වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වයර් දෙකක් හරි තුකත් හරි තියෙන සෙන්සරයක් තියෙනවා. එතනින් කොයි වයර් එකද මචෝ?:rolleyes:

    තව ටිකක් හොඳට බලහන් තනි වයර් එකක් එන ක්ලිප් එකක් තියනවද කියල එන්ජිමට හයි වෙච්ච..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..

    වාහනෙ අරගෙන මාස 2ක් විතර යනකොට මට හිතුනා මේ කාර් එකට වෙන පාටක් තිබුනානම් හොඳයි කියලා..
    ඒ කාලෙ ඉතින් මම ශිෂ්‍යයානෙ.. සියලු ප්‍රතිපාදන සම්පාදනය කලෙ අපේ පියාණන් තමයි.. ඉතින් තාත්තාටත් මගෙ අදහස කියලා තාත්තවත් කැමති කරගත්තා වැඩේට..
    සාමාන්‍යයෙන් අපේ තාත්තා මම කියන දේ කරලා දෙනවා කවදත් මොකුත් කියන්නෙ නැතිව.සරලව කියුවොත් මට මොනවා හරි හිතෙනවා කියන්නෙ ඉතින් එයාගෙ පර්ස් එකට තට්ටුවෙනවා කියන එක තමයි ඒ කාලෙ..

    දැන් ඉතින් ඊලග ප්‍රශ්නෙ තමයි කවුද මේ වැඩේට හොඳ බාස් කියන එක.. ඇත්තටම ඊට කලින් වාහනයක් අපි ෆුල් පේන්ට් කරලා තිබුනෙත් නෑ..වියදම අඩුවෙන එකත් සැලකිය යුතු කාරනයක් වෙලා තිබුනෙ..

    ඔය අතරෙ අපේ බාප්ප කියුවා එයාලගෙ පැත්තෙ ගෙදරට ඇවිත් වැඩකරන පේන්ට් බාස් කෙනෙක් ඉන්නව. ..වැඩත් හොඳයි..ගානත් ටිකක් අඩුවට කරගන්න පුලුවන් කියල..
    පොරත් එක්ක කතාකරල ගානත් කතා කරලා දින වකවානුත් දැන් දාගත්තා වැඩෙ පටන් ගන්න..

    ඒ අතරෙ බාප්පා කියුවා අපිට කරන්න පුලුවන් ටික අපි හෙමිහිට කරල තිබ්බොත් වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් කියලා..බාප්පත් වාහන 3ක් විතර තියෙන වාහන ගැන ටිකක් දන්න කෙනෙක්.

    ඉතින් මම දවස් 3කට විතර කලින් බාප්පලගෙ ගෙදරට වාහනෙ අරන් ගියා..දැන් බාස්ට කලින් අපි වැඩ පටන් ගනයි ලෑස්තිය..
    මමයි මල්ලියි තමයි දැන් නියම බාස් එනකල් මකබාස් වැඩෙ කරන්න යන්න්නෙ..බාප්පත් ඉන්න නිසා අවුලකුත් නෑනෙ..

    ඔන්න දැන් බාස්ට ලේසි කරන්න අපි වැඩ පටන් ගත්තා..

    මුලින්ම වාහනෙ සීට් එහෙම ගලවලා අයින් කරා.. ගලවන්න පුලුවන් සේරම ලයිට්.. ග්‍රිල්.. බැජ්.. අයින් කලා.. වාහනේ හූරන්නත් එපාය..වැලි කඩදාසි අරන් වැඩ පටන් ගත්තා ..දැන ඉතින් වැඩේ නැගලම යනව..
    වාහනෙත් නිකන් ලොම් හැලිච්ච බල්ලෙක් වගෙ..කොහොම හරි පේන්ට් බාස් එනවා කියුව දවසට හරියටම අපි දෙන්නගෙ වැඩෙ ඉවරයි..

    දැන් ඉතින් බාස් එනවා කියුවට එනවා කියුව දවසෙත් නෑ..පනිවිඩ 2ක්3ක් යැවුවා කිසිම ප්‍රතිචාරයක් නෑ,,සතියකුත් ගෙවුනා මූ නෑ

    පස්සෙ බාප්ප ගියා මිනිහව හොයන්න.. බැලින්නම් මේ යකා ගෙවල් අතඇරලා ගිහිල්ල.....

