චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වලිගෙ පාගා ගන්නෙපා බන්...
නිකන් මෝඩ කතා නොකියා...

බඩගිනි නං කාපන් ගිහින් අනුන් මත්තේ යැපෙන්නේ නැතිව. :lol:

දෙමවුපියෝ ළමයි හදන හැටි ගිහිගෙය ගත කරන හැටි බුදු රජාණන් වහන්සේ කරන්න ඕන විදිහත් එක්ක දක්වලා තියෙන්නේ. උඹ ගිහින් ඔක්කොටම කලින් තිසරණයේ පිහිටලා ඒවා කියවලා වරෙන් බුදු රජාණන් වහන්සේගේ වචනෙට, දර්මයට, දේශනාවල අපහාස කර කර බෞද්ධයෙක් කියලා බොරු ලේබල් ගහ ගන්නේ නැතිව.

සින්හලයා කියන්නේ උඹ වගේ හිතන මිනිහෙක්ට නං මම සිංහලයෙක් නෙවේ. සිංහලයෙක් කියලා කියන්නත් ලැජ්ජයි.

අපි මෙතන කතා කලේ බුදු රජාණන් වහන්සේට කරන පුජාවක් ගැන.
එක කරන්නේ බුද්ද දේශනා වලට අදාලව.
බුද්ධ පුජාවක් පොඩියට කලත් ලොකුවට කලත් ඒක කරන්නේ තිසරණයට පැමිණි බෞද්ධයෙක් විතරයි.

උඹ බෞද්ධයෙක් නොවන නිසා අවුලක් නෑ.. කිසි පුජාවක් කරන්න එපා. පැපොල් කාගෙන හිටපන්. :lol:

:yes::yes::yes:
 
SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මේකෙ පූජාව දවල් 12ට අස් කලා. ඒව ඔක්කොම ට්‍රක් වලින් ඇද්දා. ඇදලා දන්සැලක් දුන්නා. ඊට අමතරව මිනිස්සු පූජාවෙන් පස්සෙ පලතුරු ඇති තරම් ගෙවල් වලට අරන් යන්නත් ගත්තා. අනික මේ පලතුරු බලෙන් ගෙනෙන්න කියලවත් සල්ලි එකතු කරල අරගෙනවත් නෙවෙයි. එක එක්කෙනා කැමැත්තෙන් ගෙනාපුවා. බුද්ධ පූජාවෙන් පසුව පළතුරු ට්‍රක් වලට අදිනකොට තැලිලා පොඩිවෙලා අහක ගියා ටිකක්, ඒක නම් එහෙම තමයි. ඒත් ඒවා මිනිස්සුන්ට කෑමට දුන්නා හොඳ ඒවා ඔක්කොමම වගේ. :nerd: මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.

    යන්තම් ඇති මේ පුජාවට සහභාගී වුනු එකෙක් තමන් දැකපු දේ කිව්වා.

    මෙතන ඉන්න බොහොමයක් බෞද්ධයින් නම් තමන් හරියට දන්නේ නැති දෙයකට පුර්ව නිගමන වලට ඇවිත් තමන්ගේ ආගමේ හැටියට අකුසල් සිදු කර ගත්තා.

    තමන් දෙයක් ගැන විවේචනය කරනවානම් ඒ ගැන හරියට දැනගෙන ඉන්න. අබෞද්ධයන් නම් මට හිතෙන්නේ මෙහෙමයි කියා තර්ක ගොඩනගුවාට කමක් නැත.

    මහමෙව්නා අසපුව යනු කාටවත් තහනම් කලාපයක් නොවේ. එය විවේචනයට කලින් අසපුවකට ගොස් ඔබගේ ගැටළු කතා කර විසඳා ගන්න.

    මම දන්නා තරමින් මහමෙව්නා භික්ෂුන් වහන්සේලා හැකිතාක් දුරට විනය පිටකය පිළිපදිති එය අප බොහෝ දෙනෙකුට නුහුරු අත්දැකීමක් වන්නේ එහි ඇතැම් කරුණු නොපිලිපැදීම මේ කාලයේ සාමාන්‍ය දෙයක් වි තිබීම නිසාවෙනි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    හරි මචං මට තේරුනා. කුසල කර්මය කියන දේ. එත් මම හිතනවා බුදුන්වහන්සේ සිටියානම් තමුන්ට කරන අනෙක විද පුජාවන් වලට මිල කරන මුදල් අසරනටන්ට පිහිට වෙන්නට යොමුකරන්න මගපෙන්වාවී කියල.

