එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් මාමා යකෙක්නේ....:shocked:

    පට්ටයි හොඳේ..:yes::yes::yes: හදලා බලන්න වෙලවක් සෙට්වුනොත් අනීවා දාන්නම් ෆොටෝ එකක්..:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කතාවට මම එකඟ නැහැ.. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්න මිනිස්සු උපන් දවසේ හිටන් මැරෙනකම්ම මස් මාළු කරවල කන්නේ නැහැ..මම හිතන්නේ ගුජරාට් ප්‍රාන්තයේ විශාලත්වය ලංකාවට සමාන ඇති...එයාල කිරි විතරයි සත්ව ආහාර වලින් පාවිච්චි කරන්නේ.. එත් ඒ මිනිස්සුන්ට ඉහෙන් බහින රෝගයක් නැහැ..1998 කාලේ මම ඉන්දියාවේ ඉද්දි මස් මාළු නොකා හිටියේ බොහොම අමාරුවෙන්.. සතියකට සැරයක් තමයි නිවාඩු දවසට මස් කෑල්ලක් කන්න අහමදාබාද් වලට යන්නේ.. ඒ කාලේ තිබ්බේ එකම එක non-vage හෝටලයයි.. එකේ නම මෝතිමාල් හොටෙල්.. මස් කන්න යන්න කිලෝමීටර් 60 යි.. කාල එන්න කිලෝමීටර් 60 යි..:yes::yes::yes:

    එයින් පස්සේ සත්තු මසට මැරෙන හැටි වීඩියෝ එකකින් දැකල මස් මාළු කෑම කරෝල කෑම එපා වෙලා 2005 ඉඳන් අද දක්වා මම වෙජිටේරියන්.. මටනම් ඉහෙන් බහින රෝගයක් නැහැ මේ වෙනකම්.. හැබැයි එළවලු ඇතිවෙන්නම කනව.. මස් මාළු නොකෑවම ලෙඩ කියල මම පිළිගන්නේ නැහැ.. ගිය වතාවේ දොස්තර හමුවෙන්න ගිය වෙලා අවවාද ලැබුන බර රාත්තල් 10 ක් අඩුකරගන්න කියල.. මම හිතනවා එළවලු ටිකක් වැඩිපුර කෑවාම හරි කියල මස් මාළු කරෝල කනවට වඩා.

    :yes: :yes:
    Well Said..
    හයික් එකක් කරන්න ගියාම එහෙම නැත්තම් කන්දක් නගින්න එහෙම ගියාම ජිම් ගිහිල්ලා මස් බුදලා පුම්බගෙන ඉන්න හාදයෝ අඩි දහයක් යනකොට ඉහින් කනින් පෙරාගෙන හති දානවා.. :lol:
    ඇඟ වීක් වෙනවා කියන කතන්දර නම් පට්ටපල් බොරු. මටත් ඉහෙන් බහින රෝගයක් නෑ. දවසක් ඇර දවසක් කිඹුලාවල ජොගින් ට්‍රැක් එකේ කිලෝමීටර 03 ඇවිදලා ආයේ 03ක් දුවාගන්න ජින්තු තියෙනවා මට නම් මස් මාලු නොකෑවට...:yes:

    මමත් ඕන තතම් දැකලා තියෙනවා ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ පොඩි කාලේ ඉඳංම නිර්මාංශී ගෑණු උදවියට නියමිත බර සහිත නිරෝගී දරු උපත් සිද්ධවෙනවා කිසිම කරදරයකින් තොරව.

    මේක කියන්න හිතුනේ බොරුමතයක් කියලා ඔප්පුකරන්න මිසක් වෙන කිසිම දෙයකට නෙමෙයි. මම නිර්මාංශී උනේ ප්‍රතිපත්තියක් වශයෙන්. මනුස්සයෙක් උනාම ප්‍රතිපත්තියක් ආරක්ෂාකරන්න ඕනේ කියලා මට හිතුනා. මගේ ගෙදර මිනිස්සු ඔක්කොමල මස් මාලු හොඳට කන උදවිය.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    help people :(

    කඩල හුන්ඩුවක් ගානට තම්බගනිං

    ලොකු ලූණු ගෙඩියක් ලියලා, අමු මිරිස් කරල් දෙකක් කපලා , සුදු ළූණු බික් දෙකක් තලලා, ඉඟුරු කෑල්ලක් තලලා ගනිං.

