වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.
  • Sep 8, 2014
    490
    47
    28
    උබේ බාසා නම් දෙයියෙක් නේ. හුගක් එවුන් බලන්නේ ඔය වෙලාවට කියක් හරි වැඩිපුර කඩාවඩා ගන්න මොකද ඔය වගේ අවස්ථාවකදී කීය කිව්වත් දෙනවා නේ.

    මට ඔය බාස් කතාව නිසා මතක් උනේ මම අදුරන එකෙක් ලග තිබ්බා කාර් එකක්. කොටින්ම කිව්වොත් අයේ ඉතින් කොහේ ගියත් මගලු. ඔන්න මු දවසක් කොහේදෝ මගුලක ගිහිල්ල වාහනේ මග නැවතිලා. ලගම ටවුන් එකක් තිබිලත් නැතිලු. මු කොහොම හරි ත්‍රිවිල් එකක ගිහින් කොහන්දෝ ගරාජ් එකක් හොයාගෙන. බාස්ලා දෙන්නෙක් ඉදලලු හැබැයි දෙන්නම කුඩු වෙන්න බිල්ලු. පස්සේ මු විස්තරේ කියනකොට අපි හදලා දෙන්නම් කියලා ඇවිල්ලා. කොහොම හරි උන් දෙන්නට හදාගන්න බැරි වෙලා. පස්සේ මූ කොහොමද අටවාගෙන ගෙදර ඇවිල්ලා බලනකොට වාහනේ තිබ්බ හොද හයිඩ්රෝලික් ජැක් එක නැතිලු. ඔන්න ඔහොමයි අද කලේ ඉන්න බාස්ලගෙන් වැඩි හරිය

    ඔව් බන් බාස වෙලාවෙ හැටියට කරපු උදව්ව කියන්න වචන නෑ, හැමදාම හදපු එකා නෑනෙ කරදරයක් උන වෙලාවට, දැන් නන් මොකක් උනත් යන්නෙ ඒ බාස් ගාවට තමයි
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඔන්න ඕක නිසා තමයි ඒ කාලෙත් පොලා තාවකාලික රියදුරු ගොයියෝ නොදා නිවාඩුවක් දාල රියදුරු රස්සාව කරේ.. ටෙම්පරි ඩ්‍රයිවර්ලා යවනවට වඩා හොඳයි වාහනේ ගෙදර තියන එක.. ඔය වැඩේ කරන්නම බැරි නිසා තමයි පොලා ඇමෙරිකා ආවයින් පස්සේ හයර් දුවපු වාහන පොළොවට පස් වෙනකම් දිරුවත් හයර් නොදුවන්න තීරණය කරේ.. එහෙම කරාම පාඩු මිසක් ලාභ නෙවෙයි..

    මෙතන වැරදි උඹයි.. උඹ ගෙදර ඇවිත් නිදාගත්තු එක බරපතල වරදක්.. රියදුරා අලුත්නම්, හයර් එකත් යවන්නම ඕනෙනම්..උඹට තිබ්බ දවසම ඌ එක්ක වාහනේ රැඳෙන්න.. අනික් කාරනාව හදිසියකට තමුන්ට තනියම කරගන්න බැරි ව්‍යාපාරයකට අතගහපු එක.. රියදුරා නැත්තම් උඹයි ඒ ආසනයේ වාඩිවෙන්න ඕන.. නිකමට හිතපන් කොන්දේ කපන්න දන්නේ නැති එකෙක් බාබර් සාප්පුවක් දාගෙන ඉද්දි බාබර් නිවාඩු ගියොත් මොකද වෙන්නේ??? තත්වය තරාතිරම මොකක් උනත් මචන් තමුන්ගේ ව්‍යාපාරේ පැවැත්ම ගැන වගකීම තියෙන්නේ තමුන් අතේ.. වැටීම හෝ නැගිටීම තියෙන්නේ තමුන් ඒකට මහන්සිවෙන ප්‍රමාණය අනුව.. ඒ හින්ද තමුන්ගේ වාහනේ හදිසියකට වැඩ කරන එක මදිකමක් ලජාවක් මහන්සියක් විදිහට හිතන්න එපා...

    කටුව ලිව්වට බොහොම ස්තුතියි මචන්...


    සහතික ඇත්ත මචන් , මේ වෙනකොට නන් වැරැද්දක් උන වෙලාවට වාහනේ ගෙනිය ගන්න පුලුවන් :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක දැක්කාම ලස්සන කතාවක් මතක් උනා දන්නා අඳුරන ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් කිව්ව .

