වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මුලින්ම ඊඑෆ්අයි චෙක් කරන්න මචං. මට හිතෙන්නේ අවශ්‍ය විදිහට පැට්‍රල් යන්නේ නැති කේස් එකක් හෝ පැට්‍රල් + වාතය මික්ස් වීමේ කේස් එකක් කියලා. උඹ ප්ලග් ටික බැලුවද බං. කැල්ටෙක්ස් එක නම් හොදයි මචං මමත් දාලා තියනවා. ලූස් නම් ගන්න එපා. කව්ද දන්නේ උං ෆාම් ඔයිල් වත් දෙනවද කියලා :eek:
    උඹට ඩීඑක්ස් එක හදන්න නම් වෙලාව තියෙයි :growl:

    :cool: ඔව් ඔව් ෆුල් බොඩි චෙකප් එකකට නිසාන් එකට දක්කන් යන්න ඕනා වෙලාවක....... :yes: :love:

    DX එක ඉතින් දුවන වාහනේනේ...... අරක අවුරුද්දටම 5000Km වත් දුවන්නේ නෑ නේ...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමිගේ Hybrid FB15 එකට අලුත් එන්ජිමකුයි ගියර් පෙට්ටියකුයි තියන්න වෙයි වගේ....

    ටයරුත් දිරලා ඕකේ..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩා මාමිගේ Hybrid FB15 එකට අලුත් එන්ජිමකුයි ගියර් පෙට්ටියකුයි තියන්න වෙයි වගේ....

    :frown: පල පල ඊයේ පෙරේදා ට්‍රිපත් 14.01ක් තෙල් කරලා තිබ්බා...... :D :love:

    ටයරුත් දිරලා ඕකේ..:yes:

    :frown: ටයර් දාලා තියෙන්නේ ඩෝ අළුතෙන්...... :yes: :love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,479
    17,478
    113
    Auckland
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    11182052_872133039514443_2178025695803760353_n.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: එහෙනම් මාමේ කොහෙද ලෙඩේ......... :oo: :rolleyes: ෆස්ට් එකේ කන්දක තියලා ගින්නක් නැතුව රේස් වෙලා එනවා වාහනේ........ ස්ලෝ උනහම යන්නේ නැති සීන් එකක් තියේ....... :(

    :shocked: හුටා..... ගියර් ඔයිල් වල අවුල ඈත්තේ........ :baffled:

    ගියර් ඔයිල් මාරු කරලම නැති නිසා වතාවක් මම SAE90 ඔයිල් එක දැම්මා තිබ්බ ඔයිල් එක අයින් කරලා..... ඊට පස්සේ ගියර් පට්ට තද උනා...... ඒ ගමන ඒ ඔයිල් එක අයින් කරලා..... දැම්මා BP පෙට්‍රල් එන්ජින් ඔයිල් එක..... BP Visco 3000 එක....... එන්ජිමට දාන එකම දැම්මා ගියර් පෙට්ටියට..... ඒකෙන් බඩු හරි ගිහින්ද දන්නේ නෑ ගියර් පෙට්ටියට....... :baffled: හෆොයි..... :( :(

    බොහෝදුරට EFI පැත්තෙ ප්‍රශ්නේ ඇත්තෙ . Air Filter එක හොඳයි නේද? ප්ලග් 4 හොඳයිද? EFI ටියුනින් පාරක් දම්මගන්න. අද 11.30 ට වගේ ඔතනින් ආව මම. දුඹුරු පාට FB 15 එකක් නවත්තල තිබ්බ උඹේ ෂොප් එක ගාව..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොහෝදුරට EFI පැත්තෙ ප්‍රශ්නේ ඇත්තෙ . Air Filter එක හොඳයි නේද? ප්ලග් 4 හොඳයිද? EFI ටියුනින් පාරක් දම්මගන්න. අද 11.30 ට වගේ ඔතනින් ආව මම. දුඹුරු පාට FB 15 එකක් නවත්තල තිබ්බ උඹේ ෂොප් එක ගාව..