    මම වැරදි වෙන්න් පුළුවන්. එත් මම විෂවශ කරනවා එයයි වෙන්න ඕනි කියල

    එහෙනම් අනේපිඩු සිටුතුමා සදුන් කුටියක් හදල පූජා කලාම. ලොකු උයන් එක එක පින්වතුන් පූජා කලාම බුදුන් වහන්සේ ඒවා පිළිගත්තේ නැද්ද. ඇයි එහෙම කලේ? බුද්ධ දර්මය කියන්නේ කුස පුරවන එකක් නෙමෙයි. ලෝකයාගේ දුක් ඒ විදියට නිම කරන්න නෙමේ බුදු කෙනෙක් පහල වෙන්නේ. කාගේත් සසර දුක නිවන්නයි. පින් පව් වල හැටියට ඇති නැති වෙලා උපදින අයගේ කර්ම විපාක බුදු කෙනෙකුටවත් වලක්වන්න බෑ . එත් ඒ කාටත් සසරෙන් එතෙර වෙන්න දර්මය දේශනා කරන්න පුළුවන්. එකයි බුදු කෙනෙක් කරන්නේ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ශ්‍රද්ධාව නැති නිසයි එහෙම කරන්නේ. අනික මාන්නය. නිහතමානීව ධර්මය අහන්න හිත නැමෙන්නේ නෑ. තමන් හරි තමන් තමයි දන්නේ කයල හිතන් ඉන්නේ. එකේ පාඩුව තමන්ටමයි. මැරෙන්න කලින් පිනක් දහමක් කරන්න ඕනේ කියල හිතන්නේ නැතුව ඇද හොයා හොයා කාලේ නාස්ති කරගන්නවා. අනුකම්පා කරමු.

    උඹ මේ ටිකට මං ගැන ඔච්චර දේවල් කිව්වද බං මාරයිනේ බං. ඇදයක් නම් හෙව්වේ නෑ මචං ඒ වුනාට මේවා වැරදි මං දකින විදියට. මං කරන පිං දහම් කරන්නේ මගේ හිතේ වගේම ලබන කෙනා සතුටු වෙනවා දැකලා මං ඊටත් වඩා සතුටු වෙනවා. ඊට වැඩිය මුකුත් කියන්නේ නෑ :D
     
    ඇයි අනුන් කරන පිනට ගරහන්නේ. අනුමෝදන් වෙන්න හිත නැමෙන්නේ නැත්තේ ඇයි. පින්කමක් දැකලා සතුටු වෙන්න බැරි ඇයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි මචං මට තේරුනා. කුසල කර්මය කියන දේ. එත් මම හිතනවා බුදුන්වහන්සේ සිටියානම් තමුන්ට කරන අනෙක විද පුජාවන් වලට මිල කරන මුදල් අසරනටන්ට පිහිට වෙන්නට යොමුකරන්න මගපෙන්වාවී කියල.

    මම වැරදි වෙන්න් පුළුවන්. එත් මම විෂවශ කරනවා එයයි වෙන්න ඕනි කියල

    බුද්ධ පුජාව වලක්වලා එහෙම කරන්නේ නැහැ
    බුදු කෙනෙක් කිසි දවසක එහෙම කරන්නේ නෑ.
    මොකද බුද්ධාන්තරයක් අතර පහල වෙන ලෝකේ වටිනාම බුදු රජාණන් වහන්සේ.
    වෙන කිසිම කිසිම කිසිම කිසි දෙයක් නෙවේ.
    එක බුද්ධ දේශනා කියවපු ඕන කෙනෙක් දන්නවා.
    බුදු රජාණන් වහන්සේට කරන පුජාවට සමාන කරන්න වෙන පුජාවක් ලෝකේ නැහැ. :D
    බුදු කෙනෙකුට පුජා කරන එක මලකින් පුළුවන් සුගතියේ යන්න.
    දා ගැබකට පුද කරන එක මලකින් පුළුවන් සුගතියේ යන්න.
    එක දන්නේ විමාන වාත්තු කියවපු කෙනෙක් සහ බුද්ධ දේශනා කියවපු කෙනෙක් විතරයි...
    ඒක බුද්ධ දේශනා වලම තියනවා.
    උඹට කලිනුත් එක "රිදිලා" මේ thread එකේම ආනිසංස පිළිවෙල කිවුවා මට මතකයි.
    ඒක තමා බුද්ධ දේශනාව.

    අසරණයන්ට සරණ වෙන්න ඕන විදිහ දැනටමත් දේශනා කරලා තියෙන්නේ.

