වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ මාමිලා :cool:

    අර පැන්ඩ ත්‍රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ මාමිලා :cool:

    අර පැන්ඩ ත්‍රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ :lol:

    අඩේ මට තාම ඕකට රිප්ලයි එකක් දාන්න බැරි වුනානේ. රත්තරං, පොලා, මහේෂ් බැස්සා කියන්නේ ඉතිං මට කියන්න මොකුත් නැතුව ඇති.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
    ..........................
    .

    ඔය වගේ කන්න දීපු අත හපාකාපු උන්ට හරියන්නේ නෑ බං... උඹලා අවංකව හිටපු නිසා තමයි උඹලට හරි ගියේ... :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෝ පිදුරු දාලා යන් නආවා නෙහ් :lol:

    පොඩ්ඩක් වැඩේ බැහැගෙන යද්දී පිදුරු සූට්ටක් දැම්ම :P

    දවස් දෙකකින් ඇවිත් බලද්දිත් දුවනවා :lol:
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :lol: අද ඉන්නේ නුවර. ඉතිං කඩෙන් කෑවා.

    ටොම් මාමා කියන්න එපැයි අපි එනවා නේ මුණගැහිලා යන්න. :yes::yes::yes::yes:අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්‍රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ:frown::frown::frown: මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා වාහන කීපයක්ම ඉස්සර කරලා කහ ඉරක් උඩින්. උගේ වෙලාවට එතනම පොලිසියෙන්:lol::lol::lol::lol::lol:. මමත් නෝන්ඩියට හෝන් එකක් ගහලා අවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමා කියන්න එපැයි අපි එනවා නේ මුණගැහිලා යන්න. :yes::yes::yes::yes:අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්‍රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ:frown::frown::frown: මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා වාහන කීපයක්ම ඉස්සර කරලා කහ ඉරක් උඩින්. උගේ වෙලාවට එතනම පොලිසියෙන්:lol::lol::lol::lol::lol:. මමත් නෝන්ඩියට හෝන් එකක් ගහලා අවා
    :lol::lol::lol: පට්ට සීන් එක උන්ට ඔහොම තමයි වෙන්න ඕනේ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ;);););) ඔබ තෙමෙයි කියා (KIA) බයයි :):):):):)

    :rofl::rofl::rofl:රීයෝ යෝ ද ??? :shocked::shocked::shocked: වාසනාවන් !!!

    වාහනේ හොද නරක දෙකම දාමුකෝ බලන්ට, වෙරදිලා වත් ජපන් මුහුද තරනයකරලා කියා දේශෙන් වාහනයක් බස්සන්ඩ හිතුනොත් ;);)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

    ඔන්න මේ කටුවත් වැනට් එක ගැනම තමයි ඕන් ...

    කාලය දීපය දේශය ඉතින් පෙර සේම තමයි.. වර්ෂ 2000 ට පෙර වර්ෂ 1998 ට පසු කාල අන්තරය තුලම තමා.. ඔන්න ඒ කාලෙ පොල් මාමිගේ බොක්කේ ෆිට් එකක් නගරයේ කරනව කඩයක්.. මේක එසේ මෙසේ කඩයක් නෙවෙයි.. මැටි බඩු කඩයක්.. මේ කඩේ හදල තිබ්බේ සිමෙන්තියෙන් උනාට වික්කේ තනිකරම මැටි වලින් හදපු බඩු .. ඒ කියන්නේ මෙන්න මේ වගේ එව්ව ...

