

). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව. ජවන කියන එකනම් තාම අහල නෑ. හැබැයි හැම සිතකම උපදින සිත් 7ක් තියනව සබ්බ චිත්ත සාධාරණ සිත් කියල. ඒවාද දන්නේ නෑ.
ආ මෙන්න මේකෙ තියනව ජවන ගැන. හැබැයි 5 ක් ගැන.
http://www.helabodhupiyuma.net/archives/604
චෛතසික කියන්නෙ සිත් වලට නෙවෙයි, සබ්බ චිත්ත සාධාරණ චයිතසික 7 කියන්නෙ සිතෙන් සිදුවෙන මූලික කාරණා වලට දායක වෙන අරමුණු 7 ක්, වේදනා, සඤ්ඥා, චේතනා , ඵස්ස, මනසිකාරය ,ජීවිතේන්ද්රිය , ඒකග්ගතාවය.
පස්සේ සිත් කියල ගැහුව. හැබැයි ඒ අරමුණු 7ක නෙමෙයි. සිතට අරමුණක් ගන්න උපකාර වෙන ඒව තමයි ඔය සබ්බ චිත්ත සාධාරණ කියන්නෙ.
හරි මටත් තියෙන ප්‍රශ්න කියන්නම්කෝ.. දැන් ලොකේ තියෙනවා තේරවාදය සහ මහායානය කියලා.... ශ්‍රි ලංකාව ඇතුළු සීමිත රටවල් පිරිසක් තේරවාදයද චීනය ජපානය වගේ රටවල් පිරිසක් මහායානය අනුගමනය කරනවා.මහායානයේ ගැඹුරු ධර්ම කොටස් තියෙනවා කියනවා. තේරවාදයේ මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න දේශනා කරලා කියලා තියෙනවා. ඇත්තටම බුදු හාමුදුරුවෝ වදාරපු ධර්මය මොකද්ද??? බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය = තේරවාදය + මහායානයද ?
බුදුහාමුදුරුවන්ගේ ධර්මය බෙදෙන්න බෑනේ... අද ලංකාවේ මහායානය කිව්වම අමුතු විදියට බලන්නේ... මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම බුදුන් දේශනා කලේ කුමන ධර්මයද යන්නයි....