    තෙල් මේස හැඳි දෙකක් හරි මාගරීන් මේස හැඳි 02ක් විතර හරි රත් වෙච්ච තාච්චියකට හරි සෝස් පෑන් එකකට හරි දාපං.

    ඉස්සෙල්ලා සුදුලූණු ඉඟුරු දාලා රත්තරන් පාට වෙනකොට ඉතුරුවා දාලා තෙම්පරාදු කරගනින්. සුප්කැට බාගයක් තියෙනවා නම් තෙම්පරාදුවට දාපං. පට්ට රහයි එතකොට.

    ඒ ටික තාච්චියේ/ සොස්පෑන් එකේ අයිනකට කරලා බිත්තර දෙකක් අරගෙන කඩලා දාපං. දාලා බිත්තර දෙක බැදිලා කෑලි වෙන්න කූරු ගාපං. ගානට බැදිලා එනකොට තෙම්පරාදුවත් එක්ක මිස්ක් කරගනිං.

    අන්තිමට තැම්බුනු කඩල ටික ඕකත් එක්ක මික්ස් කරගනින්..

    සරළයි, ලේසියි, ලාබයි, රහයි..
     
    • Like
    Reactions: laMir and twisted

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔබගේ මතේට මම ගරු කරනවා. නමුත් ලංකාවේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මධ්‍යයම හා දුගී පාන්තිකයෝ. ඔවුන්ගෙන් මස් මාලු නොකා සමබර ආහාර වේලක් කෑමට ගන්න ආර්ථික හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ.

    ඔබ පවසන ආකාරයට එසේ සමබර ආහාර වේලක් ගන්නවනම් දරු ප්‍රසූතියකදී අවශ්‍යය යකඩ ලබා ගැනීමට විශාල වශයෙන් යකඩ සම්බන්ධ ආහාර හෝ යකඩ ඌණපූර්ණක පෙති ගැනීමට සිදුවෙනවා. නමුත් ලංකාව වගේ දූපත් රටක පහසුවෙන් ලබා ගත හැකි මාලු හෝ අඩු මුදලට මිලට ගෙන ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍යය යකඩ ප්‍රභවයන් ගන්න පුලුවන්.

    අ‍ටුවා ටිකා අවශ්‍යය් නැත. ප්‍රමාණවත් ලෙස යකඩ ඌණතාවය නිසා දරු ප්‍රසූතියේ හෝ මළ දරුවන් ඇතිවීමේ තත්ත්ව මම මගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමි. ඒ නවලොක, හෝ ආසිරි රෝහ වල නොව රජයෙන් නිකන් බෙහෙත් දෙන පින් රෝහල් වලය. :D:D:D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    You've proved our love :love::love::P
     
    උඹ වෙජි නිසා ඉතින් මේක කියන්න බෑ. නමුත් ඉස්සෝන්ගේ ඔලු කබලේ බැදලා බ්‍රෙන්ඩර් එකෙන් කුඩු කරගෙන තියාගෙන ඉඳලා ඕකෙන් ටිකක් මේකට මික්ස් කලාම පට්ට කොර මාරම රසයි.

    (මමත් කාලයක් මස් මාලු නොකා හිටියා බං. අම්මා ගේම ඉල්ලනවා බැරිම තැන චිකන් නම් කන්න බෑ කියන පොරොන්දුව මත සී ෆුඩ් කනවා. ඒත් කකුලුවෝ එහෙම කන්නේ නෑ )
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලොල්. උඹලා ඔය කඩවල් වලින් උඩ දාගෙන කන ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන චිලිපේස්ට් හදන්නේ ඉස්සෝ කුඩුකරලා දාලා කියලද උඹ හිතන්නේ??? ඉස්සෝ ඔලු තම ඔය වැඩේට ගනෙන ගොඩක් කඩවල් වල බං. :P:P:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ලොල්. උඹලා ඔය කඩවල් වලින් උඩ දාගෙන කන ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන චිලිපේස්ට් හදන්නේ ඉස්සෝ කුඩුකරලා දාලා කියලද උඹ හිතන්නේ??? ඉස්සෝ ඔලු තම ඔය වැඩේට ගනෙන ගොඩක් කඩවල් වල බං. :P:P:rofl:

    mama chili paste kanne nehe saho :baffled: mata issekge unath wedanawa therenawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබගේ මතේට මම ගරු කරනවා. නමුත් ලංකාවේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මධ්‍යයම හා දුගී පාන්තිකයෝ. ඔවුන්ගෙන් මස් මාලු නොකා සමබර ආහාර වේලක් කෑමට ගන්න ආර්ථික හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ.