    pot2.jpg


    මීට අමතරව අපේ එකාගේ කඩේ වික්කේ ප්ලාස්ටික් මල්.. ප්ලාස්ටික් වලින් හැදු ගස් වල් .. වගේ ගෘහ අලංකාර කරන දේවල් තමයි.. ඔන්න බොල මගේ බොක්කේ ෆිට් එක ගැන වරදවා හිතනවා නෙවෙයි.. මැටි බඩු වික්කට අපේ එකා හට්ටි වලන් වික්කේ නැහැ හරිද... මේ කඩේට ඉතින් නිතර ආවේ ගියේ බවලත් උදවිය තමයි.. නිකම් ඉන්න වෙලාවට .. රස්තියාදුවක් ගහන්න හිතුනාම..බොරු අසනීපයක් අරගෙන වැඩට ගියේ නැති දවස් වලට .. අපේ සෙට් එකේ එවුන් ඔක්කොම සෙට් වෙන්නේ ඔතනට තමයි ඉතින්.. සමහරක් VIP ගනුදෙනු කාරයෝ ඈත එනවා දැක්කාම අපේ මුදලාලි බුවා අපිව රොත්ත පිටින්ම කඩෙන් එලවල දාන වෙලාවලුත් තිබුනේ නැතුවම නෙවෙයි...ඒ ඉතින් ඇයිද කියල පොල් මාමි දන්නේ නැහැ කියල හිතමුකෝ හරිද..

    මේ කඩේට සියලු මැටි බඩු ගෙනාවේ මොලගොඩ සහ කඩුවෙල ප්‍රදේශ වලින්.. පත සයිස් මැටි මල් වාස් සහ ලොකු කුඩා මැටි බඩු පරෙස්සමට ගේන්න ඕන නිසාත්.. මේ හයර් එක දන්නා කියන වෑන් කාරයෙක් යන්නේ නැති නිසාත් .. යාලුකමටත් ... ලාභයටත් .. වැඩේ කෙරෙන නිසාත් හැම මාසෙකම වරක් දෙවරක් මොලගොඩ හෝ කඩුවෙල හෝ ඒ දෙකටම හෝ යන්න සිද්ද උනේ පොල් මාමිගේ වාහනේකට තමයි.. කඩේ ගාව හවසට සෙට් වෙන නඩයෙන් දෙන්නෙක් සහ මැටි බඩු කඩේ අයිතිකාරයා සහ රියදුරා එකතු උනාම නඩය 4 දෙනෙක් හැම වතාවෙම මේ ගමනට සහභාගී වෙන්නේ මේ කඩ කෙරුවාව ලාභ ගන්නම කුණු කමට කරපු එකක් නොවුන නිසා...

    ඔන්න දවසක් පොල් මාමිට සංවර්ධන ලොතරැයිය ඇදෙන්න වගේ මේ ගමන අකමැත්තෙන් උනත් යන්න ලොතරැයිය ඇදුන , මොකද එදා රිය ඇදුරා කොහෙද වලත්ත ගමනක් යන්න සෙට් වෙලා නිසා... මේ ගමන උදෙන්ම පිටත් උනත් මොලගොඩ ගිහින් බඩු තෝරාගෙන පරෙස්සමට වාහනේට පැක් කරලා පිදුරු අහුරලා එන ගමන් කඩුවෙලට ඇවිත් එතනිනුත් බඩු තෝරගෙන එව්වත් පරෙස්සමට පැක් කරගෙන ගමට එනකොට අනිවාර්යෙන් රෑ 12 පනින නිසා මේ ගමනට පොල් මාමි යන්න ඉදිරිපත් වෙන්නේ බොහොම අකමැත්තෙන්.. උන් වාස් කිව්වට පොල් මාමිටනම් එව්වා ඔක්කොම කිසිම වැදගැම්මකට නැති මැටි හට්ටි ටිකක් විතරයි.. ඒ ලෝර්ඩ් එක ගැහුවාම වැනට් එක ගමේ එන්නේ මෙන්න මේ වගේ...