හරි බුද්ධ වචනය තියෙන්නෙ ථෙරවාදයේ. මහායානයේ මුල් තැන දෙන්නෙ ගෞතම බුදුන්ට නෙමෙයි, මෛත්‍රී බුදුන්ට. ථෙරවාදයේත් මහායානයට වඩා ගැඹුරු කොටස් තියනව, ඒත් වැඩිය උගන්නන්නේ නෑ. උදා-අභිධර්මය. මහායානයේත් අභිධර්මය මේ විදිහටමයි තියෙන්නෙ, හැබැයි විනය පිටකය වෙනස් කරල තියනව. මෙතන සංඝ බේදයක් වෙලා තියනව.
කතාවක් අහල තියනව මහායානය දේවදත්තගේ ගෝල පරම්පරාවෙන් හැදිච්ච එකක් කියල.![]()
මිහිඳු හමුදුරුවෝ ලංකාවට තේරවාදී බුදු දහම ගෙනාපු නිසානේ අපි තේරවාදී උනේ.. අපිට මහායාන ධර්මය පේන්නේ අමුතු විදියට. නමුත් මහායන අයට තේරවාදය පේන්නේ අමුතු විදියට... බුදු හාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්දයක් දේශනා කරලා තියෙනවා. ඒ ඔක්කොම තේරවාදයට අයිති වෙන්නේ නෑ නේද?මම කැමති නෑ තේරවදය කියන කොටසට ලඝු වෙලා කථා කරන්න... මහායානය කියලා කොටසක් තියෙන්නේ මොකක් හරි හේතුවක් ඇති නිසානේ. ඔව් ගෞතම බුදුන්ට වඩා මෛත්‍රී බුදුන්ට සැලකීමක් වෙනවා මහායානයේ යම් යම් කොටස්.ඔය කියන්නාවූ සංකීර්ණ අභිධර්ම කොටස් ඉගෙන ගත් පමණින් නිවන් දකින්න පුළුවන්ද???
තේරවාදය හෝ මහායානය හෝ කුමක් වුවත් අපි දැහැමි විදියට ජීවත් වෙනවා නම් අවශ්‍යතාව එයයි මම හිතන්නේ... බුදු දහම ප්‍රායෝගික දහමක්.මගේ ආසාව ඇත්තටම බුදු දහමේ සාරය මොකද්ද කියන එක හොයා ගන්න එකයි..
ථෙරවාද කියන ඒක අපි දාගත්ත නමක්. අපිට වැදගත් වෙන්නෙ ත්‍රිපිටකය. මහායානය කියන්නෙ modified බුද්ධාගමක්. ථේරවාදයත් දැන් පොඩ්ඩක් modified තමයි. එකනේ පන්සල් වල දේවාල තියෙන්නෙ.බුදුහාමුදුරුවෝ පිහිටවපු සාසනයට ගොඩක්ම සමාන ථේරවාදය.
ඕන කෙනෙක්ට අභිධර්මය ඉගෙන ගන්න පුළුවන්, හැබැයි එකඑක්කෙනාගෙ ප්‍රඥාව අනුව තමයි අවබෝද කරගන්නෙ. අභිධර්මය ඉගෙනගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රඥාව එකතු කරගැනීමක්; අනිවාර්යයෙන් සසර කෙටි කරගැනීමක්. කොච්චර අභිධර්මය කටපාඩම් කලත්, ප්‍රඥාව මදිනම්, නිවන් දකින්න බෑ. හැබැයි කලින් භව වල ඉඳන් ප්‍රඥාව ගොඩක් එකතු කරගෙන ඇවිත් තියනවනම්, මේ භවයේදීම නිවන් දකින්න පුළුවන්.
ඔබේ දෙවෙනි කොටසට මම සම්පූර්ණයෙන් එකඟයි... කර්මය පදනම් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි කරන කුසල් අකුසල් මතයි ඊලඟ භවය තීරණය වෙන්නේ.අපි හැම භවයකම ධාර්මිකව ජීවත් උනොත් සසර කෙටි වෙයි...
ඔව් මහායානය Modify ධර්මයක්... laughing Buddha වැනි දේවල් අපිට අනුමත කරන්න බෑ... සමහරු බුද්ධ ප්‍රතිමා වන්දනය කරන්නේ නෑ.. බෝධියට වඳින්න එපා කියනවා. ඒක පිළිගන්න බෑ.. බුදුන් බුදු උනේ බෝගසක් යට.. එහෙවු ගසකට අපි පුද පූජා කරන එක වැරදි වෙන්න බෑ... ඈත අතීතයේ කළාකරුවන් පිළිම නෙළුවේ බුද්ධාලම්භන ප්‍රීතියෙන්.. සමාධි පිළිමය / අවුකන පිළිමය සහ පොළොන්නරුව ගල් පිළිම ලඟට අදත් අපි ගියාම අමුතුම හැඟීමක් දැනෙන්නේ අපි තුල බුදුන් පිළිබඳ ගෞරවයක් තියෙන නිසා... එදා ඒ කළාකරුවන් පිළිම නෙළුවේ අද සමාජයට මේ නිර්මල බුදුදහම දායාද කරන්නයි...
අද තේරවාදයේ නිකායන් බෙදිලා.අස්ගිරි කියයි මල්වතු කියයි අමරපුර කියයි... බුදුන් වහන්සේ කවදාවත් කියලා නෑ නිකායන් බෙදෙන්න කියලා.දේවාල ගැන නම් කථා කරලා වැඩක් නෑ...
බුදුන් වහන්සේ අපි වගේම සමාන්‍යය පුද්ගලයෙක්. නමුත් උන්වහන්සේ සියළු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් වූ නිවන අවබෝධ කර ගත්තා.අපි උත්සහ කරන්නෙත් ඒ නිවනට යන්න... අපිට අලුතෙන් ඒ මාර්ගය හොයන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුවා මෙන්න මේකයි නිවනට යන මාර්ගය කියලා... මොකද්ද ඒ මාර්ගය... එහෙනම් අපේ වගකීම ඒ මාර්ගය අනුගමනය කරන එක...


)එල එල. නොදන්න දෙයක් දැනගත්ත. චිත්තක්ෂණ 17 ගැන දන්නව. තාම ඒ 17 වෙන් කරන හරියට ඇවිත් නෑ.
චිත්ත වීථි ගැන "රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ" අභිධර්ම මාර්ගය කියන පොතෙන් බලල මේදාන්නෙ. පංචද්වාර වීථි ,මනෝද්වාරවීථි, අනුබන්ධක මනෝද්වාර වීථී, කියල චිත්තවීථි 3 කට බෙදෙනව.