    දැන් ඉතින් මොකද කරන්නෙ..
    වාහනෙ ගොඩ ගන්නත් එපාය.. දන්න ගෙවල් ගාව ගරාජ් එකකට කතා කරා..
    දන්නවනෙ ඉතින් බාගෙට කරපු වැඩක් තව කෙනෙකුට බාර දෙන්න යනකොට වෙනදේ ගැන...
    අලුත් ගරාජ් බාස් ඉතින් ගනන් උස්සල උස්සල වැඩේ බාර ගත්තා.
    .පස්සේ ඉතින් වැඩේනම් කරලා දුන්නා..

    ඒත් වැඩේ නම් කොලිටි එක මදියි..ගානත් ටිකක් වැඩිපුර ගියා.. මට හිතුන විදියට ගරාජ් එකෙ තිබුන අනිත් වාහනවලටත් එක්ක බඩු අපිට කියලා ගෙන්න ගත්තද කොහෙද..

    ඒ වාහනෙ නැකතෙ හැටි දන්නා නිසා ඉතින් දැන්නම් පුදුම හිතෙන්නෙත් නෑ සිද්ධවුන දේවල් වලට


    කටුව දැම්මට ගොඩක් ස්තුතියි මචන්.. වාහනයක් තහඩුවටම හූරන එක අනවශ්‍ය සල්ලි නාස්තියක් විශේෂ තත්වයක් යටතේ හැරෙන්න. අයිති කාරය තහඩුවටම හුරපිය කිව්වාම පේන්ට් බාස් වැඩ දාල තමයි වැඩේ පටන් ගන්නේ,:lol::lol::lol: මොකද අනිවාර්යෙන් ඌ දන්නවා සති දෙකක් වැඩේ ඉවර කරන්න යනවා කියල.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    තව ටිකක් හොඳට බලහන් තනි වයර් එකක් එන ක්ලිප් එකක් තියනවද කියල එන්ජිමට හයි වෙච්ච..

    තනි වයර් එකකින් හයි වෙච්ච එකක් තියෙනවා. එක ගැලෙව්වත් වෙනසක් නෑ. ඒක ගලවල බැලුවත් හීට් කට්ට වැඩ. ඒ නිසා ඒක වෙන්න බෑ නේද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ එච්චර දරුනු නෑ. උඹ ඉස්සල්ලා ඊඑෆ්අයි ටික චෙක් කරපංකෝ..
    හැබැයි ගියර් බොක්ස් ඔයිල් නම් මාරු කරපං මචං. මොකද එන්ජින් ඔයිල් වල SAE එක උපරිම 40 ක් වගේනේ ඒත් ගියර් ඔයිල්වල SAE එක 90 යි. ඉතිං උඹ එන්ජින් ඔයිල් වක්කරලා නිසා ඕකේ ගර්ශනය වැඩි වෙනවා. :baffled: ගියර් ඔයිල් මාරු කිරිල්ල අමාරු නෑ පුටේ. උඹේ බඩ වැඩි නිසා :P වාහනේ ටිකක් වැඩි පුර උස්සලා ගියර් බොක්ස් එකේ යට ඇනේ ගලවලා තෙල් ටික අයින් කරපං. ඊට පස්සේ පැත්තෙ ඇනේ ගලවලා ප්ලාස්ටික් බෝතලයකින් අලුත් ගියර් ඔයිල් පුරවපං. ඒ පැත්තෙ ඇනේ මට්ටමට ගියර් ඔයිල් පිරෙන්න ඕනේ.

    :shocked: EFI චෙක් කරන්න කියලද නිසාන් එකට දාන්න ඕනා.....?? නැත්නම් සීන් එක කියලද.....?? :(

    ඔව් ඔව් ඔයිල් මාරු කරන්න ඕනා අපේ ලේලන්ඩ් හදන බාසට කියලා..... යට තියෙන්නේ L Wrench එකකින් ගලවන නට් එකක්...... මම පන්චිකාවත්තෙන් ඒකක් ගත්තා ඕක ගලවන්නම....... :yes: බාසා තද කරලා වැඩිද කොහෙද මේ පාර සර්විස් එකේ උන්ට ගලවගන්න බැරි උනා..... අපේ එකාටම කියලා ගලවගෙන ඔයිල් එක මාරු කරන්න ඕනා අද හෙටම....... :yes:
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මෝටර් වාහනයක් ලියා පදිංචි කිරීමේ සහතිකය.
    ලේසියෙන්ම කියනවනම් CR එක..