    සිංහරාජ වනාන්තරේ කිට්ටුව ඉන්නවලු ප්‍රසිද්ධ හොරෙන් ගස් කපල හොරෙන් කොට අදින එකේ. ඌ පාවිච්චි කරන්නේ පරණ වඳුරු මුණ ලොරි තඩියක්ලු . මේ ලොරියට දන්නා කියන කාලෙක ඉඳල ලයිසන්, ඉන්සුවරන්ස් නැහැලු.. මේ ලොරියේ ස්ටියරින් වීල් එකේ මැද නට් එක දාල නෙවෙයිලු තියෙන්නේ. නිකම් අතින් ගහල තද කරගෙනලු දුවන්නේ. මොකද මේ ලොරිය මුන් පාවිච්චි කරනවා කියන්නේ කැලේ ඇතුලේ ඉඳන් එලියට කොට අදින්න විතරයි.. උදේට ස්ටාර්ට් කරන්නේ ලොරියේ එන්ජින් එකට යටින් ගිනි ගොඩක් ගහල හීට් කරලලු.. මේ ලොරිය කොට එක්ක ෆොරස්ට් එකට හෝ පොලිසියට අහුවෙන ඕනෑම වෙලාවක මු ලොරිය දාල කැලේ පනිනවලු.. හැබැයි නිකම් නෙවෙයි ස්ටියරින් වීල් එකත් ගලෝගෙන.. :lol::lol:. මැද නට් එක දැම්මේ නැති උනාම පරණ වාහන වල ස්ටියරින් එකට දෙපැත්තට අත් දෙකෙන් ගැහුවාම නිකම්ම ගැලවෙනව . හොර ලී අදල අහු උනොත් වාහනේ රාජසන්තක තමයි ආයෙ කතා දෙකක් නැහැ.. ස්ටියරින් වීල් එක නැති කොට පටවපු ලොරියක් පොලිසියට අරන් යන්න විදිහක් නැති නිසා කවදාවත් මුගේ අගනා ලොරි රාජයා උසාවියට ඉදිරිපත් කරන්න විදිහක් නැහැලු.. පස්සේ ලොරිය උසාවි දාන්නේ නැහැ කියල පොලිසිය හෝ ෆොරස්ට් එක එක්ක ඩීල් එකක් ගැහුවයින් පස්සේ මු පොලිසියට භාර වෙලා උසාවි ගිහින් දඩ ගෙවල මාස ගණන් ඇතුලේ ඉඳල ඇවිත් අයෙත් ලොරි රාජයා එක්ක පරණ පුරුදු රස්සාවම කරගෙන යනවලු....කොහොමද ටිකිරි මොලේ...

    පට්ටනේ. :lol:
    එක සැරයක් පරණ සීටිබී බස් එකක් බස් ස්ටෑන්ඩ් එක කඩාගෙන ඇතුලට ගිහින් තිබුනා. හේතව දන්නවද?
    ස්ටෑන්ඩ් එක ලගට එද්දී ස්ටීරිය් එක ගැලවිලා අතට ඇවිල්ලා. ඩ්‍රයිවර් හොල්මං වෙච්ච ගමං පෑගිලා. හොදවෙලාවට කීප දෙනෙකුට සුලු තුවාල විතරයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංදු ගැන ආස අය වෙලාව තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න. :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1679221

    අපිනම් බැලුවා.කමෙන්ට් කලා.රේප් කලා
    රත්තරං නානා කිවුවත් වගේ ටොමාත් අල්ලා වගේ බුලට් එකක්.සියල්ල දත්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland

    රෝල්ස් රොයිස් නැතත් ඕකුන්ට තටු දෙක හයි කරලා එවල නැති නිසා හීරෝ එන්ජින් එකෙන් උඩ යන්න විදිහක් නැහැ. තටු දෙකක් තිබ්බනම් ඉතින් බස් හෝල්ට් වල ඉන්න එවුන්ට වෙන්නේ උඩ බලන් ඉන්න බස් එකක් එනකම්..

    :P:P

    123.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක්ද මාමේ N16 එකේ අවුල? :confused:

    සෙල්ලම් බඩු වගේ ජොයින්ට් ටිකකුයි රැක්, මවුන්ට්, සෙට් එකකුයි තියෙන්නේ. රිප්ලේස් කරලා ඉවරයක් නෑ. තෙලුත් බොනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. FB15 ඉතින් ලේලන්ඩ් එක්ක රේස් ගිහින් දින්නොත් තමා ඉතින්... :P:P:P

    2. පැන්ඩාට අපහාස කරපු උන් පරෙස්සමෙන්...:angry::angry::frown::frown:


    3. මහ ආණ්ඩුවේ අණ පරිදි මගේ ආදරණීය CIVIC එක විකුනන්න තීරණය කළා සිංහලු... :(:(:(

    4. මහ ආණ්ඩුවේ අණ පරිදි Toyota එකක් ගන්න තීරණය කරන ලදී.
    පහත සඳහන් Toyota රථ විකිණීමට ඇත්නම් කරුණාකර දන්වනු මැනවි.
    *. 1998-2001 Toyota Carina GT with 6 Speed Manual Gearbox
    *. 1997-1998 Toyota Marino with 4A-GE Engine and 6 Speed Manual Gear Box

    ටොයොටා අනාතයෙක්.. ඊයා:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.