මම හිතන් හිටියේ උඹ ඇත්තටම සිම් විකුනනවා කියල බන්..නෝ ඔෆෙන්ස්.. (2008 රෙජිස්ටර් උනාට මම මෑතක ඉඳන් තමයි එලකිරියට නිතර යන්න එන්න ගත්තේ) කොහොම උනත් මම උඹේ පොස්ට් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒ වගේම කිඹුලා අය්යා එක්ක පර්සනලි කතා කරලා නැති උනත් එයාගෙනුත් මට ගොඩක් වටිනා උදවු ලැබිලා තියෙනවා මෙඩි ක්ලිනික් එකේ මට දීපු උපදෙස් වලින්.. මේ වගේ දේවල් දකිද්දි නම් හෙනම අප්සට් බන්..
මෙහෙමයි මචං. මම මොනා කලත් නොකලත් මම පොල් කැඩුවත්, සිම් විකුණුවත්, මේසන් බදාම ඇනුවත් මමත් ඇස් , කන් පේන පපුවක් තියෙන මනුස්සයෙක්. මම මනුස්සයෙක් කියලා මගේ ගති ගුණ වලට මාව මිනිස්සු ආශ්‍රය කරනවට තමා මම කැමති. නැතුව මම කොච්චරක් දුරට ඉගෙන ගත්තු එකෙක්ද, මගේ ජොබ් එක මොකක්ද කියලා බලලා ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන් වැඩක් නෑ. මොකද අපි ලඟා කරගත්තුවා ටික කාලෙකින් නැතිවෙලා යන්න පුලුවන්. නමුත් වැදගත් වන්නේ ජීවිතේට හම්බු කරගත්තු මිනිස්සු. ඒකත් තමුන්ගේ ස්ටේටස් වලින් නෙමෙයි බං මනුස්ස කමින්.