    මේක උනේ ගිය සතියට කලින් සතියේ....

    සිහලුන්ට කියන්න මේදවස් වල හොඳටම රථ ගාය හැදිලා නිසා හම්බෙන හම්බෙන වෙලාවට දුවනවා වාහන බලන්න. ඔන්න ඉතින් ඒ සුන්දර සෙනසුරාදා දවසේ උදේම නැගිටලා පත්තර ගෙනල්ල බලන්න යන ලිට් එකක් හදාගෙන එහෙම tuk එකක ගියා මත එක්ක වාහන බලන්ඩ යන්න set කරගත් පොරව ගන්න ගිය බියගමට කොච්චර අමාරුද කියනවනම් වාහනේ යන ගමනුත් phone කට්ටෙන් ඉක්මන් එකේ තියන ඒවා බල බල ගියේ.. ඔන්න ඉතින් කඩුවෙල හරියේදී CB 8 එකක් දල තිබ්බ call කලා ඒ කිට්ටුවමයි තියනවා කිව්වේ. ඉතින් අර අහන්සි වෙලා හදපු ලිස්ට් ඔක්කොම ඇත ඇරලා manz වත් දාගෙන ගිය කියන්නකෝ... ඔන්න ඉතින් Lancer රාජයා තියනවලු රතුපාටට.. ඔන්න ඉතින් එයාලම ගරාජ් එකෙන් පස්සට අරන් දුන්නා වාහනේ... මමත් ඉතින් රත්තරන් අයියා ගේ අර වහනයක් ගන්න කලින් ත්‍රෙඩ් එකේ තියන විදියට නැන්දම්මව බැලුව ලාවට වගේ තෙල් පාරක් තිබුන හැබැයි අලුත් තෙල් පාරක් නෙමෙයි. මම ඇහුව අයිතිකාරයාගෙන්ම මොකෝ තෙල් කියලා. (මේ වෙලාවට හොඳට මූණ බලාගෙන හිටපන් බොරු කියනවනම් බොහෝ දුරට හොයාගන්න පුළුවන්). පොර ගව ලොරි තඩියක් තියනවා එක හවසට එතන ගහනවලු එකේ තෙල් කියල ලොරියේ යට පෙන්නුවා.. කතාව ඇත්ත වගේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ manz check කරනකන් මම රත්තරන් අයියගේ ත්‍රෙඩ් උපදෙස් විදියට බැලුව ලොකු අවුලක් නැ ඔන්න ඉතින් ස්ටාර්ට් කරලා බැලුව කියන්නකෝ... ඩිසල් නේ ටිකක් දුම නම් තිබ්බ එක හැබැයි අසාමාන්‍ය නෑ (කලින් CE 100 එකක් බලන්න ගිහින් මම ටිකක් ගැස් කලා වාහනෙන් එලියට බහිනකොට මම හිතුව මම ඉන්නේ වලාකුලක කියල හිතගනින්කෝ ඉතින් දුම කොහොමද කියලා) එන්ජිමත් ශේපේ විකාර සද්ද නැ . කූර ඇද්දහම දුම් දාන්නේ නැ .... හරි ඔන්න ඉතින් එටිකත් බලල ට්‍ර්යල් එකක් ගියා... මත එක්ක ය පොර තමයි එලවල බැලුවේ 3km විතර ගිහින් අවේ GEAR 5 එලවල බලන්න කියල මම කිව්වා (මොකද මගේ යාලුවෙක් කිව්වා පොර වාහනේ ගන්නකොට ඒක බලන්න බැරිවෙලා ට්‍රැෆික් නිසා අන්තිමට මු සති දෙක තුනකට පස්සේ long trip එකක් යද්දී තමයි දැනගෙන තියෙන්නේ 5 වෙනි grear එක හිරයි කියල.)
    එක ගිහින් ආවට පස්සේ අපේ manz කිව්වා වාහනේ ok කියල ඔන්න ඉතින් මමත් ගැන කතා කරගෙන. (කියපු ගානට වඩා 90000ක් අඩු කලා) ඔන්න ඉතින් අපි ඉතුරු වාහන ටික බලලම තීරණයක් ගන්නවා කියල හිතාගෙන ඒවායේ අයිතිකාරයන්ට 3න් 2ක් ම කර නිවසේ කිව්වා. ඉතින් ඒ ටික බැලුව ඒවායේ තත්වේ හැටියට කියන ගණන් වලට වටින්නේ නෑ ... ඔන්න ඉතින් මේ කොලුවා තීරණය කරාලු CB 8 එකක් කැන්දන් එන්න. මේ වෙනකොට 2ක විතර වෙලා. ඔන්න ඉතින් එදා එදා ඇරලා තිබුන එකම ලංගම බැංකුවත් සැහෙන දුරක තිබුනේ එකටත් ගිහින් මොනරු ටිකත් වඩම්මාගෙන, බඩේ ගින්න හැම ගින්නටම වැඩ ලොකු නිසා අනුභව කරලා, අයිමත් cb 8 එක තියන තැනට යද්දී තමයි මතක් උනේ කුවින්තාසි ලියන්න මුද්දර ඕන කියල. ඕන ඉත්න් ලියුම් ලියන කොළ ටිකකුයි මුද්දරයි ගන්න හිතාගෙන කඩුවෙල හංදිය පුරාම සම පොත් කඩයකට පහේ ගියා. සමහර කඩවල් වල මිනිස්සු නිකන් කතාකලේ අර පොල් මාමී ගේ තණමල්විල කට්ටේදී අර තෙල් හොයපු යාලුවට කතාකරනවා වගේ මොකෝ ඉල්ලන්නේ 25හේ 50හේ මුද්දර නේ..... හරි සනීපයි ඔන්න ඉතින් මුද්දර නෑලු.... කමක් නැ ADVANCE එකක් හරි දීලා එනවා කියල හිතාගෙන ගියා. අතුරු පාරකට හැරෙන්න තියනවා යනකොට එතනම තිබුන පොත් කඩෙන් නිකමට වගේ ඇහුවම කිව්වා 50හේ ඒවා තියනවා කියලා හරි සනීපයි. පැය කට වැඩ කඩුවෙල හන්දියේ ඇවිද්දා ඒ මගුල හොයන්න.

