රක්ෂණ සමාගම් වලින් ඔන් ද ස්පොට් රක්ෂණ ක්රම හඳුන්වල දීල අපිට පහසු කරාට ඒවායින් වැඩි ලාභයක් තියෙන්නේ එයාලට මිසක් අපිට නෙවෙයි. ඒ හින්ද කොයි වෙලාවෙත් පුළුවන් තරම් උත්සහ කරන්න තමුන්ගේ ගරාජ් එක ලව්වා රක්ෂණ වන්දියට අදාළ ක්ලෙම් එක දාන්න. එහෙම කරාම අපිට වෙන පාඩුව අවම කරගන්න පුළුවනි.
අනතුරේ ස්භාවය අනුව තමයි වන්දිය ගන්න ඕන වාසි සහගතම ක්රමය මොකක්ද කියල තීරණය කරන්න වෙන්නේ මචන්. අපේ රටේ බහුතරයක් වාහන අයිති උදවිය රක්ෂණ වන්දිය හරයට ගන්න විදිහ ගැන දැනුවත් නැහැ. වාහනේ ජාල ගැලීමට අහු වෙලා එන්ජිම නැවතිලා එන්ජිම කුඩු පට්ටම් උනත් රක්ෂණ වන්දි ගන්න පුළුවනි ජල ගැලීම් රක්ෂණය අරන් තියෙනවනම්. අනතුරක් උනාම පුළුවන් තරම් උත්සහ කරන්න වාහනේ තමුන් දන්නා කියන ගරාජ් එකට අරන් ඇවිත් හදවන්න. අපේ බහුතරයක් උදවිය no claim bonus එක ගැන හිතල රක්ෂණ වන්දි අරගන්නේ නැතුව ඉන්නව . එත් රක්ෂණ වන්දිය ගන්න එක ලාභයි නො ක්ලෙම් බෝනස් එක ගන්නවට වඩා සමහර අනතුරු වලදී. සමහර රක්ෂණ සමාගම් වලින් 5000 ට අඩු රෙපෙයාර් වලට ගෙවන්නේ නැති වගේ නීති තියෙනවනම් ඒ වගේ රක්ෂණ සමාගම් වල වාහනේ රක්ෂණය කරන එක තේරුමක් නැති වැඩක්. තව ඉතින් රක්ෂණ ගැන ජිල්මාල් දන්නව. එව්ව ප්රසිද්දියේ ලිවිය නොයුතු දේවල්.
රක්ෂණ ගැන ජිල්මාල් වලට වෙනම ත්රෙඩ් එකක් දාමුද පොල් අයිය...








ලොකු වැඩක් තිබුනොත් ටිංකරිං ටික එක තැනකින් කරගෙන ඇවිත්, කම්ප්රෙශර් එකත් දාගෙන, පේන්ට් කරන පොරව ගෙදර එක්කන් එනවා. එතකෙට වැඩේ ඉක්මනට ලග ඉදලම කර ගන්න පුලුවන්නේ මචං. 