EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    My Piranhas when they are juveniles. About 1.5 years ago.

    wu48ys.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ඉන්නේ ලංකාවේ ඉන්න තව river monster කෙනෙක්. බොරලෙස්ගමුව වැවේ හිටපු තඩි කබරයෙක් :lol::lol::lol::lol:,

    mv3f2x.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    209prps.jpg


    Gold Fish

    අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්‍රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා.

    අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp = Carassius gibelio) කියන පොඩි මාළු පරපුරෙන් එන මාලුවෙක් කියල දැනට විස්වාස කරනවා මෙයාලව.දෙමුහුන් කරල වගේම "වර්ණ අභිජනනය" (Selective breeding) වලින් දැනට මෙයාලගේ වර්ග විසි පහක් විතර ඉන්නවා. එයාලගෙන් වඩාත් ජනප්‍රිය වර්ග ටිකක් ගැන මම ඔයාලට කියන්නම්.

    මේ ඉන්නේ වෙල් ටේල් (veiltail) ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්, සාමානයෙන් මෙයාලා 30 cm විතර ලොකු වෙනවා. මේ මාළුවා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ ඇමරිකානු fish farm එකකින්. පස්සේ පස්සේ චීනය, ජපානය වගේ රටවල් වලත් මෙයාල බෝ කරලා තියනවා.

    මෙයාගේ ඇග නැත්නම් සිරුර හරිය පොඩ්ඩක් විතර රවුමක හැඩයක් තියනවා,එය වගේම මෙයාලගේ පිටිපස වරල නැත්නම් නැට්ට ගොඩක් ලොකුවට වැවිල තියනවා. මෙයාලගේ කොරපොතුත් දිලිසෙනවා වගේම වරල් පාලනය කරගැනීමට අමාරු නිසා පිහිනනකොට අමාරු බවක් පේනවා. මෙයාල 12' C වලට වඩා අඩු උෂ්ණත්වයකදී ඉතාමත් අපහසු තත්වයකට මුහුණ දෙනවා.

    ෆැන් ටේල් (Fantail) ගෝල්ඩ් ෆිෂ් , මෙයාලට තියෙන්නේ බිත්තරයක හැඩයක්.මෙයාලට පාට පාටින් නැත්නම් තනි පාටකින් දිලිසෙන (metallic) කොරපොතු තියනවා.මෙයාලගේ විශේෂය වන්නේ පිටිපස්ස වරල නැත්නම් නැට්ට සමමිතික විදිහට බෙදිලා තියන නිසා.

    සාමානයෙන් මෙයාලා රළු පරිසරයකට ඔරොත්තු දෙනවා කියල ප්‍රසිද්ධ වෙලා තියනවා. මෙයාල සෙල්සියස් 13 - 21 අතර වතුරට කැමැත්තක් දක්වනවා. රතු, චොකලට් පාට මාළුවන් හිටියත් කලාදුරකින් නිල් පාටින් හොයාගන්නත් පුළුවන්.

    ග්ලෝබ් අයි (Globe eye) වගේම ඩ්‍රඩ්ගන් අයි (Dragon eye) කියන නම් දෙකෙන්ම මේ මාළුවාට පාවිච්චි ලකරනවා. ඒ නම් ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මෙයාලගේ ඇස් වල තියන වෙනස්කම. මේ මාළුවන්ගේ ඇස් දෙක ඉස්සරහට වැඩිපුර තියන නිසාම මෙයාලා විරූපී ගතියක් පේනවා. දැන් ඔයාලට හිතෙනවා නේද මේ මාළුන්ට ගොඩක් දුර හොදට පේනවා ඇති කියල, එහෙම හිතුවනම් ඔයාල වැරදි, කොච්චර ලොකුවට ඇස් තිබුනත් මෙයාලට ඇස් පෙනිමනම් ඉතා දුර්වලයි. මෙයාලගේ ඇග දිගටි වගේම නිදහස් වරල් තියනවා. නිතරම කළු පාටින් දකින්න හිටියත් රතු, රතු - සුදු, කළු -සුදු, චොක්ලට්, නිල් පාටින්නුත් ඉන්නවා.

    මෙයාලගේ ඔළුවේ තියන “ඉන්නා” (wen) මෙයලටම අවේනික ලක්ෂණයක්. ඒක නිසාම මෙයාලා ගෝල්ඩ් ෆිෂ් පවුලේ විශේෂ තැනක් ගන්නවා. සමහර වෙලාවට මේ ඉන්නන් එයාලගේ ඇස් වැසෙන තරමටම ලොකු වෙන නිසා එයාලට හිරිහැරයක් වෙන වෙලාවලුත් තියනවා. රතු, රතු - සුදු, රතු - කළු, කළු, නිල් වගේ පාට ගොඩකින් මේ මාළුවා ඉන්නවා. ඒ වගේම මෙයාලා හෙලවෙන්නෙ නැති වෙලාවටත් මෙයාලගේ වරල් හොදට විහිදිලා තියනවා. සාමානයෙන් මෙයාලා 25 cm විතර ලොකු වෙනවා වගේම සෙල්සියස් 18 ත් 28 ත් අතර වතුරේ ඉන්න කැමැත්තක් පෙන්නනවා.

    මෙයාලට ජපන් ජාතිකයන් නම් කියන්නේ සුයිහොගාන් (Suihogan) කියල, මෙයාලගේ ඔලුව දෙපැත්තේ වතුර පිරුන බැලුම් දෙකක් වගේ කෝෂිකා දෙකක් නිසා ඇස් උඩට ඇවිත් තියනවා. මේ නිසා විරූපී පෙනුමකුත් තියනවා, ඒ උනත් පොඩි ඇගක් වගේම හිලෑ කරන්න ලෙහෙසි නිසා මාළු ඇති කරන අය ගොඩක් කැමතියි මෙයාලට. ඒ උනත් මෙයාලගේ මේ බැලුම් වගේ තියන කෝෂිකා නිසාම එයාලට හානියක් වෙන්න පුළුවන් වෙන වර්ගවල මාළුත් එක්ක ඉන්නකොට. එක නිසා මෙයාලා fish bowls වල ඇති කරනවා ගොඩදෙනෙක්. සාමානයෙන් මෙයාලා 10 cm වගේ ලොකු වෙනවා. මේ වර්ගයේ පොඩි පැටවුන්ගේත් මේ කෝෂිකා දෙකක් පෙනෙන්නට තියනවා. ඒ උනත් ඒවා ලොකු වෙන්න පටන් ගන්න නම් මෙයාලට මාස 3 ක්‌ වත් වෙනකොට තමයි.

    පාට පාටින් දිලිසෙන (nacreous) විනිවිද පෙනෙන කොරපොතු තියන මේයාලා මාළු බෝ කරන්නන් ගොඩක් කැමති මාළුවෙක්. ගෝල්ඩ් ෆිෂ් පවුලේ කෙනෙක් උනත් මෙයාලගේ ඇග පුරාවටම රතු, කහ, කළු පැල්ලම් තියනවා. මෙයාලගේ මේ දිලිසෙන ගතිය ඇග පුරාවටම තියනවා. සාමානයෙන් මෙයාල 10 cm විතර ලොකු වෙනවා.


    hsmudunkotuwa.blogspot.com
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Tiger Barb

    2iax6ki.jpg


    මෙයාලා සුමාත්‍රා බාබ් (Sumatra barb) වගේම ටයිගර් බාබ් (Tiger barb = Puntius tetrazona) කියලත් හදුන්වනවා. මැලේසියාවේ ඉදන් කාම්බෝජය වෙනකල් ඇළ, දොළ වගේම පොකුණු වලත් මෙයාලා දකින්න ඉන්නවා. මෙයාල උපරිම 7 cm විතර ලොකු වෙනවා වගේම ඇග රිදී පාටටත් කහ පාටිනුත් ඒ මත කළු පාටින් දිගටි ලප හතරකුත් කියනවා. කොහොම උනත් දෙමුහුන් ක්‍රමයේ ප්‍රතිපල නිසාම දැනට මෙයාලා ඇග කොළ පාටිනුත් ඉන්නවා. තවත් මෙයාලා තමන්ගේ අය එක්ක රංචු විදිහට ඉන්න කැමැත්තක් පෙන්නනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Silver Dollar

    2czeyl0.jpg


    මෙයාලා දකුණු ඇමරිකාවේ "ටැපජෝස් ගග" (Tapajos river) කියන හරියට අවේනික මාළු ජතියක් සිල්වර් ඩොලර් (Silver dollar = Metynnis argenteus) කියන මෙයාලට තියෙන්නේ රවුමක් හැඩයට ඇගක්. 12 cm විතර මෙයාල ලොකු වෙනවා. සාමානයෙන් මෙයාල රංචු විදිහට ඉන්න කැමති. වගේම ටිකක් විතර ආක්‍රමණ ශීලි ගතියකුත් පෙන්නනවා, ඒ උනත් මෙයාලා ශාක භක්ෂක මාළු වර්ගයක්, පොඩි පනුවන් කෘමින් වගේ සත්තුත් ඉදල හිටලා වගේ කෑමට ගන්නවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Yellow Prince