    ඉතිරිය පසුව....

    ඔන්න දැන් කට්ටක් අපේ ගෙදර නෑදෑයෝ කටිටියක් අවා මේ දැන් එයාල අපහුයනකොට ටුක් එකේ කේබලයක් කැඩිලා එක දාල ඇවිත් ඉතුරු ටික ඇවිත් ලියන්නම්....
     

    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    හම්මේ..පිටු 422 ක් කියෝලා ඉවර කරා...අපෙත් තියෙනවා ඔය වගේ කටු දෙක තුනක් දුන්න ටවුන් ඒස CR26 එකක්...කටු හිමිහිට දාන්න බැරි ව ඇයි..
     
    Last edited:
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හම්මේ..පිටු 422 ක් කියෝලා ඉවර කරා...අපෙත් තියෙනවා ඔය වගේ කටු දෙක තුනක් දුන්න ටවුන් ඒස CR26 එකක්...කටු හිමිහිට දාන්න බැරි ව ඇයි..
    මේ කටු නැතුව වෙලි වෙලි ඉන්නේ කට්ටියම හනික දාපන් :)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    තහඩුවටම කැපුවානම් galwonize filler ඒක ගැහුවාද ?
    නැත්තම් ආයේ බුබුලු ඒනවා මහත්තයො ඉස්සර තමා තහඩුව රත් කර කර තහඩුවටම හුරන්නේ ඒහේම කරාම තහඩුවේ ගලා තියෙන galwonize layer ඒක කැපිලා යනවා

    නෑ මචන්...
    මේ වාහනෙ විකුනලත් දැන් අවුරුදු 10ක් විතර වෙන්න එනවා..
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    එකත් මරු අපි එතනට යනකොටම වෙන ටුක් අයිය කෙනෙක් සප් එක දීලා වැඩේ ගොඩ දාල අපි ගිය පයින්ම අවා .....

