මේ "අලුත් පරපුරේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.
"අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.
එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.
කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
ඔය කියන මිනීමරුවන් අපට සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.
අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
අපිට ලක්ෂ වාරයක් වටින්නේය.