    overloaded-truck.jpg


    යන ගමන සීයට දෙසීයට එලෙව්වත් එන ගමන එන්න වෙන්නේ 40-50 අතරේ තමයි.. මොකද එක පාරක් වැනට්ටුව උඩ ගිහින් බිම වැටෙන තරමේ වලක වැටුනොත් අපේ එකාගේ බිස්නස් එක ගමට ගිහින් බාන්න කලින් පාඩු ලබනවා මගුල් මැටි වාස් බිඳෙන නිසා.. ඊටත් එහා කිව්වොත් ඒ වදින ලෝර්ඩ් එකට ඒ වගේ උඩ ගිහින් බිම වැටෙන සයිස් පත වලක වැටුනොත් ඉතින් වැනට්ටුවේ දුනු ටික සෙත්තපෝච්චි වෙන නිසා බොහොම පරෙස්සමට එලවන්න ඕන ගමනක් මේක.. ඒ හින්දම තමයි තාවකාලික රියදුරෙක් දාල මේ ගමන යවන්න බැරි වෙන හේතුවත්.. නියම රියදුරා හැරුණකොට මේ ගමනේ භයානක කම දන්නේ පොල් මාමි විතරයි... ඒ වගේද 40 ට තියාගෙන එනකොට ඉස්සර කරගෙන යන එවුන් කියන අසමජ්ජාති කතා නාහුනා වගේ එළවන් එන එක.. වාහන දහයක් ඉස්සර කරොත් හතක්වත් යන්නේ මවු ගුණ ගායනා කරගෙනම තමයි.. කළුවර වෙද්දී ඉස්සරහින් එන එවුන් යන්නෙත් මවු ගුණ කියාගෙන.. වැනට් එකේ පස්සට ලෝර්ඩ් එක ගැහුවාම පාරේ යන්නේ හඳට යන්න ලයින් කරලා වගේ නිසා.. ඩිම් ලයිට් එකත් වදින්නේ ඉස්සරහින් එන එකාගේ මුනට.. ඉතින් මවු ගුණ නොකිය යාවිද...

    ඔන්න ඉතින් මේ කියන දවසෙත් කඩුවෙලින් දෙවැනි ලෝර්ඩ් එකත් ගහල ඉවර වෙද්දී රාතී 7 වගේ වෙලා... ඔන්න ඉතින් අපි හතරදෙන්නා හෙමින් හෙමින් මවු ගුණ අසමින් එනවා ගමේ එන්න.. පාර කොයිතරම් දුර උනත් මේ ගමන අපි යන්නේ වල ගොඩැලි නැති පාරවල් අල්ලලම තමයි.. ඔන්න කොහොමින් කොහොමින් හරි කොහුවලින් දෙහිවල පැත්තට එන ගමන් මට හිතුන අද සත්තු වත්ත පාරේ යන්න ඕන කියල.. මොකද විලියම් හන්දියේ ඉඳන් දෙහිවලටම ට්‍රැෆික් එක තිබ්බොත් සත්තු වත්ත පාරෙන් ගිහින් දෙහිවල හන්දියට දාන එක ටිකක් ඉක්මන් නිසාත්... රාත්‍රී කාල වලදී දෙහිවල බිග් ඇපල් එක ගාව කන්ද උඩට ගොඩනැගිලි වලට උඩින් පෙනෙන මුහුදේ දර්ශනය හරිම ලස්සන නිසාත් .. ප්‍රධානම හේතුව තමයි දෙවැනි එක.. අදත් පොල් මාමි ඒ දර්ශනය දකින්න හරිම ආසයි..

    මෙන්න බොලේ පොල් මාමි මහ මුහුදේ දර්ශනය බලන්න කලින් සත්තු වත්ත පැනපු ගමන් වැනට් එකේ හීට් ගේජ් එක කෙලින් වෙලා...

    overheattwo.jpg


    කට්ටියට දැනුම් දෙන්නත් කලින්ම පාර බ්ලොක් කරන්න බැරි නිසාත් අතුරු පාරකට හරවල වැනට් එක නැවැත්තුව..මිත්‍ර සමාගම හිතුවේ පොල් මාමි හාවෙක් අල්ලන්න නැවැත්තුව කියල... එය එසේ නොවෙන වග දැනුම් දුන් කල මෙන්න පොල් මාමිගෙ මිත්‍ර සමාගම...