    ඔබ පවසන ආකාරයට එසේ සමබර ආහාර වේලක් ගන්නවනම් දරු ප්‍රසූතියකදී අවශ්‍යය යකඩ ලබා ගැනීමට විශාල වශයෙන් යකඩ සම්බන්ධ ආහාර හෝ යකඩ ඌණපූර්ණක පෙති ගැනීමට සිදුවෙනවා. නමුත් ලංකාව වගේ දූපත් රටක පහසුවෙන් ලබා ගත හැකි මාලු හෝ අඩු මුදලට මිලට ගෙන ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍යය යකඩ ප්‍රභවයන් ගන්න පුලුවන්.

    අ‍ටුවා ටිකා අවශ්‍යය් නැත. ප්‍රමාණවත් ලෙස යකඩ ඌණතාවය නිසා දරු ප්‍රසූතියේ හෝ මළ දරුවන් ඇතිවීමේ තත්ත්ව මම මගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමි. ඒ නවලොක, හෝ ආසිරි රෝහ වල නොව රජයෙන් නිකන් බෙහෙත් දෙන පින් රෝහල් වලය. :D:D:D

    ඔබතුමා හා වාද කිරීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි. නමුත් මෙය වාදක් නොකර ඉදිරියට ගෙනයමු. ඔබගේ මතය ඔබ ප්‍රකාශකරනවා වගේ මගේ මතය මම ප්‍රකාශකරනවා.

    එළවලු පළතුරු ගනන් තමයි. එහෙමයි කියලා මස් මාලු ලාභද?? :D නෑ.. ඒවත් මිලයි. සෝයා පැකට් එකක් හරි හතු පැකට් එකක් හරි උපරිම මිල රුපියල් 80ක් වගේ වෙන්නේ. ඊට සාපේක්ෂව මාලු, මස්, හාල්මැස්සෝ, කරවල වල මිලසසදලා බලන්න. දවසක් කරලා මේ දේ කරලා බලන්න. සමබර ආහාර වේලකට මස් මාලු නැතිව සහ මස් මාලු ඇතුව හදලා වියදම බලන්න. ;)

    යකඩ අනිවාර්යෙන්ම අවශයයි. 100%ක් එකඟයි. අපේ ආහාර වේලට අනිවාර්ය අංගයක් උනේ කොළ මැල්ලුමක්. අපේ මිනිස්සු දැං දැං කොළ මැල්ලුම් ආහාරයට එකඟ කරගන්නේ නෑ නෙව. නිවිති කියන්නේ යකඩ විශාල වශයෙන් අඩංගු ආහාරයක්. ඒ විතරක් නෙමෙයි. අනිත් හැම පලාවර්ගයකම යකඩ අඩංගුයි. කොළ මිටියක් කීයද? උපරිම රුපියල් 30-40යි නේද? කොහොමද මස් මාලු වලට වඩා මිල අධික වෙන්නේ නිර්මාංශී සමබර ආහාර වේලක්???
    යකඩ ගත්තා වගේ නෙමෙයි. යකඩ අවශෝෂනයයි වැදගත් වෙන්නේ. විශාල වශයෙන් යකඩ ගන්න අවශ්‍ය නෑ හරියට ආහාර වල තියෙන යකඩ ටික ඇඟට උරාගන්නවා නම්. අපේ ආහාර වේලට නියමිත විදියට තුනපහ ජාති ටික වැටෙන්න ඕනේ. තුනපහ ජාති වලින් රස විතරක් නෙමෙයි. පෝශක පදාර්ථ අවශෝෂන ක්‍රියාවලියත් සිද්ධ වෙනවා...:yes:
    අනිත් එක ඌණපූර්ණක පෙති ඉංග්‍රිසි බෙහෙත් වල තියෙන දෙයක් නේ. ඉංග්‍රිසි බෙහෙත් එන්න කලින් ඉස්සරම කාලේ අපේ මිනිස්සුන්ට ඉංග්‍රිසි බෙහෙත් තිබුනද? යකඩ ඌණතාවයට තිබුනේ නැද්ද? තිබුනා.. ඒවා හැදුවේ ගහ,කොළ,වැල,අල,මල්,පොතු වලින් නෙමෙයිද? ;)
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :cool: Rep+
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ වෙජි නිසා ඉතින් මේක කියන්න බෑ. නමුත් ඉස්සෝන්ගේ ඔලු කබලේ බැදලා බ්‍රෙන්ඩර් එකෙන් කුඩු කරගෙන තියාගෙන ඉඳලා ඕකෙන් ටිකක් මේකට මික්ස් කලාම පට්ට කොර මාරම රසයි.