    ඔන්න කතාව නැවතත්

    දැන් ඉතින් කොළ, මුද්දර, මොනරු අරන් එහෙට යනකොට (මම යන්න කලින් call එකක් දුන්න බැංකුවේදී එකේදී... අවසාන ගැන කතා කරගෙන අපි එනවා කියන්න.) වාහනේ එහෙම හෝදලා තියනවා. දැන් ඉතින් පොඩි අමුතු සීන් එකක් ඒවෙලාව ඔය පොඩි පොඩි වැඩ කෑලි ඔක්කොම චෙක් කලා මෙන්න බොලේ හිමිකරුගේ father කියපි අපි ඉතින් බොරු කියල දෙන්න ඕනේ නැනේ මේකේ හද ගන්න තියන ඒවා ටික පෙන්නන්නම් කියල ඒසී ස්විච් එක දැම්මම ෆෑන් එක දිගටම වැඩ (ස්ටාර්ට් කරන්න කලින් ඩිරෙක්ට් පවර් දීලා ඒසී බාස්) එක බ්රේක් ලයිට් එකක් වැඩ
    නෑ එක මම කලින් දැක්ක පොඩි case එකක් නිසා වැඩිය ගණන් ගත්තේ නෑ. හරි ඔන්න ඉතින් ගේ ඇතුලට ගිහින් වාඩි වෙලා එහෙම ලියුම් ලියන්න ගත්තා අපිට ඉතින් පුරුදු වැඩක් නෙමයි නේ බුවා පොර කලින් ගත්ත එකාගේ ලියුමත් අරන් ආව මම ඉතින් එක මේ හරි පැත්තට (ඒ විදියටම ලියන්න බැ එක ලියල තියෙන්නේ කලින් වාහනේ හිමිකරු.) හරවල එහෙම ලිව්වා ඊට පස්සේ මුද්දර අලෝල සාක්කියට අපේ manz ට කියල අත්සන් කරගෙන. දැන් හිමිකරු ඒ කියන්නේ මේ මත එක්ක deal එක කතා කරපු එකාගේ wife (වාහනේ තියෙන්නේ wife ගේ නමට කියල කිව්වා. මුලින් මම ඔයාද ඔව්නර්? කියල ඇහුවම.) හරි දැන් ඔන්න එයත් ලියුම ලියල අත්සන් කලාම මම කිව්වා DOCUMENTS ටික ගේන්න කියල ලියුමට දාන්න (ඒවාට ඉඩ තිබ්බා ) ඔන්න දැන් මගේ අතට දුන්නා මගේ ඇහේ වැදුන නිකන් 1.DUPLICATE කියල එකක් මම හොඳ කල්පනාවෙන් මුල ඉඳල කියෙව්වා. ඔන්න කොන්දේසි/විශේෂ සටහන් කියන තැන තියනවා. 1.Duplicate DD /MM /YYYY කියල දාල.... මම කවදාවත් DUPLICTE පොතක් දැකල තිබුනේ නැ. ඒ වාහන මාකට් අඩුයි කියල අහල තියනවා එකියන්නේ විකුනන්න අමාරුයි කියලා අහල තියනවා මිසක් වෙන ආදීනව දැනගෙන හිටියේ නැ. එවෙලේ තමයි ටිකිරි මොලේට තේරුනේ duplicate පොත මොන වගේද කියලා. මම ඇහුව පොත duplicae ද කියලා මේක කියනවා 1ස්ට් owner ඩොක්ට කෙනෙක් ලු එය dead ලු එයාගේ පුතාට පොත හොයාගන්න බැරුවලු පොතක් හදලා තියෙන්නේ. එකාගේ තාත්ත කියනවා එක ඖලක් නෑලු එයාලත් චෙක් කරලලු ගත්තේ..ඔන්න ඉතින් මට දැන් අරුව කන්න තරම් කේන්ති වැඩක් නැනේ ඉතින් කේන්ති අරන් මම තාම වාහනේ ගත්තේ නෑ නේ. කියල හිත සන්සුන් කරගෙන යාලුවෙක්ට call එකක් දීල අහල බැලුවා (පොර පොත් consultant කෙනෙක්.) ඌ කියන්නෙම ඇත ඇරලා දාපන් නැත්නම් ඕනෑම නම් කුණු කොල්ලෙට අරන් වරෙන් කියලා ඉතින් දැන් එකියන්නේ තව ලක්ෂ 2ක් විතර අඩුවෙන්. හරි මම ඔන්න ඉතින් සියලුදේ අනිත්‍යයි කියල හිතාගෙන (නැ නැ හෙමේ දේම වෙන්නේ අල්ලා දෙවියන්ගේ වහන්ශේගේ කැමැත්තට තමයි අෆ්ෆා) මම කිව්වා මම මේකේ පොත චෙක් කරගෙන එන්නම් කියලා සල්ලි මම ලියපු ලියුමයි අරන් එහෙන් එලියට බැස්සා පව් බන් උන් අපිට cake, කොකිස් biscut තේ වලින් එහෙම සංග්‍රහ කළා මම බිව්වේ මාත් එක්ක ගිය අනිත් දෙන්නා බීලා විනාඩි 10කට විතර පස්සේ අදකාලේ හැටියට වෙන්න පුළුවන් දේවල් අනන්තයි නිසා.

