ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
ඉස්සර අපි ලග තිබ්බා ෆෝර්ඩ් ජේ100 වෑන් එකක් ඕක නම් මල ඇණයක් අදින්නෙම නෑ ජෙනුයින් පාර්ට්ස් දාලා එහෙම එක පාරක් එන්ජිමත් හැදුවා ඒත් ඔය අදින්නෙ නැති ලෙඩේ ආයෙ ආවා අවුරුදු ගානකට පස්සෙ. මේ කියන කාලෙ වෙන්නෙ මීට අවුරුදු 10 - 12 කලින්. ඔන්න ඉතින් අපි ඔය වෑන් එක විකුනුවා ඒ කාලෙ ඕක හයර් දිව්වේ අපෙ ගමේ අන්කල් කෙනෙක්. පස්සෙ පස්සෙ වෙන කෙනෙකුත් වැඩ කරා x කියමුකො කතාවෙ කතා නායකයා තමා ඔය.
අපි ඕක විකුනුවට පස්සෙ x ඔය එක එක වාහන වල වැඩ කරකර හිටියා අපි ඕක වික්කෙ අපිට පාඩු නිසා වාහනේ බොඩිය එහෙම හොදට තිබ්බා ඔන්න දැනුත් ඒක හොදට හදලා කොලඹ පැත්තෙ තියෙනවා කට්ටිය දැකලා තියෙනවා. අපිට පාඩු උනාට දුවපු අයට නම් පාඩු වෙලා නෑ. හරි ෆෝර්ඩ් එක අල්ලලා දාමුකො. දවසක් x ආව අපෙ ගෙදර තව වාහනයක් ගමු ෆිනෑන්ස් දාල හරි කියලා පොර අයිඩියා එකක් දැන්මා පොර ෆිනැන්ස් එක ගෙවන්නම් කියලා වෙන ආදායම් නෑ අපිට වාහනෙන් හරි. ඔන්න ඔයාල ඔය දකින වාහනේ අපි ගෙනාවෙ මීට අවුරුදු 10 - 12 වගේ කලින් ඔන්න ඔහොම.
වාහනේ ගේනකොට තිබ්බේ පිටිපස්සහ පේන්ට් එක එහෙම ඔරිගිනල් එක ෆේඩ් වෙලා තැනින් තැන. වෙල්වට් කාපර්ට් එකේ ඉදන් හැමදේම හොදටම තිබ්බා ඉස්සරහා මුන නම් පේන්ට් කරලා තිබ්බා මන් හිතන්නෙ. අනිත් ඔක්කොම හොදටම තිබ්බා ජීඑල්-එල් එක නිසා ගොඩක් ම වටින වෙල්වට් හූඩ් එකයි ෆුල් කාපර්ට් එකයි බ්‍රව්න් කලර්. මනුස්සයා දිව්වා ඕකෙ පාසල් සේවය අපිට කියලා තිබ්බෙ එක ට්‍රිප් එකයි ලොකු ලමයි ගෙනියන්නෙ කියලා. අපිට මාසෙට ගානක් දුන්නා ඒත් අපිට සමහර මාස වල මදිත් උනා අම්මලාගෙ පඩියෙන් ඕක සෙටල් කරගෙන ගියා කොහොම හරි.
අපිට මූ කරන දේවල් ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ. අප්පච්චිලා වැඩට යනවා මම ඉස්කෝලෙ යනවා. කොහොම හරි මූ ස්කූල් ට්‍රිප් දෙකක් ගිහින් තියෙනවා ප්‍රයිමරි සහ ලොකු ලමයි. ඊට අමතරව දවල් කාලෙට හයර් ගිහින් තියෙනවා ගමේ අයට ඩ්‍රයිවින් පුරුදු කරලා තියෙනවා වාහනෙන් සල්ලි වලට ඒකත්. කාපර්ට් එක කෑව හූඩ් එක කෑව මාසෙකට සැරයක් දුනුබුශ් අරක මේක කියලා ලෙඩ. ඔරිගිනල් තත්වෙ තිබ්බ වාහනේ ගොඩක්ම නාස්ති කරලා දැන්මා අවුරුදු 4 විතර යනකොට.