    (මමත් කාලයක් මස් මාලු නොකා හිටියා බං. අම්මා ගේම ඉල්ලනවා බැරිම තැන චිකන් නම් කන්න බෑ කියන පොරොන්දුව මත සී ෆුඩ් කනවා. ඒත් කකුලුවෝ එහෙම කන්නේ නෑ )

    ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඒ සීන් එක. දැන්ගත්තු එක හොඳා...ට්‍රයි කරලා බලමු... :yes:
    මම වෙජි කියලා උයන දේවල් නොකර ඉන්නේ නෑ බං. මම ඔය හැම මසක්ම උයලත් තියෙනවා දැනටත් උයනවා.. ;) මම නොකෑවට ගෙදර ම්නිස්සු කනවා හොඳට :D

    මමත් සීෆුඩ් පෙරේතයෙක් ඉස්සර.... :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබතුමා හා වාද කිරීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි. නමුත් මෙය වාදක් නොකර ඉදිරියට ගෙනයමු. ඔබගේ මතය ඔබ ප්‍රකාශකරනවා වගේ මගේ මතය මම ප්‍රකාශකරනවා.

    එළවලු පළතුරු ගනන් තමයි. එහෙමයි කියලා මස් මාලු ලාභද?? :D නෑ.. ඒවත් මිලයි. සෝයා පැකට් එකක් හරි හතු පැකට් එකක් හරි උපරිම මිල රුපියල් 80ක් වගේ වෙන්නේ. ඊට සාපේක්ෂව මාලු, මස්, හාල්මැස්සෝ, කරවල වල මිලසසදලා බලන්න. දවසක් කරලා මේ දේ කරලා බලන්න. සමබර ආහාර වේලකට මස් මාලු නැතිව සහ මස් මාලු ඇතුව හදලා වියදම බලන්න. ;)

    යකඩ අනිවාර්යෙන්ම අවශයයි. 100%ක් එකඟයි. අපේ ආහාර වේලට අනිවාර්ය අංගයක් උනේ කොළ මැල්ලුමක්. අපේ මිනිස්සු දැං දැං කොළ මැල්ලුම් ආහාරයට එකඟ කරගන්නේ නෑ නෙව. නිවිති කියන්නේ යකඩ විශාල වශයෙන් අඩංගු ආහාරයක්. ඒ විතරක් නෙමෙයි. අනිත් හැම පලාවර්ගයකම යකඩ අඩංගුයි. කොළ මිටියක් කීයද? උපරිම රුපියල් 30-40යි නේද? කොහොමද මස් මාලු වලට වඩා මිල අධික වෙන්නේ නිර්මාංශී සමබර ආහාර වේලක්???
    යකඩ ගත්තා වගේ නෙමෙයි. යකඩ අවශෝෂනයයි වැදගත් වෙන්නේ. විශාල වශයෙන් යකඩ ගන්න අවශ්‍ය නෑ හරියට ආහාර වල තියෙන යකඩ ටික ඇඟට උරාගන්නවා නම්. අපේ ආහාර වේලට නියමිත විදියට තුනපහ ජාති ටික වැටෙන්න ඕනේ. තුනපහ ජාති වලින් රස විතරක් නෙමෙයි. පෝශක පදාර්ථ අවශෝෂන ක්‍රියාවලියත් සිද්ධ වෙනවා...:yes:
    අනිත් එක ඌණපූර්ණක පෙති ඉංග්‍රිසි බෙහෙත් වල තියෙන දෙයක් නේ. ඉංග්‍රිසි බෙහෙත් එන්න කලින් ඉස්සරම කාලේ අපේ මිනිස්සුන්ට ඉංග්‍රිසි බෙහෙත් තිබුනද? යකඩ ඌණතාවයට තිබුනේ නැද්ද? තිබුනා.. ඒවා හැදුවේ ගහ,කොළ,වැල,අල,මල්,පොතු වලින් නෙමෙයිද? ;)

