PIC ප්‍රෝග්‍රෑම් කරමු

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
PIC ප්‍රෝග්‍රෑම් කරමු

කට්ටියටම ආයුබෝවන්...!!!

අනිත් අයගේ ලිපි කියවලා මටත් හිතුනා මම දන්න දෙයක් බෙදාගන්න. :yes:

මම පොඩි පොඩි ගැජට් හදනවා ඉන්න ගමන්. වෙසක් පොසොන් වලට එහෙමනම් කූඩු / තොරණ් කොතනද මම එතන. :D

u7Ni9Deeimo9I9JU0z8u3QvZqC4n6NZQptVip_LYYrVQIlkcVT5yQxzLZlK1eRv8A1nqaBcr=w1342-h479-rw


ඉතින් මම හදන කූඩු වලට එහෙම මම Light Design දාන්නේ ඔයලා කවුරුත් දන්න ෆ්ලෑෂර් කොට වලින් නෙවෙයි. මම කෙලින්ම Circuit පොරක්. :cool:

ඒ උනාට සාමාන්‍ය පරිපථයකින් අපිට ඕනි ඕනි විදිහේ Design දාන්න අමාරු හන්දා මම PIC පැත්තට යන්න පටන් ගත්තා. PIC එහෙමත් නැත්නම් Programmable Interface Controllers අපිට ඕනි ඕනි වැඩක් ගන්න පුලුවන් විදිහට Program කරන්න පුලුවන්.


මුලින්ම කියන්න ඕනි මම PIC පට්ට ගහපු Dial එකක් එහෙම නෙවෙයි. මගේ වැඩ ටික කරගන්න පුලුවන් තරම් දේවල් තනියම හොයලා ඉගෙන ගත්තේ. ඒ හන්දා වැරදි අඩුපාඩු වගේම දන්නේ නැති දේවලුත් ගොඩාඩාඩාඩාඩාක් තියෙයි. ඒ හන්දා ඒවාට සමා වෙලා දන්න අය ඉන්නවානම් මටත් තව කියලා දෙන්න. :yes:

මේකට යොදා ගන්නේ Program කරන්න පුලුවන් IC එකක්. එක එක මුදලට එක එක ප්‍රමාණයේ IC තියෙනවා එක එක වැඩ වලට ගන්න පුලුවන්.
මගේ වැඩ වලට මම ගොඩක්ම පාවිච්චි කරන්නේ 16F84A සහ 16F877A කියන IC දෙක.
මොකද මම ඉතින් කූඩුවක ලයිට් ටික පත්තු කරගන්න Relay පාවිච්චි කරන හන්දා Output ඕනි ගාණයි මතක ධාරිතාවයි විතරයි මම බලන්නේ.

මම Code ලියන්න දන්නේ නෑ. ඒ හන්දා මම ලේසි විදිහක් හොය හොයා ඉද්දි මට හම්බුනා ගැලීම් සටහන් වලින් අපිට ඕනි Program එක ලියන්න පුලුවන් ගොඩාඩාඩාඩාඩාක් ලේසි Software එකක්. එකෙ නම තමයි Flowcode.

JG6-69iquJVebUxlE7SljAidd0A4rogx1yqn4y0fydGmrh_L7PK14l_bOy_5rW8lvqjmNjmb=w1342-h479-rw


ඔයාලටත් ඒක ගන්න ඕනිනම් මෙන්න ( https://drive.google.com/file/d/0B_FiF3FGG-qNcGlHOVFJX3diRjQ/view?usp=sharing ) Link එක. මේකේ දැනට v6 එක ඇවිත් තිබුනත් අපේ වැඩ වලට v5 එක හොඳටම ඇති. :yes:

මේකේ තියෙන හොඳම දේ තමයි අපිට Coding කරන්නේ නැතුව අපිට ඕනි වැඩේ වෙන්න Program එකක් ලියාගන්න පුලුවන් වීම. එ් වගේම තමයි අපිට මේක ඇතුළතදීම අපේ Program එක වැඩ කරවලා හරි වැරදි හදාගන්න පුලුවන් සහ වැඩ කරන විදිහ බලාගන්න පුලුවන්.

මම මේකෙන් වැඩ කරගන්නා හැටි සහ Program කරන්න අවශ්‍ය දේවල් ගැන ඊළඟ ලිපියෙන් ගේන්නම්. එතකන් කට්ටිය Flowcode එක Install කරලා එහෙම සූදානම් වෙලා ඉන්නකෝ. :D මේ වැඩේ හොඳනම් කැමති කට්ටිය සෙට් වෙන්න. දන්න දේවල් බෙදාගමු. :love:
 
Last edited: