පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක් දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක් දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ.
නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදුq වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක් ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක් නොව පවිත්‍ර කරන්නකි.
දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති වි�ධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.
ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත.
එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක් කළේද කුසල ක්‍රියාවක් කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.
තවද කුසල කර්මයක් ගත්කල ඒ හරහා පිංකමක් සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි.
ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක් දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක් සිදුකිරීම යනු එකාන්තවම පින්කමක් සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි.
නමුදු පින් කමක් ගත්කල එය කුසලයක් වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක් නොවන බැවින් කුසලයක් නොවේ. සීලය රකියි නම් එය පින්කමක් සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක් දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක් වේ. නමුදු දුර්වලව හෝ කුසලයක් ඇත. එබැවින් පින්කමක් සිදුකිරීම යනු පිරිසිදු කුසලයක් වීමට හා නොවීමටද පුළුවන.
එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.