පව පින තීරණය වෙන්නෙ අපේ සිතේ ඇතිවෙන චේතනාව මත. හරකත් එක්ක තරහින්, ඒ මස් අනුභව කරනවානම්, ඒ රහට බොහොම ගිජු වෙලා ඒ මස් අනුභව කරනවානම්, එතන අකුසල් සිත් පහල වෙනව. නමුත් ප්‍රාණඝාතය කියන පව වැටෙන්නෙ ඒ සතා මරණ කෙනාට, හා ඒ සතා මරන්න සෘජුව අනුබල දුන්න කෙනාට. මේ ශරීරය පවත්වාගෙන යාමට ආහාරයක් පමණක් යන චේතනාවෙන් මස් කෑවොත්, එතන පවක් සිද්ධවෙන්නෙ නෑ.
මස් කෑවොත් ඒක සතුන් මැරීමට අනුබල දීමක් හා පවක් කියල හිතන එක පොඩ්ඩක් අර කූඹි පෑගෙයි කියල පාර අතු ගගා යනව වගේ වැඩක්. නමුත් ඒ චේතනාවෙන් මස් නොකා හිටියොත්, එතන සතුන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා කියන ගුණ පහල වෙලා පිනක් බවට හැරෙනව.
මස් කන එක පාපයක් කියල කවුරුහරි කියනවනම්, ඒ අය බුදුරජාණන්වහන්සේත් පවු කරපු කෙනෙක් විදිහට දකිනව.
කෙටියෙන් කියනවනම්, මස් කන, නොකන කොට හිතේ තියන චේතනාව අනුව පව, පින තීරණය වෙනවා.
සමහර අවස්ථා වලදී පිනක් වෙන විදිහට මස් කන්නත් පුළුවන්.
සමහර අවස්ථා වලදී පවක් වෙන විදිහට මස් නොකා ඉන්නත් පුළුවන්.