මචන් ඔයා බෙහෙත් ඇතුව කියන එකෙන් අදහස් කරන්නේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නෙ නැතුව කියන එක නම් උත්තරය වෙන්නේ නෑ කියන එක.
විෂදයේ තත්ත්වය මත, රොගියාගෙ වෙනත් රොගී තත්ව ,වෙනත් ගන්නා බෙහෙත් මත තමයි ප්රතිකාරය තීරණය වෙන්නේ. ඉතාම සුලු තත්ත්වයෙ නම් කවුන්සලින්වලින් විතරක් හොද කරන්න පුලුවන්.
එත් අනිවාර්යෙන්ම මානසික වෛදයවරයෙක් හම්බවෙන්න ඕනේ රොගයෙ දරුනුකම තීරණය කරන්න.අනික තමයි විෂාදය තියෙන කොට සියදිවි හානි කරගන්න වගෙ තියෙන අවදානම වැඩියි.එක නිසා නිසි ප්රතිකාර ඉක්මණින් නොලැබුනොත් වෙන්න පුලුවන් හානිය වැඩියි.
හෙතු වුනු කරුනු ඉවත් කිරීම පමණක් ප්රමාණවත් වෙන්නේ නෑ ,මොකද කියනවා නම් විsහාදය ඇති වෙන්න බාහිර කරුනුවලට අමතරව ඒ පුද්ගලයාගේ අභයන්තර කරුනුත් හෙතුවෙන නිසා.
බෙහෙත් වලට අමතරව කවුන්සලින්ග් හා විත්යුත් ප්රතිකාරයත් විෂාදය සදහා යොදා ගන්නවා.