    මෙහෙමයි බං. මට ඉස්සෙල්ලා තුමා තුමා නොගා හිටපන්. මම බොට් වඩා ගොඩක් වයසින් බාලයි. මෙහෙමයි යකඩ ශරීරයට ගන්න ප්‍රභව දෙකයි. හිම් යකඩ සහ හීම් නොවන යකඩ. හීම් යකඩ ශරීරයට කන ප්‍රමාණයෙන් උරාගන්නේ 30 % ක් වගේ (ප්‍රතිශත දැන් මතක නෑ ලොකුවට) ගානක් හීම් නොවන යකඩ උරා ගන්නේ 5 - 10 % ක් වගේ ගානක්. අනික හීම් යකඩ ශරීරයට උරා ගැනීම පහසුයි සහ හීම් නොවන යකඩ ශරීරයට උරා ගැනීම ලේසියෙන් සිදුවන්නේ නෑ.\

    හීම් යකඩ ලැබෙන්නේ මාංශ වලින් සහ හීම් නොවන යකඩ ලැබෙන්නේ එලවලු සහ රනිල භෝග වලින්. නිවිති වල අනික ඔය කියන තරම් යකඩ නෑ බං. දැන් හිතපන් මාලු කෑල්ලකින් ලැබෙන යකඩ ප්‍රමාණය සහ ශරීරයට අත්‍යයවශ්‍යය ප්‍රෝටීන් ප්‍රමාණය ඒ ප්‍රමාණයෙන්ම ගන්න ආහාරයට ගතයුතු එලවලු, රනිල බෝග ප්‍රමාණය සමාන නෑ අනිර්වාර්‍යයෙන් අර ප්‍රමාණය වගේ තුන්ගුණය ඉක්මවා ප්‍රමාණයක් ගන්න ඕනේ. ඉතින් එතකොට ඔබ කියන තර්කය ගැලපෙනවද මචෝ මිල ගණන් සමග සැසදීමේදී???

    අනික කන්න බඩේ ඉඩ ප්‍රමාණය ඒ ප්‍රමාණයම ලැබෙන්න?? මම මේ කතා කරන්නේ මස් මාලු නොකා ඉන්න මිනිහෙක් ගැන නෙමෙයි මමත් නොකා ඉඳලා තියෙනවා මචං එක පාරක් අවුරුදු 3 ක් විතර නොකා හිටියා. ගෙදරින් ගේම ඉල්ලලා කන්න ගත්තා. ඊට පස්සේ ආයේ නොකා හිටියා අවුරුද්දක් විතර දැන් මස් නොකෑවට මාලු කනවා. මස් මාලු නොකා ඉහෙන් බහින ලෙඩක් නැතිව ඉන්න පුලුවන් නමුත් මම කතා කරන්නේ නිරෝගී දරු ප්‍රසූති ගැන. ලංකාවේ දුප්පත් බහුතරයක් නියෝජනය කරමින් මේ කතා කරන්නේ.
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    p36_zpsabf1a648.jpg
     
    • Like
    Reactions: laMir and shenic

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඒ සීන් එක. දැන්ගත්තු එක හොඳා...ට්‍රයි කරලා බලමු... :yes:
    මම වෙජි කියලා උයන දේවල් නොකර ඉන්නේ නෑ බං. මම ඔය හැම මසක්ම උයලත් තියෙනවා දැනටත් උයනවා.. ;) මම නොකෑවට ගෙදර ම්නිස්සු කනවා හොඳට :D

    මමත් සීෆුඩ් පෙරේතයෙක් ඉස්සර.... :D

    ඉහලා බහලන්කෝ. ඉස්සෝ ඔලු අප්පිරියයි අප්පිරියයි වගේ නම් ( ඕක කන්න හොඳක් / නරකක් කියලා දෙයක් නෑ නමුත් කෙරටින් ආවරනයක් නේ තියෙන්නේ. කෑවට දිරවන්නේ නෑ බඩ ඇතුලෙන්. ) පොඩි කූණිස්සෝ බැදලා එකතුත් කරනවා. නමුත් අරම ලොකු ඉස්සෝ ගෙනාව වෙලේක ඔලු ගලෝන ටික විසික් නොකර කබලේ තෙල් මොකුත් නොදා හොඳට වේලෙන්න බැදලා බ්‍රෙන්ඩරයෙන් කුඩු කරගෙන ටිකක් උඩින් ඉහලා මික්ස් කරලා කාලා බලහන්කෝ කඩල වලට. පිස්සු කොර.