    උඹ එහෙම හිතනවා මොකද උඹ තවම තිසරණයේ පිහිටලා නැති නිසා..
    තරහ වෙන්න එපා එකයි ඇත්ත. :D :)

    උඹ තිසරණයේ පිහිටපු දවසක, බුදු රජාණන් වහන්සේ විශ්වාස කල දවසක, බුද්ධ දේශනා පිළිගත් දවසක ඒක තේරුම් ගනී. :) :)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අවංකව ජිවත් වෙනවා කියන්නේ බොරු කරන්නෑ කියන එක. එක පිනක් තමයි. අවංක කෙනා බොරු කියන්නේ නෑ. විමාන වත්ථු කියවලා නෑ නේද ඔයා. එකේ තියෙනවා සිල්වත්ව ජීවත් වූ පමණින්ම දෙව්ලොව ගිය අය ගැන.

    බුදු රජාණන් වහන්සේට පූජා කරන දානය මහත්ඵලයි මහානිසංශයි අනිත් හැම දානයටම වඩා. දක්ඛිණා විභංග සූත්‍රය අහන්න.

    වටිනවා සහෝ.. :) :) :)
    එත් ඕක අහන්නේ නෑ ඕන ඔට්ටුවක්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක්‌ දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක්‌ දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ.

    නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදුq වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක්‌ ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක්‌ නොව පවිත්‍ර කරන්නකි.

    දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති වි�ධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.

    ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත.

    එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක්‌ කළේද කුසල ක්‍රියාවක්‌ කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.

    තවද කුසල කර්මයක්‌ ගත්කල ඒ හරහා පිංකමක්‌ සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි.

    ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක්‌ සිදුකිරීම යනු එකාන්තවම පින්කමක්‌ සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි.

    නමුදු පින් කමක්‌ ගත්කල එය කුසලයක්‌ වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක්‌ නොවන බැවින් කුසලයක්‌ නොවේ. සීලය රකියි නම් එය පින්කමක්‌ සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක්‌ දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක්‌ වේ. නමුදු දුර්වලව හෝ කුසලයක්‌ ඇත. එබැවින් පින්කමක්‌ සිදුකිරීම යනු පිරිසිදු කුසලයක්‌ වීමට හා නොවීමටද පුළුවන.

    එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.

    මට පින කුසලය යන්න පැහැදිලි කරගන්න නෙමයි ඕනි උනේ?? දැන් මට පින හා කුසලය අතර වෙනස පැහැදිලි. ආයිත් වචන හරබ කරන එපා. ඔයත් දන්නවා මාත් දන්නවා මම මෙතන පින කියන්නේ කුසලය කියන එකයි මම අදහස් කලේ කියල . ඒ නිසා කියන දෙය එක ඔස්සේ කියන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි මචං මට තේරුනා. කුසල කර්මය කියන දේ. එත් මම හිතනවා බුදුන්වහන්සේ සිටියානම් තමුන්ට කරන අනෙක විද පුජාවන් වලට මිල කරන මුදල් අසරනටන්ට පිහිට වෙන්නට යොමුකරන්න මගපෙන්වාවී කියල.

    මම වැරදි වෙන්න් පුළුවන්. එත් මම විෂවශ කරනවා එයයි වෙන්න ඕනි කියල

    බුදුන් වහන්සේට හොද හිතින් දෙන දෙයක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ මම දන්න විදියට. මස් වුනත් ගත්තා, මම හිතන්නේ ඒවා ගත්තට කෑවේ නෑ නමුත්. :) නමුත් අමතක කරන්න එපා බුදුන්ට දන් දෙන එකයි, පිළිම වලට දන් දෙන එකයි දෙකක්. පිළිම නියම බුදු කෙනෙක්ට සමාන කරන්න බෑ. එහෙම සමාන කරන අපහාසයක්. බුදු කෙනෙක්ව සමකරන්න පුලුවන් තව බුදු කෙනෙක්ට විතරයි. පිළීමයකට ගිලන් පස වගේ තියලා ලැබෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන එකයි,එය කරනකොට ගෙන ලැබෙන පොඩි කුසලයක් විතරයි, ඊට වඩා කුසලයක් ලැබෙනවා ජීවත් වෙන සංඝයාට දනයක් දීම මගින්. දුප්පත් මිනිස්සු ගත්තොත් ,දුප්පතුන්ට උදව් කරන්න එපා කියලා නෑ, ඉතින් මිනිස්සුන්ට ඕන නම් දුප්පතුන්ට උදව් කරන්න පුලුවන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක්‌ දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක්‌ දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ.

    නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදුq වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක්‌ ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක්‌ නොව පවිත්‍ර කරන්නකි.

    දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති වි�ධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.

    ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත.

    එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක්‌ කළේද කුසල ක්‍රියාවක්‌ කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.

    තවද කුසල කර්මයක්‌ ගත්කල ඒ හරහා පිංකමක්‌ සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි.

    ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක්‌ සිදුකිරීම යනු එකාන්තවම පින්කමක්‌ සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි.

    නමුදු පින් කමක්‌ ගත්කල එය කුසලයක්‌ වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක්‌ නොවන බැවින් කුසලයක්‌ නොවේ. සීලය රකියි නම් එය පින්කමක්‌ සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක්‌ දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක්‌ වේ. නමුදු දුර්වලව හෝ කුසලයක්‌ ඇත. එබැවින් පින්කමක්‌ සිදුකිරීම යනු පිරිසිදු කුසලයක්‌ වීමට හා නොවීමටද පුළුවන.

    එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.

    වටිනා කරුණු රැසක් අන්තර්ගතයි... :) :)
    යමක් වුවමනා කෙනෙකුට මේකෙන් සැහෙන්න දෙයක් ගන්න පුළුවන්... :yes: :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනම් අනේපිඩු සිටුතුමා සදුන් කුටියක් හදල පූජා කලාම. ලොකු උයන් එක එක පින්වතුන් පූජා කලාම බුදුන් වහන්සේ ඒවා පිළිගත්තේ නැද්ද. ඇයි එහෙම කලේ? බුද්ධ දර්මය කියන්නේ කුස පුරවන එකක් නෙමෙයි. ලෝකයාගේ දුක් ඒ විදියට නිම කරන්න නෙමේ බුදු කෙනෙක් පහල වෙන්නේ. කාගේත් සසර දුක නිවන්නයි. පින් පව් වල හැටියට ඇති නැති වෙලා උපදින අයගේ කර්ම විපාක බුදු කෙනෙකුටවත් වලක්වන්න බෑ . එත් ඒ කාටත් සසරෙන් එතෙර වෙන්න දර්මය දේශනා කරන්න පුළුවන්. එකයි බුදු කෙනෙක් කරන්නේ.

    ඔව් මචං එක හරි බුද්දාගමේ විදියට........
    එ නිසා භික්ෂුන් සුකොපබෝගී ජිවත ගත කිරීම ප්‍රතිකෙෂේප කරන්න බැහැනේද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදුන් වහන්සේට හොද හිතින් දෙන දෙයක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ මම දන්න විදියට. මස් වුනත් ගත්තා, මම හිතන්නේ ඒවා ගත්තට කෑවේ නෑ නමුත්. :) නමුත් අමතක කරන්න එපා බුදුන්ට දන් දෙන එකයි, පිළිම වලට දන් දෙන එකයි දෙකක්. පිළිම නියම බුදු කෙනෙක්ට සමාන කරන්න බෑ. එහෙම සමාන කරන අපහාසයක්. බුදු කෙනෙක්ව සමකරන්න පුලුවන් තව බුදු කෙනෙක්ට විතරයි. පිළීමයකට ගිලන් පස වගේ තියලා ලැබෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන එකයි,එය කරනකොට ගෙන ලැබෙන පොඩි කුසලයක් විතරයි, ඊට වඩා කුසලයක් ලැබෙනවා ජීවත් වෙන සංඝයාට දනයක් දීම මගින්. දුප්පත් මිනිස්සු ගත්තොත් ,දුප්පතුන්ට උදව් කරන්න එපා කියලා නෑ, ඉතින් මිනිස්සුන්ට ඕන නම් දුප්පතුන්ට උදව් කරන්න පුලුවන්.

    දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද
     
    strange

    Member
    Jan 22, 2013
    20
    1
    0
    මේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කැ ගහනේ කතෝලිකයෝනේ . මේ ත්‍රෙඩ් එක පටන් අරන් තිනෙත් ඒ වගේ එකෙක් .... අය් තෝපෙන් සල්ලි අරන්ද මේක කරේ ?? මේකට සතයක් හරි වියදම් කරපු මිනිස්සු නම් කමක් නෑ ...:baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි නැත්තේ.. අශ්මි අක්කා ඔතන අදහස් කරන්නේ සිල්වත්ව ජිවත් වීම. සිල්වත් ව ජිවත් වීම ලොකු කුසලයක්. සිල්වත්ව ජිවත් වීමෙන් තමයි බොහෝ මිනිසුන් දෙවිවරු වෙන්නේ.

    පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.

    https://www.facebook.com/maharahathunwadimagaosse.org/posts/493699960778846:0
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද

    අනිවාර්යෙන්ම වඩා වැඩි පිනක්..
    දුෂිල භික්ෂුවකට දෙන දානයකට වඩා සිල්වත් භික්ෂුවකට දෙන දානය ආනිසංස වැඩියි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.

    https://www.facebook.com/maharahathunwadimagaosse.org/posts/493699960778846:0

    ඇත්ත.. කිසි වරදක් නෑ...

    පවු කරන අය විතරයි පින් කරන්න ඕනේ කියලා කවුද කියන්නේ?
    හැමෝම පින් කරන්න ඕනේ.
    ශිලය රැකීම ලොකු කුසලයක් පිනක්.

    ඔතන කියවෙන විදිහට ඒ මිනිස්සු පිං නොකරන ඉන්නේ තමන්ට තියන බැරිකමක් නිසා නෙවේ "පවු කරන අය විතරයි පින් කරන්න ඕනේ" කියලා දෘෂ්ටියකට බැඳිලා නිසා. එවැනි දෘෂ්ටියකට යටත් වීමෙන් යහපතක් වෙන්නේ නෑ තමයි.. :)

    දැක්කනේ එතෙන්ට එන්නෙත් චේතනාවක ස්වභාවයම තමයි. ඒ නිසා චේතනාව හසුරවන්න දන්නා කෙනා විතරයි බුදු දහමෙන් ගොඩ යන්නේ.

    මචන් ඔය හාමුදුරුවන්ගේ දේශනා ගොඩක් ගැඹුරු දර්ම කරුණු ඔස්සේ යන්නේ.
    සැහෙන්න මුලික අවබෝදයක් නැති කෙනෙකුට තේරෙන්නේ නෑ.
    ඒ නිසා ඔය හාමුදුරුවන්ගේ ලිපි කියවද්දී පරිස්සමට කියවන්න.
    නියම ලිපි සෙට් එකක් ඔය හාමුදුරුවන්ගේ තියනවා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
    අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

    තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

    ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
    එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:
    lol bun math me kalpana kare meke comment karanawada nadda kiyala
    me wage sakkiliyanta mona pin pawda :lol:
    thopi nirema hitapalla
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,298
    113
    දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද
    පැහැදිලිවම පිනක් තමා. ඒ උනාට එහෙම කරා කියල අපිට වෙනසක් වෙන්නෙ නෑ. අපි පූජා කරන්නෙ සිල්වත් හාමුදුරු කෙනෙක්ට. උන්වහන්සේ සිල්වත් නොවීම නිසා ඒ අකුසලය උන්වහන්සේට. අපේ දානයේ ආනිසංස අපිට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත.. කිසි වරදක් නෑ...

    පවු කරන අය විතරයි පින් කරන්න ඕනේ කියලා කවුද කියන්නේ?
    හැමෝම පින් කරන්න ඕනේ.
    ශිලය රැකීම ලොකු කුසලයක් පිනක්.

    ඔතන කියවෙන විදිහට ඒ මිනිස්සු පිං නොකරන ඉන්නේ තමන්ට තියන බැරිකමක් නිසා නෙවේ "පවු කරන අය විතරයි පින් කරන්න ඕනේ" කියලා දෘෂ්ටියකට බැඳිලා නිසා. එවැනි දෘෂ්ටියකට යටත් වීමෙන් යහපතක් වෙන්නේ නෑ තමයි.. :)

    දැක්කනේ එතෙන්ට එන්නෙත් චේතනාවක ස්වභාවයම තමයි. ඒ නිසා චේතනාව හසුරවන්න දන්නා කෙනා විතරයි බුදු දහමෙන් ගොඩ යන්නේ.

    මචන් ඔය හාමුදුරුවන්ගේ දේශනා ගොඩක් ගැඹුරු දර්ම කරුණු ඔස්සේ යන්නේ.
    සැහෙන්න මුලික අවබෝදයක් නැති කෙනෙකුට තේරෙන්නේ නෑ.
    ඒ නිසා ඔය හාමුදුරුවන්ගේ ලිපි කියවද්දී පරිස්සමට කියවන්න.
    නියම ලිපි සෙට් එකක් ඔය හාමුදුරුවන්ගේ තියනවා.

    මම දිවයින් පත්තරේ ගිය සෙට් එක බැලුව මචං.