕනර් බී11 ක් අඩුවට සෙට් වුනා. මම හිතුවේ අරං හදලා විකුණන්න. හැබැයි මඩ්ගාඩ් එකට උඩින් පොඩි දිරුම් ටිකක් තියනවා. ඒටික මම හිතුවේ ෆයිබර් කරන්න කියලා.

    කීයටද ගාන කියන්නේ. ලෝන්ග් බෆර් ද ෂෝර්ට් බෆ්ර්ද ? ෆයිබර් කරන එක ලාභයි ටින්කර් කරනවට වඩා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීයටද ගාන කියන්නේ. ලෝන්ග් බෆර් ද ෂෝර්ට් බෆ්ර්ද ? ෆයිබර් කරන එක ලාභයි ටින්කර් කරනවට වඩා...

    13 නවදාස් කාන්ඩේ එකක් මචං 2.75 ක් කියනවා මම තව ටිකක් අඩු කරලා ඉල්ලුවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    13 නවදාස් කාන්ඩේ එකක් මචං 2.75 ක් කියනවා මම තව ටිකක් අඩු කරලා ඉල්ලුවා.

    වටිනවා වාහනේ.. ගෑස් දුවලනම් එන්ජිම බලල ගනින්.. දොර ලොක් ටික බලහන් ඕවට දොරවල් හොයන්න නැහැ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනවා වාහනේ.. ගෑස් දුවලනම් එන්ජිම බලල ගනින්.. දොර ලොක් ටික බලහන් ඕවට දොරවල් හොයන්න නැහැ..

    Thanks මචං. :)
    තව මචං fb14 එකක් සෙට් වුනා 19. පටි ලයිට් නෙවෙයි. ඒක 11.50 ක් කියනවා. ෆුල් ඔප්ෂන් මම බැලුවේ fb13 එක දීලා මේක පාවිච්චියට ගන්න කියලා මොකද හිතන්නේ අදහස ගැන. මාස 6 ක් විතර පාවිච්චි කරලා දෙන්න හිතුවේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanks මචං. :)
    තව මචං fb14 එකක් සෙට් වුනා 19. පටි ලයිට් නෙවෙයි. ඒක 11.50 ක් කියනවා. ෆුල් ඔප්ෂන් මම බැලුවේ fb13 එක දීලා මේක පාවිච්චියට ගන්න කියලා මොකද හිතන්නේ අදහස ගැන. මාස 6 ක් විතර පාවිච්චි කරලා දෙන්න හිතුවේ.

    B 14 එකක් මම ටික දවසක් එකක් පාවිච්චි කරා.. තෙල් බන් බිව්ව බන්..

    B 13 එකයි B 15 එකයි දෙකම මාර්කට් එක අතින් තාම තරුණ අවස්ථාවේ තියන නිසා මම දකින්නේ ලංකාවේ 14 මාර්කට් එක ස්ථාවර නැහැ කියලයි.. 14 එක දෙලොවටම නැති වාහනයක් විදිහට තමයි මම දකින්නෙ ..

    11.50 ක් දීල 19 - B 14 එකක් ගන්නවට වඩා ලාබයි තව ලක්ෂයක් දැම්මාම ඉන්ග්ලිෂ් නම්බර් 14 එකක් ගන්න පුළුවනි උඹට. වාහන ගනිද්දී නිතර ඇහැ ගැටෙන නොම්බර රේන්ජ් එකෙන් පිට වාහන ගන්න එක ටිකක් අවදානම් මචන් ලංකාවෙ . සමහර විට දෙකට කපල ගෙනල්ල පාස්සපු එකක් වෙන්නත් පුළුවන්.. නැත්තම් උස්සල වෙන අංක ටිකක් කොටලා මාට්ටු කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒ හින්ද මම නම් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක් නෙවෙයිනම් 19- B 14 එක ගන්න එපා කියලයි, මොකද ඔය මොඩල් එක 19- ආවේ බොහොම ටිකයි....උඹ මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්.. මේ මගේ අදහස.. විකල්ප යෝජනා අදහස් තියනවනම් මටත් කියපන් analyse කරලා බලන්න..
     
    Last edited:
    Status
    Not open for further replies.