    shocked-face.jpg


    වාහනේ නවත්තල එන්ජිම නැවැත්තුව විතරමයි මෙන්න වාෂ්ප දුම්රියක් ඇවිත් නැවැත්තුව වගේ වටෙන්ම දුම් දානවා වෑන් එක.. මාමිගේ යාළුවො ඉතින්

    13745_700x.jpg


    මාමිනම් ඉතින් දන්නවා මොකද වෙලා තියෙන්නේ කියල.. මාමිට තියෙන ප්‍රශ්නය නම් කොයි හෝර්ස් එකද ගිහින් තියෙන්නේ කියන එක විතරයි... වෙලාව රාත්‍රී 8.30යි.. මෙන්න ප්‍රවුර්ති.. පොල් මාමිගේ ඉතිහාසගත වනට්ටුව දෙහිවල සත්තු වත්ත අසලදී සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්වී ඇති බව බුද්ධි අංශ අනාවරණය කරයි...

    8533428081_44aa291c9d.jpg


    කලිනිත් මම බොලාට කිව්වනේ මේක හැම අස්සක් මුල්ලක් නෑරම මැටි වලින් හදාපු සුකුරුත්තම් පටොල කියල තියෙන්නේ..මැටි ගෙජ්ජි වැල්ද , මැටි ඝන්ටාරද , අරවද, මෙව්වද, කොටින්ම කිව්වොත් මැටි වලින් හදපු නයි පොළොංගු නැතුව ලෝකේ තියන හැම ලබ්බක්ම මැටි වලින් හදපු එව්වා මගේ වාහනේ කැබි හෝල් එකේ හිටං අහුරලා තමයි ගමේ එන්නෙ . වාහනේ එලවන එකාට ක්ලච් බ්රේක් පාගන්න ඕන නිසා ඒ ඩිංගිත්ත ඉඩ තිබ්බට අනික් උන් තුන්දෙනත් කකුල් දාගෙන එන්නෙත් මැටි වාස් දෙකකම තමයි.. මේ පුන පුනා උඹලාට කියන්නේ මේකේ කොයි හෝර්ස් එකද ගිහින් තියෙන්නේ කියල බලන්න බොනට් එක අරින්නත් මේ මැටි සුකුරුත්තම් ලෑන්ඩ් මාස්ටර් එකක විතර කොටසක් එලියට බාන්න වෙනව..

    ඔන්න ඉතින් මිත්‍ර සමාගම මාමිගේ මවු ගුණ ගායනා කරන ගමන් බඩු බානව පාර අයිනේ.. ඒ අතරේ ගමේ එකෙක් ඇවිත් කියන මේ පාරේ ඕව තියාගෙන විකුනන්න බැහැ , මේක පටු පාරක්.. ඒ හින්ද වෙන තැනකට අරන් ගිහින් විකුනගනිල්ල කියල.. ඒ කියන්නේ ඌ හිතන්නේ මේ බඩු බාන්නෙ උදේට විකුනන්න කියලයි.. ඔන්න යන්තම් උන්දැටත් සත්‍ය පැහැදිලි කරලා දුන්නාම අන්කල් ගොයියා "ඒක මිසක් , මම හිතුවේ මේ විකුනන්න බානවා කියල " කියාගෙන යන්න ගියා..