    සිහලුනි අහන්න මම ඉති ගෙදර ආපුගමන් පොල් මාමිගෙන් ඇහුවා මොකෝ කරන්නේ කියලා

    මෙන්න පොල් මාමී දුන්න සාරාංශය

    1. ඔරිජිනල් පොත කවුරු හරි උගස් තියලනම් බඩු බනිස් ඌ පස්සේ ඇවිත් අපෙන් සල්ලි ඉල්ලනකොට කොහොමද?

    2. භයානකම එක තමයි තව කවුරු හරි කෙනෙක් ඔරිජිනල් පොතෙන් මේ නුම්බෙර් එකටම වාහනයක් දුවනවානම් අහු වුන වෙලාවට වාහන දෙකම උසාවි දිරනකම්ම.

    තව තියනවා පසුව ලියන්නම්... නිදිමතයි...... ඊයේ නම් නිදිමත පොඩ්ඩක් වත් නිදිමත තිබුනේ නැ අර හුරිනිගේ තත්ත නිසා. අද හොඳ දෙයක් ලියනකොට නිදි කිරා වැටෙනවා.....

     
    • Like
    Reactions: Kudnadun and Mr.Tom

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මෙන්න පොල් මාමී දුන්න සාරාංශය

    1. ඔරිජිනල් පොත කවුරු හරි උගස් තියලනම් බඩු බනිස් ඌ පස්සේ ඇවිත් අපෙන් සල්ලි ඉල්ලනකොට කොහොමද?

    2. භයානකම එක තමයි තව කවුරු හරි කෙනෙක් ඔරිජිනල් පොතෙන් මේ නුම්බෙර් එකටම වාහනයක් දුවනවානම් අහු වුන වෙලාවට වාහන දෙකම උසාවි දිරනකම්ම.

    තව තියනවා පසුව ලියන්නම්... නිදිමතයි...... ඊයේ නම් නිදිමත පොඩ්ඩක් වත් නිදිමත තිබුනේ නැ අර හුරිනිගේ තත්ත නිසා. අද හොඳ දෙයක් ලියනකොට නිදි කිරා වැටෙනවා.....


    හ්ම්. එතකොට ඔය පොත චෙක් කරලා ගත්තොත් DMT එකෙන්? ඇත්තටම ඩුප්ලිකේට් පොතක් නිකුත් වෙලානම් එතකොට ඔරිජිනල් පොත වලංගු නෑ නේද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: EFI චෙක් කරන්න කියලද නිසාන් එකට දාන්න ඕනා.....?? නැත්නම් සීන් එක කියලද.....?? :(

    ඔව් ඔව් ඔයිල් මාරු කරන්න ඕනා අපේ ලේලන්ඩ් හදන බාසට කියලා..... යට තියෙන්නේ L Wrench එකකින් ගලවන නට් එකක්...... මම පන්චිකාවත්තෙන් ඒකක් ගත්තා ඕක ගලවන්නම....... :yes: බාසා තද කරලා වැඩිද කොහෙද මේ පාර සර්විස් එකේ උන්ට ගලවගන්න බැරි උනා..... අපේ එකාටම කියලා ගලවගෙන ඔයිල් එක මාරු කරන්න ඕනා අද හෙටම....... :yes:

