මම නම් මෑත අතීතෙක කාපු මතක තියෙන එකම කටුව තමා පාට මාරු කරල තියෙද්දි මාට්ටු උන එක.
අවුරුද්දකට විතර කලින් කාපු කට්ටක් මේක. වාහනේ ඔරිගිනල් පාට තිබ්බේ සිල්වර්. අවුරුදු දෙකකට විතර කලින් ගෑව මෝඩයෝ වගේ නිල් පාටක්. ඊටපස්සෙත් අවුරුද්දක් විතර දිව්වා කිසිම අව්ලක් වෙන්නෙ නැතුව.
ඔන්න දවසක් මම හවස 4.00 ට විතර යනවා ගමනක්. නැවැත්තුවා පොලිස් මාමලා දෙන්නෙක් වාහනේ. මේක හොදට මීටර් වාහනයක් මොකද හැමදාම උදේ හවස දුවන නිසා. කරුමෙට එදා නම් අව්ලක් උනා. ලයිසන් ඉන්සුරන්ස් ඔක්කොම බැලුවා අව්ලක් නෑ. පොලිස් මාමා කෙලින්ම ඇහුවා මොකද්ද මේකෙ පාට තියෙන්නෙ පොතේ පොත තියෙනවද කියලා. මලා පොත නෑ කොපි එකකුත් තිබ්බෙ නෑ වෙලාවට.
ඊට පස්සෙ ඇහුවා පොත ගෙදර නම් ෆැක්ස් එකක් දාගන්න එතකොට මේක මෙතනින් ඉවරයි නෙ කියලා එත් වෙලාවට ඒකත් කරගන්න බැරි උනා.
මම දඩ කොලයක් අරගෙන ගෙදර ආවා එදා ඊලග දවසෙ පොතත් උස්සන් යන්න බලාගෙන රුපියල් 50000 නඩු දාල දඩ කියල තමා පොලිස් මාම නම් කිව්වේ. අදුරන දෙන්නෙක් ඉන්නවා උසාවියේ ඒ දෙන්නත් කිව්වෙ වැරදි වැඩක් තමා කරල තියෙන්නෙ උසාවියෙදි තමා බේරගන්න වෙන්නෙ කියලා. කරපු ගොන් කමේ තරම දැන් තමා පැහැදිලි උනෙ. කරන්න දෙයක් නෑ නෙ. නෑ වෙන කෙනෙක් හිටියා ලොකුම පුටුවක එත් ඕවා කියල කරදර කරන්න බෑනෙ. තව නෑයෙක් හිටියා හ්යිවේ එයාගෙන් අහල බැලින් නම් එය කිව්වෙ වාහනේ 50% වඩා හරි පාට තියෙන්නෙ ඕනෙ හැබැයි ඕවා වැඩිය බලන්නෙ නෑ කියලා එත් වැඩේ වෙලා ඉවර නෙ. පෙර කර්පු කුසලකර්මයකට වගේ අර ලිව්ව පොලිස් මාම ගෙ හොද යාලුවෙක් මෙයා. එයත් කියලා අපිත් පොත උස්සන් ගිහින් වැරැද්ද හදාගන්න පොරොන්දු පිට දඩ කොලේ ගෙවලා අරන් ආවා.
ඊටපස්සෙ ඉලග දවසෙම වාහනේ පේයින්ට් එකට දැන්මා ආයෙ නිකන් දඩ කන්න ඔනෙ නෑනෙ කියලා. කොහොමත් තද පාටවල් එපා වෙලා තිබ්බේ ඒ වෙනකොට මොකද ඩස්ට් එක හීරෙන ඒවා එහෙම හොදට පේන නිසා. කොහොම හරි දවස් 15 වගෙ පාටත් හදාගෙන දැන් නම් යන තැනක පොතේ කොපිත් උස්සන් තමා යන්නෙ.
මේ කාපු කට්ටෙන් නම් මට ඔයාලට කියන්න තියෙන්නෙ වාහනේ අප් ටු ඩේට් ඩොක්යුමන්ට්ස් තියාගන්න. කොපි එකත් අරගෙන යන්න එතකොට අපිටත් අව්ලක් නැ පොලිසියටත් අව්ලක් නෑ.