    ඔන්න යන්තම් බොනට් එක අරින්න පුළුවන් වෙන්න බඩු බාගෙන ඇරලා බැලුව කියමුකෝ... ප්‍රධාන හෝර්ස් සියල්ල යහතින්.. එත් වාෂ්ප පාර එන්නේ යට පැත්තෙන්... දෙයියෝ පරිප්පු නැව බාන වැඩේ කොහොම හරි කරකවල දෙන්නෙම පොල් උන්නැහේට නිසා යට පැත්තෙන් ගිහින් බැලුවාම මෙන්න බොලේ ඔයිල් කුලර් එකට යන වතුර හෝර්ස් එක පුපුරල ... පොල් මාමිගේ පපුව කාඩගෙන වැටුන දැක්කාම.. දැන් ඉතින් මක්කයි කොරන්නේ කියල එලියට ඇවිත් කල්පනා කරන්න විදිහක් නැහැ... මිත්‍ර සමාගම බඩවල් අල්ලාගෙන හිනා වෙනවා පොල් මාමි දිහා බලාගෙන..


    laughing-and-pointing.jpg


    බැලුවාම පොල් මාමි වෑන් එක යටට ගිහින් තියෙන්නේ ගොම ගොඩක් තරණය කරගෙන .. කමීසේ පිට පුරා ගොම කියාපි.. ඒ උනත් එකට ආපු අවුන්ට වටිනවද මාමිට එහෙම හිනා වෙන්න නේද.. මාමිත් ඇරියේ නැහැ.. ගලෝල ගත්ත හෙමින් සීරුවේ කමීසේ.. වාහනේ හැදිල්ල පැත්තක තියල දෙහිවල පුරාම එළවන් ගිහින් අනික් උන් තුන් දෙනාගේම ඇඳුම් වල ගොම ගෑව මිත්‍රයින්ට සමතැන් දීම කල්‍යාන මිත්‍ර ගතියක් නිසා.. ඒ මිෂන් එක ඉවර කරන්නම පැය භාගෙට වැඩිය ගියා.. දැන් හරි.. දැන් හතර දෙනාම ගොම නාල.. වාහනේ කැඩිලා.. හතරදෙනාම බඩගින්නේ.. සියල්ල සමානව පරිප්පු බෙදිලා ගිහින්..

    වාහනේ ගැන කියනවනම් සාරාංශය මෙහෙමයි.. පොල් මාමි ගාව තියන මල් ඉස්කුරුප්පු නියන දිග වැඩි නිසා ඔයිල් කුලරය නොගලවා හෝර්ස් එකක් හෝ දෙකම ඔයිල් කුලරය ගාවින් ගැලවීමට නොහැක.. එත් කුලරය වෙත යන්නාවූ හෝර්ස් දෙකේම අනික් කොන් දෙක ගැලවීමට ඉස්කුරුප්පු නියන සමත් වුවත් කුලරයේ කොන් දෙක ගැලවීමට නොහැකි නිසා හෝර්ස් දෙකෙන් එකකින් වත් පොල් මාමිගේ අභිලාශය ඉටු කිරීමට නොහැක.. අභිලාශය නම් ඔයිල් කුලරයට යන ජලය විසඳි කොට එම ජල පහර නැවත රේඩියේටර් රාජයා වෙතම හරවා යැවීමටයි.. එහෙත් ජලය යූ ටර්න් එකක් ගැස්සවීමට හෝර්ස් කැබැල්ලක් අවශ්‍යය.. ප්‍රශ්නය නම් හෝර්ස් කැබැල්ලක් නොමැති කමයි... පුපුරා ඇති හෝර්ස් එකෙන් කැපුවද යූ ටර්න් එකට අවශ්‍ය කොටසක් ඉතුරු නොවේ.. පුපුරා නැති හෝර්ස් එක අනෙක් කොන් ගලවා ගැනීමට ඉස්කුරුප්පුව දැමීමට ඉඩ නොමැති හෙයින් මගින් කපීමටද හිත හදාගැනීමට අමාරුය.. දෙයියනේ කියල හොඳට තියන හෝර්ස් එක කොහොමද හත් දෙයියනේ දෙකට මැදින් කපන්නෙ ?