    :rolleyes: EFI එකේ ප්‍රශ්නේ.... හෆොයි..... මොනරු බර ගානකට කෙල වෙන වැඩක්ද.....?? අවුලක් නෑ.... මහ ආණ්ඩුවේ වාහනනේ...... :P

    ඒ අපේ ශොප් ඕනර් ගේ FB-15 ය...... :yes: එන්න එපායේ යකෝ මේ පැත්තට...... :angry: කොහෙද ගියේ මෙහෙන්.....?? :rolleyes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මාත් ඊයෙ ඕක දැක්ක බන් ... රිවිර පත්තරෙ කරන්නෙ අමු ගොබ්බයො සෙට් එකක්ද කොහෙද :P

    රිවිර පත්තරේ කරන්නෙද? අමුම අමු පාහර හොර හැත්තක්. තුහ් නොදකින් කාලකන්නි!! :angry::angry::angry::angry::angry::angry:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    5A-FE එකේ හීට් සෙන්සර් එක හොයාගන්න බැරියෝ. උදව්වක් දෙන්ඩෝ!!!

    කවුරුත් කිවුවෙ නැහැනේ. එකෙක් නං හු**න් කියල මයිනස් රෙජ් දීලා තිබුණා!! :P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුරුත් කිවුවෙ නැහැනේ. එකෙක් නං හු**න් කියල මයිනස් රෙජ් දීලා තිබුණා!! :P:P:P

    :rofl: අපරාදේ උඹ හීට් සෙන්සරේ ගන්න තියාගෙන හිටිය රෙප් ටික........ :lol:

    දෙල්කද..... දායි ලංකා එකේ බලපන්..... උන්ගේ ගාණත් සාදාරණයි..... මම FB-15 පිස්ටන් රොඩ් හතර ගත්තේ ඒකෙන්..... උන් එන්ජිමකින්ම ගලවලා දුන්නේ මට ඒ වෙලේම...... :D :yes:

    FB-15 ද වෝටර් බෝට් කතාව මේකේ උන්ට කිව්වේ නෑ නේද මම......... :baffled: :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: අපරාදේ උඹ හීට් සෙන්සරේ ගන්න තියාගෙන හිටිය රෙප් ටික........ :lol:

    දෙල්කද..... දායි ලංකා එකේ බලපන්..... උන්ගේ ගාණත් සාදාරණයි..... මම FB-15 පිස්ටන් රොඩ් හතර ගත්තේ ඒකෙන්..... උන් එන්ජිමකින්ම ගලවලා දුන්නේ මට ඒ වෙලේම...... :D :yes:

    FB-15 ද වෝටර් බෝට් කතාව මේකේ උන්ට කිව්වේ නෑ නේද මම......... :baffled: :dull:
    අර බියගම යට උන දවසක අහල පහල මිනිස්සු දාන්න එපා දාන්න එපා කියද්දි පන්ඩිතයා වගේ කාර් එක වතුරට දාලා මැද හිට්ටෝ ගත්තම මිනිස්සු ඇවිත් බැන බැන තල්ලු කරලා ගොඩට ඇදලා දීපු කථාවද ? :rolleyes::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර බියගම යට උන දවසක අහල පහල මිනිස්සු දාන්න එපා දාන්න එපා කියද්දි පන්ඩිතයා වගේ කාර් එක වතුරට දාලා මැද හිට්ටෝ ගත්තම මිනිස්සු ඇවිත් බැන බැන තල්ලු කරලා ගොඩට ඇදලා දීපු කථාවද ? :rolleyes::baffled:

    :frown: පුදනකොටම කාපි යකා........ :angry:

    :dull: එහෙම දාන්න හේතුවත් උඹ දන්නවනේ...... :( :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමක් නෑ.. අනිත් උං කථා දන්නෑනේ.. අනික මං ඔය සමහර පොයින්ට් ඉදිරිපත් කරලත් නෑ නේ හරියට..
    ඒ නිසා මුල ඉදං දාමු :cool:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..

    වාහනෙ අරගෙන මාස 2ක් විතර යනකොට මට හිතුනා මේ කාර් එකට වෙන පාටක් තිබුනානම් හොඳයි කියලා..
    ඒ කාලෙ ඉතින් මම ශිෂ්‍යයානෙ.. සියලු ප්‍රතිපාදන සම්පාදනය කලෙ අපේ පියාණන් තමයි.. ඉතින් තාත්තාටත් මගෙ අදහස කියලා තාත්තවත් කැමති කරගත්තා වැඩේට..
    සාමාන්‍යයෙන් අපේ තාත්තා මම කියන දේ කරලා දෙනවා කවදත් මොකුත් කියන්නෙ නැතිව.සරලව කියුවොත් මට මොනවා හරි හිතෙනවා කියන්නෙ ඉතින් එයාගෙ පර්ස් එකට තට්ටුවෙනවා කියන එක තමයි ඒ කාලෙ..

    දැන් ඉතින් ඊලග ප්‍රශ්නෙ තමයි කවුද මේ වැඩේට හොඳ බාස් කියන එක.. ඇත්තටම ඊට කලින් වාහනයක් අපි ෆුල් පේන්ට් කරලා තිබුනෙත් නෑ..වියදම අඩුවෙන එකත් සැලකිය යුතු කාරනයක් වෙලා තිබුනෙ..

    ඔය අතරෙ අපේ බාප්ප කියුවා එයාලගෙ පැත්තෙ ගෙදරට ඇවිත් වැඩකරන පේන්ට් බාස් කෙනෙක් ඉන්නව. ..වැඩත් හොඳයි..ගානත් ටිකක් අඩුවට කරගන්න පුලුවන් කියල..
    පොරත් එක්ක කතාකරල ගානත් කතා කරලා දින වකවානුත් දැන් දාගත්තා වැඩෙ පටන් ගන්න..

    ඒ අතරෙ බාප්පා කියුවා අපිට කරන්න පුලුවන් ටික අපි හෙමිහිට කරල තිබ්බොත් වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් කියලා..බාප්පත් වාහන 3ක් විතර තියෙන වාහන ගැන ටිකක් දන්න කෙනෙක්.

    ඉතින් මම දවස් 3කට විතර කලින් බාප්පලගෙ ගෙදරට වාහනෙ අරන් ගියා..දැන් බාස්ට කලින් අපි වැඩ පටන් ගනයි ලෑස්තිය..
    මමයි මල්ලියි තමයි දැන් නියම බාස් එනකල් මකබාස් වැඩෙ කරන්න යන්න්නෙ..බාප්පත් ඉන්න නිසා අවුලකුත් නෑනෙ..

    ඔන්න දැන් බාස්ට ලේසි කරන්න අපි වැඩ පටන් ගත්තා..

    මුලින්ම වාහනෙ සීට් එහෙම ගලවලා අයින් කරා.. ගලවන්න පුලුවන් සේරම ලයිට්.. ග්‍රිල්.. බැජ්.. අයින් කලා.. වාහනේ හූරන්නත් එපාය..වැලි කඩදාසි අරන් වැඩ පටන් ගත්තා ..දැන ඉතින් වැඩේ නැගලම යනව..
    වාහනෙත් නිකන් ලොම් හැලිච්ච බල්ලෙක් වගෙ..කොහොම හරි පේන්ට් බාස් එනවා කියුව දවසට හරියටම අපි දෙන්නගෙ වැඩෙ ඉවරයි..

    දැන් ඉතින් බාස් එනවා කියුවට එනවා කියුව දවසෙත් නෑ..පනිවිඩ 2ක්3ක් යැවුවා කිසිම ප්‍රතිචාරයක් නෑ,,සතියකුත් ගෙවුනා මූ නෑ

    පස්සෙ බාප්ප ගියා මිනිහව හොයන්න.. බැලින්නම් මේ යකා ගෙවල් අතඇරලා ගිහිල්ල.....

    දැන් ඉතින් මොකද කරන්නෙ..
    වාහනෙ ගොඩ ගන්නත් එපාය.. දන්න ගෙවල් ගාව ගරාජ් එකකට කතා කරා..
    දන්නවනෙ ඉතින් බාගෙට කරපු වැඩක් තව කෙනෙකුට බාර දෙන්න යනකොට වෙනදේ ගැන...
    අලුත් ගරාජ් බාස් ඉතින් ගනන් උස්සල උස්සල වැඩේ බාර ගත්තා.
    .පස්සේ ඉතින් වැඩේනම් කරලා දුන්නා..

    ඒත් වැඩේ නම් කොලිටි එක මදියි..ගානත් ටිකක් වැඩිපුර ගියා.. මට හිතුන විදියට ගරාජ් එකෙ තිබුන අනිත් වාහනවලටත් එක්ක බඩු අපිට කියලා ගෙන්න ගත්තද කොහෙද..

    ඒ වාහනෙ නැකතෙ හැටි දන්නා නිසා ඉතින් දැන්නම් පුදුම හිතෙන්නෙත් නෑ සිද්ධවුන දේවල් වලට
     
    • Like
    Reactions: ~WickZ~
    Status
    Not open for further replies.