ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    bajaj pulser 150 2014 ekata dann plug dekak kiyapallako hoda.

    :oo: 2014 එකකට මෙච්චර ඉක්මනට මොකටද ප්ලග්....?? මම නම් දැම්මේ BOSCH Twin Spark ප්ලග් දෙකක්..... :yes: ඔරිජිනල් ඩිමෝ බඩු..... :)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්‍රෝල් එකෙන්ද මේක වෙන්නේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ආ සිංහලු
    කාබ් ඒක මස් කළා
    අනාත ෆිල්ටර් දැම්මට වැඩක් නෑ බොලව් කාබ් එකේ ජරාව

    ස්ලයිඩ් එකේ පොඩි තද ගතියක් තිබ්බ. සුද්දයක් දුන්න දැන් හරි
     
    පාකින් ලයිට් වලට led දැම්ම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද ? ඉස්සරහ පාකින් බල්බ් දෙකඩ ?
    ස්විච් එකේ හෝ බොඩි කන්ට්‍රෝල් එකේ වෙන්න පුළුවනි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    යන්තම්වත් අඳුරු කරපුවා දාන්න බෑ කියල තමා කියන්නේ.පස්සේ එක්කෙනාගේ එකනම් ෂේප් කරගන්න පුළුවන් වෙයි

    පිටි පස්සේ එකා දාන් ගියත් දඩ ගහනවා බන්, ඔය අර full face case එකට පලි ගන්නේ

    අර දැන් දඩ කනකොට selfie ගහලා තව ටික කලකින් පාරේ photos ගන්න එපා කියලා නීතියක් දායි
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ආ සිංහලු
    කාබ් ඒක මස් කළා
    අනාත ෆිල්ටර් දැම්මට වැඩක් නෑ බොලව් කාබ් එකේ ජරාව

    ස්ලයිඩ් එකේ පොඩි තද ගතියක් තිබ්බ. සුද්දයක් දුන්න දැන් හරි

    ලංකාවේ සුපිරි පෙට්රල් වල හොදකම තමා
    e bay එකේ සුපිරි filter එකක් තිබ්බා usd 30 ද කොහෙද, එක අනිත් filter වගේ නෙමේ වාහන වල වගේ වැඩ කරන එකක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලු
    කාබ් ඒක මස් කළා
    අනාත ෆිල්ටර් දැම්මට වැඩක් නෑ බොලව් කාබ් එකේ ජරාව

    ස්ලයිඩ් එකේ පොඩි තද ගතියක් තිබ්බ. සුද්දයක් දුන්න දැන් හරි

    ඒක තමා බන් කේස් එක... ෂෙඩ් වලින් රොඩු එනවා...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්‍රෝල් එකෙන්ද මේක වෙන්නේ.

    මොකුත් කරන්න කලින් තිබ්බ බල්බ් දෙක දාල බලන්න මචෝ වැඩ කරනවද කියල අවුලක් නැතුව...:yes:

    බොඩි කන්ට්‍රෝල් අවුලක්ද කියල හිතන්න කලින් ඒක බලල ඉන්න.:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ලංකාවේ සුපිරි පෙට්රල් වල හොදකම තමා
    e bay එකේ සුපිරි filter එකක් තිබ්බා usd 30 ද කොහෙද, එක අනිත් filter වගේ නෙමේ වාහන වල වගේ වැඩ කරන එකක්

    අඩේ ඒ ගානට කාබ් එකම දාන්න පුළුවන් නේ :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්‍රෝල් එකෙන්ද මේක වෙන්නේ.

    බොඩි කන්ට්‍රෝල් බලන්න කලින් බලපං ස්විච් එකේ කන්ටෑක්ට් අවුලක්ද කියල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ ඒ ගානට කාබ් එකම දාන්න පුළුවන් නේ :(

    උඹ දාල තිබ්බෙ අර Paper Filter එකක්ද බං.
    අර පනහටද සීයටද තියන.. ඒක නම් මෙලෝ වැඩක් නෑ බං..
    ජානක එකේ තිබ්බ එක්දාස් දෙසිය ගානට ඇලුමිනියම් එකක් පොඩ්ඩක් අහල බලපන්..
    ඒක නම් උන් කිව්ව හොඳයි කියල..
    ඒත් ‍ෆිල්ටරේ දාන්න කලින් ටැංකියත් පෙට්‍රොල් අයින් කරල හෝදල සුද්ද කරලම දානව නම් තමා හොඳ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    උඹ දාල තිබ්බෙ අර Paper Filter එකක්ද බං.
    අර පනහටද සීයටද තියන.. ඒක නම් මෙලෝ වැඩක් නෑ බං..
    ජානක එකේ තිබ්බ එක්දාස් දෙසිය ගානට ඇලුමිනියම් එකක් පොඩ්ඩක් අහල බලපන්..
    ඒක නම් උන් කිව්ව හොඳයි කියල..
    ඒත් ‍ෆිල්ටරේ දාන්න කලින් ටැංකියත් පෙට්‍රොල් අයින් කරල හෝදල සුද්ද කරලම දානව නම් තමා හොඳ