    දෙකොන පූට්ටු වී මෙසේ පසුවන පොල් මාමිගේ ඔලුවට මසුරන් අදහසක් එන්නේ මේ වේලාවේය.. කොහේ හෝ ගෙදරකින් මල් පැල වලට වතුර දමනා හෝර්ස් බට කැබැල්ලක් සොයා ගැනීමටයි ඊ ළඟ වෑයම .. දවාලට වඩා රාත්‍රියට ඇස් පෙනීම වැඩි නිශාචර වයසේ පසුවන පොල් මාමි ඇතුළු මිතුරු කැලට ගම පුරා තැඹිලි ගෙඩියක්, පේර ගෙඩියක් , කුරුම්බා ගෙඩියක්, උක් ගස් පඳුරක් ඇතුළු මෙකී නොකී සියලු ගෙඩි වර්ග වල පලදාව නෙළුවේ රෑ කාලයේ නිසා අත්දැකීම් ආදාරයෙන් රාත්‍රී 10.30 ට හෝර්ස් කැබැල්ලක් සොයා ගැනීම අසීරු කරුණක් උනේ නැහැ බොලල්ල.. මැටි බඩු මුදලාලි වැටකින් ඇතුලට ඇදිල ගිහින් පාරට මතු උනේ හෝර්ස් කොනක් ඇදගෙන ම තමයි.. ගෙදර එවුන් රූපවාහිනිය නරඹන අතරේ මෙන්න හොර මුලක් වතුර බටෙන් කොනක් කපනවා බොලේ වැට අයිනේ බිම වාඩි වෙලා.. වැඩිය කැපුවේ නැහැ බන්.. ඕනෙනම් අඩි එකහමාරක් කපාගන්න ඇති. අයිතිකාරයා එළකිරියේ හිටියොත් පොලා මලා..

    thief.jpg



    පොලාගේ වාහනේ වීදුරුවක් දෙකක්, ගිනි පෙට්ටියක් වගේ දේවල් ඉතින් හදිසි ආපදාවකට කැබි එකේ තියන නිසා පත්තර කොලයක් පත්තු කරගෙන කපා ගත්තු හෝර්ස් බටේ කොන් දෙක රත් කරලා ඔයිල් කුලරේ වතුර ලයින් එකට යු ටර්න් එකක් ගහන්න පොලාට ඕනෙනම් විනාඩි දහයක් යන්න ඇති.. මැටි බඩු මුදලාලිම ආයෙත් හෝර්ස් කොන කපාගනිපු වත්තටම ඇදිල ගිහින් හෙමින් හැරේ ටැප් එක ඇරලා ඒ හෝර්ස් එකෙන්ම රේඩියේටර් රාජයා පුරෝගත්ත කියාපි.. ඊට පස්සේ අර කලින් ගියපු විදිහටම බිම දිගේ ඇදිල ගිහින් ටැප් එක වහල හෝර්ස් එකත් වත්තට ඇදල දාල අයෙත් මැටි බඩු ටිකත් සනීපෙට පැක් කරගෙන ගමේ එන්න පිටත් උනා.. හෝර්ස් කොනක් ඉල්ලුවට දෙයිද නොදෙයිද සුවර් නැති උනත් ඒ මිනිස්සුන්ගෙන් වතුර ටිකක් ඉල්ලුවානම් නොදී ඉන්න එකක් නැහැ.. ඒත් ඒ වගේද වතුර ඉල්ලන්න ගිහින් හෝර්ස් කොන කපල කියල මාට්ටු උනානම් වෙන දේ.. ඒ හින්දයි වතුරත් හොරකම් කරන්න සිද්ද උනේ..