    10qape1.jpg


    නැගනහිර අප්‍රිකාවේ මලාවි කියන ජලාශයට අවේනික කහපාට දිලිසෙන ඇගක් තියන මේ යෙලෝ ප්‍රින්ස් (Yellow prince = Labidochromis caeruleus) නැත්නම් ලෙමන් යෙලෝ ලැබ් (Lemon yellow lab) වෙන මාළුවන්ට වඩා වෙනස් පුරුද්දක් නැත්නම් වෙනස් හැකියාවක් තියන මාළු වර්ගයක්. ඒ මෙයාලගේ ප්‍රජනන ක්‍රියාවලිය. පිරිමි සතා ජලාශ පතුලේ වලක් හෑරුවට පස්සේ ඒ වල තුලට ගැහැණු සතා බිත්තර දානවා. ඊළගට පිරිමි සතා ඒ බිත්තර උඩට ශුක්‍රානු ඉසිනවා. සංසේචනය වුන බිත්තර ගැහැණු සතා තමන්ගේ කටේ තියන විශේෂ කුටිරයක (buccal cavity) තියාගෙන තමන්ගේ බිත්තර පරිස්සම් කරනවා. මේ බිත්තර රකින ක්‍රමයට “mouth breeding” කියනවා. මේ විදිහ නිසා පැටවුන් ගොඩක් පරෙස්සම් වෙන නිසා මෙයාලා ඉක්මනින් බෝ වෙන මාළු වර්ගයක්.

    hsmudunkotuwa.blogspot.com
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ලන්කාවෙ ලූලා (ස්නක් හෙඩ්)තෙලියා ,මගුරා වගේ එවුන් ටිකක් පනපිටින් ගන්න පොට් එකක් තියෙනවද ඇති කරන්න. ලූලො ලෑලි වලට මම ටොක් කලා එකෙක් පනපිටින් හොයා ගන්න හරි ගියේ නෑ. අපේ මහ ගෙවල් පැත්තෙ ඇලෙ ඉන්නවා තෙලියො. මම අල්ලන්න් ට්‍රයි කරා හරි ගියෙ නෑ. මම පොරකට කන්ට්‍රැක්ට් එකක් දීල ආවා තෙලියෙක් අල්ල දියන් රු.500ක් දෙනවා කියල.තාම නෑ බන්.
    snakehead-fish-full-body.jpg


    Mastacembelus%20armatus.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lulo hitiya bn pannipitiya aquarium eke issara.
    mage yaluwek innawa, uu gawa godak lankawata awenika maalu innawa
    mama ugen ahala kiyannam
    ubata lulek mokatada ?
    unwa hadanawa nam mcn loku pond ekak one, nattam paw/
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ලන්කාවෙ ලූලා (ස්නක් හෙඩ්)තෙලියා ,මගුරා වගේ එවුන් ටිකක් පනපිටින් ගන්න පොට් එකක් තියෙනවද ඇති කරන්න. ලූලො ලෑලි වලට මම ටොක් කලා එකෙක් පනපිටින් හොයා ගන්න හරි ගියේ නෑ. අපේ මහ ගෙවල් පැත්තෙ ඇලෙ ඉන්නවා තෙලියො. මම අල්ලන්න් ට්‍රයි කරා හරි ගියෙ නෑ. මම පොරකට කන්ට්‍රැක්ට් එකක් දීල ආවා තෙලියෙක් අල්ල දියන් රු.500ක් දෙනවා කියල.තාම නෑ බන්.
    snakehead-fish-full-body.jpg


    Mastacembelus%20armatus.jpg

    මගුරෝ නම් ඡරා මාලු ඡාතියක් බන් ලංකාවේ මාබල් කැට් ෆිෂ් කියලා විකුනන්නේ උන්තමයි උන්ගේ හරි නම වොල්කින් කැට් ෆිෂ් මගේ යාලුවෙක් කාෆ්ලා ඉන්න පොන්ඩ් එකකට මුන් දාලා සතියක් යනකොට කාෆ්ලගේ ඇස් ටික කාලා වරල් කලා යක්කු ටික වගේ තමයි කනවා කනවා ඉවරයක් නෑ‍.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලුලෝ තෙලියෝ ඉන්නවා අපේ පැත්තේ ඇලක දිය බල්ලෝ ගේම දෙනවා මුන් උඩ පැන පැන යන්නේ දිය බල්ලෝ එනකොට අල්ලන්න අමාරැයි එකයි කේස් එක.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Q. මචන් උබල දන්නවද කෆ් ලොකු කරගන්න විදිය අවුරුදු ගානක් උන්ට කන්න දුන්නත් උන් එකම ගාන .උබල උන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද .මම අවුරුදු 2ක් කලින් අගල් 2 විතර උන් ගෙනාව තාමත් ඒ සයිස් මයි මුන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද?

    A. මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..
    ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.


    better.jpg


    මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...:yes:නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..

    මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.






    :D

    ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.:P
    කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..:rolleyes:


    Answered by Kaotic