ඊට පස්සෙ තමා අපෙයි අපෙ වාහනෙයි පින පලදුන්නෙ. x ට හරියට ඉන්න තැනක් වත් තිබ්බ මිනිස්සු නෙවේ එත් ඔන්න දවසක් මනුස්සයා අපෙ වෑන් එක සර්විස් එහෙම කරලා අපෙ ගෙදර දාල ගිහින් තිබ්බ මොකද කොහෙ ගියත් හවසට ගෙදර තමා පාර්ක් කරන්නෙ. අපිටත් ඉතින් ගානක් නෑ සර්විස් එක ගැන නම්. මෙන්න බොලේ මේ මනුස්සයා ඊලග දවසෙ උදේ ආවෙ නෑ නෙ වාහනේ අරන් යන්න. අපි කෝල් කරහම කිව්වා මහත්තයා මම වෑන් එකක් ගත්තා ස්කූල් සර්විස් එක ඒකෙ කරල හයර් අපෙ එකෙ දුවල ෆිනෑන්ස් එක ගෙවමු කියලා. අපිට ඇත්තටම හෙන අවුල් එදා මිනිහට උදේ තේ එක පවා අපි දුන්නා අපි හොදට සැලකුවා අයෙ මිනිස්සු විස්වස නොකරන තත්වෙටම අන්තිමේට ආවා. අපි කිව්ව අපිට හයර් ඕනෙ නෑ වාහනෙ යතුර ගෙනත් දෙන්න කියලා.
අපිට ඉතින් ඊටපස්සෙ කරන්න දෙයක් තිබ්බෙ නෑ වාහනේ විකුනන්නත් බෑ. අප්පච්චි කොහොමහරි එයාගෙ යාලුවො ටික සෙට් කරගෙන ස්ටාෆ් සර්විස් එකක් පටන් ගත්තෙ ඊට පස්සෙ තමා. එයා හරි මම හරි තමා දිව්වෙ. මම ගියෙ අප්පච්චි නැති වෙලාවට මොකද උදේ එයා කට්ටියත් දාගෙන ගියහම වාහනේ නතර කරල තියනවා පේරාදෙණිය කැම්පස් එකේ ඊටපස්සෙ හවසට කට්ටියත් දාගෙන ගෙදර එන එක තමා කරේ. කොහොමහරි අපි වාහනේ ෆිනෑන්ස් එක සෙටල් කරා. අර කලින් තිබ්බ දුනු, බුශ් කිසිම අව්ලක් නෑ මට මතක විදිහට අපි පස්සහා දුනු බුශ් ගහලා දැන් අවුරුදු ගානක් වෙනවා තාම අව්ලක් නෑ ලගදි බලලා හොදයි කියලා අයෙම ඒවම දැන්මා. අපි අද වෙනකන් අවුරුදු 7ක් විතර ද්Eන් ස්ටාෆ් කරනවා වාහනෙන් දෙයිය්න්ගෙ පිහිටෙන් තවම කිසි අව්ලක් වෙලා නෑ ලෙඩ දෙන්නෙත් නෑ පාඩුත් නෑ මොකද වාහනේ ආදායමෙන් වාහනෙත් නඩ්ත්තු කරගෙන ගෙදර වැඩ වලටත් ගන්න නිසා. එකතු කරා නම් තව වාහනයක් ගන්න සල්ලි. එත් අර මනුස්සයා කරල තියෙන්නෙ තනිකර බොරුව. නම්බු දීල අපි 50% වත් අපෙ වාහනෙන් හොයලා තමා එල් එච් 30 එකක් ගත්තෙ.
අපි ඊටපස්සෙ වාහනේ ලක්ශ 6 වගෙ වියදම් කරලා හොදටම හැදුවා තවම ස්ටාෆ් දුවනවා හැමදාම දවසට 55කිමි වගේ. හරියට නඩත්තු කරනවනම් වාහන ලෙඩ දෙන්නෙ නෑ මග කැඩෙන්නෙ නෑ මගෙ අත්දැකීමෙ හැටියට. අපිට නම් අව්ලක් උනෙ නෑ එත් x ට නම් කෙල උනා. දැන් වාහනෙත් නෑ. අපිට නම් ඒ ගැන කිසිම හැගීමක් නෑ මොකද අපිට කරපු බොරු පස්සෙ අපිට මිනිස්සු කිව්වා මිනිහගෙ වැඩ ටික. එදායින් පස්සෙ අපි නම් වාහනයක් මෙලො එකෙක්ට දෙන්නෙ නෑ අයෙ දෙන්නෙත් නෑ.
ඔයාලගෙත් වාහන එහෙම හයර් දුවනවනම්, ඩ්‍රයිවර්ස් ලා දාල ඉන්නවනම් හොයල බැලුවට පාඩු වෙන්නෙ නෑ. අපිට අර වැඩේ නොවී මිනිහම මේක දිව්වනම් අර දැක්ක වාහනෙ අද එහෙම නෑ.