    ටැංකිය සුද්ද කරන්න ඕනා බන්. මොනවහරි දාන්න ඕනද හෝදන්න ?
    මේ 135 හේ ඩයෆ්රම් ඒක ඔයා දැම්ම කිව්ව නේද කියක් උනාද ? මගේ නං අව්ලක් නෑ හිර ගතියක් තිබ්බ දැන් හරි දාන්න උනොත් කියක් වෙනවද ?
    කලින් එකා ඩයෆ්රම් ඒක උඩ පියන ගලවල තියෙනව බයික් ඒක ගට්ට දවස්වලම
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටැංකිය සුද්ද කරන්න ඕනා බන්. මොනවහරි දාන්න ඕනද හෝදන්න ?
    මේ 135 හේ ඩයෆ්රම් ඒක ඔයා දැම්ම කිව්ව නේද කියක් උනාද ? මගේ නං අව්ලක් නෑ හිර ගතියක් තිබ්බ දැන් හරි දාන්න උනොත් කියක් වෙනවද ?
    කලින් එකා ඩයෆ්රම් ඒක උඩ පියන ගලවල තියෙනව බයික් ඒක ගට්ට දවස්වලම

    ටැංකිය හෝදන්න විශේශ මොනා හරි තියනවද කියල නම් දන් නෑ බං. මම නම් පෙට්‍රල් ටික සේරම අයින් කරල පෙට්‍රල් ටැප් එකත් ගලවල හොඳට වතුර ටැප් එකට අල්ලනව. මම වාහන හෝදන්නම වෙනම වතුර ටැංකියක් හයි කරගෙන ඉන්නෙ.. ආයි ඉතින් හයිප්‍රෙශර් ගන් පරාදයි.. හොඳට ඔහොම හෝදල. ඊට පස්සෙ වතුර ටික හොඳට ගසල ඩීසල් ටිකක් දාල කලත්තල. ඒ ටිකත් අයින් කරල හොඳට කට්ට අවුවෙ වේලනව.. හොඳට ආපහු වේලුනාම ආපහු ඩීසල් ටිකක් දාල කලත්තල ආපහු අවුවෙ තියල වේලල. හයි කරනව.... පෙට්‍රල් ටැප් එකේ තියන ‍ෆිල්ටරෙත් ගලවල හොඳට සුද්ද කරන්න ඕන

    ගාන නම් මතක නෑ මචෝ හරියටම 2800ක් වගෙ තමා මතක.
    කාබ් රෙපයාර් කිට් එක නම් 2100යි
    පට්ට ගනන් මේවගෙ බඩු.. ඩයප්‍රම් එක හාඩ් වෙලා හරි හිල් වෙලා හරි නැත්තන් අපරාදෙ මාරු කරන්න එපා
    ඩයප්‍රම් එකේ උඩ පියනෙ තියන ස්ප්‍රින්ග් එක එහෙම හොඳට තියනවනෙ.. ඒකට 2T පොඩ්ඩක් අඟිල්ලට අරන් ගාල තියන්න.. බැරල් එක එහෙම හිරනම් පෙට්‍රල් වලට 2T පොඩ්ඩක් දාපං (පොඩ්ඩක් කිව්වෙ ෆුල් ටෑංක් ගහල 2T දාපං 10ක විතර)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :oo: 2014 එකකට මෙච්චර ඉක්මනට මොකටද ප්ලග්....?? මම නම් දැම්මේ BOSCH Twin Spark ප්ලග් දෙකක්..... :yes: ඔරිජිනල් ඩිමෝ බඩු..... :)

    බොලාගේ වගේ ගෙදර තියන එකක් නෙවේ බඩෝ..... මේක දැනටමත් 41ක් පැනලා දුවලා.... තවම ආපු චැම්පියන් පිලග් 2.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පාකින් ලයිට් වලට led දැම්ම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද ? ඉස්සරහ පාකින් බල්බ් දෙකඩ ?
    ස්විච් එකේ හෝ බොඩි කන්ට්‍රෝල් එකේ වෙන්න පුළුවනි
    බොඩි කන්ට්‍රෝල් බලන්න කලින් බලපං ස්විච් එකේ කන්ටෑක්ට් අවුලක්ද කියල

    ඉස්සරහ දෙකයි පිටිපස්සේ නම්බර් ප්ලේට් එකේ එකයි.
    ස්විච් එක නම් සැක කරන්න බෑ බන් නවත්තල පොඩ්ඩක් වත් හෙලවෙන්නේ නැතුව තිබ්බත් ලයිට් නිවෙනවා පත්තු වෙනවා. පත්තු වෙන වෙලාවට ස්විච් එක හරියට වැඩ කරනවා. පත්තු වෙන්නේ නැති වෙලාවට බ්රේක් අල්ලලා අතඇරියම, හෝන් එක ගැහුවම සමහර වෙලාවට පත්තු වෙනවා. ආයේ තිබුන ලයිට් දැම්මොත් හරි යයිද?
     
    Last edited:
    Status
    Not open for further replies.