    ගමේ ඇවිත් අරුගේ මැටි සුකුරුත්තම් බාල ගෙදර එද්දී උදේ 5 ත් පහු.. පහුවදා ඔයිල් කුලරේ ගලවල බැලින්නම් එක තනිකරම මලකඩ ගුහාවක්.. දන්නා කාලෙකින් ඒකෙන් එන්ජිම වැඩක් අරන් නැහැ..වැඩක් වෙන්නනම් ඉතින් ඔයිල් කුලරේ හරහා වතුර යන්න එපයි.. වතුර තියා වෙඩි තිබ්බත් එහා පැත්තෙන් මතු නොවෙන්නම එක බ්ලොක් වෙලා තිබිල තියෙන්නේ.. දන්නා සෙල්ලම් ඔක්කොම දාල පැයක් විතර තට්ටු දාල ලාම්පු තෙල් දාල හුලන් අල්ලලා යන්තම් අලුතෙන් නොදා ඔයිල් කුලරේ බේරගත්ත.. හෝර්ස් එකනම් අලුතෙන් දැම්ම...ඊට පස්සේ ඉතින් වැනට් රාජයා නැවතත් ගමනට සුදානම්.. එත් ඉතින් ඔව්වයින් මෙව්වයින් තමයි පොල් මාමිගේ යාලු ෆිට් සෙට් එකේ එකෙක්වත් වනට් එකෙන් කොහෙහරි යමුද ඇහුවාම ජීවිතේට අහලවත් නැති ඔලුවේ කැක්කුම්,, ගෙවල් වල වැඩ රාජකාරි ,, වගේ දේවල් කියල මගාරින්න ගත්තේ.. කොටින්ම පස්සේ පස්සේ දිව්‍යලෝකේ යන්න කතා කරත් වැනට් එකේනම් ...

    18c3a072214c67f924f3438df7ac1458f9167d38215781b2f84f15e87a4d372a.jpg


    පොලා මේ කතාවෙන් කියන්නේ වැනට් තියන එවුන්ට ඔයිල් කුලර් එක ගැන ටිකක් හොයල බලන්න කියන එකයි.. ඔව්ව මග සෙත්තපෝච්චි උනොත් තොපිටත් වෙන්නේ හෝර්ස් බට හොරෙන් කපන්න තමයි.. ඉස්සරනම් වැඩිය තිබ්බේ වැටවල් නිසා අවුලක් නැහැ..එත් දැන් හැම වත්තකම තාප්ප බැඳලා කොල්ලනේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.


    පිට උදවිය යොදවල වාහන වලින් හම්බු කරන්න යනවනම් සබ්ජෙක්ට් එක අකුරටම දැනගෙන ඉන්න ඕන. එහෙම නොවුනොත් සල්ලිත් නෑ .. වාහනෙත් නෑ ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ow ban ape pora itapsee 3 wheel ekak weda kara itapasse learners ekaka driving purudu kara den nam penna wath na.. uge phone eka idan aran dunne ape appachchi.. hemadama ude tea eka pawa deela thama oya dunne apita.:dull:



    වංචාවට වැඩි ආයුෂ නැහැ මචන්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියල වැඩක් නෑ බං මම එක්තරා වැඩකට ගත්තු ගෝලයෙක් ගොඩක් විස්වාස කරලා මටත් සෑහෙන්න පාඩුවක් වුනා. වාහන සම්බන්ධ දෙයක් නෙවෙයි. මගෙන් වංචා කරපු මුදල් වලින් ටික දවසක් ඉන්න ඇති. දැන හතරවටේටම පොලු තියලා ඌට ටව්මට බහින්න බෑ. ඒ නිසාම ඌ දැන් ආගිය අතක් නෑ.

    මිනිස්සු කාල බලලවත් විස්වාස කරන්න බැරි කාලයක් මචන් මේක.. බොහොම කලාතුරකින් තමයි අවංක මනුස්සයෙක් මුණගැහෙන්නේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ මට තාම ඕකට රිප්ලයි එකක් දාන්න බැරි වුනානේ. රත්තරං, පොලා, මහේෂ් බැස්සා කියන්නේ ඉතිං මට කියන්න මොකුත් නැතුව ඇති.

    බීරි අලින්ට වීනා වාදනය කරනවා කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් ඒ පැත්තෙ ගිහින් ත්‍රෙඩ් එක කියවල වරෙන් මුල ඉඳල :lol::lol::lol:
     
    Status
    Not open for further replies.