    කෝකටත් මචං ලෙඩේ කියලම දාපං. මොකද උඹ ප්ලග් හොදද කියල දල්ලෙත් ලෑ, පැට්‍රල් ෆිල්ටරේ රොඩුද කියල දල්ලෙත් ලෑ, එයාෆිල්ටර් එක බ්ලොක්ද කියල දල්ලෙත් ලෑ, ඊඑෆ්අයි ටියුන් කරලත් ලෑ, ඒ නිසා ලෙඩේ කියලම දාපං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්. එතකොට ඔය පොත චෙක් කරලා ගත්තොත් DMT එකෙන්? ඇත්තටම ඩුප්ලිකේට් පොතක් නිකුත් වෙලානම් එතකොට ඔරිජිනල් පොත වලංගු නෑ නේද?

    මම දන්න තරමට නම් ඔරිජිනල් පොත නැති වෙලා ඒක තහවුරු කරලා ඩුප්ලිකේට් පොත දුන්නට පස්සේ එතකික් එහාට වලංගු වෙන්නේ ඩුප්ලිකේට් පොත විතරයි. තව වාහනයක් ඔරිජිනල් පොතෙන් දුවල අහු වුනොත් ඒ වාහනේ හොර එකක් වෙනවා.
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මම දන්න තරමට නම් ඔරිජිනල් පොත නැති වෙලා ඒක තහවුරු කරලා ඩුප්ලිකේට් පොත දුන්නට පස්සේ එතකික් එහාට වලංගු වෙන්නේ ඩුප්ලිකේට් පොත විතරයි. තව වාහනයක් ඔරිජිනල් පොතෙන් දුවල අහු වුනොත් ඒ වාහනේ හොර එකක් වෙනවා.

    එහෙමනම් අවුලක් නෑ. තව පොල්මාමි කියල තිබුනා ඉතින් ගන්න එකේ ජාතකේ හොඳ වාහනයක් ගනින් කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකත් මරු අපි එතනට යනකොටම වෙන ටුක් අයිය කෙනෙක් සප් එක දීලා වැඩේ ගොඩ දාල අපි ගිය පයින්ම අවා .....


    කටු නැතුව වේලි වේලි හිටපු අපි වෙනුවෙන්, මහන්සිනොබලා කටුවක් ලිව්වට බොහෝම ස්තූතී. :)
    REP+12
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමනම් අවුලක් නෑ. තව පොල්මාමි කියල තිබුනා ඉතින් ගන්න එකේ ජාතකේ හොඳ වාහනයක් ගනින් කියලා.

    ඔව් මචං. ගන්න එකේ ජාතකේ බලන එක නම් වැදගත් තමයි. මොකද ඕක විකුණ ගන්න ගියාම ආයි අපා දුක් විදින්න වෙනා. අනික වාහනේ කොච්චර හොද වුනත් දෙන්න වෙන්නේ නියම මිලට වඩා අඩුම තරමේ 1 ක් වත් අඩුවෙන්. ඒ නිසා ඩුප්ලිකේට් පොත් වලට අත ගහන්නෙ නැතව ඉන්න එක තමයි නුවනට හුරු. පරණ වාහනයක් ගන්නකොට 1) තමයි වාහනේ හොද වෙන්න ඕනේ ඒ කිව්වේ සුලු සුලු දෝශ තිබුනත් ඒවා පහසුවෙන් හදාගන්න පුලුවන් ඒවා වෙන්න ඕනේ. 2) තමයි ඒක ටිකක් කොමන් වාහනයක් වෙන්න ඕනේ, 3) තමයි රීකන්ඩිෂන් පාට්ස් තියෙන්න ඕනේ 4) පොත ඔරිජිනල් වෙන්න ඕනේ. 5) තමයි හොදට තෙල් වැඩ කරන්න ඕනේ. ඔය ටික හරි නම් වාහනේ රිසේල් වැලිව් එක හොදයි. නැත්තං අජූතයි. ඒ වගේම 90 න් මෙහා කාර් ගනිද්දී පවර් ස්ටීරියන්, පවර් ශටර් අනිවාර්යයි.
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මෙන්න මේ හෝස් එක මොකක්ද කියල කියපල්ලෝකෝ

    21e95p2.jpg

    Udawwak denna baida bolau???
     
    Status
    Not open for further replies.